Saturday, May 26, 2012

හතලිස් හත්වන කොටස


"...ඔව් ඉතින් ඒකත් ඇත්ත තමා..."  ආර්යන්ලා එක්කම වගේ ඇතුලට ආවේ අභීගේ අම්මලායි, ආන්යාගේ අම්මලයි.
"ආ...හියර් හී ඉස්... ඈස් ටෆ් ඈස් එවර්...ඉප්ප එප්පුඩි (දැන් කොහොමද?)" අභීගේ තාත්තා ඔහු අසලට ආවේ හිනාවක් මුවේ තවරගෙන.
"ඉප්ප කොන්ජ නල්ලම් අප්පා (දැන් ටිකක් හොදයි තාත්තා)" ඔහු උත්තර දුන්නා.
"අභී කෑවද පුතේ?" අනුලා මැඩම් ආන්යගෙන් ඇහුවා.
"ම්හු...කන්න බෑ කියන්නේ" ආන්යා කිව්වා.
"නොකා කොහොමද අභී, සේලයින් ගලවලත් ගොඩක් වෙලා" අනුලා මැඩම් අභී දිහා බැලුවේ තරවටු බැල්මෙන්.
"කන්න බෑ අම්මා. මම ඉතින් බොන දේවල් බිව්වානේ"
"හෙට කොලඹ ගියාම සේරම හරියයි. මෙහේ කොහොම කන්නද?" අභීගේ තාත්තා කිව්වේ වටපිට බලන ගමන්.
"කොලඹ?" අභී ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්. අපි දැන් මේ ඩොක්ටට කතා කරලා එන ගමන්. අපි ඇම්බියුලන්ස් සර්විස් එකක් අරන් හෙට ඔයාව කොලඹ අරන් යන්නයි ඉන්නේ. නවලෝකෙට ඇඩ්මිට් කරගත්තා නම් අපට ලේසියි, ඉන්ෂුරන්ස් කවර් එකත් තියෙනවනේ"
අභීගේ තාත්තා එහෙම කියද්දි ආන්යට නිතැතින්ම අභී දිහා බැලුනා. ඔහුගේ ඇස් තිබ්බෙත් ඈ ලඟ.
"මේහේ ට්‍රීරිට්මන්ට් වල ප්‍රශ්ණයක්ද අප්පා?" අභී ඇහුවා.
ආන්යගේ හද ගැස්ම වැඩි වෙලා තිබුණේ සේරම හොඳින් වුණාට පස්සේ අභීට ආයෙම දුර යන්න වෙයිද කියන බයෙන්.
"එහෙම නෙවෙයි, අපි හැමෝටම ලේසි එහෙමනේ. අනික දැන් ඔයාට මාස හයක් විතර ක්ලචස් වලින් ඇවිදින්න වුණාම, මෙහේ ඉඳලා බෑනෙ අභී. අන්නට ඔයාව බල බල ඉන්න බෑනෙ"
අභී ආයෙම ආන්යා දිහාට ඉක්මණ් බැල්මක් හෙලලා නෙතු බිමට යොමා ගත්තා.
"ඇයි පුතා මොකක් හරි ප්‍රශ්ණයක්ද?" අනුලා මැඩම් ඇහුවා.
"නෑ" අභී කිව්වේ ඔවුන් දිහා නොබලම.
අනුලා මැඩම් නිකමට වගේ ආන්යා දිහාත් බැලුවා. ඈ ඉක්ම්ණට බිම බලාගත්තා.
"නෑ, නෑ, මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. කොලඹ යනවා කියපු ගමන් මූණ එල්ලගන්න හේතුවක් නෑනෙ නැත්තම්" අභීගේ තාත්තා එහෙම කිව්වාම ආන්යගේ හද ගැස්ම මේ පාර වැඩි වුණේ බයට.
"මුකුත් නෑ අප්පා" අභී කිව්වා.
"එහෙනම් ඉතින් හෙට උදේම අපි යනවා. උදේ පහට ඇම්බියුලන්ස් එක දෙන්න පුලුවන් කියලා මට කිව්වා. ආර්යන් අද අභී එක්ක නවතින්න, හෙට යන්න ලෑස්ති කරගන්න. අනික් ඕන ට්‍රීට්මන්ට් මෙහෙන් කරයි..." අභීගේ තාත්තා අන්තිමේදි කිව්වා.
