Saturday, May 19, 2012

කාලෙකට පස්සේ...

මල් වැහි කතාව කියවන ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මෙච්චර දවසක් කතාව නොලිව්වට තරහද?
අනේ ඉතින් කතාව ලියන්න බැරි වුණේ මීට සති දෙකකට එපිටදී අපි එක්ක අවුරුදු ගාණක්ම එකට උන්නු අපේ ආච්චි අම්මා අපි අතරින් සමු ගත්තු නිසයි. ආච්චි අම්මා ඇත්තටම අපිට උන්නු "ෆෙයරි ගෝඩ් මදර්" වගේ කිව්වොත් මම හරි. එයා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරපු, ගොඩාක් දේ කැප කරපු ආදරණීයම ආච්චි අම්මා කෙනෙක්. ඉතින් ඒකෙ වැඩයි තව වෙන වෙන වැඩ කීපෙකුයි නිසයි ලියන්න බැරි වුණේ.
කොහොම වුණත්, වෙලා තියෙන හැටියට ආයෙම ලියන්න බලන්නම්. එතකල් මා එක්ක තරහා නොවී කතාව එක්ක එකතු වෙලා ඉඳීවි කියලා මම හිතනවා...

10 comments:

  1. aneeeee harima dukay akkige aaththammi nathi una eke gane,,:( thathi nathi une dawese idan mawath hari waredi kiyala godak me haduwe ape aaththammi thama,, eke nisa man danewa aththammila okkomelame FIARY GOD MOTHER'S la wage thama :) my deepest sympathy akki .. api thareha na akkite puluwan welawete liyaneko kathawe :)

    ReplyDelete
    Replies
    1. අපිවත් තාත්තා නැතිව ඉද්දි බලාගත්තේ, ඉගැන්නුවේ, කන්න බොන්න දුන්නේ අච්චි අම්මයි, සියයි තමා. ඒ අය නැත්තම් අද අපට මොනා වෙලා තියේවිද කියන්න බෑ. අන්තිම වෙනකලුත් කලේ අපට උදව් කරන එකයි. හරි දුකයි ඒත් මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමා.

      Delete
  2. මගේ අත්තම්මා නැති වෙලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි, එත් මට තාම දුකයි....පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හිටියේ එයා, අම්මල වැඩට ගියාම, හ්ම්ම්ම්, මරණය ඉතින් අපි කාටත් පොදු දෙයක්නේ....please accept my deepest condolences for your grandmas loss akki

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිෂාන්. ඉතින් කොහොමද ජීවිතේ? මම ඒත් බැලුවා දැන් මේ පැත්තේ එන්නේ නැතුවාවත්ද කියලා කමෙන්ට් එකක්වත් නැති නිසා. කොහොමහරි ඉතින් මගේ මුලම කතාවත් එක්ක එකතු වෙලා උන්නු පරණ යාලුවෝ හැමෝම දකින්න ලැබීමත් සතුටක්. හොඳින් වැඩ කරගෙන ඉන්න එහෙනම්. කමෙන්ට් නොකලට තරහා නෑ හොඳේ. දිගටම පොත් ගුලට ඒවි කියලා හිතනවා.

      Delete
    2. ගොඩ දවසකින් online ආවේ නෑ අක්කියෝ, දැන් වැඩිය එවෙන්නේ නෑ ඉස්සර වගේ, තව මාස දෙකින් විභාගේනේ :O ඉන්නකෝ වෙලවාක් හම්බුනාම කතාව ඔක්කොම කියවන්නම්. තාම මුල් හරිය කියවන්නේ :)

      Delete
  3. තමන්ගේ ආදරණියයකුගේ වෙන්වීම නම් දරාගන්න අමාරුයි තමයි..
    කරදර කලබල ඉවරවෙලා ඉක්මනින්ම ආපහු අපිත් එක්ක එකතුවෙන්න පුළුවන් වෙන්න කියලා පතනවා..

    ReplyDelete
  4. මගේ එක්ක දුක බෙදා ගන්න එකතු වුණාට ස්තුතියි හැමෝටම.

    ReplyDelete
  5. සිදුවෙලා තියෙන දේ දැක්කම ගොඩාක් දුකයි. ඒත්, ඒ අහිමි වීමෙි වෙිදනාව ඔයා ඇතුළු පවුලේ අනෙක් අයට දරා ගන්න ශක්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete