Thursday, May 3, 2012

තිස් පස්වන කොටස ඉතිරිය...


"අම්මා.." ආර්යන් ඈට බාධා කරන්න හැදුවත් ඒ කියපු දේ කියවිලා ඉවර වුණා.
ඒ වචන ටික ආන්යගේ හිස උඩට වත්කරපු ලෝදිය දහරාවක් වගෙයි ඈට දැනුනේ. ඈ උදට ගත්තු හුස්ම පිට වුණේ ඉකියක් වගේ. ඈ යන්තම් හිස හරවලා ආර්යන් දිහා බලද්දි ආර්යන් උන්නේ අහක බලාගෙන. ශර්මිලා හිනාවෙමින්. 'ෆියන්සී...ඒ කියන්නේ එන්ගෙජ් වෙලත් එක්කද?' ආන්යගේ හිත ඇගෙන්ම ප්‍රශ්න කලා.
ඒ එක්කම ඇගේ හිතේ පැන නැගුනේ ආර්යන් ගැන ලොකු කෝපයක්, කලකිරීමක් එක්කම තමන් ගැන ලොකු දුකක්. ආර්යන් මෙච්චර කල් කරලා තියෙන්නේ තමන්ව රවට්ටපු එකයි කියලා ඈට හිතුණා. ඈන්යා උන්නේ ගැහෙමින්...ඈට ඕන වුණේ කෑ ගහන්න, කෑගහලා අඬන්න. තමන් ඔහුට කොච්චර නම් බැඳිලා උන්නද කියලා ආන්යට තේරුම් යමින් තිබුණේ දැනුයි. ඇගේ හිත එකවර ඉපදුන දුක් කන්දරාවකින් වැහෙමින්, හිත හොඳටෝම පාරමින්, රිද්දමින්, හිතේ පතුලටම පැතිරෙනවා ඈට දැනුනා. ඈ උන් තැනින් නැගිට්ටේ ඕනම මොහොතක තමන්ට ඇඬෙන්න ඉඩ තිබුණ නිසයි.
"පුතා කොහේද යන්නේ?"එහෙම ඇහුවේ තාත්තා.
"ම...මං පොඩ්ඩක් ..එලියට යනවා ෆොටෝ ගන්න, උදේම අව්ව සැර වෙන්න කලින් ගන්න ඕන. ප්ලීස් එක්ස්කියුස් මී" ආන්යා අනුලා මැඩම්ටත්, ශර්මිලාටත් යන්තමට හිනාවෙලා , ආර්යන් දිහාවත් නොබලා එන්න ආවේ යන්න ඕන තැනක් හිතාගන්න බැරිවයි.
"එයා ඔහොම තමා. ගෙදර ආවත් එලියට වෙලා කඳු දිහා බලාගෙන ඉන්න එක තමා වැඩිපුර කරන්නේ" තාත්තා කියන්වා ඈට යන්තමින් ඇහුණා.
බංගලාවේ ඉදිරිපස දොර විවෘත වුණේ ලොකු, සයිප්‍රස්, පයිනස් ගස් වලින් වට වුණ තණකොල පිට්ටනියකට. බංගලාවේ දකුණු පැත්තේ කෙලවරට ගියාම තමා ඈට කොල පාට කඳුගැත දර්ශණය වුණේ. එතනින් පහලට තිබුණේ පොඩි අඩි පාරක්,ඒ පාලින් ගලාගෙන ගිය පුංචි දියපාර වෙත යන්න. ආන්යා නිනව්වක් නැතිව මේ පැත්තට ඇවිදගෙන ඇවිත්, කල්පනාවෙන් තොරවම අඩි පාර දිගේ පල්ලම් බැස්සා.