ආන්යගේ ඇස් වලට කඳුලු ආවේ ඉබේටම. හැමදේම වෙලා දවසක් වත් යන්න කලින් අභී ඇගෙන් ඈත් වෙන එක ගැන ඈට දැනෙන්න ගත්තේ දුකක්. සිද්ධ වුණ සිද්ධියෙන් පස්සේ තමන් අභීට ගොඩක් ලං වෙලා කියලා ඈට දැනුනේ එවෙලේ.
ආන්යගේ අම්මා ඈ අසලට ඇවිත් හිතගත්තේ ඈ අඬන වග පෙනිලද කොහෙද. "ආන්යා..."
අභී උන්නෙත් හිස නවාගෙන දුකකින් වගේ.
"දෙයා ඉස් සම්තිංග් රෝංග් අයි ෆීල් හියර්..." මනී මහත්තයා නිහඬව උන්නු සේරම දිහා බලලා එහෙම කිව්වා.
ආන්යා බරවුණ නහය සීරුවා. කඳුලු කැට දෙකක් ඇගේ ලැමට වැටුණා.
"දැන් මොකද මේ ළමයා අඬන්නේ?" මනී මහත්තයා තමන් උන්නු තැනට ඇවිත් වග ආන්යා දැක්කේ එවෙලේ. ඒත් හිස උස්සලා බලන්න ධෛර්යයක් ඈට තිබ්බේ නෑ.
"අභී...ඉංග යෙන්න නඩකදන කොන්ජ සොල්ල අප්පා...යෙනක ඔන්නුමේ පුරිල්ල (අභී මෙතන මොනාද වෙන්නේ කියලා කියන්නකෝ, මට නම් මොනවත් තේරෙන්නේ නෑ)"
ආන්යා අම්මගේ අතක වෙලුනේ ඉබේටම.
"ඔයාට මෙහේ දාලා යන්න බැරි දෙයක් තියෙනවද?" එහෙම ඇහුවේ අනුලා මැඩම්.
ආන්යා යටැසින් අභී දිහා බැලුවා.
"ඔව් අම්මා..." ඔහු කිව්වේ සුසුමක් හෙලලා.
ඊට පස්සේ ඇතිවුණේ නිහඬතාවයක්. ආන්යා ආයෙම නහය හීරුවා.
"ම්ම්...එකද මේ ප්‍රශ්ණේ එතකොට? ඔය හේතුව මොකක්ද කියලත් තමන්ම කිව්වානං බලන්න" අභීගේ තාත්තා එහෙම කිව්වා.
අභී ඇස් නොඋස්සම කතා කරන්න වුණා.
"ආන්යා...එයා තමයි හේතුව...අප්පා, අම්මා...මම මේක කියන්න හිතාගෙන හිටියේ මෙහෙම නෙවෙයි...ඒත් වුණ දේවල් නිසා මට ඒක කියන්න වෙනවා අද...අ...ම්...අයෑම් ඉන් ලව් විත් ආන්යා...යා ඇන්ඩ්...අයි වෝන මැරි හර් වන් ඩේ"
අභී එහෙම කියද්දි ආන්යට දැනුනේ කන් අගුල් වැටුණා වගේ හැඟීමක්. දැන් මොනා වේවිද කියලා ඇගේ හිත බියපත් වුණා. ඈ අම්මට තවත් තුරුල් වුණේ ඒකයි.
"ආ.. මනි මහත්තයා හෙමින් හිස සල සල ආන්යා දිහා බැලුවා. ඈ ඒ බැල්ම මගෑරලා අහක බලාගෙන උන්නා.
අනුලා මැඩම් අභී දිහාව බලලා, මනි මහත්තයා දිහා බැලුවේ බයෙන් වගේ. ඒ පාර මනි මහත්තයා බැලුවේ ආන්යගේ තත්තා දිහාව. ආන්යගේ අම්මා නම් උන්නේ බිම බලාගෙන.
"මොනවද මේ දෙන්න මේ කියන්නේ වීරේ?"
"සර්...අභී...දවස් දෙකකට විතර කලින් ඇවිත් මේ ගැන කියනකල් අපිත් මොනවත්ම දැනගෙන හිටියේ නෑ. එහෙම සැක කරන්න දෙයක් තිබ්බෙත් නෑ. අපි දරුවන්ට නිදහස දීලා තිබුණේ ඒ අය ගැන සැකයක් නැති හන්දයි. මෙහෙම දෙයක් වේවි කියලා අපි කවදාවත් හිතුවේ නෑ...ඒත් සර්, තරුණ ළමයි දෙන්නෙක් අතරේ ඔහොම දෙයක් ඇතිවෙන එක ඔය වයසෙදි අරුමයක් නෙවෙයි. එකම දේ අපි වැඩිහිටියෝ විදියට හිතලා මතලා වැඩ කරන එක කියලයි මට හිතෙන්නේ. මේ ළමයින්ට තාම ලෝකේ හොඳ නරක තේරෙනවා අඩුයි. මම මගේ දරුවව සුද්දකරන්වා නෙවෙයි..."
මනී මහත්තයා හිස පාත් කරගෙන අහගෙන උන්නා තාත්තා කියපු දේවල්.
"එතකොට අභී ඇවිත් මේ ගැන වීරෙලට කිව්වා"
"ඔව් සර්"
"එතකල් මේ දේන්නා අතර කොච්චර කල් අෆෙයර් එකක් තිබිලද?"
"අපි අතර එහෙම දෙයක් ඒ වෙද්දි තිබ්බේ නෑ අප්පා...ආන්යා කල් ඉල්ලුවා උත්තරයක් දෙන්න. මම එයාගේ ගෙදරට කිව්වේ කවදහරි මේක කියන්න වෙන නිසා" ඒකට උත්තර දුන්නේ අභී.
"එතකොට දැන් මේ ළමයගේ තීරණේ මොකක්ද? දැන් තීරණයක් අරගෙනද ඉන්නේ? නැත්තම් අභී ඔයාව නවත්තගෙන ඉන්නේ බලෙන්ද?" මනි මහත්තයා එහෙම ඇහුවේ ආන්යාගෙන්.
"අප්පා..."
"අභී...නී සුම්ම ඉරි (අභී ඔයා කට වහගෙන ඉන්න )" මනී මහත්තයා අභීට කිව්වා.
ආන්යා හිස උස්සලා, අම්මයි, තාත්තයි දිහාත්, අනුහස් දිහාත් බැලුවා. ඒ අය අපහසුතාවයට පත් වෙලා ඉන්නවා දැක්කාම ආන්යට දැනුනේ ලොකු වරදකාරී හැඟීමක්.
"මං ඇහුවේ ඔය ළමයා අභීට කැමතිද කියලා?" ඔහු ආයෙම ඇහුවා, ඒත් තරහෙන් නෙවෙයි.
"ඔව්..." ආන්යා හිස වැනුවා. "ඒත් අපේ ගෙදරින් කැමති නම් විතරයි" ඈ අන්තිමට එහෙමත් කිව්වා.
"අනුලා මැඩම් ආන්යා දිහා බලාගෙන උන්නේ උපේක්ෂාවෙන්. මනී මහත්තයා සුසුමක් හෙලුවා.
"වීරේ, මිසිස් රූපා...ඔය දෙන්නා මොකද මේ ගැන හිතන්නේ?" ඔහු ඊලඟට ඇහුවා.
"අපි හැමදාම හිතුවේ අපේ දරුවන්ගේ සතුට ගැනයි සර්...ඒත් මේ වගේ දේකදි අපි තව හිතන්න ඕන කියලා මට හිතෙනවා"
"ඇයි මගේ පුතා දුවට ගැලපෙන්නෑ කියලා හිතනවද?"
"සර්...? එහෙම දෙයක් නිසා නෙවෙයි. අපි මේ රස්සාව කරගෙන සාම්මන්යන විදියට ජීවත් වෙන මිනිස්සු. අනික් අතට සර් මගේ හාම්පුතා. අපි කොහොමද..." තාත්තා කියාගෙන එද්දි ආයෙම මනී මහත්තයා මැදින් පැන්නා.
"මිසිස් රූපා මොකද කියන්නේ?"
