Wednesday, May 23, 2012

හිමි අහිමි

ආර්යන්:
හදවත ඉකි ගසයි තනිකම වැඩි හන්දා
සිත මගෙ සීතලයි නුඹ ලඟ නැති හන්දා
අහිමි ආදරය හිමි වනු බැරි හන්දා
මම සමු ගනිමි ප්‍රේමය තනි මග රන්දා

ආන්යා:
කෝඩු හිත මගේ කැලඹුවේ නුඹ හන්දා
නොඉඳුල් සිතින් මම නුඹ හට පෙම් බැන්දා
මට ඔහු මිසක නුඹ හිමිවනු බැරි හන්දා
මම යලි හැරෙමි අපෙ අත් ගිලිහෙන හන්දා

අභී:
මගෙ මුලු හිතම නුඹ අරගෙන ගිය හන්දා
හැඬුවේ හිනැහුනේ මම ඒ නුඹ හන්දා
නුඹ එයි කියා මගෙ සිත පවසන හන්දා
හදදොර හැර තබමි නුඹ ඒවිද මන්දා

2 comments: