"අනේ දෙයියනේ මේ මොන නස්පැත්තියක්ද?
ඇයි ළමයෝ මෙහෙම දෙයක් කලේ? ඇයි ඔයා අපට මෙහෙම දෙයක් කලේ..."
අයුමිගේ අම්මගේ හඬ මීදුමක් මැදින් වගේ
පාවෙලා එද්දි අයුමි කලබල වුණේ පුදුමාකාර විදියට. ඈ හිටියේ මීදුමෙන් වැහුණ කන්දක්
උඩද?
"අම්මා..."
"මේවා බලන්නද මම ජීවත් වුණේ? මම ජීවත් වෙලා වැඩක් නෑ..."
අම්මා කඳු මුදුනට දුවද්දි අයුමි අම්මව
අල්ලන්න දිව්වා. ඒත් අම්මා ඈතට ඈතට ගිහින් කඳු මුදුනින් නොපෙනී ගියා එක පාරටම.
"අම්මා..."
අයුමි කෑ ගහගෙනම ඇඳෙන් නැගිට්ටේ දාඩිය
දාගෙන. වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න ඈට
තව විනාඩියක් විතරම ගියා. ඒත් තමන් උන්නේ බෝඩිමේ ඇඳ උඩ ඉඳගෙන නේද කියලා දැක්කම ඈට හෙලුණේ සැනසුම් සුසුමක්. ඈ එහෙමම ආයෙම
ඇඳට වැටුනේ දැකපු හීනේ හන්දා තාමත් අඩු නොවුණේ හදගැස්මත් එක්ක. උදේ
වෙනකල් නින්දත් නොනින්දත් අතර උන්නු අයුමි නැගිටපු ගමන් කලේ අම්මට කතා කරපු එක.
"මොකද මේ අද උදේ පාන්දර? මොකක් හරි අසනීපයක්වත්ද?" අම්මා ෆෝන් එක ගත්තු ගමන් ඇහුවේ එහෙම.
"නෑ අම්මේ එහෙම මොනවත් නෑ. මම ඊයේ අම්මව
හීනෙන් දැක්කා"
"මාව?"
"ඔව්. මට හිතුණා කරදරයක් වත්ද කියලා"
"හිතේ සාංකාවට පේන්න ඇත්තේ. ගෙදර කාටවත්
කරදරයක් නෑ. මාමාට නම් පහුගිය දවස්වල උණක් හැදුණා. ඒ ඇරෙන්න හැමෝම සනීපෙන්"
අම්මා කිව්වා.
"හ්ම්ම්. එහෙනම් කමක් නෑ"
"රෑට ඉතිපිසෝ ගාථාව කියලා නිදාගන්න.
එතකොට ඔය මනස්ගාත පේන්නේ නෑ" අයුමිගේ අම්මා එහෙමත් කිව්වා.
"හා අම්මේ"
"ම්ම්...ඔය වැඩට යන්න ලෑස්ති වෙනවද?"
"ඔව්. තනූ බාත් රූම් එකෙන් එලියට එනකල්
ඉන්නවා"
"හා හා. මමත් මේ උයන ගමන්. හවසට ආපහු
කෝල් එකක් දෙන්නම්"
අම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බම
අයුමිට සුසුමක් හෙලුණා. ඇත්තටම ඒ හීනේ පේන්න ඇත්තේ හිතේ සාංකාවට වග ඈටත් හිතුණා.
මොකද කටින් නොකිව්වට මේ දවස්වල දවසකට එක පාරක්වත් රවීන් ගැන අම්මලට කියන්නේ මොනාද,
කොහොමද කියලා අයුමි හිතන්න අරන් තිබ්බ නිසා.
ඔෆිස් එකේ රවීන්ගේ ඔෆිස් කාමරේ
අලුත්වැඩියා කරලා වෙනස් කරන වැඩ පටන් අරන් තිබ්බ හන්දා රවීන් ඒ දවස්වල වැඩ කලේ
කොන්ෆරන්ස් රූම් එකේ. නිතරම එහේ ගැවසෙන එක හරි නැති හන්දා, ඕනම දේකට ඇරෙන්න අයුමි රවීන්ව හම්බවෙන්න ගියෙ
නෑ. ඒ එක්කම අලුතෙන් ආපු project
දෙකකුයි, වැඩ කෙරීගෙන යන තව ප්‍රොජෙක්ට් හතරක් විතරයි තිබ්බ නිසා අයුමිට
ඇවිදින්න වත්, රවීන් එක දිගට එවන මැසේජස් හැම එකකටම උත්තර යවන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
ඔය අතරේ අනුකිගේ වෙඩින් එකට නියම කර
ගත්තු දිනත් ටිකෙන් ටික ලං වෙමින් තිබුණා. අනුකිගේ දෙවනි මනමාලි වුණේ අයුමි හන්දා
ඒකටත් කරන්න වැඩ ගොඩක් එකතු වෙමින් තිබුණා ඈට. වෙඩින් එකට රෙදි තෝරන්න, ආභරණ ගන්න,
මල් ගන්න, කාඩ් ප්‍රින්ට් කරන්න දෙන්න වගේ දහසකුත් එකක් දේවල් කරගන්න අනුකි
ඉඳහිට කොලඹ එද්දි ඈ එක්ක ඒ හැම දේටම තනියට යන්න වුණෙත් අයුමිටමයි.
"අද හවස ගෙදර යනවද?"
සිකුරාදා හවසක කොන්ෆෙරන්ස් රූම් එකේ
ඩිසයින් තීම් වගයක් ෆයිනලයිස් කරගන්න කතා කරමින් ඉන්න අතරේ රවීන් එහෙම ඇහුවේ
පුරුද්දට වගේ.
"නෑ..මේ සතියේ අක්කා එනවා වෙඩින් එකේ බඩු වගයක්
ගන්න කොලඹ. බඳින්න ඉන්න අයියත් කොලඹට එනවා. හෙට ඉතිං මුලු දවසම ඉවර වෙයි මේන් ස්ට්‍රීට්
එකේ ඇවිදින්නම" අයුමි උත්තර දුන්නා.
තේ කෝප්පයක් තොලගාමින් උන්නු රවීන් ඈ
දිහා බැලුවේ උනන්දුවෙන් ඒ පාර.
"ආ... ඒ කියන්නේ ළමයා මේ සති අන්තේ කොලඹද?"
"ම්ම්...කියන්න බෑ හිතුණොත් අක්කා එක්ක ගෙදර
ගිහින් සඳුදා උදේම එනවා" අයුමි කිව්වා.
"ම්ම්...උදේ එන එක අමාරු නැද්ද බස් එකේ?"
"අමාරුයි ටිකක්. ඒත් ඉරිදම එද්දි ඊට වඩා අමාරු
වෙයි නේ"
"හ්ම්ම්...හවස් වරුවේ මට පොඩි වැඩක් තියෙනවා
කලින් දාගත්තු. ඒත් ඕන නම් උදේට මට පුලුවන් දෙන්නව මේන් ස්ට්‍රීට් එකෙන්
බස්සන්න" රවීන් කියලා ඉවරවෙන්නත් කලින්ම අයුමි ඉස්සර වුණා.
"අනේ පිස්සුද? එපා එපා. අපි බස් එකේ
යන්නම්"
"මොකෝ, අක්කලට මාව අඳුන්වලා දෙන්න බයද?" රවීන් ඇහුවේ හිනාවක් පාලා.
"එහෙම දෙයක් හන්දා නෙවෙයි. බොස් මොකද මට ට්‍රාන්ස්පෝට්
දෙන්නේ කියලා පැහැදිලි කරන්න බෑනෙ මට අක්කට"
අයුමි කිව්වම රවීන්ට හිනාවක් ගියා.
"කියන්න බොස් ඔයාට හරි ආදරෙයි, ඒ හන්දා වෙන්න ඇති කියලා"
ඉන්පස්සේ ඔහු කිව්වම අයුමි හිනාවුණේ නෑ, සුසුමක් හෙලලා වැඩේට යුමු වුණා මිසක.
"හරි හරි ඒක දැන් අමතක කරන්නකෝ. ම්ම්...මම මේ
කල්පනා කලේ, සති අන්තේ ඔයා ගෙදර යන්නේ නැත්තම් ඉරිදට අපට
හම්බවෙන්න පුලුවන්ද කියලා. මම අපේ අපාට්මන්ට් එක එහෙම් පිටින්ම සුද්ද කරවලා,
බිඳුන පිංතූර අයින් කරලා, අලුත් පිංතූර ගහලා..." රවීන් එහෙම කියද්දි අයුමි ඇස් උස්සලා ඔහු
දිහා බැලුවේ 'හනේ හනේ' කියන්නා වගේ.
ඒ පාර රවීන් කතා කරන එක නවත්තලා අයුමි
දිහා බලාගෙන උන්නේ ආදරෙන්.
"ඔයා දන්නේ නෑ මම ඔයා ලඟින් ඉන්න කොච්චර ආසද
කියලා. ඒත් එහෙම වෙලාවල් අපට ඇත්තෙම නෑනෙ බබී"
රවීන් එහෙම කිව්වම අයුමිට ඔහු ගැන
පුංචි සංතාපයක් දැනුනා. ඈ ඔහු දිහා මුදු බැල්මක් හෙලලා හිනා වුණේ ඒකයි.
"ම්ම්...බඩු ගොඩක් අරන් යන්න තිබුණොත් අක්කටයි, ඒ අයියටයි විතරක් අරන් යන්න බෑනෙ. එහෙම වුණොත් මම ගිහින් ඉරිදට
එන්නම්"
අයුමි එහෙම කිව්වම රවීන්ගේ මූණේ ඇඳුණේ
ආදරේට වඩා සෙනෙහස පිරුණු හිනාවක්.
"එපා බබී. ඔයාට බස් එකේ එන්න බෑ ආයෙම අනික් අතට.
එතකොට මහන්සි වැඩියි...එහෙම නෙවෙයි,
මම එන්නද ඔයාව ගන්න අවිස්සාවේල්ලට?" රවීන් එහෙම ඇහුවේ ඇත්තටම ඈ ගැන තිබුණ දයාබරත්වය නිසා වග දැනගෙන
උන්නත්, ඒ උදවා නම් කොහොමවත් ගන්න අයුමිට හැකියාවක් තිබ්බේ
නෑ.
"බුදු අම්මේ එපා! ටවුන් එකේ එක්කෙනෙක් දැක්කත්
අපේ ගෙදරට ආරංචි වෙයි පැයක් යන්න කලින්. එපා රවීන්. මට බස් එකේ එන්න පුලුවන්. මම
එන්නම්"
රවීන් සුසුමක් හෙලලා කම්පියුට්‍රේට
එබුණේ නොසතුටින් කියලා අයුමි දැනගෙන උන්නා. ඒත් ඈ ආයෙම කතා කරන්න නොගියේ කතා කලා
කියලා ගෙදර සම්බන්ධයෙන් තියෙන තත්වේ ඊට වඩා හොඳ වෙන්න විදියක් දැන්ම නැති හන්ද.
ආයෙම කතාවත් ඇති වෙන්න කලින් සමින්දයි, ප්‍රියන්ත්යි ආපු හන්දා ඒ ගැන එතනින්
එහාත කතා කරන්න ඉඩක් අයුමිටවත් රවීන්ටවත් ලැබුණේ නෑ.
අනුකි සෙනසුරාදා උදේ දහය විතර වෙද්දි
කොලඹට එනවා කිව්ව හන්දා,
අයුමි නවයට විතර බෝඩිමෙන් එන්න ආවේ, බස් එක රවුම් දෙක තුනක් ගහලා පිටකොටුවට යද්දි කීය වෙයිද කියන්න බැරි
හන්දා. එදා බෝඩිමේ උන්නේ අයුමි විතරයි තනූජා කලින්දා හවස ගෙදර ගිහින් තිබ්බ නිසා.
උදේ යන්න්තම් පොඩි වැස්සක් වැතෙන්න පටන් අරන් තිබ්බ නිසා අයුමි කුඩෙත් ඉහලගෙන, හිත හිත ආවේ හොඳ වෙලාවට three quarter ඩෙනිම් එක ඇඳගෙන ආවේ කියලා.
"අයුමි..."