එහෙම ඇහුවාම ආන්යගේ අම්මා වටපිට බැලුවේ අපහසුවෙන් වගේ.
"ම්ම්?"
"නොතේරෙන කාලේ ළමයි වැරදි කරනවා තමයි. ඒත් තේරුම් කරලා දුන්නොත් ඒ අය ඒ වැරදි හදාගනී සර්. අපි දුවට තේරුම් කරලා දෙන්නම්"
"එතකොට රූපා හිතන්නෙ මේ දෙන්න වරදක් කලා කියලද?"
"තමන්ට නොගැලපෙන දෙවල් කරන එක වරදක් තමා සර්"
ආන්යගේ අම්මා එහෙම කිව්වාම ආන්යගේ හිතට අලුත් බයක් ආවා. දැන් දෙන්නම කැමති වුණාට පස්සේ ගෙවල් වලින් අකමැති වේවි කියලා.
"නෑ, නෑ...අපි ක්ලාස් එක පැත්තක දාමුකෝ. අපේ ක්ලාසස් අතර ලොකු ගැප් එකක් නෑනෙ. මම අහන්නේ සාමාන්යල කොල්ලෙක් විදියට අභී ගැන මොකද හිතන්නේ කියලා විතරයි" මනී මහත්තයා ආපහු කිව්වා.
"අභී, ආර්යන් දෙන්නම, අපට අපේම පුතාලා වගේ. මම මේ දෙන්නව දන්නේ ගොඩක් පුංචි කාලේ ඉඳලා. මේ ළමයි දෙන්නගේ ගතිගුන ගැන අපට අබමල් රේනුවක තරම්වත් සැකයක් නෑ. ඒත් සර්...මේවා එහෙම හදිසියේ මොහොතින් දෙකින් තීරණය කරන්න පුලුවන් දේවල් නෙවෙයිනේ. කසාද බඳිනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ...ඒකට පවුල් දෙකම කැමති වෙන්න ඕන. ගැලපෙන්න ඕන තව දේවල් බලන්න ඕන..."
තාත්තා කිව්වාම මනී මහත්තයා කල්පනාවකට වැටුණා.
"ඒක  ඇත්ත වීරේ...කොහොමත් අපට ඒක මේ හොස්පිටල් එකක් ඇතුලේ ඉඳගෙන, අදාල කෙනාව ලෙඩ ඇඳේ තියාගෙන කරන්න පුලුවන් දෙයකුත් නෙවෙයිනේ..."
ආන්යා බිම බලාගෙනම අහගෙන හිටියා.
"එතකොට ඔයාලා දෙගොල්ලෝ තීරණේකට එනකල් අපි දෙන්නට දෙපෑතකට වෙන්න කියලද ඔය කියන්නේ?" අභී එහෙම ඇහුවේ ඔහුගේ තාත්තාගෙන්.
"මම එහෙම කියන්නෑ. ඒක ඔයාලා තීරණය කරන්න ඕන දෙයක්..."
"අම්මා එක මහ පුදුම කතාවක්නේ, හදිසියේ ඔයාලගේ තීරණේ මේකට කැමති නෑ කියන එක නම්, අපට වෙන්නේ ආශ්‍රය කරලා ආපහු වෙන් වෙන්න ද?" අභී ඇහුවේ ටිකක් ආවේගශීලීව, ඇඳෙන් නැගිටින්න හදමින්.
"අභී...එපා" ආන්යා ඔහුව නැවැත්තුවා. ඔහු ඇඳෙන් නැගිටින්න උත්සාහ කරලා මැහුම් කඩාගනී කියලා ඈට බය හිතුණා ඔක්කොටම වඩා.
මනී මහත්තයාගේ කට කොනකට හිනාවක් නැගුණා.
"උන්නාල අදු මුඩියුමා (ඒක ඔයාට කරන්න පුලුවන්ද )?" ඔහු අභීගෙන් ඇහුවා.
අභී ආයෙම වත බිමට නැඹුරු කරගත්තා.
