Wednesday, September 2, 2015

විහංඟනාවී: හතලිස් දෙවන කොටස



“Hey…what are you cooking Raveen? We hardly can breathe here”
කකුල් දෙක එරමිණියා ගොතාගෙන සැටිය උඩ වාඩි වෙලා උන්නු රීටා, කුස්සිය දිහාවට එබිලා කෑ ගැහුවා.
ඈ ඉස්සරහ පුටුවක වාඩි වෙලා, මේ දැන් වෙච්ච කතාබහින් අන්ද මන්ද වුණ අයුමි උන්නේ කල්පනාබරව. හවස රවීන් එක්ක ඔහුගේ අපාට්මන්ට් එකට එද්දි ඈ බලාපොරොත්තු වුණේ නෑ රීටා එහේ ඉඳීවි කියලා. රීටා උන්නේ තනියෙම නෙවෙයි. ඇගේ partner කියලා අඳුන්නලා දීපු සෝනුත් එක්ක. අයුමි අන්ද මන්ද වෙලා උන්නු එකම කාරණේ සෝනුත් ඇගේ වයසෙම විතර කෙල්ලෙක් වුණ එක.
“I know for you, it must be hard to comprehend…But that is what it is” රීටා කිව්වේ උරහිස් හකුලලා.
අයුමි ඈ දිහා බලලා හිනාවෙන්න උත්සාහ කලත් ඒක නිකම්ම තොල් හෙලවීමක් වගේ වුණා විතරයි.
"රවීන් මාව පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා. එයා දැනගෙන හිටියා මට ට්‍රයි කරලා වැඩක් නෑ කියලා" ටිකක් විදේශීය accent එකකින් එහෙම කියලා රීටා හිනාවුණේ ඒක හරිම සාමාන්‍ය දෙයක් ගාණට. ඒත් ඊට පස්සේ ඇගේ මූණේ ඇඳුනේ කල්පනාබර බවක්.
"He was the best I knew though. He was the only one who accepted me for what I was. Who appreciated me for what I was. අනික් යාලුවෝ, ගෙදර මිනිස්සු මම දිහා අමුතු සතෙක් ගාණට බලද්දි, මට මම වෙන්න ශක්තිය දුන්නේ රවීන්. බැරිම තැන ගෙදරින් මාව බලෙන් බන්දලා දුන්නා, ඩැඩීගේ යාලුවෙගේ පුතෙක්ට. එතකොට මේවා හරියයි කියලා. ඒ ගොල්ලෝ තේරුම් ගත්තේ නෑ මට එහෙම දෙයක් ඕන නෑ කියලා. ඒකෙන් වුණේ නිරපරාදේ හිත් රිදීම් ඇති වුණ එක. අපි මාස දෙක තුනකින් ඩිවෝස් වුණා. I moved out on my own. අම්මලා මා එක්ක තරහා වුණා. මගේම සමහර යාලුවෝ පවා මාව අතෑරලා තැන තැන ගිහින් කැත කතා කියලා, ජීවිතේ එක කාලයක් මට සමාජේ අපායක් කලා. ඒත් ඒ හැම වෙලේකම රවීන් මං එක්ක හිටියා. He is one who helped me to migrate. He helped me to stay sane. ඒ එයා හොඳ යාලුවෙක් හන්දා. මම පිස්සු නොහැදී අද මෙහෙම ඉන්නේ රවීනුයි, සෝනුයි හන්දා"  
රීටා කියාගෙන ගියේ උපේක්ෂාවෙන් වගේ. අයුමි අහගෙන උන්නේ ඇහෙන දේවල් විශ්වාසකරගන්නත් බැරිව.
“So imagine my shock to hear that you two fought because of me…That was insane. You know Raveen, in that sense you are pathetic. You should have told your bonny lass, that I don’t like men, not even dangerously attractive men like you”
රීටා ආයෙම කුස්සිය දිහාට හැරිලා එහෙම කියලා හිනාවුණේ පිස්සියක් වගේ. අයුමි උන්නේ බිම බලාගෙන, ඈට දැනෙමින් තිබ්බේ මොකක්දෝ ජුගුප්සාජනක හැඟීමක්, මේ අහන දකින දේවල් ගැන. එහෙම වෙන්න පුලුවන්ද කියන එක පවා ඇගේ හිතේ ඇති කලේ ජුගුප්සාවක්.
