"අයුමි අද අර බෑන්ක් එකේ කට්ටිය එනවා උදේ අපිව හම්බෙන්න.
ඒක ඉවර වෙලා අර Indian cafe එකේ
මිසිස් ෂර්මා එනවා එයාගේ team
එකත් එක්ක.
මිස්ට රුබේරුගේ cosmetic clinic
එකෙත් දැන් වැඩ ඉවරලු ගොඩක්.
ඉතිං ඒක බලන්න යන්න ඕන wall
papers හෙම decide
කරන්න. දෙකහමාරට එන්න කිව්වා.
මිස්ට රවීන්ට මම ඊයේ හවස කිව්වා විස්තර.
ඔයා කෝකටත් උදේ කෝල් කරලා අහන්න එයා එන්නේ මොන මීටින් වලටද කියලා.
මොකද මම හිතන්නේ එයා ඊයේ ගොඩක් රෑ වෙලා ඔෆිස් එකෙන් ගිහින් තියෙන්නේ"
වැඩ කරමින් ඉන්න අතරේ ආපු සමින්ද දිග වැඩ ලිස්ට් එකක් කියාගෙන ගියා.
අන්තිම වචන පෙල හෙමින් නිසල වෙන්න පටන් අරන් තිබ්බ ඇගේ හිත ආයෙම කැලඹුවා.
"හා සමින්ද"
ඈ හිස වැනුවේ යන්ත්රානුසාරයෙන් වගේ.
අයුමිට හිතුණා සමින්ද ඈ දිහා උනන්දුවෙන් බලාගෙන උන්නදෝ කියලා ඒ අන්තිම ටික කිව්වට පස්සේ.
"මේ දවස්වල මිස්ටර් රවීන්ට මොනා වෙලාද මන්දා.
ඊයේ මුලු හවසම හිටියේ මල පැනලා.
ඔයාටත් කෑ ගැහුවද?"
ඊට පස්සේ සමින්ද එහෙම ඇහුවා.
"ම්ම්...නෑ.නෑ. එහෙම මට විශේෂයක් නම් දැනුනෙත් නෑ"
අයුමි කිව්වේ සමින්ද දිහා නොබලා.
සමින්ද යන්තමට හිනාවෙලා ආයෙම මුකුත් නොකියා කාමරෙන් යන්න ගියාම අයුමිගේ හිතේ උපන්නේ සැකයක්.
නොපෙන්නුවට සමින්දලා මොනවාහරි දන්නවාවත්ද?
ඒ හැඟීම ඇගේ හිත තවත් අවුල් කලා විතරයි.
ඊලඟට හිතට වද දුන්න දේ රවීන්ට කෝල් කරන
එක. තමන්ගේම ෆෝන් එකෙන් කෝල් කලොත් රවීන් කතා කරන එකක් නෑ කියලා අයුමි හිතුවා. ඒ
හන්දා හිතල හිතලා අන්තිමේදි ඈ ලඟ තිබ්බ ලෑන්ඩ් ෆෝන් එකේ රවීන්ගෙ නොම්මරේ එබුවා.
ෆෝන් එක තුන් පාර වැදෙද්දිම රවීන් එහ පැත්තෙන් කෝල් එක ගත්තා.
“Raveen
here” ඔහු කතා කලේ වෙන වැඩක ඉන්න ගමන් වගේ.
“Good
morning Mr. Raveen” අයුමි එහෙම කිව්වේ හිත යටින් ඔහුට
රිද්දන්න ඕන වුණ නිසාද?
“Good
morning who is this?” රවීන්
එහෙම ඇහුවම අයුමිට දැනුනේ විදුලි සැරයක් වැදුනා වගේ තිගැස්මක්. රවීන්ට එක දවසට
තමන්ගේ කටහඬත් අමතක වෙලාද කියලා ඈ හිතුවේ හිත රිදුම් දෙද්දි.