"උන්ගක්කාහ, නාන් යෙන්න වේනාලුම් සෙයිය මුඩියුම්...ආනාල් නා ඉනිමේ යාරුක්කුම් ලව්පන්න මාට්ටේන්...අදු මට්ටුම් යෙනාල මුද්යාද (ඔයගොල්ලෝ වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුලුවන්, ඒත් මට ආයෙත් නම් මම කාටවත් ආදරේ කරන එකක් නෑ... ඒක මට කරන්න බෑ)" අභී කිව්වේ හෙමින්, නමුත් ස්ථිර හඬින්.
මනී මහත්තයා අභී ලඟට ගිහින් ඔහුගේ මූණට එබුණා.
"අහී...මොදල්ල නී සරියා ආහනුම්...(අභි මුලින්ම ඔයා සනීප වෙන්න ඕන ), අදක අප්පරෝම් ඉදු නාම් පාප්පෝම් (ඊට පස්සේ අපි මේක ගැන බලමූ..." අභීගේ අප්පා කිව්වේ එච්චරයි.
ඒ කිව්වේ මේකට කැමතියි  කියලද, අකමැතියි කියලද කියන එක ආන්යට හිතාගන්න බැරි වුණා. ආන්යා තාත්තා දිහා බැලුවා. ඒත් ඔහුගේ මූණේ හැඟීම් ඈට තේරුනෙත් නෑ.
"ආනාල්...(ඒ වුණත්)" අභීගේ තාත්තා ආපහු ඔහු දිහාට හැරුණා. "උන්ග රෙන්ඩපේර පේස කුඩාද, පල්ලක කුඩාදන්න නා සොල්ලමාට්ටේන්...(ඔයාලා දෙන්නට කතා කරන්න එපා, ආශ්‍රය කරන්න එපා කියලා මම කියන්නෑ)" ඔහු එහෙම කියලා ආන්යා දිහාත් යටැසින් බලලා කාමරෙන් එලියට යන්න ගියා. ආන්යගේ තාත්තත් ඔහු පස්සෙන්ම කාමරෙන් පිට වුණා.
අනුලා මැඩම් ආන්යා දිහාත්, අභී දිහාත් බලලා සුසුමක් හෙලුවා.
"මැඩම්..." ආන්යගේ අම්මා ඈට කතා කලා.
"නෑ රූපා...මගේ හිතේ මේ ගැන අමනාපයක් නෑ...මේවා ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරගත්තු දේවල් නෙව. ඒකට ඉතින් අපි අමනාප වෙන්න ඕන නෑනෙ..."
අනුලා මැඩම් කිය්ලා ඉවරවෙද්දිම වගේ අභී ආයෙම කතා කලා.
"එතකොට අම්මා කියන්නේ අපි වරදක් කලා කියලද?"
"අභී...මම එහෙම කියනවත් නෙවෙයි. කොහොම වුණත් අපි මේක ගෙදර ගිහින්ම කතා කරමුකෝ..."
ආන්යා අභී දිහා බැලුවා. ඔහු උන්නේ ලොකු ප්‍රශ්ණෙකට මැදි වෙලා වගේ.
"අපි කවදාවත් ඔයාලා දෙන්නගේ කැමැත්තට එපා කියලා නෑනෙ" අනුලා මැඩම් එහෙම කියලා ආන්යගේ අම්මා දිහාව බලලා හිනා වුණා.
"අම්මා...ඔයා නම් මහා පුදුම එක්කෙනෙක්" ඒ පාර අභී ඈ දිහා බලලා කිව්වේ ලා හිනාවකුත් මුවේ රඳවගෙන.
"රූපා අපිත් එහෙනම් යමුද? හෙට යන්න ලෑස්ති වෙන්නත් ඕන නේ. අභී...අපි ගිහින් එන්නම්. අන්නා ඉන්නවනේ. මොනා හරි ඕන වුණොත් කෝල් එකෙක් දෙන්න, හරිද?" ආයෙම අභී ලඟට ගිය ඔහුගේ අම්මා එහෙම කිව්වේ ඔහුගේ හිස අතගාන ගමන්. අභී පුංචි එකෙක් වගේ හිස වැනුවා. ඊලඟට ඈ හැරුනේ ආන්යා දිහාට.