සිලි සිලි සද්දෙන් හඬ නංවමින්, ගලාගෙන ගිය දියපාර එතරම් ලොකු නොවුනත්, තැනින් තැන තිබුණ ලොකු ගල්පර මැදින් පෙණ නංවමින් ගලාගෙන ගියේ වේගෙන්. වේගය ඇදු තන්වල පැහැදිලි ජලය ඇතුලෙන් දියපාර පතුලේ තිබුණ මැදිලා රවුම් වුණ ගල් සමූහයක් ලස්සනට පෙනුනා. ඒත් ආන්යා උන්නේ ඒ ලස්සන අගය කරන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි. උසට වැවිලා තිබුන, සුදු පාට ලොකු මල් පිපුන ඒරම් ලිලි පඳුරක් ලඟ වියලි ගලක් උඩ ආන්යා වාඩි වුණේ දුකෙන් ඔද්දල් වුණ හිතින් යුතුව. ආර්යන් තමන්ව මේ විදියට රවට්ටාවි කියලා ඈ හීනෙකින් වත් හිතලා තිබුණේ නෑ. ආර්යන් ගැන ඈ තුල කෝපයක් තිබුනත් අනික් කවරදාටත් වඩා ඔහුව තමන්ට ඕන කියලා ඈට හිතෙමින් තිබුණා. 'ඒත් අනුන්ගේ කෙනෙක්ව තම්න්ගේ ක්‍රගන්න ඈට පුලුවන්කමක් නෑ නේද කියලත් අනික් අතට ඇගේ හිත ඇඑග්න් ප්‍රශ්ණ කලා. ඇගේ ඇස් වලට කඳුලු පිරුණේ ඇසිල්ලකින්. කඳුලු බිංදු කම්මුල් දිගේ එකපෙලට රෝල්වෙද්දි, ඈ කලේ අත්දේකේ මූණ හංගගෙන හොඳටම අඳපු එක. මේ අතරේ ඇගේ ජර්සි සාක්කුවේ තිබුණ ෆෝන් එක නාද වෙන්න ගත්තා. බොඳවුන ඇස් වලින් ඈ දැක්කේ ආර්යන්ගේ නොම්මරේ. ඈ ඇමතුම විසන්ධි කලා. ආයෙම තප්පර කීපෙකින් ඔහු ආයෙම ඇමතුමක් ගත්තා. ආන්යා ආයෙම ඒක විසන්ධි කලා. ඔය වගේ පස් පාරක් විතර කලාට පස්සෙත් ඔහු ආයෙම ගත්තු නිසා බැරිම තැන ඈ කලේ කතා කරපු එක.
"ඇයි?" ඈ ඇහුවේ නපුරු විදියට.
"ආන්යා...ඔයා කොහෙද ඉන්නේ කියන්න?" ආර්යන්ගේ හඬ වෙව්ලනවා ඈට තේරුණා.
"මොකටද?"
"ප්ලීස් ආන්යා, මට එක්ස්ප්ලේන් කරන්න චාන්ස් එකක් දෙන්න. ඔයා දැකපු දේවල්, අහපු දේවල් නෙවෙයි ඇත්ත" ආර්යන් කිව්වේ ආයාචනාත්මකව.
"එතකොට ඔයාගේ අම්මා කිව්වේ බොරුවක්ද? ප්ලීස් මට කතා කරන්න එපා. මට ඔයාගේ බොරු කතා තවත් අහන්න ඕන නෑ. ඔය මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ? මං සෙල්ලම් බඩුවක් නෙවෙයි ඕන ඕන වෙලාවට ඔයාට සෙල්ලම්කරන්න. ඔයා මගේ හිත කැඩුවා ආර්යන්...මං ඔයා ගැන ගොඩක් හොඳට හිතාගෙන හිටියා..." ආන්යගේ හඬ බිඳුනා. ආයෙම කඳුලු පිට පැන්නා.
"ඔව් ආන්යා...මම හොඳ මිනිහෙක් නෙවෙයි. මට බනින්න, ඕන තරම් බනින්න. ඒත් ඊට කලින් මට මේක ඔයාට පැහැදිලි කරන්න ඉඩ දෙන්න"
"ඒ මොකටද? මට පැහැදිලිකිරීම් අහන්න ඕන නෑ. කරුණාකරලා ඔයා ඔයාගේ අනාගත වයිෆ් ගාවට යන්න. මට තවත් පව් පුරවන්න එපා..." ආන්යා කඳුලු පිහිමින් කිව්වා.
"ඔයා කොහෙද ඉන්නේ කියන්න ආන්යා"
"ඒක ඔයාට වැඩක් නෑනෙ. මට දැන්වත් මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයා මාව රවට්ටපු තරම් හොඳටම ඇති"
"ආන්යා...එහෙම කියන්න එපා. ඔයා දන්නේ නෑ මගේ හිත කොච්චර රිදෙනවද කියලා..."
"ඔයාගේ හිත? ඔයාට විතරද හිතක් තියෙන්නේ? එතකොට මං? මම පණ නැති බෝනික්කෙක්ද? ඔයාගේ හිත හදන්න කෙනෙක් ඉන්නවනේ ආර්යන්. මගෙයි හිත රිදුනේ, මායි ඔයාට රැවටුනේ" ආන්යා තමන් තුල තිබ්බ ආවේගේ පිට කලා.
"ඔයාව රැවැට්ටුවා නෙවෙයි ආන්යා...මම මේවා ඔයාට හංගන්න හිතුවත් නෙවෙයි…" ආර්යන් කිව්වේ කෑ ගහලා වගේ.
ආන්යගේ තද කරගෙන උන්නු හිත ආයෙම විසිරුණා. ඇගේ ඇස් වලින් ආයෙම කඳුලු ගලන්න පටන් ගත්තා.
"ඔයා දන්නේ නෑ මං ඔයා ගැන කොච්චර හිතුවද කියලා, මං ඔයාට කොච්චර ගෞරව කලාද කියලා. කොච්චර තප්පර, විනාඩි, පැය ගණන් මං ඒවට නාස්ති කලාද කියලා. මං එහෙම කලේ ඔයා අවංකයි කියලා හිතපු නිසා. ඔයා මං ගැන හිතනවා ඇති කියලා හිතපු නිසා. ඒත් මං දැනං හිටියා නම් ඔයා එන්ගේජ් වුණ මනුස්සයෙක් කියලා, මං ඒ පව් වැඩේ කවදාවත් කරන්නේ නෑ. ඔයා අනුන්ගේ ආර්යන් අයියා...මගේ නෙවෙයි. ඔයාඅ ගැන හිතපු හැම තප්පරේකටම ඔයාටයි පව් පිරෙන්නේ. ඇයි මාව රැවැට්ටුවේ? ඇයි මට කලින්ම ඇත්ත නොකිව්වේ?" ආන්යා ඒ පාර අහද්දි ඇගේ හඬ තිබුණේ හොඳටම බාල වෙලා.
"ප්ලීස් ආන්යා...ඔහොම කියන්න එපා. මට පිස්සු හැදෙයි. මම ඔයාට දේවල් හැංගුවා නෙවෙයි. මම ඔයාට මේ ගමන සේරම කියන්නයි හිටියේ. ඒත් ඔයා දන්නවා ඒකට අපට වෙලාවක් හම්බවුණේ නෑ කියලා. අනේ අඬන්න එපා ආන්යා...ඔයා කොහේද ඉන්නේ කියන්න මට එන්න, ප්ලීස්"
"මට ආයෙම ඔයා එක්ක කතාවක් නෑ. මට අර ගෑනු ළමයත වරදක් කරන්න බෑ. ඔයාට තේරෙන්නේ නැද්ද? ඔයා එගේජ්වෙලයි ඉන්නේ..."
"ඒ වුණාට තාම මැරි කලේ නෑනෙ. ආන්යා අහන්න, මම ශර්මිලාට කැමති වුණේ ගෙදරින් බල කරපු නිසා මිස මං එයාට ආදරේ කරන නිසා නෙවෙයි. ඒක අපේ තාත්තලාගේ බිස්නස් යාලුකමක් නිසා වුණ දෙයක් විතරයි"
"ආදරේ නොකර, කිසිම හැඟීමක්වත් නැතිව කෙනෙක් එක්ක එන්ගේජ් වෙන්න තරම් දුර යන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නෑ" ආන්යට ආයෙමත් තරහා යන්න පටන් අරන්.
"ඒක මටත් තේරෙන්නේ නෑ ආන්යා. කවදාවත්ම අම්මගෙයි,අප්පගෙයි හිත් නොරිද්දපු මට මේකට කැමති වෙන්න වුනෙත් ඒ අය නිසයි. ඇත්තටම මං හිතුවා සමහරවිට මට ශර්මිලාත ලං වෙන්න පුලුවන් වේවි කියලා, ඒත්...ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ ඒක වෙනස් වුණා ආන්යා. ඔයා දන්නෑ, ඔයා කොච්චරනම් මගේ ජීවිතේ අයිති කරගෙනද කියලා..."