“It’s
Ayumi” ඈ කිව්වම රවීන් එක පාරටම නිහඬ වුණා වගේ
ඈට දැණුනා.
“ok…um..what
is it?” ඒත් ඊලඟට ඔහු ඇහුවේ වියලි ස්වරයකින්.
අමාරුවෙන් හිත පාලනය කරගත්තු අයුමි
සමින්ද කියපු විස්තරේ ඒ විදියටම රවීන්ට කියාගෙන ගියා. ඈ කටහඬ වෙව්ලන එක වලක්වගෙන
උන්නේ අමාරුවෙන්.
“You carry on the morning meetings with Saminda. I might drop in for the evening
visit”
රවීන් කියාගෙන ගියේ හරිම official විදිහට. ඔහු නො එන වග දැනගත්තම
අයුමිගේ හිත තවත් ගොඩක් රිදුනා. ඒත් ඈ මොනවා කරන්නද? හැමදේම උහුලනවා ඇරෙන්න කරන්න දෙයක් ඈ
දැනගෙන උන්නේ නෑ.
“Ok. Thank
you” ඈ හෙමින් කිව්වා.
“What
happned to your phone?” ඈ තියන්නම් කියන්න කලින් රවීන් ඇහුවා.
“It is
there”
“And you
are calling from office line?”
“I did not want you to ignore this call” අයුමි කිව්වේ පුලුවන් තරම් මුදු ස්වරයෙන්.
“I did not want you to ignore this call” අයුමි කිව්වේ පුලුවන් තරම් මුදු ස්වරයෙන්.
“What?”
“I thought
you might not pickup if u see my number”
“I thought your phone truns off when you dial
or receive a call from my number” රවීන්
ඇගේ කතාවට ඇනුම්පදයක් වගේ එකෙහෙම කිව්වා.
අයුමි ඒ කතාවට මුකුත් කිව්වේ නෑ. අයුමිගේ
හිතේ පිරෙමින් තිබුණේ දුක මුසු වුණ නොරිස්සුමක්. මේ
සේරම ඔහුම පටන් අරගෙන දැන් වරදක් කලේ ඈ වගේ, ඇගේම හිත රිද්දන්න හදන එක නිසා.
"මම හිතලා ඒක ඕෆ් කල නෙවෙයි ඊයේ. උදේ
චාජ් කරන්න අමතක වෙලා ඒක ඕෆ් වෙලා" අයුමි අන්තිමේදි එහෙම කිව්වේ බිඳුණු
හඬින්.
"දැන් ඒක වුණේ මම හන්දද?" රවීන් ඇහුවේ නපුරු විදියට.
අයුමිගේ දෑස් වල කඳුලු පිරුණේ
ඉක්මණින්.
"මම එහෙම කිව්වද?"
අයුමි ඇහුවම රවීන් මුකුත් කිව්වේ නෑ.
"අහන්න...මම දැනුවත්ව ඔයාට කිසිම වරදක්
කලේ නෑ. මම දන්නෑ ඇත්තටම ඇයි මෙහෙම මට ඔයා නපුරු වෙන්නේ කියලා. සමහරවිට මම හැමදේම
හිතාගෙන ඉන්නේ වැරදියට වෙන්න ඇති. ඒක එහෙම නම් ප්ලීස් මට ඒක කියලා, ඉවරයක් කරන්න. මේ වගේ තේරුම් ගන්න බැරි දේවල්
කරලා මගේ හිත රිද්දන්න එපා. ඔයා කිසි දේකට බැඳිලා නෑ. ඒ හන්දා එපා නම් ඒක මට
කියන්න. කියලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." අයුමි අන්තිම ටික කියද්දි ඇගේ හඬ
හොඳටම බිඳුණා.
ඒත් ඈ අමාරුවෙන් නාඬා ඉන්න උත්සාහ කලා.
රවීන් පුදුම වෙලා හරි, තරහා ගිහින් හරි උන්නු නිසාදෝ වචනයක්වත්
කිව්වේ නෑ.
“you…don’t
understand me Ayumi…” අන්තිමේදි රවීන් කිව්වේ නිවුණු
ස්වරයකින්.
“ Yes may
be you are right. I cannot understand something that is completely shut down on
me”
“No! It is
not that…”
"අයුමි..." මේ අතරේ කාමරේට එබුණේ සමින්ද.
"ඕ සොරි...අර clientsලා මගලු. ඔයා ලැප් එක අරන් බෝඩ් රූම්
එන්න" සමින්ද තොල් වලින් එහෙම කියලා දොර වහගෙන යන්න ගියා.
"මීටින් එක පටන් ගන්න ලෑස්ති වෙන්න ඕන. මම
තියන්නම්" අයුමි එහෙම කිව්වා.
"හ්ම්ම්" රවීන් එහෙම කිව්වේ ටික වෙලාවක්ට
පස්සේ.
අයුමි ඇමතුම විසන්ධි කරලා ලොකු හුස්මක්
ගත්තා. මොකක්දෝඅ හේතුවකට හිතේ තිබ්බ බර ඒ කලින් තරම්ම ඈට දැනුනේ නෑ. මොනා වුණත්
වැඩ කරන්න ඕනනේ කියන හැඟීම ඇගේ හිතේ බලවත් වුණ හන්දයි, වැඩ කරද්දි හුඟක් දේවල් නොහිතා ඉන්න පුලුවන් හන්දයි ඈ දෑස් කෙවෙණි අග
තිබ්බ කඳුලු පිහගෙන ලැප්ටොප් එක අරන් කාමරෙන් එලියට ආවේ මීටින් එකට යන්න.
පලවෙනි මීටින් එක පැය එකහමාරක් විතර
ඇදිලා ඉවර වුණ ගමන්ම වගේ දෙවනි එකත් පටන් ගන්න වුණේ ඒ අනික් කට්ටියත් ඒ වෙද්දි
ඇවිත් උන්නු නිසා. මීටින් දෙකම ඉවර වෙද්දි අයුමිගේ හිත තිබ්බේ ටිකක් තැන්පත් වෙලා.
මොකද clientsලා හැමෝම බොහොම සුභවාදී විදියට කතා කරපු හන්දා.
"එහෙනම් ඔන්න ලබන සතියේ සතිට් විසිට් දෙකයි. අනේ
වැඳලා හරි කමක් නෑ බොසාව එක්ක යන්න කැමති කරගන්න හොඳේ" සමින්ද එහෙම කිව්වම
අයුමි හිනාවුණා.
"හැබැයි ඉතිං එන සතියෙත් පූර්ණි මැඩම් හරි, සැන්ඩ්‍රා හරි ආවොත් ඒ ගමනත් හබක් වෙනවා. ඒ හන්දා කලින්ම කියලා වෙලාව
බුක් කරලම තියාගන්න ඕන" සමින්ද ආයෙම
කිව්වා.
හිත සැලුනත්, අයුමි මුකුත් නොකියා හිනාවේගෙනම කාමරේට එන්න ආවේ සමින්ද පහලට යද්දි.
රවීන් ඔෆිස් එකට ආවේ අයුමිලා කෑම කාලා
ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ. අයුමිට ඇහුණා ඔහු සමින්ද එක්ක කතා කරන හඬ කෑම
කාමරේට එලියෙන්. ඈ ඒ පැත්තට දෑස් යොමාගෙන ඉද්දි ප්‍රියන්තිගේ ඇස් තිබුණේ ඈ ගාව.
"ඊයේ කවුද අනේ අර ආවේ ඔයාව එක්ක යන්න?" ප්‍රියන්ති හිටි ගමන් එහෙම ඇහුවම අයුමිගේ දැහැන බිඳුණා.