"දුවට කතා කරලා එන්න කියන්නද රූපා?" ඈ එහෙම ඇහුවේ ආන්යගේ අම්මගෙන්.
"කතා කරලා එන්න" මොහොතක් කල්පනා කරපු අම්මා ආන්යට එහෙම කියලා අනුලා මැඩම් එක්කම එලියට ගියේ ආන්යා වුණ දේ අදහාගන්න බැරිව බලාගෙන ඉන්දැද්දිමයි.
"මීනු...මෙහෙ එන්න" අභී කතා කරද්දියි ඈ පියවි සිහියට ආවේ.
"ඇයි?" ඈ ඇහුවේ ඈත ඉඳන්මයි.
"එන්නකෝ ඉතින් කිව්වාම"
"මොකටද කියන්න?"
"එන්නැද්ද?"
"ම්හු...ඇයි කියන්න?"
ඒ පාර අභී ආන්යා දිහා බොරුවට රවලා බලාගෙන උන්නා. ආන්යට දුක හිතුණ හන්දා ඈ ටිකක් ඔහු ලඟට ගියා.
"ආ යූ හැපි?" අභී එහෙම ඇහුවේ ආන්යගේ ආන්යගේ සෑස් වලට එබෙමින්.
ආන්යා හිස වැනුව. ඒත් ඇගේ හිතේ තිබ්බේ සතුටකට වඩා මහා බරක් කියලා ඈට හිතුණා.
"මට තේරෙන්වා ඒත් ඔයා ඉන්නේ බය වෙලා කියලා.අප්පා මොනා කිව්වත්, එයා අපි ගැන ගොදක් හිතනවා ආන්යා. ඔයා බය වෙන්න එපා. අපේ ගෙදර කැමැත්ත මම කොහොමහරි ගන්නවා. අම්මා නම් අප්සට් නෑ කියලා තේරෙනවනේ" අභී කිව්වා.
"හ්ම්" ආන්යා ආයෙම හිස වැනුවා.
අභී ආන්යා දිහා බලා ඉඳලා සුසුමක් හෙලුවා දුකෙන් වගේ.
"ඇයි අභී?"
"හෙට...මට ආයෙම කොලඹ යන්න වේවි හබැයි. ඇත්තටම මෙහේ ඉඳලා බෑනෙ මේ තත්වෙන්"
ආන්යා හිස වැනුවේ ආපහු ඇගේ උගුර රිදුම් දෙන්න ගත්තු නිසා.
"ඉතින් ඔහොම මූණ ඇඹුල් කර ගන්න එපා...ඔයා දුකින් නම් මම යන්න හිත හදාගන්නේ කොහොමද?"
ආන්යා බිමට නෙත් යොමා ගත්තා.
"මම යන්න එපාද?" අභී ඇහුවේ දයාබරව. ආන්යා ආයෙම ඔහු දිහා බැලුවා.
"යන්නේ ඉතින් ඔයාගෙම හොඳටනේ..." ආන්යා උත්තර දුන්නේ එහෙම.
"මම ඇහුවේ ඒක නෙවෙයිනේ"
"ඉන්න බෑනෙ අභී ඕන වුණත්..."
"හ්ම්ම්" අභී හිස වැනුවා. "මා එක්ක යන්න එන්න මීනු..."
"ඔයා එක්ක?" ආන්යා ඇහුවේ ඇස් පුංචි කරලා.
"ඔව්"
"දැන්ම බෑ" ආන්යා කිව්වා.
"එහෙනම්?" අභී ඇහුවේ ඇස් ලොකු කරලා.
"කවදහරි..."
"ඇත්තටම එනවද?"
"ම්ම්" ආන්යා හිස වැනුවා.
අභී ආයෙම ආදරේ උතුරන ඇස් වලින් ඈ දිහා බලාගෙන ඉඳලා ආයෙම සුසුමක් හෙලලා කතා කලා.
"අම්මලා බලාගෙන ඇති, එහෙනම් යන්න මීනු... ඒත් ප්ලීස් හෙට උදේ එන්න. ඔයා නොදැක මට යන්න බෑ..."
"මං එන්නම්" ආන්යා කිව්වේ හිනාවෙලා.
"අයි ලව් යූ" අභී කිව්වා.
ආන්යා රතු වෙලා බිම බලාගත්තා."ගිහින් එන්නම්"
අභී හිනාවුණා."හරි පැට්ටා..ටේක් කෙයා"