"සමහරවිට ඔයා වුණත් හිතනවා ඇත්තේ අපේ අම්මලා වගේ.'ඊයා' කියලා" එක වෙලාවක ඈව තේරුම්ගත්තා වගේ රීටා කිව්වම අයුමි හිස වැනුවේ එහෙම නෑ කියන්න.
“Not that I care of course. I have long learned to ignore them. But…I wish people understand that we are not aliens. We are part of this society, we also have the same feelings, only thing that we don’t romantically attract to people in the so called “normal” way. It is not a crime and still we are faithful to the ones we love than most of the normal couples. එක මිනිස්සු තේරුම් නොගන්න එක කණගාටුවක්. මොනා කරන්නද? We cannot make the entire world to be enlighntned at once" රීටා අන්තිමට කිව්වේ පුංචි කලකිරීමකිනුත් වගේ.
අයුමිට හිතාගන්න බැරි වුණා මොනා හරි කියන්න ඕනද කියලා ඈට.
“But there are people like Raveen too hon” අන්තිමේදි සෝනුත් හඬ අවදි කලා.
“Of course…bless him” රීටා කිව්වේ දෑස් පියාගෙන.
රවීන් දුම් දාන පිඟන් වගයක් ට්‍රොලියක තියාගෙන තල්ලු කරගෙන සාලෙට ආවෙ මෙවෙලේ.
"කෑම ගෙනාවා. කතා කරලා මහන්සිත් නැතෑ"
“Talking of the devil! You know Ayumi, you should be really thankful that I love Sonu more. I would have loved to have him for dessert later otherwise”
රීටා කිව්වම අයුමි රතු වුණා. අනික් දෙන්නත් එක්ක හිනාවෙවීම රවීන් ඇවිත් ඈ අසලින් වාඩි වුණා. අයුමි උන්නේ බිම බලාගෙන. රවීන් කෑම පිඟානක් අරන් ඇගේ අතේ තිබ්බා ඒ ගමන.
"මගේ පොඩි කෙල්ලව නරක් කරන්න එපා" රවීන් ඊට පස්සේ කිව්ව්වේ අයුමිගේ පැත්තකින් අතක් දාලා ඈව යන්තම් තුරුලු කරගන්න ගමන්.
"නරක් කරන්න එපා?" රීටා ඇහුවේ ඇස් ලොකුකරලා. “Man… you are the biggest germ around her…and you mean to say that….” රීටා මොකක් හරි අහන්න ගිය වගක් දැනුනත්, රවීන් ඉඟි කරලා ඒක නැවැත්තුවද කොහෙද.
“oooh…! Ok.. right…” රීටා අන්තිමේදි කට වහගත්තම, අයුමිට යාන්තම් සැනසුම් සුසුමක් හෙලුණා.
අන්තිමේදි හවස හයහමරට විතර, රීටයි, සෝනුයි යන්න ලෑස්ති වුණේ රෑ තව මොකක්ද පාටියකට යන්න ඕන වග කියමින්. ඒක අයුමිට පොඩි අස්වැසිල්ලක් වුණා.
"You are a cute couple…you were lucky through and through Raveen, you lucky devil. Anyways…I don't wanna trespass on your lone time anymore...bye"දොරෙන් එලියට බැහැලා රීටා එහෙම කිව්වේ අයුමි දිහා බලලා රවීන්ට ඇහැක් ගහන ගමන්. 
“Bye” අයුමි හිනාවෙලා කිව්වා.
"And have a niiiiice time" සෝනු එහෙම කියාගන රීටා එක්ක යන්න ගියේ අයුමි තව ටිකක් රතු වෙද්දි.
"හම්මේ එහෙම කටවල් දෙකක්" රවීන් ලොකු හුස්මක් අරන් එහෙම කිව්වේ දොර වහලා.
"ම්ම්" අයුමි වෙන මුකුත් නොකියා සාලෙට ගියේ කෑම බීම පිඟන් ටික අස් කරන්න බලාගෙන.
"අස් කරලා දාලා අපිත් යමු නේ?" පිඟන් ටික සින්ක් එකට දාලා ඈ ඇහුවේ කෝප්ප ටික අරන් එමින් උන්නු රවීන්ගෙන්.
