අවසරයි ලං වෙන්න....
"අම්මේ...මම පාස්! ඒ තුනක්
තියෙනවා..."
" හානේ...ඔය ඇත්තම දෝණි? මගේ කෙල්ලට තුනුරුවන්
සරණයි..."
"කොලඹ තේරුණොත්, ඔයාට ලේසියි..."
"නෑ....මං ඊට වඩා ආසයි
පේරාදෙණියට"
"අමිහිරිද මේ වෙණ...ඇසුහුද මෙයින්
වැඩි වෙන...නැතහොත් නැත නුවණ...කියව නොසතුටු වන්ට කාරණ?"
"හානේ...මෙයාට ගුත්තිලයත් පුලුවන්
නේ"
"මේ බලන්න නංගී...අපේ
කොල්ලට හොඳ පපුවක් තියෙන්නේ. සෙම නෑ සෙවල නෑ...ඔහොම කියන්න එපා..."
"පේනවා පේනවා..."
"අද ගෙදර යනවද? මාත් යනවා...තුනහමාරේ ට්‍රේන්
එකේ යමු නේද?"
"හා එහෙනම්"
"ඉස්තරම්ම ලොවිච්චි සහිත
කොටු ගවුම් කොටයකින් සැරසී, කොණ්ඩා කරලක් පිට දිගේ වක් කරගෙන, පුංචි කැත කෙල්ලක්ව සිටි අවධියේදීත් මම ඔයාට ආදරය
කලෙමි...තවමත් මම ආදරය කරමි"
පොතේ අන්තිම පිටුවේ ඒ
වචන පෙල කහ පාටින් highlight කරලා තිබුණා...
ඉතිං ඊට පස්සේ???
භූප...දුලාරා....චේතිය...කේතකී....දුලිත...
මේ ඒගොල්ලන්ගේ කතාව...
ළඟදීම නෙතූගේ පොත් ගුලේ
දිගහැරෙනවා...කියවන්න කැමති හැමෝම එන්න මේ පැත්තේ ඇවිත් යන්න...