මග දුරක් එද්දි අයුමිට ඇහුණා
පිටිපස්සෙන් ඈව අමතන හඬක්. ඇගේ හිත යන්තම් සසල වුණේ ඒ හඬ යශෝධගේ වග ඈ අඳුනගත්තු නිසා. ඈ නැවතුනේ ඇහුණේ නෑ වගේ යන එක හරි නැති හන්දා.
"ආ...මේ ඔයානේ..." ඈ හිනාවෙලා කිව්වේ
පුරුදු විදියටමයි.
"ඔයා අද ගෙදර ගියේ නැද්ද?" එක නණයක් ඇදවුණ කලු කුඩේකුත් අරගෙන අයුමි අසලට එන ගමන් යශෝධ ඇහුවේ
ලස්සන හිනාවක් පාලා.
"නෑ අනේ. අද අපේ අක්කා එනවා පිටකොටුවට පොඩි වැඩකට.
ඉතිං මම මේ එයාව හම්බෙන්න යනවා" අයුමි කිව්වා.
"ආ...මමත් මේ පිටකොටුවට යන්නේ. මම අද තමා ගෙදර
යන්නේ" යශෝධ කිව්වා.
"ඉතිං ළමයෝ උදේම යන්න තිබ්බනේ. මේ කොහේටවත් නැති
වෙලේක යන්නේ නැතුව"
"උදේ යන්න තමා හිටියේ. ඒත් අලාම් එක වදින්න
විදියක් නෑ ෆෝන් එක ඕෆ් වෙලා. ඉතිං දන්නෙම නැතුව අට වෙනකල් නින්ද ගියා"
යශෝධ හිනාවෙවී කියද්දි අයුමිටත් හිනා
ගියා. කොහොමින් හරි හිනාවෙන් කතාවෙන් බස් නැවතුමට ආපු දෙන්නම පිටකොටුවට යන්න බස්
එකකට නැග්ගෙත් එකටම. නිවාඩු දා උදේ වෙලාව හන්දදෝ සෙනග වැඩිපුර උන්නේ නෑ බස් එකේ. ඒ
හන්දා අයුමි අසලින්ම ඉඳගන්න යශෝධට අවස්ථාව ලැබුණා. පොඩි අපහසුතාවයක් දැනුනත් අයුමි
ඉවසගෙන උන්නා. අත් කොට ලා දුබුරු පාට කමිසයක් ඇඳලා උන්නු යශෝධගේ අත, බස් එක එහාට මෙහාට පැද්දෙද්දි අයුමිගේ අතේ ඉඳහිට ස්පර්ෂවෙද්දි අයුමි ඔහුට නොදැනෙන්න ඔහුගේන් ඈතට
වෙලා ඉන්න දැරුවේ ලොකු උත්සාහයක්. ඒ අතරෙම ඔහුගෙන් නිමුණු මුදු විලවුන් සුවඳ පවා
ඈට දැනුනා.
"අක්කා අද කොලඹ එන්නේ මොකටද, දෙන්න එක්ක ලෙඩෙක් බලන්නවත් යනන්ද?" අයුමි විකාර හිත හිත ඉන්න වෙලේ යශෝධ
ඇහුවා.
"අනේ නෑ. අක්කගේ වෙඩින් එක එනවා මේ අවුරුද්දේ අග
වගේ. ඉතිං ඒකට බඩු ගන්න එන්නේ"
"ආ...ෂා. ඉතිං එහෙනම් දෙවනි මනමාලි ඔයා වෙන්න
ඇති නේ?" යශෝධ ඇහුවම අයුමි හිනාවුණා.
"ම්ම්...ඔව්" අයුමි මොකක්දෝ අහේතුක
ලැජ්ජාවකින් රතු වෙමින් එහෙම කියද්දි ඈට ඇස් කොනකින් පෙනුනා යශෝධ ඈ දිහා බලාගෙන
උන්නු වග.
"ඔයා ලස්සනට ඉඳීවි" ඔහු කිව්වේ දයාබර
හඬකින්, හෙමින්.