"ආ...එතකොට dessert" රවීන් ඇහුවා.
"dessert, දැන් මේ කාපුවා මදිවට?"
රවීන් කෝප්ප ටික එහෙමම තියලා ඇවිත් අයුමිගේ අතකින් අල්ලගෙන, අනෙක් අතේ තිබ්බ පිඟන් හෝදන ස්පොන්ජ් එක අරන් පැත්තක තියලා ඇගේ ඇස් වලට එබුණා.
"dessert නෙවෙයි" ඔහු රහසින් කිව්වේ මත් බැල්මකින් ඈ දිහා බලලා.
ඈ ගොලු වුණා එකපාරටම, ඒ ඇස් ලඟ හිත අමුතු වෙලා, කන්පෙති උණුසුම් වෙනවා ඈට දැනුනා. ඒත් ඊලඟට ඈ කලේ අත් දෙක ඔහුගෙන් මුදාගෙන පැත්තකට දුවපු එක. ඒත් රවීන් ඉක්මණින්ම ඇවිත් ඈව බඳ වටේ අත දාලා අල්ලගත්තේ හිනාවෙවී.
"අනේ රවීන්..."
"හොර ගෙඩියා පනින්න නේ හැදුවේ"රවීන් ඇහුවා.
ඒ පාර අයුමි දඟලන එක නවත්තලා ඔහු දිහා බැලුවේ ආදරෙන්.
"හම්මේ දැන් නම් මූණට හඳ පායලා තියෙන්නේ" රවීන් කිව්වේ අයුමිගේ මූණට වැටිලා තිබුණ කෙස් රොදක් අයින් කරන ගමන්.
"වෙච්ච දේවල් වලට ආයෙම සැරයක් සොරි" ඈ ඔහුගේ ගෙල වටේට දෑත් යවමින් කිව්වා.
"It’s ok. ඔයා දැනගෙන හිටියේ නෑනෙ" රවීන් කිව්වා.
"මම කවදාවත් හිතුවේ නෑ හැබැයි මෙහෙම දෙයක් අහන්න වෙයි කියලා. ඇත්තටම, මට තාමත් හිතාගන්න බෑ මට අහන්න වුණ දේවල්" අයුමි කිව්වේ ආයෙම රීටා කියපු දේවල් මතක් වෙද්දි.
"හ්ම්ම්...අපි නොහිතුවට නොදැන හිටියට ලෝකෙයි, ලංකාවෙයි ඕන තරම් එහෙම දේවල් වෙනවා. ඒවා ඉතිං ගොඩක් වෙලාවට එලියට එන්නේ නෑ, සමාජ සම්මතේට පටහැනියි කියලා මිනිස්සු හිතන හන්දා. එහෙම වෙද්දි සමහර මිනිස්සු, සමාජේ ජීවත් වෙන්න ඕන හන්දා තමන්ගේ ඇත්තම හැඟීම්, හංගගෙන, දුක් විඳ විඳ ජීවත් වෙනවා. රීටාට එයාගේ ජීවිතේ තෝරගෙන, පැත්තකට වෙන්න පුලුවන් වුණේ එයාට සල්ලි තිබ්බා, සමාජේ තැනක් තිබ්බා...මේ දේවල් හරියට තේරුම් ගනන් සමාජ තලයක මිනිස්සු එයා එක්ක හිටියා... අන්න හන්දා. ඒත් ගොඩක් මිනිස්සුන්ට දේ කරන්න බෑ. සමාජේ මිනිස්සු අය දිහා වපර ඇහින් බලද්දි, මිනිස්සු පුදුම යුද්ධයක් කරන්න ඕන සමාජේ තමන්ගේ නියම ස්වරූප්ය එක්ක ජීවත් වෙන්න" රවීන් කිව්වේ බැරෑරුම් විදියට.