"ආ? ආ... ඒ මේ මගේ යාලුවෝ වගයක්"
"කාර් එකේ දොර ඇරියෙත් යාලුවෙක්ද?" ප්‍රියන්ති
ඇහුවේ මනමාල හිනාවක් පාලා.
"ඇයි එහෙම අහන්නේ?"
"නෑ... නිකං. දොර ඇරලා දෙද්දි මම හිතුවා විශේෂ
යාලුවෙක්ද කියලා"
"පිස්සු. එහෙම එකක් නෑ"
"ම්ම්...අපරාදෙ. ලස්සන කොල්ලා. හැබැයි ඉතිං
බොස්ට නම් එයාව එච්චර ඇල්ලුවේ නෑ මහිතේ" ප්‍රියන්ති එහෙම කිව්වම අයුමි ඈ දිහා
බැලුවා එක පාරටම.
"මොකක්?"
"ඔයා දැක්කේ නෑනෙ බොස්ගේ මූණ. හම්මෝ මූණේ අබ දැම්මත් පුපුරනවා එවෙලේ"
"අනේ ප්‍රියා විකාර නම් කියන්න එපා. මිස්ටර්
රවීන් දැනගත්තොත් අපි දෙන්නම ගෙදර යවයි" අයුමි කිව්වා.
"ගෙදර යවයි මාව. ඔයාව ගෙදර අරන් යයි" ප්‍රියන්ති
එහෙම කියලා හයියෙන්ම හිනාවුණා.
අයුමි හිස වනලා අහක බලාගත්තේ ඔයාට නම්
කියලා වැඩක් නෑ' කියන්නා වගේ.
"විහිලු නෙවෙයි අයුමි...මම දන්නෑ ඔයාට තේරෙනවද
කියලා. ඒත් මොකදෝ දෙයක් තියෙනවා එයාගේ හිතේ. ඒක මට පේන්වා. මොනා වුණත් පරෙස්සම්
වෙන්න. පස්සෙදි නැත්තම් දුක් වෙන්න වෙයි" අන්තිමේදි ප්‍රියන්ති කිව්වා ටික
වෙලාවකට පස්සේ.
අයුමි ඈ දිහා යන්තම් බලලා අහක බලාගත්තා
මිස, හා කිව්වෙවත්, බෑ කිව්වෙවත් නෑ. ඈ
ආපහු පඩිපෙල නැග්ගේ කල්පනාබරව. හැමදේම තිබ්බේ අගක් මුලක් හොයාගන්න බැරි තරමට
පැටලිලා වගේ ඈට දැනුනා.
අයුමි උඩට ගිහින් ටිකකින් සමින්දගෙන්
කෝල් එකක් ආවා රවීන්ගේ රූම් එකට එන්න කියලා. ඈ යද්දි එතන සමින්දත් උන්නු නිසා, ඈට වුණේ සාකච්ඡාව තිබ්බ මුලු වෙලේම අපහසුවකින් පෙලෙමින්, හැඟීමක්, දැනීමක් නැති කෙනෙක් වගේ හැසිරෙන්න.
“Well…
that is definitely some good piece of business. Thank you two”
උදේ තිබුණ මීටින් දෙක ගැන අහලා රවීන්
උන්නේ ටිකක් සතුටුදායක මූඩ් එකක.
"Thank
you" සමින්ද එක්කම, අයුමිත් කිව්වා.
"සමින්ද අද පොඩ්ඩක් හවස පොඩ්ඩක් follow up කරන්න අපේ වැඩ කෙරෙන තැන් එක්ක. ඕන නම් ගිහිනුත් බලන්න. අයුමිට
පුලුවන්නේ හවස මීටින් එකට මා එක්ක යන්න" රවීන් අන්තිමට කිව්වා.
අයුමි හිස වැනුවේ රවීන් දිහා නොබලා.
