Friday, June 8, 2012

පනස් පස්වන කොටස


"අනේ මොකක් හරි කරන්න ආර්යන් මෙතන බලා නොඉඳ"
"කොහොම ගියාද අර කකුලත් බැරිව?"
"බලෙන්ම යතුර උදුරගෙන ගියා නෝනා...මම පස්සෙන් දිව්වත් වැඩක් වුන්නෑ
"නෝනා...මහත්තයා දැන් තුන් පාරක් කතා කලා"
"රාණි මගේ ඔලුව අවුල් කරන්න එපා"
"මේ මනුස්සයා කොහේ ගියාද?"
"බල බල ඉඳලා බෑ..."
අභීලගේ සාලේ තිබුණේ එකම ඝෝෂාවක්. තවමත් තාත්තට වාරු වුණ ආන්යා උන්නේ හූල්ලමින්. තවත් අඬන්න බැරි තරම් දුර්වලව.
"මට ඇත්ත කියන්න පුතේ...ඔයයි ආර්යනුයි අතරේ මොනා හරි-" ඒ අස්සේ ආන්යගේ අම්මා ඈ අසලට ඇවිත් අහද්දි තාත්තට හොඳටම කේන්ති ගියා. ආන්යා උන්නේ කිසිම දේකට උත්තර දෙන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි.
"අනේ හැබෑටම ඔයාගේ මොලේ හොඳ නැද්ද රූපා? අපේ ළමයව අපිවත් විශ්වාස නොකරනවා නම් වෙන ක්වුරුත් විශ්වාස කරාවිද? ආන්යා කියනවා නම් තිබ්බේ නෑ කියලා, තිබ්බේ නෑ. මට මගේ දූව විශ්වාසයි"
තාත්තා එහෙම කිව්වේ ආන්යව සැටියේ ඉන්දවන ගමන්. "දැන් ඔය තේරුමක් නති ප්‍රශ්ණ නාහා මේ ළමයව බලාගන්න. මමත් යන්න ඕන අභීව හොයන්න"
තාත්තා සාලේ උන්නු සෙනග අතරට වැදුනේ අම්මත එහෙම කියාගෙන. ආන්යා පුටුවට හේත්තු වෙලා ඔහේ බලාගත්ත අත බලාගෙන උන්නා. අභී ගැන ඇගේ හිතේ තිබුණේ බයක්. ඒ වගේම අභී කරපු කියපු දේවල් වලින් ඇගේ හිත තිබුණේ නොසෑහෙන්න රිදිලා. ඒත් අභී ගැන නොහිතා ඉන්න ඈට පුලුවන් වුණේ නෑ. ඔහුව නිරුපද්‍රිතව දකින්න ලැබිලා හැමදේම ඉවර වුණත් කමක් නෑ කියලා ආන්යා හිතුවා.
"ආන්යා..." ඈ අසලට ඇවිත් ඈට කතා කලේ ආර්යන්. ඈත ඔහු දිහා බලන්නවත් හොඳ මානසිකත්වයක් තිබුණේ නෑ.
"අපි අභීව කොහොමහරි හොයාගන්නවා...ඔයා බය නොවී ඉන්න...පොඩ්ඩක් නිදාගන්න බලන්න පුලුවන් නම්"
එහෙම කිව්වාම ඈ යන්තම් ඇස් උස්සලා ආර්යන් දිහා බැලුවා. ඒ මූණේ තිබුනෙත් විඩාබර ගතියක්. ඔහු මොහොතක් ඈ දිහා බලාගෙන ඉඳලා ආයෙම මුකුත් නොකියා එතනින් යන්න ගියා.
ගෙදර උන්නු පිරිමි සේරම වගේ අභීව හොයන්න ගියාට පස්සේ සාලේ ඉතිරි වුණේ ආන්යා සහ ඇගේ අම්මාත්, අභීගේ අම්මත් තව සේවිකාවෝ කීප දෙනෙකුත් විතරයි. අභීගේ අම්මත් බැරිම තැන කකුල් ඇද ඇද ඇවිත් ආන්යා උන්නු සැටියෙම කොනක ඉඳගත්තා. ආන්යට ඈ දිහා බලන්න හයියක් තිබුනේ නෑ.
"මගේ ළමයි දෙන්නා, මේ වගේ දෙයක් නිසා මෙහෙම විරසක වේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ රූපා" ඈ හිටපු ගමන් අම්මට කිව්වා.
"මගේ ළමයා නිසා මෙහෙම දෙයක් වේවි කියලත් අපි කවදාවත් හිතුවේ නෑ මැඩම්.  මට මේ වුණ දේවල් ගැන හරිම කණගාඅටුයි. මොනවා කරන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ" එහෙම කිව්වේ ආන්යගේ අම්මා.
අභීගේ අම්මා දිග සුසුමක් හෙලුවා.
"සමහර වෙලාවට මට හිතෙනවා අපි මේ අයට ආදරේ කලා වැඩිදෝ කියලත්. ඒත් අනික් අතට බලද්දි අපි හදලා තියෙන්නේ අපේ හීන මේ දරුවන්ගෙන් ඉෂ්ඨ කරගනද කියලත් හිතෙනවා. ආර්යන් හිතන්නේ මොනවද, කොහොමද කියලාවත් නොදැන අපේ හිත ගත්තු කෙල්ලෙක්ව එයාට ජෝඩු කරන්න ගිය අපි නිසාද මේක වුණේ කියලත් මට වෙලාවකට හිතෙනවා රූපා. ඒ ළමයට අප්පා කවදාවත් නිදහසක් දුන්නේ නෑ, අභීට තරම්වත්...අන්තිමට වුණේ ළමයි දෙන්නටම දුක් විඳින්න" ඈ නහය සීරුවා.
ආන්යගේ හිතේ දුක තවත් බලවත් වුණා. අභී ගැන වගේම ආර්යන් ගැනත් ආන්යගේ හිතේ ඉපදුනේ දුකක්.
"මට බය මේ ළමයා කකුලත් බැරිව ගිහින් මොනා හරි කරගනීවි කියලා..." අභීගේ අම්මා එහෙම කියලා අඬන්න ගත්තා.
"එකපාරටම ගෙදර සතුට සේරම හොරු අරන් ගියා වගේ. දැන් අද අප්පා ආවාම මම මොනා කියන්නද අභී මොනා හරි කරගත්තොත්? මේ ළමයි මේ තරම් හිතුවක්කාර වෙන්නේ ඇයි රූපා. අපි මෙයාලා නිසා විඳවන තරම ගැන හිතන්න බැරි ඇයි?" ඈ ආයෙම කියන්න ගත්තා.
"අපි හිතන තරම් සමහර වෙලාවට ළමයි අපි ගැන හිතන්නෑ මැඩම්. ඒක තමයි ඇත්ත" ආන්යගේ අම්මා එහෙම කිව්වාම ආන්යගේ හිත තව ටිකක් රිදුනා.
එකපාරටම ඉද්ද ගැහුවා අවගේ ආන්යා පුටුවෙන් නැගිට්ටේ ඒකයි.
"ආන්යා...කොහෙද ඔය යන්නේ?" නැගිටලා උඩ තට්ටුවට යන්න පියනගපු  ආන්යා දිහා බලලා ඇගේ අම්මා ඇහුවා.
"නිදියන්න..." ඈ කිව්වේ එච්චරයි.
උඩ තට්ටුවට දුවලා ආපු ආන්යා කලේ අල්මාරියේ දාලා තිබුන අම්මගේ බෑග් එක අදලා ඒකෙන් අම්මගේ බෙහෙත් පෙති මල්ල එලියට ගත්තු එක. ඇගේ හිත හොඳටම පෑරිලා තිබුණ නිසාත්, මේ සිද්ධිය නිසා වුණ ලැජ්ජාව, දෙමාපියන් සේරගේම හිත රිදුන එක, අභීගේ දරුණු හැසිරීම...මේ සේරම ආන්යගේ හිතට එකතු කලේ කලකිරීමක්, මුලු ජීවිතේ ගැනම. ඈ අම්මගේ සේරම බෙහෙත් පෙති ටික ඇඳ මත එක ගොඩකට හැලුවා. ඊට පස්සේ මොහොතක් ඒ දිහා බලාගෙන උන්නා. ඈට මැවිලා පෙනුනේ අභීගේ හිනා මූණ...ඊට පස්සේ ඔහු තමන් දිහාවත් නොබලා යන්න ගිය හැටි. ඈ බෙහෙත් පෙති ගොඩ එක අහුරකට ගත්තේ වෙව්ලන ඇඟිලි වලින්.
"මට සමාවෙන්න අම්මා...තාත්තා..." ඈ හෙමින් එහෙම මිමිණුවා.
බෙහෙත් පෙති අහුර කට ලඟට ගද්දිම, ඈ දිහාට කවුදෝ පැනලා ඇගේ ඒ අත අල්ලගත්තා. ඒ ගෙදර සේවිකාවක් වුණ රාණි.
"අයියෝ ලොකු නෝනා....රූපා නෝනා..." රාණි මුලු වැරම යොදලා ආන්යව අල්ලගෙන ඉන්න ගමන්, මහා හයියෙන් කෑ ගැහුවා.
"රාණි මාව අතාරින්න...මාව අතාරින්න...මට මේ ජීවිතෙන් වැඩක් නෑ. මට මැරෙන්න දෙන්න" ආන්යා දඟලමින් කෑඅ ගැහුවා. ඒත් රාණි ඈව අල්ලගෙන උන්නේ දඬු අඬුවක් වගේ හයියෙන්.
ඒ වෙද්දි අම්මයි, අභීගේ අම්මයි එතනට දුවලා ඇවිත් තිබුණා.
"මගේ දෙයියනේ ආන්යා...මොනාද රත්තරනේ මේ කරගන්න හැදුවේ?" ආන්යගේ අම්මා ඈ දිහාට ආවේ අඬාගෙන.
ආන්යා තවත් උන්නේ දඟලමින්. "මට මැරෙන්න දෙන්න අම්මා...මම ජීවත් වුණ කාලෙට කරපු හානි ඕනවටත් වඩා වැඩියි"
"මොන පිස්සුවක්ද ළමයෝ මේ නටන්න හදන්නේ? එහෙන් අර ළමය මැරෙන්න ගිහින්. මෙහෙන් ඔයා. ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි හපන්කම, ජීවත් වෙන එක. ප්‍රශ්ණ වලට මූණදෙන එක. මැරෙනවා නම් ඉස්සෙල්ලම මැරෙන්න ඕන අපි...මෝඩ වැඩ කරන්න හදන්න එපා ආන්යා. ටිකක් ඉවසගෙන ඉන්න බලන්න" අභීගේ අම්ම කිව්වේ එහෙම.
රාණි ආන්යගේ මිටමොලවගත්තු අත දිගෑරලා පෙති සේරම ඈ අතට ගත්තා.
"ඇයි මට මැරෙන්න්වත් දෙන්නැත්තේ?" ආන්යා අඬන්න පටන් ගත්තා ආයෙම.
"මොනවද ළමයෝ ඔයා මේ කියන්නේ?" අම්මා ඇහුවා.
"මම නිසා නෙවෙයිද මේ සේරම? මම නිසයි අභීටත් අද මෙහෙම වුණේ"
"ඒක ඔයාගේ විතරක් වරද නෙවෙයි ආන්යා...මේකට අපි හැමෝගෙම සම්බන්ධයක් කොහෙන් කොහෙන් හරි තියෙනවා. මැරෙන්න ලේසියි, ජීවත් වෙන්නයි අමාරු...ඒක තේරුම් ගන්න. අභී ඔය ගියාට තරහා නිවුණාම ආපහු ඒවි. එයා ඔයාට ආදරේ නම් එහෙම ලේසියෙන් යන්න බෑ නේද? ඉතින් එයා මෙතනට එද්දි ඔයා ඉන්න ඕන නැද්ද? හදිසි වෙලා මෝඩ වැඩ කරන්න එපා...අපි බලමු මොකද වෙන්නේ කියලා..." අභීගේ අම්මා එහෙම කියලා ආන්යා අසලට ඇවිත් ඈව ඇඳේ ඉන්දෙව්වා. ආන්යා උන්නේ අඬමින්මයි.
"රාණි මේ බේබි ගාව ඉන්න ඕන. මෙතනින් හෙලවෙන්න එපා තේරුණාද? ආන්යා...දැන් නිදාගන්න බලන්න"  එහෙම කියපු අභීගේ අම්මා කාමරෙන් යන්න නැගිට්ටා. ආන්යගේ අම්මා ආන්යා ලඟට ආවා.
"මම ඉන්නම් මැඩම්, රාණි ඕන නෑ" ඈ කිව්වා ඊට පස්සේ.
ආන්යා ඇඳ උඩ වාඩි වෙලා අඬ අඬ ඉද්දි ඈ අසලින්ම වාඩි වුණ අම්මා,ආන්යව එක අතකින් තුරුලු කරගත්තා.
"පුතේ...හිතට වහල් වෙලා මේ වගේ තීරණ ගන්න එපා. හදිසියේවත් මැඩම් රාණිව ඔයා පස්සේ නෝව්වා නම් මෙතන මොනවයින් මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ. ආන්යා ඔයාව අපි දහ දුක් විඳලා හැදුවේ මේ වගේ දේකට ඔලුව නරක් කරගෙන මැරෙන්න නෙවෙයි. ඔයා පොඩ්ඩක් වත් අපි දෙන්නා ගැන හිතනවා නම් ඔහොම කරන්නෑ පුතේ. ඔයාට මොනා හරි වුණා නම් මේ අම්මටයි තාත්තටයි මොනවා වෙයිද කියලා ඔයා මොහොතක් වත් හිතුවද? මම දන්නවා ඔයා හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා. ඒත් පුතේ එහෙමයි කියලා තරහින්, ආවේගෙන් තීරණ ගන්න එපා. ඔයා මොනා කලත් අපි ඔයාට ඉන්නවා...ඒක වෙනස් වෙනෑ" අම්මා අන්තිම ටික කියද්දි ඇගේ ඇස් වලින් කඳුලු වැටුණා.
ආන්යා අම්මට තුරුලු වුණේ අඬාගෙනම.
"මට තේරෙන්නෑ අම්මා...මට මේ හැමදේම එපාවෙලා. මම නොකරපු දේකට මේ තරම් මට විඳවන්න වුණේ ඇයි අම්මා? මම අභීට වරදක් කලේ නෑ...එයා ඇයි මට මෙහෙම කරන්නේ?" ආන්යා කලේ ආයෙම අඬන එක.
"හැමදේම හරියයි පුතේ. ටිකක් පැත්තකට වෙලා හිතුවාම අභීට වුණත් මේ දේවල් වල ඇත්ත නැත්ත තේරෙයි. එතකොට එයා ආපහු එයි...මගේ හොඳ පුතා වගේ දැන් නිදාගන්න බලන්න"
අම්මා කිව්වේ ආන්යගේ හිස අතගාන ගමන්.
ආන්යා හූල්ලමින්ම අම්මට වාරු වෙලා හිටියා. අම්මා කොහේටවත් නොයන්නේ තමන් ආයෙම මොනා හරි මෝඩ වැඩක් කරයි කියන බය නිසා වෙන්නැති කියලා ආන්යා දැනගෙන උන්නා. ඈට ම්මයි, තාත්තයි ගැනත් ඇති වුණේ ලොකු දුකක්. ඒත් දැන් මේ මොහොතේ ඈ කරන්න ඕන මොනවද කියලා ඈ දැනගෙන උන්නේ නෑ. අන්තිමේදි පැය ගාණකට පස්සේ අම්මට වාරු වෙලාම ආන්යට නින්ද ගිහින් තිබුණා.
ආන්යා පහුවදා උදේ ඇහැරුණේ ගැස්සිලා වගේ. එක පාරටම ඈ මේ ඉන්නේ කොහොඅද මොකද වුණේ කියන එක ඇගේ මතකෙට ආවේ නෑ. ඒත් වටපිට බලද්දි හෙමි හෙමින් ඈට වුණ දේවල් සේරම මතක් වෙන්න ගත්තා. ආන්යගේ ඇස් ආයෙම කඳුලු පිරුවේ ඇසිල්ලකින්. අභී ඊයේ රෑ ආවද කියලා දැනගන්න ඈට බලවත් උවමනාවක් දැනුනා. ඇඳේ පැත්තකට හැරිලා උන්නු ඇය අනෙක් පැත්ත හැරුණේ ඒ ගැන අහන්න අම්මා ඉන්නවද බලන්න. ඒත් ඇඳේ කොනක ඈට පීටුපාලා වාඩි වෙලා උන්නේ අම්මා නෙවෙයි. ආන්යා දනි පනි ගාලා ඇඳේ තිබුණ පොරෝනයත් ඔතාගෙන ඇඳේ වාඩි වුණේ හද ගැස්ම වැඩි වෙද්දි. ඒ සද්දෙට ඈ දිහා හැරිලා බැලුවේ අභී. 'අභී කරදරයක් නැතිව ගෙදර ඇවිත්' ආන්යට සැනසුම් සුසුමක් හෙලුනා.
 

8 comments:

  1. අද පෝස්ට් එකක් ‍‍ගොඩක් කලබලෙන් ලියාපු එකක් වගේ තේරුණේ. අක්කා වෙලාව ඇරන් ලියන්නකෝ. ලස්සනම ලස්සන අවසානයක් අපට ඕන.

    ReplyDelete
  2. No No I have already decided everything...In 2-3 days you all will see wt happens to this trio..at last

    ReplyDelete
  3. අද පෝස්ට් එක කෙටියි නේද?
    looking forward to read next post.. :) a lengthy one. ;)

    ReplyDelete
  4. Man oyage blogg ekta awith okkoma katha baluwa. Harima lassanai. Apoorwa hitiya kathawa 100% mage kathawa kiyala hithuna.
    Mey kathawe Aaryanta man asai. Mage mahaththayath eya wage.
    Ikmanata katha danna nanga.
    Oyata jaya pathami.
    Kumari akka

    ReplyDelete
    Replies
    1. Thanks a lot Kumari akka oyage comments walata...Atta jiwitet mehema pudgalayo innawa kiyala hiteddi hari pudumayi. eat hari satutuyi...ea wagea aadarayak loke tiyenwa neda kiyala hitaddi...
      itin idiriyatat pot gulata eawi kiyala hitanwaa...

      Delete
    2. Man hamdama enawa nanga. Dawasata 20i 30s parak awith. Balanawa oya kathawa dalada kiyala. Aththa nanga hari apooru minissu apita muna gahenawa. Kathawe hatiyata Aaryan ge hithey Aanya gana thiyena adarey mahamerak tharam. Eth e de kinawata wada hitha athule thiyagena innawa. Eth hama welema asmaanen inna oney kiyala hithanawa. Mage mahathtthyath e wage.
      Kathawe summery eka man eyata kiyanawa. Eya hinawenawa.
      Thanks a lot having me and reply my comment. I will see you soon. 'till then love you.
      Kumari akka.

      Delete
  5. Comment karapu hamotama godak godak stutiyi!

    ReplyDelete