"මට දැනගන්න ඕන නෑ. ආර්යන් අයියා ප්ලීස් මට තවත් පව් පුරවන්න එපා. ඔයා ඔය මොනවා කිව්වත් අන්තිමට ඔයාට වෙන්නේ ශර්මිලාව මැරි කරන්න. ඒක වෙනස් වෙන්නේ නෑ-"
"වෙනස් වෙනවා. මං වෙනස් කරනවා, මට පුලුවන් මේක නවත්තන්න"
"එතකොට ශර්මිලා? එයාගේ හිත කොච්චර රිදෙයිද?"
"මං කවදාවත් එයාට හෝප්ස් දීලා නෑ. ආරදෙයි කියලත් නෑ"
"ඒත් ඔයා එයා එක්ක එන්ගේජ් වුණා නේ. ඒ කියන්නේ ඔය සේරම කලා වගේ තමා"
"ආන්යා...මම එයාව මැරි කරන්නේ නෑ. ඔයා මාව විශ්වාස කරන්නේ නෑනෙ. මං අද, මේ දැන් ශර්මිලාට කියන්නම් මට තවත් මේක කරන්න බෑ කියලා. එතකොටවත් ඔයා මාව විශ්වාස කරයි"
"ඔයාට පිස්සුද? දැන් එහෙම කියන්න නම් එන්ගේජ් වෙනකල්ම කට වහගෙන හිටියේ ඇයි? පිස්සු නටන්න එපා. ඔයා ඔය මොනවා කලත් වැඩක් නෑ. මගේ හිත කැඩිලා ඉවරයි"
"ආන්යා...ප්ලීස්, ප්ලීස් එහෙම කියන්න එපා. ඔයාට එහෙම කරන්න බෑ. මං ඔයා ගැන දන්නවා"
"ඔයා මොනවත් දන්නේ නෑ ආර්යන්...මොනවත් දන්නේ නෑ. ප්ලීස් ලීව් මී අලෝන් නව්. අද වෙනකල් මොනවත් තිබ්බෙත් නෑ, ඉදිරියට ඇතිවෙන්නෙත් නෑ එච්චරයි"
ආන්යා ඇමතුම විසන්ධි කරලා ෆෝන් එක ඕෆ් කලේ ආර්යන්ට ආයෙම වචනයක්වත් කියන්න ඉඩ නොදී. ආර්යන්ට මොනවා කිව්වත් ආන්යා උන්නේ හොඳටම හිත පෑරිලා. ඇගේ හිත ආර්යන් ඉල්ලලා කෑ ගහද්දි ඈ හිත තදකරගත්තා අමාරුවෙන්. ශර්මිලා ගැන ඇගේ හිතේ තිබුණේ ඉරිසියාවක්. ඒත් එහෙමයි කියලා ආර්යන්ව ඇගෙන් උදුරගන්න තරම් නපුරුකමක් කරන්න ඈට හිත හදාගන්න බැරි වුණා. ඇගේ අවසාන තීරනය වුණෙත් මොනම හේතුවක් නිසාවත් ඒ දේ නොකරන්නම විතරයි.
"කොහෙද ළමයෝ ගියේ? මං හැමතැනම හෙව්වා. ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ." ආන්යා ආයෙම බංගලාව ඇතුලට යද්දි සාලේ හිටගෙන උන්නු අම්මා ඇහුවේ ටිකක් තරහා ගිහින් වගේ.
"මම පොඩ්ඩක් එලියට ගියා අම්ම ෆෝටෝ ගන්න" ආන්යා අම්මා දිහා වැඩිය නොබලා බොරුවක් කිව්වා.
"අනේ ඔයයි මමයි දන්න ෆොටෝග්‍රැෆි..." අම්මා ලඟම උන්නු අනුහස් පුරුදු පරිදි ආන්යට විහිලු කලා.
"අනේ යනවා යන්න, ඔයා විතරයි දන්නේ එහෙනම්. බක පණ්ඩිතයා"
"හා යමු යමු කන්න. දැන් ලෑස්ති වෙලා යන්නත් ඕන. මගදි නුවර එලියේ පාක් එකට යන්නත් තියෙනවා" අම්මා කෑම කාමරේ දිහාට යන ගමන් කිව්වා.
"ආනේ...අපි යන්නේ ඒ පැත්තෙන්ද? ෂෝක්, ෂෝක්" අනුහස් කිව්වේ උඩ පැන පැන.
"මොකද මේ රිලවෙක් වගේ උඩ පනින්නේ?" ආන්යා ඔහු දිහා බලලා ඇහුවේ උපහාසෙන්.
"හරි හරි නංගී, ඔයාලා හිතුවට අපි රිලව් කියලා, අපිට සිංහයන්ට වගේ සලකන අයත් ඉන්නවා" අනුහස් බොරු ආඩම්බරකමක් මවාගෙන කිව්වා.
"ඇත්තට? කොයි මෙන්ටල් හොස්පිටල් එකේද ඒ?"
"ඔයා කොහොමද දන්නේ ඒ ඩොක්ටර් කෙනෙක් කියලා?"
"ඩොක්ටර් නෙවෙයි පේෂන්ට් ගැන මං කිව්වේ. ලොකු හෙඩ් ඩැමේජ් එකක් නැත්තම් ඔයා ගැන එහෙම හිතන්න විදියක් නෑනෙ"
ආන්යා කිව්වේ අම්මා පස්සෙන් ඇදෙන ගමන්. අනුහස් ඈ අනුව ආවා.
"අපි එච්චරම වැටිලා නෑ නගා හරිද? අර කෙල්ලෝ දෙන්නම මට ෆෝන් නම්බර්ස්, ඊමේල්, ෆේස්බුක්, ට්විටර් මේ සේරම ඩීටේල්ස් දීලයි තියෙන්නේ"
"එච්චරද? හොඳයි හොඳයි. ඕන එකක් කරගන්න එකයි ඇත්තේ" ආන්යාඅනුහස්ට ඇදකරලා කිව්වා.
"මීනු-" අනුහස් එක පාරටම ඇස් පොඩි කරලා අනතුරු ඇඟෙව්වත්, ආන්යා ඊලඟ මොහොතේ දඩාස් ගාලා යන අතරමග හිටගෙන උන්නු කෙනෙක්ගේ හැප්පුනා. ආන්යා වැටෙන්න යද්දි අනුහසුයි, ඒ කෙනයි දෙන්නම පැනලා ඈව අල්ලගත්තා. ආන්යා නැගිටලා බලද්දි ඇගේ එක අතකින් අල්ලගෙන උන්නේ වෙනකවුරුවත් නෙවෙයි ආර්යන්. ඈ කලේ ඉක්මණට අත ඇදගත්තු එකයි.
"කොහෙවත් වැදුනද?" අනුහස් ඇහුවා.
"නෑ, නෑ."
"අ‍යැම් සොරි මම දැක්කේ නෑ ආන්යා" ආර්යන් එහෙම කිව්වත් ආන්යා නෙවෙයි ඔහු දිහා බැලුවේ.
"අනූ මම කාමරේට ගිහින් කැමරා එහෙම තියලා එන්නම්" ආන්යා අනුහස්ට එහෙම කියලා කාමරේට එන්න ආවේ අම්මලට මූණදෙන්න කලින් හිත ටිකක් එකලස් කරගන්න. ඇගේ හිත ආයෙම පෑරුණා. ඈට ආයෙමත් ඇඬෙන්නම ආපු නිසා ඈ පුලුවන් ඉක්මණත සෙනග උන්නු තැනින් මිදිලා කාමරේට එන්න ආවේ දුවගෙන. කාමරේට ආපු ආන්යා කලේ ඇඳ උඩට වැටුණ එක. ඇගේ මුලු හිතම අඳුරකින් වැහිලා ගිහින් වගේ ඈට තේරුණා. ඇස් වලට පිරුණ කඳුලු බිංදු කම්මුල් පැත්තක් තෙමාගෙන ඇඳ තෙත් කලා.
මේ අතරේ කවුදෝ කාමරේ දොරත තට්ටු කරන්න වුණා. ආන්යා පොඩ්ඩක් වෙලා අහගෙන ඉඳලා ගිහින් දොර ඇරියේ ඒ සමහරවිට අනුහස් වෙන්න ඇති කියලා හිතලා. ඒත් දොර ලඟ උන්නේ ආර්යන්. ඈ දොර ආපහු වහන්න උත්සාහ කලත් ආර්යන්ගේ ශක්තිමත් දෑත් වලටැ ඈ පැරදුනා. ඔහු ඇතුලට ඇවිත් දොර අගුලු දාද්දි ආන්යා පුලුවන් තරම් ඔහුගෙන් ඈටට වුණාඅ.
"ඔයා මොනවද මේ කරන්නේ? ඇයි මෙහේ ආවේ?" ආන්යා ඈත තියාම ඇහුවේ තමන් දිහාට එමින් උන්නු ආර්යන්ගෙන් ඈතට ඈතට යමින්.