ආන්යා එලියට එද්දි ආර්යන් උන්නේ කාමරේ ඉස්සරහ පුටුවේ වාඩි වෙලා. ඈ දැක්කාම ඔහු එතනින් නැගිටලා ඈ අසලට ආවා. ආන්යට දැනුනේ අපහසුතාවයක්.
"අම්මලා වාහනේට ගියා. යමු මම ඔයාවත් ඇරලවන්නම්" ඔහු කිව්වා.
"මට තනියෙම යන්න පුලුවන් අයියා" ආන්යා කිව්වේ ඔහුට කරදර නොකරන්න ඕන නිසා.
"ඒ නිසා තමයි එන්න අහන්නේ" ආර්යන් කිව්වා හෙමිහිට.
"මට තේරුන්නෑ"
"අදින් පස්සේ ඔයාට තනි නෑනෙ ආන්යා..."
"ඔයා මොකක්ද කියන්නේ කියලා මට නම් තේරෙන්නෑ"
"අපි විනාඩියක් කතා කරමුද?" ඔහු ඊට පස්සේ ඇහුවා.
අමාරුවෙන් අල්ලගෙන උන්නු හිත යම්තමට ලිහිල් වෙනවා ආන්යට දැනුනා.
"කියන්න" ඈ කිව්වේ ගැහෙන හිතින්.
"ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන" ඊට පස්සේ ආර්යන් කිව්වේ එහෙම.
"මොකක්ද?" ආන්යා ඇහුවේ මුදුව.
"අපි අතර මොනා හරි තිබ්බා නම් ඒ සේරම අදින් ඉවරෙටම ඉවරයි ආන්යා...ඔයා මට පොරොන්දු වෙන්න ඕන මොනම හේතුවක් නිසාවත් අපේ අතීතේ අභීට දැනගන්න ඉඩ තියන්නෑ කියලා...ඒ අතීතේ නිසා එයාට දුකක් දැනෙන්න අරින්නෑ කියලා..."
ආන්යගේ හිත හෙමි හෙමින් දියවෙන්න අරන් තිබුණා. ඇගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඇසිල්ලකින්. ආර්යන්ගෙයි ඇගෙයි අතීතේ ඈට මතක් නූනා නෙවෙයි.
"පොරොන්දු වෙන්නම්" ආන්යා කිව්වේ බිම බලාගෙන.
ආර්යනුත් මොහොතක් බිම බලාගෙන උන්නේ දුක නිසා වෙන්න ඇති.
"මං ගැන හිතන්නෑ නේද?" ඔහු ඊලඟට ඇහුවේ එහෙම.
ආන්යා අසරණ වුණා. ඈ එකට කොහොම උත්තර දෙන්නද? මතක එච්චර ඉක්මණට අමතක කරන්න පුලුවන් නම්...? ආන්යා මුනිවත රැක්කා.
"හිතන්න එපා ආන්යා" ආර්යන් ආයෙම කිව්වා.
ආන්යා ඉක්මණට ඇසිපිය හෙලුවේ කඳුලු වැටේවි කියන බයට.
"මං ගැන නොහිතා ඉන්නවද?" ඈ ඇහුවා ඊලඟට.
"බලමු" ආර්යන් කිව්වේ යන්තමට හිනාවෙලා, වේදනාවෙන් වගේ. ආන්යගේ හිත දුකෙන් බර වුණා.
"දෙයක් කියන්න වරදවා හිතන්නෑ නේද?" ඔහු ආයෙම ඇහුවා.
"මොකක්ද?"
"මම ගොඩාක් ආදරෙයි, ඊයේ වෙනකල් හිටපු ආන්යට...ඒ ආදරේ මැරෙනකල්ම මගේ හිතේ තියේවි..."
ආන්යට ඇඬුනා. ඈ අතකින් කට වගගත්තා. තාමත් ඉන්නේ ඒ ආන්යම තමා කියන්න ඒත් ඈට පුලුවන්කමක් තිබ්බේ නෑ.
"ඒත් මෙතන ඉන්නේ මගේ ආන්යා නෙවෙයි...අභීගේ මීනු...ඔයා අභී එක්ක හොඳින් ඉන්න ආන්යා...අතීතේ හීනයක් කියලා හිතලා අමතක කරලා දාන්න..." ආර්යන් කිව්වේ ආන්යා දිහා නොබලා.
ආන්යට තවත් එතන ඉන්න ඕන වුණේ නෑ. ඈ ආර්යන්ට අවසරයක් නොදීම එතනින් දුව්ලා එන්න ආවේ කඳුලු සලමින්මයි. ඈ පස්සවත් හැරිලා බැලුවේ නෑ ආයෙමත්...ආර්යන් ඇගේ පස්සෙන් ආවෙත් නෑ. සමහරවිට ඒ දෙන්නගේ කතාව එතනින් ඉවර වුණා කියලා දෙන්නම හිතපු නිසා වෙන්න ඇති. ඒත් ඒ කතාවට තව ගොඩ දුර එන්න වෙනවා කියලා එවෙලේ ඒ දෙන්නම දැනං උන්නේ නෑ...


15 comments:

  1. Replies
    1. mmm........with anger or frustration??

      Delete
    2. ane na akki ehema ekak neme,, i just dnt have a single idea what to put as a comment after reading the story :)

      Delete
  2. // ඒත් ඒ කතාවට තව ගොඩ දුර එන්න වෙනවා කියලා එවෙලේ ඒ දෙන්නම දැනං උන්නේ නෑ..//
    එහෙම වුන එක අපේ වාසනාව!! ලස්සනයි නෙතූ..

    ReplyDelete
    Replies
    1. Thank you ruu...We shall see where the story goes...

      Delete
  3. හ්ම්ම්ම්...
    හැමෝ ම සතුටින් විසිර යන විදියට කතාව නිම කරන්න බැරි වෙයි ද? ;)

    ReplyDelete
    Replies
    1. ane manda..
      ehema karanne kohomada? ekkenek satutu weddi anik kenaata himi wenne dukak ne. balamiuko mokada karanna puluwan kiyala

      Delete
  4. I can understand one thing, Aanya will marry Aryan. No two words.

    ReplyDelete
    Replies
    1. Not so fast Nadun... Aryan's state is very critical at the moment. Don't keep your hopes up :)

      Delete
  5. අදයි මම මේ කතාව සම්පුර්ණයෙන්ම කියවලා ඉවර කලේ.. ගොඩාක් ලස්සනයි අක්කි..එක කොටසක් කියවලා ඉස්සරහට වෙන්නේ මේක නේද කියල හිතපුවම එත් වෙන්නේ හිතපු දේ නෙමෙයි...ගොඩාක්ම ලස්සනට හැඟිම් දැනෙන විදිහට ලියල තියෙනවා..පුළුවන්නම් මේක නවකතාවක් කරන්න...ඒක ගොඩාක් ලස්සන වෙයි..ඊළඟ කොටසුත් ඉක්මණින්ම දාන්න කියවන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.. මම ඔයාට සුභපතනවා අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. thanks Ama. It's nice to see you in my blog and happy that u liked my story. Hope you will continue to stay with my stories in the future too..

      Delete
    2. yaaa akki,,,, I always stay with ur sroties...best wishes

      Delete
  6. ඊයෙයි,පෙරේදයි දෙකම යොදවලා කතාව මුල සිට අගට කියෙව්වා.මං හිතුවෙ කතාවෙ අවසානය ලඟයි කියලා.ඒත් එහෙම නෑ වගේ.අන්තිමට පොඩි හින්ට් එකක් දීලා තියෙන්නෙ.ඔයා වෙලාව කොහොම හොයා ගන්නවද මන්දා මෙහෙම හිත හිත කතා ලියන්න.

    ReplyDelete
    Replies
    1. Hi Nisupa, Welcome back! :) Good to see you again.
      As for you e comment, I really enjoy writing, when there is so many eager readers like you. When I think that u guys and gals are waiting for another episode, I do not hesitate to write even in the dead of night or crack of dawn...
      Thanks for staying with my stories always!

      Delete
  7. අනේ නේතු ආන්යාව අභිට දෙමුකෝ...ජිවිතේ ආදරේ කියන්නේ අපිට ආදරේ කරන කෙනා ලඟට යන එක ..ආන්යා දැන් අභිට කැමති උනා..එ ආදරේ මරලා ආර්යන් ගාවට ගියොත් එක මහා අසාධාරණයි...ආන්යාවර්හ් ආර්යන් වත් ආදරේ කියලා කිව්වේ නැහැ...එ දෙන්නා එ දෙන්නාගේ හැඟිම් වහගත්තා...අභි පව්..

    ReplyDelete