කතා බහ ඉවර කරලා ආපහු තමන්ගේ කාමරේට
ආපු අයුමි රවීන්ගේ අද හැසිරීම ගැන උන්නේ පුදුමෙකින්. 'කිසීම දෙයක් නොවුණ ගාණට කතා කරපු අපූරුව!'ඈ සුසුමක් හෙලුවේ උපේක්ෂාවෙන්. ඒත් තාමත් පැටලිලා තිබ්බ හිත ලිහිලා
තිබුණේ නෑ. හවස යන ගමන් ගැන දැන් දැන් හිත ටික ටික හිතන්න ගනිමින් තිබුණා.
'පෙම් කවක් ලියන්වා මම අයෙත්, මල් ගහක් ගහක් ගානේ...ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත
මාගේ...හමුවේවි සිත මාගේ...'
රවීන්ගේ වාහනේ ඔෆිස් එකෙන් එලියට
දාද්දි, අයුමි උන්නේ වීදුරුවෙන් එපිට බලාගෙන, radio එකේ ඒ වාදනය වුණ ගීතය අහගෙන හිත සන්සුන්කරගන්න උත්සාහ
කරමින්. රවීන් ඈ වාහනේ උන්නේ නෑ වගේ
ඉස්සරහ බලාගෙන වාහනේ පැදෙව්වා ගොඩ දුරක් යනකල්.
"ඔයා මේ තැනට කලින් ගිහින් තියෙනවද?"
යමින් උන්නු තැනත ලං වෙලා රවීන් ඇහුවේ
අතුරු පාරකට වාහනේ දාන්න පාර දෙපැත්ත බලන ගමන්.
"නැහැ. සමින්ද තමා දෙපාරක් ආවේ. address එකේ තියෙන්නේ second
lane කියලා" අයුමි කිව්වා.
ඒ ගමන රවීන් අතුරු පාරකට වාහනේ හරවලා, එහෙන් මෙහෙන් දාලා අන්තිමේදි තැන හොයාගත්තා. වැඩ ඔන්න මෙන්න ඉවර
කරමින් තිබුණ එතන හදමින් තිබුණේ High end cosmetic clinic එකක් පටන් ගන්න.
පැයක් විතර තැන බලමින්,
ගෙන්නාපු සංග්‍රහත් භුක්ති විඳිමින්
සාකාචා කරලා, 3D ඩිසයින් එක බලලා තව පොඩි පොඩි වෙනකමුත් සටහන්
කරගෙන ඉවර වෙද්දි වෙලාව හතරහමාරත් පහුවෙලා තිබුණා. අන්තිමේදි එතනින් එලියට බහිද්දි
අයුමිට දැනෙමින් තිබ්බේ මොකක්දෝ ලොකු විඩාබර බවක්.
අයුමිගෙන් මොනවත්ම නාහා වාහනේ පදවගෙන
ආපු රවීන් ඒක super market එකක් ලඟ නතර කරලා ඈට ටිකක් ඉන්න කියලා ඇතුලට ගිහින් ආවේ
බොන දේවල් වගේකුයි තව මොන මොනාදෝයි දාපු බෑග් කීපයක් උස්සගෙන. ඈ හිතුවා ඒ ගෙදරට
වෙන්න ඇති කියලා.
ඈව බෝඩිමට ගිහින් දානවද කියලා අහන්න
හිතුණත්, ආපහු මුකුත් නාහම ඉන්න ඈ තීරණය කලේ රවීන් උන්නේ
මොනවිදියේ මානසිකත්වයක
ද කියලා හිතාගන්න ඈට බැරිවුණ හන්දා.
"ඔයා මොකක් හරි බාරයක් වෙලාද? රවීන් රාජගිරිය පැත්තට වාහනේ හරවද්දි අන්තිමේදි කතා කරලා ඇහුවා.
"ම්ම්?"
"නෑ මං ඇහුවේ මොකක් හරි බාරයක් වෙලාද කියලා, මගේ මූණ දිහා බලන්නේ නෑ කියලා?"
අයුමි ඒ කතාවට මුකුත් කියන්න ගියේ නෑ.
මෙච්චර දේවල් කරලා ඔහු කොහොමද එහෙම දෙයක් තමන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ කියලා අයුමි
හිතුවේ නොමනාපෙන්. ඇගෙන් උත්තරයක් නැති පාර රවීන් සුසුමක් හෙලලා හිස වැනුවේ'තේරුමක් නෑ'
කියන්නා වගේ.
හදිසියේම අයුමිට කතා කරන්න සිද්ධ වුණේ
රාජගිරියෙන් පුරුදු පාරෙන් නොගිහින් වාහනේ ලොකු apartment complex
එකක් පැත්තට යන්න ගත්ත වග දැක්කමයි.
"අපි මේ කොහෙද යන්නේ?" ඈ රවීන්ගෙන් ඇහුවේ බය වෙලා වගේ.
"ප්‍රශ්ණ අහන්න එපා. කට වගගෙන මා එක්ක
එන්න" රවීන් වාහනේ apartment
complex එකේ ගේට්ටුවෙන් ඇතුලට දාන ගමන්
කිව්වා.
"මම බෝඩිමට යන්න ඕන. දැන් හවස් වෙලා ගොඩක්"
ඒ පාර රවීන් ඈ දිහා බැලුවේ ටිකක් තරහා
ගිහින් වගේ.
"මම ඔයාව ගිහින් ඇරලන්නම්. ඊට කලින් මට ඔයා එක්ක
කතා කරන්න ඕන" ඔහු එහෙම කියලා වාහන පාක් එකට වාහනේ හැරෙව්වා.
"මේ කොහෙද?"
"ගිහිල්ලා කියන්නම්"
රවීන් එහෙම කියලා වාහනේ නවත්තලා ඒකෙන්
බැස්සේ මිලදී ගත්තු බඩු ටිකත් අරගෙන. අයුමි වාහනෙන් නොබැහැ තරමක් කලුවර car park එකේ
වටපිට බලමින් උන්නා ටික වෙලාවක්.
"ප්ලීස් බහින්න" රවීන් කිව්වා.
අයුමි ඔහු දිහා බැලුවේ අසරණ වෙලා වගේ.
"ඔයාට මාව විශ්වාස නැද්ද? මට ඔයා එක්ක කතා කරන්නයි ඕන" රවීන් කිව්වා.
ඒ පාර අයුමි වාහනෙන් බැස්සේ වෙන කරන්න
දෙයක් නැති හන්දත්, රවීන්ට බෑ කියන බැරි කමක් ඈට දැනුනන් හන්දයිත්. රවීන් ඈ එක්ක ආවේ එතනම එහා පැත්තේ
තිබ්බ ලිෆ්ට් එකක් ලඟට. ඒකට ඇතුලු වෙලා ඔහු හයවෙනි තට්ටුව ලකුණු කරද්දි අයුමි ඒ
දිහා බලාගේ උන්නේ ගැහෙන හිතින්.
තෑන්ක්ස් නෙතූ ....අඩු ගානෙ තව කොටස් දෙක තුනක්වත් යනකල් ඔයා මෙහෙම අපි වෙනුවෙන් නිදිමරයි කියලා හිතා ඉන්නවා.
ReplyDeleteමේ දෙන්නා මේ විදියට තරහ වෙලා දුකෙන් ඉන්නවට නම් කැමති නෑ. ඉක්මනටම හොඳ දෙයක් වෙන්න ........
ReplyDeleteඑක අතකට රවීන් පවු...ඒ ආදරය අයුමිව අසරණ කරනවා අක්කේ...
ReplyDeleteI am waiting to see what raveen has to say. I'm sure he has reasonable answers ^_^
ReplyDelete