Monday, July 13, 2015

විහංඟනාවී- විසිහත්වන කොටස



"මදෑ...අද දවසේ හිතපුවා එකක් වත් කරගන්න වුණේ නෑ නේද? ඔයාටත් මං හන්දා වැඩ පාඩු වුණා.?" රවීන් ඇහුවේ ආපහු ඒ එන අතරේ.
"වැඩ නම් කොහොමහරි ඉවර කරන්න පුලුවන් නේ" අයුමි කිව්වා.
"ශාරා එක්ක අර විදියට ලං වුණාට තෑන්ක්ස් අයුමි. කෙල්ල පව්. ගෙදර එයාට හරියන කෙනෙක් නෑනේ" රවීන් කිව්වේ දුකෙන් වගේ.
අයුමි හිතුවා අහන්න තිබ්බ ලොකුම ප්‍රශ්ණේ අහන්න හොඳම වෙලාව  මේක කියලා.
"ඇහුවට වදරවා හිතන්න එපා, ශාරගේ අම්මා ඉන්නේ ලංකාවෙද?"
"ම්හු. නෑ. එයා ඉන්නේ Malaysia වල. ඒත් හදිසියෙන් බලලා යන්න හෙම එනවා"  රවීන් කිව්වේ කරවිල කන්න වුණ වගේ මොකක්දී අප්‍රසන්නභාවයකින් පෙලෙමින් වගේ කියලා අයුමිට තේරුණා.
"හ්ම්ම්...මට හිතෙන්නේ ශාරට අම්මා නැති පාලුව දැනෙනවද කොහෙද" අයුමි කිව්වේ හෙමින්.
රවීන් ඒ පාර ලොකු හුස්මක් හෙලුවා.
"එයාට ඒකට හුරු වෙන්න වෙනවා අයුමි. කෙනෙක්ව මට ගෙදරක බලෙන් තියාගන්න බෑනෙ. අපි හැමෝම එපා කියලා එයා යන්න ගියාට පස්සේ මම වෙන මොනා කරන්නද?" රවීන් කිව්වේ වියලි හඬකින්.
"I am sorry...අතීතේ මතක් කරලා හිත රිද්දන්න ඕන වුණා නෙවෙයි මට" අයුමි කිව්වේ ඔහුගේ හිත රිද්දන්න ඈට නොහැකි නිසා.
"ඒකට කමක් නෑ..." එහෙම කියලා ඔහු මොහොතක් නිහඬවම වාහනේ පදවගෙන ආවා ටික දුරක්.
"ශාරගේ අම්මා යන්න ගියේ එයාට යන්න ඕනවුණ නිසා. මම උත්සාහ කලා ළමයි දෙන්නා නිසාවත් මේක අටවගෙන ඉන්න. ඒත්...ඒක හරිගියේ නෑ. ඒ යනකොට ශාරට අවුරුදු තුනයි. පුතා ශාරා විතර ඇති..." එහෙම කියලා රවීන් සුසුමක් හෙලුවා.
"පරණ තුවාල ආයේම පාරගන්න එපා " අයුමි කිව්වේ රවීන් දුක් වෙනවට ඈ අකමැති හන්දා.
"තුවාල වේලිලා ඉවරයි අයුමි. මම පූර්ණිට මහ ගොඩක් ආදරේ කල බව ඇත්ත. ඒත්...එයා ඒ ආදරේ ආයුධයක් කරගත්තා එයාට ඕන ඕන දේවල් කරන්න. ඒත් මම ඉවසුවා. අන්තිමේදි ඉවසන්න බැරි වුණේ එයාට. එයා එක පාරක් රට ගිහින් එද්දි හම්බවුණ foreigner කෙනෙක් එක්කයි යන්න ගියේ. එයා ගියාට මගේ තරහක් නෑ අයුමි. මාව එපා වුණ එකට මම එයාට දොස් කියන්නේ නෑ. ඒත්...එයා යන්න ගියේ, අර කිරිසප්පයෝ දෙන්නම දාලා. එයා කැමති වුණේ නෑ ඒ දෙන්නව බාරගන්නවත් දික්කසාදෙන් පස්සේ. මට දෙන්න ඕන වුණා නෙවෙයි මගේ දරුවන්ව.ඒත් අයුමි ඒ ළමයින්ගේ අම්මා...අම්මා කෙනෙක් කොහොමද අයුමි එහෙම කරන්නේ?"