"ආවේ වෙන විදියක් නැති නිසා ඔයාට කතාකරන්න. ඔයාට ඇයි මං කියන දේ අහන්න බැරි?"
ආර්යන් ඇඳ උඩ වාඩි වුණා. ආන්යා උන්නේ බැල්කනියට ඇරෙන දොර ලඟ.
"මට අහන්න ඕන නෑ. ඇහුවයි කියලා දේවල් වෙනස් වෙන්නේ නෑ"
"වෙනස් වෙනවා, ඔයා මං ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වේවි. ඔයා මාව තේරුම් ගනීවි"
"මට තවත් ඔයාව තේරුම් ගන්න ඕන නෑ"
ඒ පාර ආර්යන් කල්ව උන් තැනින් නැගිටලා ආන්යා අසලට ආපු එක. ඈත මේ පාර ඔහුව මගාරින්න බැරි වුණා. ඔහු ඈ ලඟටම ඇවිත් ඇගේ මූණට එබුණා.
"මේක මං මෙහෙම වදෙන් පොරෙන්, කලබලෙන් කියන්න හිටපු දෙයක් නෙවෙයි. ඒත් ආන්යා ඔයා මේක දන්නවා. මේ අහන්න-"
ආර්යන්ගෙන් මූණ හරවගත්තු ආන්යගේ මූණ දෝතින්ම තමන් දිහාට හරවගත්තු ආර්යන් කිව්වේ තදින්.
"මං ඔයාට ආදරෙයි, ගොඩාක් ආදරෙයි. ඔයාට ඇරෙන්න වෙන කෙනෙක්ට මං ආදරේ කරලත් නෑ. කරන්නෙත් නෑ"
ආන්යා ඉක්මණට සැලෙන ආර්යන්ගේ ඇස් දිහා තප්පරයක් විතර බලාගෙන උන්නා. ඒ ඇස් බොරු නොකියන බව ඈ දැනගෙන උන්නත්, ඒ ඇස් වලට අවනත වෙලා තවත් කෙනෙක්ගේ හිතක් බිඳින්න ආන්යට ඕන වුණේ නෑ. ඈ හිස වැනුවා 'එපා' කියන්න. ඒත් වචන වෙනුඅට ආයෙමත් ඉස්සර වුණේ කඳුලු.
"අනේ ප්ලීස් දැන් යන්න කවුරුහරි ආවොත් අපි දෙන්නට විතරක් නෙවෙයි, පවුල්වල අයටත් හරි නෑ" ආන්යා ඔහුගේ බැල්මෙන් මිදිලා කිව්වා.
"බැහැ. මට මේකේ දෙකෙන් එකක් අද විසඳගන්න ඕන. ආන්යා ඔයා හම්බවුණ දවසේ ඉඳලා මේ වෙනකල් මම හිතින් විඳවපු තරම් ඔයා දන්නේ නෑ, ඔයාට ඇත්ත කියාගන්න බැරිව. මට බය හිතුණා ඒ ඇත්ත අහලා ඔයා මගෙන් ඈත් වේවි කියලා. ඒක්යි මම කියන එක දවසින් දවස කල් දැම්මේ. ඒත් මෙහෙම මේ දේවල් වේවි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. සමහරවිට මට වැරදුනේ එතන වෙන්න ඇති"
ආන්යා ඔහුගේ අත්දෙක ගසාදාලා ආයෙම ඔහුගෙන් ඈතට ගියා. ආර්යන් දුකෙන් බලා උන්න මිසක ආයෙම ඈ අසලට එන්න උත්සාහ කලේ නෑ.
"ඔයා හොඳටම දැනගෙන හිටියේ නැද්ද ඔයාට ශර්මිලා බඳින්න වෙන බව? එහෙව් එකේ ඔයා ඇයි ඔයාගේ හිතට මෙහෙම අයාලේ යන්න ඉඩ දුන්නේ? දැන් ඒකෙන් අපේ හිත් කොච්චර රිදිලද බලන්න? ඇයි මෙහෙම කලේ?" ආන්යා ඇහුවේ කඳුලු අතරින්මයි.
ආර්යන් ඇස් පියාගෙන දෝතින්ම හිස බදාගෙන ඇඳේ වාඩි වුණා.
"ඔයා මාව පිස්සු වට්ටවනවා ආන්යා. මං හැමදේම කලේ ඔයාව මට ඕන නිසා. ඔයා නැතිකරගන්න මට බැරි නිසා. කියන්න ආන්යා ඔයා කවදාවත් මට ආදරේ කලේ නැද්ද? මං ඔයාගේ හිතට ලං වුණේ නැද්ද? කියන්න..." ඔහු ඇඟිලි අතරින් ඈ දිහා බලලා ඇහුවා.
ආන්යාත් තමන් අසල තිබුණ පුටුවකට බර වුණේ, තවත් හිටගෙන ඉන්න බැරි තැන.
"කියන්න ආන්යා..."
"මං දන්නෑ, මං ඇත්තටම දන්නෑ. ඒත් මං ඔයා ගැන හිතුවා ගොඩක්, වෙන කා ගැනටවත් වඩා. ඒක ආදරේ නම් ඔව් මං ඔයාට ආදරේ කලා...සමහරවිට හිත මේ තරම් රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒත් ආර්යන් අයියා...ඉතින් නම් ආයෙමත් මට ඔයා ගැන හිතන්න බෑ. ඔයා වෙන කෙනෙක්ගේ..." ආන්යා කිව්වේ කඳුලු අතරින්මයි.
ආර්යන් අත්දෙක එකට මිරිකමින් ඈ දිහා මොහොතක් බලාගෙන හිටියා.
"නෑ...මං වෙන කෙනෙක්ගේ නෙවෙයි ආන්යා. අපි අපිට ලං වුණදා ඉඳන් ඔයා මගේ කියලා මං බාරගෙන ඉවරයි...මගේ හිත මං ඔයාට දීලා ඉවරයි..."
දැඩි කරගෙන උන්නත් ආන්යගේ හිත; ආර්යන්ගේ වචන, ඔහුගේ බැලම, ඔහුගේ ආදරේ ඉස්සරහ ටිකින් ටික දියවෙන්න පටන් අරගෙනයි තිබුණේ.
"මට තේරෙන්නෑ, මං මොනවා කරන්නද කියලා මං දන්නේ නෑ" ආන්යා හිස වනමින් කියෙව්වා.
ආර්යන් ආයෙම නැගිටලා ආන්යා අසලට ඇවිත් ඈ ඉස්සරහින් දණ නවලා වාඩි වෙලා, බිමට යොමාගෙන උන්නු ඇගේ මූණට එබුණා.
"ආන්යා මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ. ආයෙමත් කිසි දෙයක් ඔයාට හංගන්නෙත් නෑ"
"මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ?"
"අපි බඳිමු, එතකොට කාටවත් අපට මුකුත් කරන්න බෑ. කියන්නත් බෑ. එතකොට ඔයා හැමදාම මගේ"
ආන්යා හිස වැනුවා.
"ඔයා මොනවද මේ කියන්නේ ඇත්තටම? ඔයා හදන්නේ අර කෙල්ලෙක්ගේ හිත කඩලා මා ලඟට එන්න. නෑ, නෑ. ඒක ඔය කොහොම කිව්වත් වෙන්නේ නෑ. මට බෑ ආර්යන් අයියා. ප්ලීස් ඔයා දැන් යන්න. ප්ලීස් ප්ලීස්...තවත් මගේ හිත පාරන්න එපා. මේ කිසිම දෙයක් හරියන්නේ නෑ. ඔයා කවදාවත් මගේ වෙලා හිටියේ නෑ. ඔයාට එහෙම ඉන්නත් බෑ. අපි අතර තිබ්බ හැමදේම ඉවරයි...මං යනවා"
ආන්යා…”
ඔහු කතා කලත් ආන්යා ඔහුගෙන් මිදිලා කාමරෙන් එලියට දුවලා එන්න ආවා. ඒත් ආර්යන් ඈ පස්සෙන් ආවේ නෑ. 


6 comments:

  1. Aneeeeeeeeee anya adanekote matath aduna :( aryan karapu dey echarama hari na aith ithin every thing is fair in love and war kiyanwane :)

    ReplyDelete
  2. නියමයි ආන්යා හැසිරෙන විදිය.. ඔය වගේ වෙලාවක කෙල්ලෙක් ඉන්නෝනෙ ඔහොම තමයි.මට නම් හිතෙන්නෙ ආ්රයන්ට වඩා අභී ආන්යාට ආදරෙයි කියලා.

    ReplyDelete