"හ්ම්ම්...එහෙම හිතද්දි මිනිස්සු පව් කියලා හිතෙනවා"
" මිනිස්සු එක අතකින් පව් තමයි. මොකද ගොඩක් අයට එහෙම වෙන්නේ එයාලා තෝරගන්න දෙයක් නිසා නෙවෙයි,ඒක එහෙම වෙන්නේ එක්කෝ හෝමෝන වල වෙනසක්, එහෙම නැත්තම් මොලේ මොකක් හරි වෙනසක්, ජාන වලින්, ඔය වගේ මේ වෙනස් කරන්න අමාරු හේතු නිසා. තව ඉතිං විවිධ තියරි තියෙනවා ඕක ගැන. ඒ මොනා වුණත් මිනිස්සු කොන් කරා කියලා, දඬුවම් කලා කියලා ඒ හැසිරීම්, හැඟීම් දැනීම් වෙනස් කරන්න බෑ. ඒ අයත් අනික් මිනිස්සුම වගේ කියලා දකින්න සමාජේ හැදෙන්න ඕන. අනේ මන්දා ඉතිං කාලාන්තරයක් තිස්සේ මුල්බැහැගත්තු දේවල් අපට වෙනස් කරන්න බෑනෙ දවසකින් දෙකකින්. දැන් ලෝකේ  නම් ගොඩාක් රටවල් ඕවා සමාජ සම්මතයක් විදියට පිලිගෙන ඉවරයි. සමහරවිට කාලෙකදි මෙහෙත් එහෙම වෙයි. එහෙම තමයි ඉතිං"
"ම්ම්..." අයුමි කල්පනාබරව හිස වැනුවා.
"හ්ම්ම්, මොනා වුණත් අන්තිමේදි ඔයාගේ සැකය දුරුවුණ එකයි ලොකුම දේ" රවීන් කිව්වේ අයුමි තව ටිකක් ඔහු දිහාට ලං කරගන්න ගමන්.
අයුමි ඔහු දිහා බලලා හිනාවක් පාලා සැනසුම් සුසුමක් හෙලුවේ දේවල් මෙහෙම ඉවර වුණ එක මොන තරම් සැනසීමක්ද කියලා හිතමින්. රවීන් ඊලඟට ඈට හිතන්නවත් වෙලාවක් නොදී පොඩි ළමයෙක් වගේ හරහට ඈව උස්සගත්තා.
"අනේ...මාව බිමිං තියන්න..." අයුමි බැගෑපත් වුණා.
ඒත් රවීන් නතර වුණේ ඈව දිග සැටිය උඩ තියලා. ඇගේ පැත්තකින් ඉඳගත්තු ඔහු ඈ දිහා මොහොතක් බලාගෙන උන්නේ, ආදරෙයි, ආශාවයි පිරුණ ඇස් වලින්. හද ගැස්ම වැඩිවීගෙන ඇවිත්, ඒ බැල්මෙන් විතරක්ම ගත උණුසුම් වෙද්දි අයුමි ඒ ඇස් මගෑරලා අහක බලාගත්තා. රවීන් පාත් වෙලා ඈව සිප ගද්දි ඒ ඇස් පියවුණා පුරුදු විදියටම.
සුසුම් වලින්, රවීන්ගේ දෝත් අතරේ, ඔහුගේ දෙතොල් අතරේ උණුසුම් වෙමින් ගෙවුණ නොපැහැදිලි කාලාන්තරයකට පස්සේ අයුමි දෑස් හැරියේ ඔහුගේ ගෙල පාමුල සුපුරුදු සුවඳත් එක්ක. ඇගේ අතක් නවතිලා තිබුණේ ඔහුගේ පපුතුර මත. ඔහු එක අතකින් අයුමිව තමන් වෙත තුරුලු කරගෙන, අනෙක් අතින් ඇගේ හිස පිරිමදිමින් උන්නා. ලෙහිලා තිබුණේ ඇගේ හිසකෙස් තිබුණේ සැටියේ ඇන්ද මතින් පහලට විසිරිලා.
අයුමි යන්තම් හිස හරවලා බලද්දි සාලේ දැල්වෙමින් තිබුණ ලා කහ පාට එලිය වැඩි වෙලා ඈට පෙනුනේ හාත්පසම අඳුර දැඩි වෙලා තිබුණ නිසා.
"රවීන්"
"ම්ම්...."
"අපි යමු නේද? රෑ වෙලා ගොඩක්"
"ම්ම්..."
"අනේ...ඉතිං ඔය බොරුවට නිදාගෙන නො ඉඳ නැගිටින්නකෝ"
ඒ පාර රවීන් එක ඇහැක් ඇරලා ඈ දිහා බලලා හිණාවුණා. අයුමි හිස වනලා ඔහු ලඟින් ඉක්මණින් නැගිට්ටේ ආයෙම ඔහු ඈව අල්ලගන්න කලින්.