රවීන්ගේ කතාව ඇහුවම අයුමි තුල දුකකුත්, පුදුමෙකුත්, පූර්ණි ගැන පුංචි අප්‍රසන්නභාවයකුත් ඉපදුනා.
"දෙයියනේ...ඒක විශ්වාස කරන්නත් බෑ මට..." ඈට කියවුණා.
"කවුද විශ්වාස කරන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ව එපා කියලා දාලා වෙන මිනිහෙක් එක්ක යයි කියලා?" රවීන් කිව්වේ පිලිකුලෙන් වගේ.
අයුමි මුකුත් කිව්වේ නෑ. ඒත් ඇගේ හදවතේ අර පුංචි ළමයි දෙන්නා ගැන දැනුන අනුකම්පාව වැඩි වුණා. රවීන් ගැන තිබ්බ සෙනෙහස තවත් වැඩිවෙලා ඈට දැනුනා.
"අපි ඔය කතාව අමතක කරමු...අතීතයෙන් ඇති වැඩක් නෑ අපට ඒක වෙනස් කරන්න බැරි හන්දා. දුක් වෙන්න දෙයක් නෑනෙ. ළමයි දෙන්නා බලාගෙන ගොඩක් හොඳින් ඉන්න පුලුවන් වෙලා තියෙනවනේ" අයුමි කිව්වා.
"ඔව්..ඒක ඇත්ත වෙන්න ඇති. මට මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. ගෙනැත් දෙන්න බැරි දෙයක් නෑ, පූර්ණි ඇරෙන්න. ශමිත් නම් දැන් ඒක තේරුම් අරන් ඉන්නේ. ඒත් ශාරා තාම පුංචියි නේ. එයාට අම්මා මතක් වෙනවා සමහර වෙලාවට" රවීන් කිව්වේ උපේක්ෂාවෙන් වගේ.
"මට තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා" අයුමි කිව්වේ සුසුමක් හෙලලා.
"ඔයාට තියා, තාම මට තේරෙන්නෙත් නෑ අයුමි රවීන් එහෙම කියලා දිග සුසුමක් හෙලුවා.
ඒ මොනා වුණත් මේ දේවල් ඔයාට කියන්න පුලුවන් වුණ එක ලොකු දෙයක්. කවදක හරි ඔයාට මේ සේරම කියන්න ඕනකම මට තිබ්බා. හිතපු නැති විදියට අද ඒ සේරම එලියට ආවා. ඒක එහෙම වුණ එක හොඳයි. හිතට නිදහසක් දැනෙනවා දැන්." රවීන් කිව්වා.
"හ්ම්ම්... මොනා වුණත් අපේ ජීවිත වල personal දේවල් ළමයින්ගේ ජීවිත වලට බලපාන්න ඉඩ තියන්න හොඳ නෑ. වැඩියක්ම ඒ දෙන්නා එක පාරක් අම්මා හන්දා හිත රිද්දගෙන ඉද්දි" අයුමි කිව්වේ ටිකක් රලු විදිහට.
"ඔයා මොනා ගැනද මේ කියන්නේ?" ඒ පාර රවීන් ඇහුවා.
අයුමිගේ හිත ටිකක් විතර ගැස්සුනත් ඈ හිතුවා කියන්න තියෙන දේ කියන්න ඕන කියලා.
"මම කියන්නේ...ඒ ලමයින්ගේ ජීවිත වලට සම්බන්ධ වෙන පිටස්තර මිනිස්සුන්ගෙන් ඒ අයගේ හිත් වලට වෙන්න පුලුවන් බලපෑම ගැන" අයුමි කිව්වේ හඬ ස්ථාවරව තියාගන්න උත්සාහ කරමින්.
ඒ පාර රවීන් ටිකක් නිහඬ වුණා. අයුමිට දැනුනා ඔහුට කේන්ති ගිය වග.
"ඔයා කියන්නේ මම සැන්ඩ්‍රා, රීටා එහෙම ගෙදර එක්ක ගිය එක ගැන නේ?" ඊට පස්සේ රවීන් ඇහුවා.