ඒ පාර අයුමි ඔහු දිහාට ඉක්මණ් බැල්මක්
හෙලලා අහකබලාගත්තා. ඈට ඒත් දැනුනා යශෝධ හීන් හුස්මක් හෙලනවා. දෙන්නම ඊට පස්සේ ටික
වෙලාවක් නිහඬව උන්නත්, දෙන්නගෙම හිත් පිරිලා තිබුණේ කැලඹෙන සිතිවිලි
වලින්.
"ම්ම්...මම දවසක් ඔයාගේ ඔයාට කතා කරන්න වෙලාවක්
ඉල්ලුව ඔයාට මතකද දන්නේ නෑ" යශෝධ ඊලඟට කතාව ඇරඹුවේ වෙනස්ම ස්වරයකින්. හරිම
සැලකිලිමත්, හරිම නිවුණ හඬකින්. අයුමිගේ හද ගැස්ම වැඩි වුණේ
ඉබේටම.
"මතකද?"යශෝධ ආයෙම ඇහුවා.
"මතකයි. ඒත්...මට වෙලාවක් තිබ්බේ නෑනෙ"
"වෙලාවකට වඩා ඕනකමක් නොතිබ්බද කියලා මට
හිතුණා" යශෝධ කිව්ව්ම ඈ ටිකක් ගැස්සුනා.වීදුවේ ඉරි තැලුණ එක කොනක ඇස් රඳවගෙන
අයුමි උත්සාහ කලේ සිත සන්සුන් කරගන්න.
"එහෙම එකක් නෑ"අයුමි ඉන්පස්සේ කිව්වා.
"අයුමි..." ඈ කිව්ව එක නෑහ්ණා වගේ යශෝධ ඈව
ඇමතුවේ මුදු හඬකින්.
ඈ යන්තම් ඇස් හාවලා බැලුවේ, හදවත එලියට පනින්න තරම් වේගෙකින් ගැහෙද්දි.
" මං
දන්නෑ, මට...මට ඔයාට මේක කියන්න වෙලාවක් තවත් හොයන්න
බෑ. මාව වරදවා හිතන්න එපා,
ම්ම්ම්...මගේ හිතේ ඔයා ගැන...අදහසක්
තියෙනවා..."
යශෝධ එහෙම කිව්වම ඈට දැනුනේ වැටෙන්න
ඔන්න මෙන්න තිබුණ වීදුරු බෝලයක්,
එක පාරටම වැටිලා සුනු විසුනු වෙලා ගියා
වගේ හැඟීමක්.
"ගොඩ කාලෙක ඉඳන්...සමහරවිට ඔයා දැක්ක මුල් දවසේ
ඉඳන් ඒක මගේ හිතේ තියෙන්න ඇති. මං-"
යශෝධ කියාගෙන යද්දි අයුමි මැදින් කතා
කලේ තවත් ඈට ඉවසගෙන ඉන්න බැරි වුණ නිසා.
"යශෝධ...ප්ලීස්...මං ගැන එහම හිතන්න එපා.
මට...වෙන එක්කෙනෙක් ඉන්නවා" එහෙම කියන එක හොඳද නැද්ද කියලාවත් නොහිතා අයුමි
කියලා දැම්මා.
දැන් දැන් පිටකොටුවට බස් එකත් ලං
වෙමිනුයි තිබුණේ. අයුමි දිහා තප්පර කීපයක් බලාගෙන උන්නු යශෝධ හිස නවාගෙන උකුල මත
තිබුණ බෑග් එක මත ඇස් රඳවගෙන සුසුමක් හෙලුවා.
"ම්ම්...අයෑම් සොරි. මට...මම ඔයාගෙන් කිසි දෙයක්
නාහම මෙහෙම දෙයක් කියන්න හිතුවට"
යශෝධගේ ස්වරය ඒ පාර තිබුණේ දුක්බර
වෙලා. අයුමිට දුක නොහිතුණා නෙවෙයි. ඒත් ඈ මොනා කරන්නද?
"ඒකට කමක් නෑ. අපි මේ කතාව වුණා කියන එක අමතක
කරමු" අයුමි කිව්වේ ඒකෙන් යශෝධගේ හිත හැදේවි කියලා.
ඒත් ඔහු හිස උස්සලා ඈ දිහා බැලුවම ඒ
ඇස්වල තිබුණ බැල්ම දැක්කම ඈට හිතුණා ඈ හිතුව දේ වැරදියි කියලා. ඒත් ඔහු ආයෙම
මුකුත් කිව්වේ නෑ. ඊටපස්සේ දෙන්නා අතරේ කතාවක් ඇති වුණේ නෑ. ඒත් ඒ නිහඬතාවයම
අයුමිට දැනුනේ මහ වදයක් විදියට. ඒ කතාව මොකට ඇදුනද කියලා හිත හිත, උදේ මුණගැහුණේ නැත්තම් දෙන්නටම හිතේ අමාරුවක් ඇති වෙන්නේ නෑ නේද
කියලා හිත හිත අයුමි එද්දි,
ඈ දැනගෙන උන්නා යශෝධ කල්පනා කරමින්
උන්නේ හිත රිදිලා කියලා.
දෙන්නම පිටකොටුවෙන් බහිද්දි වැස්ස
යන්තම් අඩු වෙලා තිබුණත්. අහස තිබුණේ තවත් වැස්සකට අර අඳිමින්, අලු පාටින් වැහිලා. අයුමි ඉස්සෙල්ලම බැහැලා යශෝධ බහිනකල් බලාගෙන
උන්නා. ඔහු බහිද්දි දෙන්නගෙම දෑස් එක මිලි තප්පරේකට පැටලෙන්න ඇති. ඒත් යශෝධ අයුමිට
කලින්ම බිම බලාගත්තා.
"මම මල්වත්ත පාර ලඟට යන්න ඕන. ඔයා ඉන්ටසිටිද
යන්නේ?" අයුමි අපහසුතාවය වසාගන උත්සාහ කරමින් එහෙම
ඇහුවේ වටපිට බලමින්.
"බලන්න ඕන. තියෙන එකක යනවා"යශෝධ කිව්වා.
"ම්ම්...මම ගිහින් එන්නද එහෙනම්?" අයුමි ඇහුවේ හෙමින්.
ඒ පාර යශෝධ අයුමි දිහා කෙලින්ම බැලුවේ
දෑස් වල ලොකු කතාවක් රඳවගෙන. අයුමි බිම බලාගත්තා.
"හ්ම්....පරෙස්සමින් යන්න එහෙනම්. මල්වත්ත පාර
දන්නවා නේද?" අන්තිමේදි ඔහු ඇහුවම අයුමි හිස වැනුවා.
"ම්ම්...එහෙනම් මාත් යන්නම් අයුමි" යශෝධ
කිව්වේ ඈව දාලා යන්න බෑ වගේ ස්වරයකින්.
"පරෙස්සමින් ගිහින් එන්න" අයුමිට එහෙම
කියවුණේ පුරුද්දට.
අයුමි දිහා ආයෙම පුංචි තිගැස්මකින් වගේ
බලපු යශෝධ බෑග් එක උරහිසේ රඳවගන්න ගමන්ම අනෙක් පැත්ත හැරිලා යන්න ගියේ ආයෙම
මොනවත්ම නොකියා. අයුමි ඔහු යන දිහා බලාගෙන ඉඳලා එතනින් එන්න ආවේ සුසුමක් හෙලමින්.
ඇගේ හිත තිබ්බේ නොසන්සුන් වෙලා. ඒ කැලබිච්ච සිතිවිලි අතරේ යශෝධ ගැන දුකක්
සේයාවකුත් පැටලිලා තිබුණා.
පස්සෙදි අක්කලා එක්ක බඩු ගනිමින් උන්නු අතරවාරේ යශෝධ අයුමිට sms එකක් එවලා තිබුණා. ඒක කියෙව්වම ඇගේ හිත ටිකක් නොසන්සුන් වුණා
විතරයි. තුන් හිතකවත් නැති කෙනෙක් ගැන ඈ හිතන්නේ කොහොමද?
“mata
oyawa amataka karanna lesi wena ekak na ayumi. Eat mama try karannam oyawa
matak nokara inna. Hita riduna nam, mage wacanekin hari oyaata waradak wuna nam
mata samawenna”
I really hope this story has a happy ending with Raveen and Ayumi ending up together. Are there many more chapters left?
ReplyDelete