"හැමදාම මෙහෙම ගිහිං දාන වෙලේ, මෙහේම නවත්තගන්න තිබ්බා නම් කියලා හිතෙනවා වෙලාවකට"  අපාට්මන්ට් එකේ දොර වහද්දි පැත්තකින් බිත්තියට හේත්තු වෙලා බලාගෙන උන්නු රවීන් කිව්වේ පොඩි එකෙක් වගේ.
අයුමි ඒ කතාවට හිනාවුණා විතරයි. ඈටත් එහෙම නොහිතුණා නෙවෙයි. ඒත් ඉතිං එක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන් කාරණාවක් නොවෙන වග ඈ දැනගෙන උන්නා. එතනින් එහාට ඒ ගැන හිතන්න ඈට ඕන වුණේ නෑ ඒ මොහොතේ.
"ඒක නෙවෙයි අයුමි...මම ඔයාගෙන් අහන්නමයි හිටියේ. එදා අද ශාරා බලාගන්න නැවතුන දා, ඔයා එක්ක තාත්තා මොනා හරි කතා කලාද?" ආපහු බෝඩිමට එන අතරෙදි රවීන් එහෙම ඇහුවම අයුමි රවීන් දිහා බැලුවේ පුංචි කුතුහලේකින්.
"ම්... ඔව්. කතා කලා. හැබැයි ඉතිං එහෙම විශේෂ දෙයක් නම් ඇහුවේ නෑ. ගෙවල් කොහෙද ඇහුවා. මේ පලවෙනි ජොබ් එකද ඇහුවා...ම්ම්...එච්චරයි. ඇයි රවීන්, තාත්තා ඔයාට මොනා හරි කිව්වද?" අයුමි ඇහුවේ ටිකක් හිත සැලෙද්දි.
"නෑ නෑ. එහෙම මුකුත් කිව්වේ නෑ. කතා කලා කියලා කිව්වා එච්චරයි"
රවීන් එහෙම කිව්වේ දිහාව නොබලා. මොකක් හරි හේතුවකට අයුමිට හිතුණා ඔහු මොනා හරි ඇගෙන් හංගනවා කියලා. ඒත් ගැන අහන්න හිතුවේ නෑ, ආයෙම සැරයක් රවීන්ගේ මූඩ් එක නරක් වුණොත් කියලා. ඒත් එන ගමනෙදි කල්පනා කරමින් ආවේ රවීන්ගේ තාත්තා ඇත්තටම, තමන් ගැන, මේ කරන දේ ගැන මොනවා හිතනවා ඇත්ද කියලා. සිතිවිල්ල, ගෙදර ගැන හිතේ තිබ්බ කරදර වලට තවත් හිත හිත ඉන්න දෙයක් එකතු කලා විතරයි. ඒත් ඊට ටික දවසකට පස්සේ සිද්ධ වුණ දේවල් වලින්, රවීන්ගේ ගෙදර පැත්තේ තත්වය තේරුම් ගන්න විදියට සිදුවීම් ගොඩක් සිද්ධ වුණේ බලාපොරොත්තු නොවුණ විදියට.

3 comments:

  1. අද ලිවිල්ල වෙනදාටත් වඩා ලස්සනයි

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි නිරෝ. යාලුවෝ අහලා තිබ්බනේ කතාවේ තව ගොඩක් කොටස් තියෙනවද කියලා. කොච්චර ඕනද තව ඔයාලට? මේක ඕන තරම් දික් කරන්න පුලුවන්. :)
    නෑ...ඇත්තටම මම හිතන්නේ මගේ හිතේ තියෙන අවසානෙට එන්න තව කොටස් විස්සකට වඩා ලියන්න වෙයි. ඒ හන්දා බලාපොරොත්තුවෙන් ඉන්න කතාව තාම ඉවර වෙන මගටවත් ඇවිල්ලා නෑ.
    හැමෝටම සුබ දවසක් වේවා!

    ReplyDelete
  3. අනේ දුක හිතෙන විදියට ඉවර කරන්න නම් එපා :(

    ReplyDelete