"මිස්ටර් රවීන් ගෙදර එක්ක යන්න එන අය ගැන අහන්න මට අයිතියක් නෑ. ඒකට එපා කියන්නවත්, හා කියන්නවත් මට අයිතියක් නෑ. ඒත්...ළමයි දෙන්න ඒක මොන විදියට දකීද කියන එක ගැන මිස්ටර් රවීන්ට මීට වැඩිය හිතනවා නම් හොඳයි කියලා මට හිතුණා" අයුමි කිව්වේ නවත්ත නවත්ත වගේ.
රවීන් අහගෙන උන්නේ ඈ දිහාවත් නොබලම. අයුමිත් ඒ පාර නිශ්ෂබ්දවම උන්නා.
"මට ඔයා කියන එක තේරෙනවා. ඒත් ඔය කියන කිසි කෙනෙක් එක පාරකට වඩා මම ගෙදර එක්ක ගිහින් නෑ, රීට ඇරෙන්න. එයා අපේ family friend කෙනෙක්. ඉතිං එයා සමහර වෙලාවට එද්දි මට එපා කියන්න බෑ"
රවීන් එහෙම කියද්දි අයුමිගේ හිත ටිකක් විතර රිදුණා. රවීන් ඇගේ විතරක් වෙන්න ඕන කියන ආත්මාර්ථකාමී සිතිවිල්ලක් එක පාරටම හිතට නැගුනා වුණත් ඈ ඒ සිතිවිල්ල වහාම යටපත් කරගත්තේ, තමන්ට එහෙම අයිතියක් රවීන් ගැන ලබන්න බෑ නේද කියලා හිතලා.
'එන එක නෙවෙයි, එන්නේ ඇයි කියන එකයි ප්‍රශ්ණේ' කියලා ඈ හිතුවත්, ඒක වචනෙට නගන්න තරම් ඈ එඩිතර වුණේ නෑ. ආයෙම මුකුත්ම නොකියා ඈ මුනිවත රෑක්කා. රවීන් ඔෆිස් එකට ලං වෙනකල්ම වගේ උන්නේ නිහඬව. අයුමිට දුකත් හිතුණා, පුංචි බයකුත් දැනුනා ඔහු අමනාප වෙලාවත් දෝ කියලා.
"ඉතිං ඔය කතා නොකර ඉන්නේ මම කියපු දේට තරහින්ද?" බැරිම තැන අයුමි ඇහුවා.
රවීන් ඈ දිහා යන්තම් බලලා ආයෙම ඉස්සරහට හැරුණා.
"නෑ...ඒත් මං කල්පනා කර කර ආවේ ඔයා කියපු දේ ගැන තමයි"
"මට මිස්ටර් රවීන්ගේ පෞද්ගලික දේවල් වලට ඇඟිලි ගහන්න ඕන නෑ. මම වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න මට" අයුමි කිව්වේ දුකින්.
ඒ පාර රවීන් ඈ දිහා බලලා සුසුමක් හෙලුවා.
"Ayumi…I really don’t want to talk about this now. මාව තේරුම්ගන්න. I am not proud of my past deeds. No…I am not. But then, they were difficult times”
"ඔයාට විතරද?" අයුමි ඇහුවා. රවීන් ඈ දිහා බැලුවේ පරාජිත බැල්මකින්.
"Ok. OK. I admit I was a jerk… I was selfish. I was bad….But I had my reasons too. They won’t happen again" රවීන් කියාගෙන ගියා.
අයුමි බිම බලාගෙන අහගෙන උන්නා. දැනගෙන උන්නේ නෑ ඔහුව විශ්වාස කරන්නද, නැද්ද කියලා. හන්දා කලේ නිහඬව ඉවසුව එක.
"ඔයාට මාව විශ්වාස නැද්ද?" රවීන් ඇහුවේ ඇගේ හිත තේරුම් අරගෙන වගේ.
"එහෙම නෙවෙයි"
"එහෙනං, කොහොමද?"
"මම දන්නේ නෑ..." අයුමි කිව්වේ ඇගේ සිතිවිලි පටලැවිලා තිබ්බ නිසා.
"ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ" රවීන් ඇහුවේ පුදුමෙනුත්, නොරිස්සුමෙනුත් වගේ.
"එහෙම නෙවෙයි..."
"නෑ...කමක් නෑ" රවීන් වාහනේ ඔෆිස් එකට හැරෙව්වේ තරහින් වගේ.
"අහන්නකෝ ඉතිං..." අයුමි බැගෑපත් වුණා.
රවීන් මුකුත්ම නොකියා වාහනේ ඔෆිස් එකේ මිදුලට දාලා වාහනෙන් බැස්සේ අයුමිට කලියෙන්. බැහැලා ඔහු අයුමි බහිනකල් ඉඳලා වාහනේ ලොක් කරගෙන ඇතුලට යන්න ගියේ ආයෙම ඈ දිහා නොබලා. අයුමිගේ හිත ඒකෙන් හොඳටම රිදුනා.
"වැඩේ මොකෝ වුණේ?" රවීන් පස්සෙන්ම යන්න හැදුවත් ප්‍රියන්තියි, ඔෆිස් එකට ඇවිත් උන්නු සමින්දයි ඈව නවත්තගත්ත විස්තර අහන්න.
"මීටින් එක කැන්සල් වුණා, මිස්ටර් රවීන්ට හදිසියේ ගෙදර යන්න වෙලා" අයුමිට බොරුවක් ගොතා ගන්නවත් මතක් නූන තරමයි.
"ඇයි?"
"දන්නෑ..."
ඈ කිව්වත් ප්‍රියන්ති නම් ඒක විශ්වස කල වගක් පෙනුනේ නෑ.
"මම එන්නම් එහෙනම්, පොඩි වැඩක් තියෙනවා ඉවර කරන්න ගෙදර යන්න කලින්" අයුමි එහෙම කියාගෙන පඩිපෙල නැග්ගේ සමින්දත් පුදුම වෙලා වගේ ඈ දිහා බලාගෙන උන්නු වග නොදැක.
උඩට ගිහින් අයුමි තමන්ගේ කාමරේටවත් නොයාම කෙලින්ම ගියේ රවීන්ගේ කාමරේට. දොරට තට්ටු කලත් ඔහුගෙන් උත්තරයක් ආවේ නෑ. ඒ පාර ඈ කලේ හෙමින් දොර ඇරගෙන ඇතුලට ගිය එක. රවීන් එවෙලෙත් උන්නේ ජනේලේ ලඟ. ඔහුගේ අතේ දැන් තිබ්බෙත් සිගරට් එකක්. ඈ රවීන් දිහා බලාගෙන උන්නේ තමන් ආපු වග දැන දැනත් ඔහු නොබලන්නේ ඇයි කියලා හිතාගන්න බැරිව.
"මිස්ටර් රවීන්..." අයුමි බැරිම තැන කතා කලා.
ඒ පාර රවීන් හැරිලා බලලා ආයෙම වගේ වගක් නැතුවා වගේ සිගරට් එක බොන්න ගත්තා. අයුමි ඒ දිහා බලාගෙන උන්නේ හිත වේදනාවට පත් වෙද්දි.
"මං කියපු දේ වරදවා තේරුම්ගන්න එපා" අයුමි කිව්වේ ආයාචනාත්මකව..
ඒ පාර බීලා ඉවරවුණ සිගරට් කොටෙත් අරන් ආපු රවීන් ඒක ඈෂ්ට්‍රේ එක පොඩි කරලා තමන්ගේ පුටුවට බර වුණා. අයුමි යන්තම් නහය හකුලලා බිම බලාගත්තේ සිගරට් ගඳ හන්දා.
"excuse me..." ඒ වග තේරිලාදෝ, රවීන් ඈට කතා කරන්න කලින් මේසේ මත තිබ්බ වතුර වීදුරුව අරන් පානය කලා.
අයුමි ඒ දිහා බලාගෙන උන්නෙත් හිත රිදුම් දෙද්දි. ඈ දිහා බලපු රවීන් එක පාරටම නැවතුනා වගේ වුණේ අයුමිගේ ඒ හැඟීම් පිරුණ දෑස් දැකල වෙන්න ඇති. ඒත් ඊලඟ මොහොතේ ඔහු ආයෙම ඉවත බලාගත්තා. ඊට පස්සෙත් රවීන් කතා කරන්න කල් ගත්තා.
“I cannot make you believe me by force…ඒක තනිකරම ඔයාගේ වැඩක්" රවීන් කිව්වා.
"මම කිව්වේ ඒක නෙවෙයි. මම කියන්නේ මට තව ඔයාව තේරුම්ගන්න කල් ඕන කියන එකයි"
"තේරුම්ගන්න බැරි තරම් මම සංකීර්ණද අයුමි?"
"එහෙම නෙවෙයි දෙයියනේ...මේ සේරම සිද්ධ වෙලා තාම සතියක් දෙකක් වත් ගිහින් නෑ. මම ඔයාව අඳුනගන්නේ දැන් දැන්...ඒකයි මම කිව්වේ"
“But…but we are not complete strangers”
රවීන් කිව්වේ අයුමිගේ මූණට එබිලා. ඈ ඒ පාර නිහඬ වුණේ ඔහුට තේරුම් කරන්න ඈට නොතේරුණ හන්දා.
"Anyway…basis for a relationship is trust…or else it is pointless" එහෙම කියාගෙන රවීන් ආයෙම නැගිට්ටා පුටුවෙන්. මේසේ අයිනක තිබ්බ සිගරට් පැකට් එක අතට අරන් ඔහු ආයෙම ජනේලේ අසලට ගියා.
"you can go" ඔහු කිව්වේ දිහා නොබලා.
අයුමිගේ හිත හොඳටම රිදුණා. එහෙමම ඉඳගෙන ටිකක් වෙලා බලාගෙන උන්නේ ගල් වෙලා වගේ. රවීන් සිගරට්ටුව දල්වගෙන අහක බලාගෙන උන්නා. අයුමි අතේ තිබ්බ සඟරාව දිහා බැලුවා. ඒක දැක්කම ඇගේ හිතේ ඉපදුනේ දුකක් රවීන් ගැන. හෙමින් පුටුවෙන් නැගිටපු රවීන් උන්නු දිහාට ඇවිදගෙන ගියා. ඔහු උන්නේ ඈව නොදැක්කා වගේ.
"අහන්න" අයුමි කිව්වේ හෙමින්.
රවීන් නොබලම උන්නා.
"මෙහෙම කරන්න එපා..." අයුමි කිව්වා.
“I said you can go”  ඔහු කිව්වේ ඈ දිහා නොබලා.
"මම කියන දේ අහන්න. මට ඔයාව විශ්වාස නැතුවා නෙවෙයි. ඒත් මම තව ඔයාව තේරුම් ගන්න ඕන නැද්ද?"අයුමි ඇහුවේ හෙමින්.
"තේරුම්ගන්න මොනාද තියෙන්නේ. ඔයා හිතන්නේ මට ඔය කියන එක තේරෙන්නේ නෑ කියලද? මම බැඳලා, දික්කසාද වෙලා, ළමයි දෙන්නෙක් ඉන්න, තව ගෑණු ගොඩක් ආශ්‍රය කරපු මිනිහෙක්. ඔයා තාම පොඩි කෙල්ලෙක්. ඔයාට මාව විශ්වාස කරන්න බැරි ප්‍රශ්ණේ ඒකනේ" රවීන් කිව්වා.
අයුමි ටිකක් විතර ඒ කතාවට තිගැස්සුනත් රවීන් එක්ක තර්ක කරන්න ඈට ඕන වුණේ නෑ. ඔහුගේ හිත රිදිලා ඉන්න වග ඈට තේරුණා. ඈ මොනවත් කියන්න කලින් ආයෙම කතා කලේ ඔහුමයි.
"ඔයා දැන් යන්න..."
අයුමිගේ හිතේ දුක පිරුණා. ඒ එක්කම හිතට ආවේ ආවේගයක්. ඒ ඔහු ඈව තේරුම් නොගන්න නිසා. රවීන් ඈ දිහා නොබලම සිගරට් එක බොනවා දැක්කම ඇගේ ආවේගය තවත් වැඩි වුණා. ඒ පාර ඈ කලේ ඔහුගේ අතේ තිබ්බ සිගරට් එක උදුරගෙන තමන්ගේ අතේ ගුලි කරගත්තු එක. නිවෙන්න කලින් ඒකෙන් ඇගේ අල්ල පිච්චුනා. ඒත් ඈ තොල හපාගෙන ඒක ඉවසගෙන රවීන් දිහා බලාගෙන උන්නේ, වේදනාවට ඇස්වල කඳුලු පිරෙද්දි. රවීන් ඈ දිහා බැලුවේ බය වෙලා වගේ. ඊලඟට ඔහු උත්සාහ කලේ ඇගේ අතේ තිබ්බ සිගරට් එක අයින් කරන්න. ඒත් ඈ ඔහුගෙන් ඈතට වුණා.
"අයුමි...ප්ලීස්. ඔයාගේ අත පිච්චෙයි"
"කමක් නෑ"
"අයුමි...ප්ලීස්"
රවීන් කිව්වේ බලෙන් ඇගේ අතෙන් ඇදලා ගන්න්න ගමන්. ඊට පස්සේ බලෙන්ම ඇගේ ඇඟිලි දිගෑරපු ඔහු නිවිලා තිබ්බ සිගරට් කොටේ අරන් විසි කලා. අයුමිගේ අත පිච්චුන තැන තිබ්බේ රතු වෙලා.
"මොනාද මේ කරගත්තේ? රවීන් ඇහුවේ ඇගේ අල්ල මුදුවට පිරිමදින ගමන්.
"කමක් නෑ. අත රිදෙන්නෙ නෑ හිත තරම්" අයුමි අත ආපහු ඇදලා ගන්න ගමන් කිව්වා.
"ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මාව තේරුම් ගන්නේ නැත්තේ?" අයුමි ඇහුවා.
"ඉස්සෙල්ලා ඕකට මොනා හරි බෙහෙතක් දාලා ඉමු" රවීන් කිව්වා.
"එපා. ඕන නෑ" අයුමි කිව්වේ හිතුවක්කාර විදියට.
ඒ පාර රවීන් ආයෙම ඇවිත් අයුමිව බලෙන් වගේ ඇදගෙන ගියේ bathroom එකේ tap එක ලඟට. tap එක ඇරලා ඇගේ තුවාලේ වතුරට අල්ලගෙන ඉද්දි, අතෙයි, හිතෙයි දෙකේම වේදනාවට එක්ක අයුමිගේ ඇස් වලින් කඳුලු පිට පැන්නා.
"පිස්සු වැඩ කරන්නේ ඔයා" රවීන් එහෙම කියලා ඈ දිහා බලද්දියි ඇගේ දෑස් දැක්කේ.
"රිදෙනවද?" ඔහු ඇහුවේ මුදුවට.
"නෑ..." අයුමි කිව්වේ කඳුලු අතරින්ම.
රවීන් මුකුත් කියාගන්න බැරිව ගොලු වුණා.
"you are a crazy girl..." ඔහු කිව්වේ ඊට පස්සේ.
අයුමි ගලාගෙන යන වතුර දිහා බලාගෙන හිටියා මිස මුකුත් කිව්වේ නෑ.
"රිදෙනවද?"
"ටිකක් දනවා"
එහෙම කිව්වම රවීන්ගේ මූණ වෙනස් වෙලා දුකක් ආරූඨ වුණා.
"පිස්සු වැඩක් ඔයා කලේ"
"එහෙම නොකලා නම් තාම සිගරට් බොනවා, හා නැද්ද?" අයුමි ඇහුවා.
"I do that when I am nervous" රවීන් කිව්වේ බිම බලාගෙන.
අයුමිට ඔහු ගැන දුකක් එක්කම ලොකු ආදරේකුත් දැනුනා.
"දෙයක් කිව්වම අහන්න. මම කල් ඕන කිව්වා මිසක, යන්න ඕන කිව්වේ නෑනෙ" අයුමි කිව්වා.
රවීන් ඈ දිහා බැලුවේ නෑ. ඉවත බලාගෙන උන්නා මිසක. ඒ පාර අයුමිට ඔහු ගැන දැනුන දුක අලුත් වුණා.
"රවීන්..." ඈ ඔහුව ඇමතුව මුදුවට. ඒ නමින් මුල් වතාවට.
ඔහු ඇස් උස්සලා ඈ දිහා බැලුවේ එවෙලේ, පුදුමය මුසු බැලමකින්.
"ඔයා කී දෙනෙක් එක්ක, කොහොම කතා කලත්, මිනිස්සු මොනවා කිව්වත්, දැන් මට ඒවා ගැන හිතන්න බෑ. මට ඒවයින් වැඩකුත් නෑ. ඒත් මට ඔයාව තේරුම්ගන්න ඕන. මොකද ඔයා කරන කියන දේවල් ගැන මම හිතන හන්දා. මම කියන්න හැදුවේ ඒක"
 ඈ කිව්වේ හෙමින්.
රවීන් ගේ මූණේ හැඟීම් වෙනස් වෙලා ඇස්වල ඇඳුනේ ආදරයක්.
“ I know…I understand. I believe you … and…thank you. I was waiting so long to hear you call my name” ඔහු ඊට පස්සේ කිව්වා. අයුමි හිනාවුණා.
රවීන් ඇගේ කම්මුලක් හෙමින් ස්පර්ෂ කලා මුදුවට. අයුමි උරහිස හැකිලුවා.
"අනේ...කවුරුහරි එයි"
"ඉතිං...?"
"එහෙම වුණොත් හොඳ නෑනෙ දෙන්නටම"
"මේක මගේ ඔෆිස් එක" රවීන් කිව්වේ චන්ඩියා වගේ.
"ඒක තමයි මම කියන්නේ. කතාවක් හැදුණොත් ගොඩක්ම ඔයාට හොඳ නෑනෙ"
"ඉතිං දැන් මොකද මම කරන්න ඕන?" රවීන් ඇහුවේ පොඩි එකෙක් වගේ.
"මම කියන්න හිටියේ ඔෆිස් එකේදි ඔයාට නමින් කතා කරන්න බෑ.. අපි ඉස්සෙල්ලා හිටියා වගේ ඔෆිස් එකේ ඉමු? ප්ලීස්, අඩු ගාණේ ටික කාලෙකට හරි?" අයුමි ඇහුවා.
"හ්ම්" රවීන් හිස වැනුවා ටිකක් වෙලා කල්පනා කරලා. අයුමි ආයෙම හිනාවුණා. රවීන් ඈ දිහා බලාගෙනම උන්නා.
"එහෙනං මං යන්නද??" ඊට පස්සේ අයුමි ඇහුවා.
"කොහෙද?" රවීන් ඇහුවා.
"අද ගෙදර යන්න කලින් ඉවර කරන්න නිවාඩුවේ ගොඩ වුණ වැඩ ගොඩයි. ඒවත් කරන්න ඕන නේ"
"ඇයි..නොකලොත් මම බංකොලොත් වෙයි කියලද?"
"නෑ...එහෙම වෙන්නෑ කියලා මම දන්නවා. ඒත් වැඩ පරක්කු නොකර කරන්න ඕන නේ. ඔයා හදපු නම, service quality එක maintain කරන්නත් ඕන නේ. ඒකයි"
"පැහිච්ච ආච්චි දැන් කීයටද යන්නේ?" රවීන් ඇහුවා.
"පහට"
"ම්ම්...එතකොට ආයෙම දකින්න වෙන්නේ සඳුදා නේද?"
"ම්ම්" අයුමි හිස වැණුවා.
"නොදැක දවස් දෙකක් ඉන්න එක තමා වැඩේ"
"ඔව්... මොනා කරන්නද?"
"හ්ම්ම්..." රවීන් සුසුමක් හෙලුවා.
"හ්ම්ම්...එහෙනම් මම යන්නද?"
"තුවාලේ කවර් කරගන්න ඕන නේද?" රවීන් ඇහුවා.
"පහලට ගිහින් මම plaster එකක් අලවගන්නම්"
"පිස්සු කෙල්ල. පිස්සු වැඩක් කලේ"
"සිගරට් නොබී ඉන්න. එතකොට මගේ අත පිච්චෙන්නෙත් නෑ. හිත පිච්චෙන්නෙත් නෑ" අයුමි කිව්වා.
රවීන් ඇස් ලොකු කරලා හිනාවක් පෑවා.
"බලමු... මාව nervous නොකර හිටියොත් පුලුවන් වෙයි"
අයුමි ඒකට මුකුත් නොකියා එන්න ලෑස්තිවුණේ ඔහුට හිනාවකින් විතරක්ම සංග්‍රහ කරගෙන. රවීන් එක්කම ඒ ඇගේ අතින් අල්ලගත්තා මුදුවට. අයුමි දෑස් දලවගෙන ඔහු දිහා බැලුවා.
“I feel I already miss you”
රවීන් කිව්වේ හෙමින්.
"දවස් දෙක ඉක්මණට ගෙවෙයි" අයුමි කිව්වා දයාබර හිනාවක් පාලා.
පාර රවීන් දිග සුසුමක් හෙලුවා.
"ම්ම්...I really wish so. Anyway…you go home safe” රවීන් එහෙම කියලා අයුමිට සමු දුන්නා. අයුමි එන්න ආවේ සෙනෙහස පුරෝගෙන බරවුණ හිතින්.

9 comments:

  1. පිස්සු වැඩ කරලා තමන් හදපු වඩපු මවිපියන් දුකට පත් කරන්න හදන්න ඒපා අයුමි

    ReplyDelete
    Replies
    1. ai kasada badala lamai inna nithiyen ven unu aya (ganu/pirimi) hagim danim tiyana minissu nemeda ? eyala adare karanan one , badinna one dikkasada unu ayawama da ? ai eka tani unu ayawa kon karanne ? lankawe minissu hithana vidiha mona taran patu da ?

      Delete
  2. ai kasada badala lamai inna nithiyen ven unu aya (ganu/pirimi) hagim danim tiyana minissu nemeda ? eyala adare karanan one , badinna one dikkasada unu ayawama da ? ai eka tani unu ayawa kon karanne ? lankawe minissu hithana vidiha mona taran patu da ?

    ReplyDelete
    Replies
    1. ඒකෙ වරදක් දකින්නේ නෑ මමත්. ආදරය කියන්නේ සීමා මයිම් නොතකන, ආත්මාර්ථයෙන් තොර බඳීමක්. ඒක පස් මහ බැලුම් බලලා ඇතිවෙන දෙයක් නෙවෙයි. අනික ඉතිං දික්කසාද වෙන්නේ එකට ඉන්න බැරි හන්දනේ. එකට ඉන්න බැරි නම් දෙන්නටම දුක් නොදී වෙන් වෙන එක තමා හොඳම. වෙන් වෙලා, තමන්ට ඉන්න පුලුවන් කෙනෙක් හොයාගන්න එකේ වරදක් නෑ මාත් හිතන්නේ. ඒත් මම හිතන්නේ ප්‍රියංගිකා සොයුරිය කියන්න හදන්නේ රවීන්ගේ පහුගිය කල් කිරියාවත් එක්ක එයාව විශ්වාස කරන්න පුලුවන්ද කියන තර්කයේ ඉඳගෙන වෙන්න ඕන. මොකද විශ්වාසය නැත්තම් කොහොමටත් සම්බන්ධයකට පැවැත්මක් නැති හන්දා. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම කියන්නේ මේ දෙන්නගේ ආදරේ ලංකාවේ තියෙන සමාජ තත්වෙත් එක්ක ප්රාොයෝගික නැහැ කියලයි. ආදරේ ගලා ගෙන යද්දි වෙන හිත රිදවීම් වෙනත් සම්බන්දෙකට වඩා වැඩියි මේ විදියේ නොගැලපීම් තියෙන කොට. ඒ නිසා මට අයුම් ගැන දුකයි. අනික අයුමි පොඩි කෙල්ලෙක් . රවීන්ගේ දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් වෙන්න අයුමිට සිද්ධ වෙනවා රවීන් බැන්දොත්. ඒකට අයුමි පරිනත වෙලාද කියලා මට සැකයි.
      ආදර සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ විවාහ වෙන්න නම් නොගැලපීම් අවම කෙනෙක් තෝර ගන්න ඹ්න කියලා මම හිතනවා. ආදරේ ආදරේ කියලා කොච්චර මොර දුන්නත් විසදා ගන්න බැරි ප්රෝශ්න එනකොට ආදරේ දන්නෙම නැතුව පලා යනවා

      Delete
  3. I know a story like this. Now they are happily married ☺ nice story nethu. I have read all stories in your blog.

    ReplyDelete
    Replies
    1. Thank you sweety! There are real stories less in SL but more in other countries. It is all about understanding, trust and dedication.

      Delete
  4. nice story. Hope both of them can be happy at the end.

    ReplyDelete