Saturday, July 7, 2012

අවසාන කොටස


"යූ ලුක් වන්ඩර්ෆුල්"
උත්සවය පටන් ගන්න ටික වෙලාවකට කලින් සේරම දෙනා එක්ක ආ වෙලේ ආන්යව හමු වෙන්න ආපු ආර්යන් ඇගේ කනට කෙඳිරුවා. ආන්යා ඔහු දිහා ඇස් කොනකින් බලලා හිනා වුණා විතරයි.
උත්සවේට සෑහෙන පිරිසක් ඇවිල්ල උන්නු වග ආන්යා දැක්කා. ඒ අත්‍රේ මැනේජර්ස්ලා, මන්ත්‍රීවරු කීප දෙනෙක්, වගේම විදේෂික අයත් කීප දෙනෙක් උන්නු අවගත් ඈට පෙනුනා.
"ම්...කවුද චීෆ් ගෙස්ට්?" ආන්යා ආර්යන්ගෙන් ඇහුවා.
"බලන්නකෝ" ආර්යන් එහෙම කියලා හිනාවුණා.
"ඩියර් ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්, නව් දැට් ද ඕස්පිෂස් ටයිම් ඉස් අප්‍රෝචිංග්, අයි වුඩ් ලයික් ටු ඉන්වයිට්, ද බෙස්ට් හාෆ් ඔෆ් මයි ලයිෆ්, හූ හැස් බීන් විත් මී ලයික් මයි ෂැඩෝ ඉන් ඕල් ගුඩ් ඇන්ඩ් බෑඩ් ටයිම්ස්, හූ හැස් බීන් අ ස්ට්‍රෝන්ග් පිලර් ඔෆ් මයි සක්සස්, හූ ගේව් මී මයි ග්‍රේටස්ට් වෙල්ත්, මයි සන්ස් ටු මී, ඇන්ඩ් මේඩ් මයි ලයිෆ් අ හෙවන්... ප්ලීස් වෙල්කම් ද ලේඩි ඔෆ් මයි ලයිෆ්....අනුලා...ප්ලීස් ස්ටෙප් ෆෝවර්ඩ් ඇන්ඩ් ඩූ ද ඔනර් ඔෆ් ඕපනින්ං දිස් ප්‍රෙමිසස්..."ආර්යන්ගේ තාත්තා එහෙම කියද්දි හැමෝම අහගෙන හිටියේ ගොඩක් හැඟීම්බර වෙලා කියලා ආන්යට දැනුනා. ඈ උන්නෙත් ගොඩක්ම හැඟීම්බර වෙලා.
"ඉට්ස් සෝ රොමන්ටිච්" කවුදෝ කියනවා ආන්යට ඇහුණා.
ඒ අතරේ ආර්යන්ගේ ඇස් දිලිසෙනවා ඔහු දිහා බලපු ආන්යට පෙනුනා. ඒත් ඔහුගේ මුහුණේ තිබුණේ හිනාවක්. ඔහු ආන්යගේ අතක් තදින්ම මිරිකගෙන, ඔහුගේ අම්මා දැස් කොන් පිසිමින් කිරිගරුඬ ඵලකය තිබුණ දිහාවට ඇවිදගෙන යනවා බලාගෙන උන්නා. ඊට පස්සේ සක් හඬ, වෙස් නැටුම්, මගුල් බෙර හඬ මැද්දේ කිරිගරුඬ ඵලකය විවෘත කරද්දි, ආන්යා ආර්යන් ගේ මූණ දිහා බැලුවේ සතුටින්. ඔහුගේ දෑසත් සතුටින් දිලිසෙනවා ආන්යා දැක්කා. හැමෝගෙම අත්පොලසන් හඬ මැද්දේ මනී මහත්තයා, ආර්යන්ගේ අම්මව එක අතකින් වැලඳගෙන උන්නේ ආදරෙන්.
"ද ටී ලීෆ් රෙස්ටුරන්ට්"  සුදු පාටින් දිලුන කිරිගරුඬ ඵලකයේ රිදී පාටයි, කොල පාටයි මුහු වුණ වැල් අකුරු වලින්, කොල පාට දිලීන තේ දල්ලක් වටේට ඒ නම ලියවිලා තියෙන හැටි ආන්යා දැක්කා.
ඉන්පස්සේ උත්සවේ වැඩ ආරම්භ වුණා. ආර්යන්ට ආන්යා එක්කම ඉන්න ලැබුනේ නෑ, මොකද එන එන අමුත්තෝ පිලිගන්නයි, ආපු අයට කතා කරන්නයි ඔහුත යන්න වුණ හන්දා. ආන්යා අම්මා එක්කම පැත්තක වාඩි වුණා. තාත්තා නම් මේ වෙද්දි එයාගේ අතිජාත මිත්‍රයෝ කීප දෙනෙක් එක්ක අතුරුදහන් වෙලයි උන්නේ.
"ලස්සන තැන නේද?" මුතු පාට ලේස් තිර රෙද්ද අතරින්, ජනේලයේ වීදුවෙන් ඈට පෙනුන කඳු වලල්ල දිහා බලාගෙන උන්නු අම්මා කිව්වා.
"හ්ම්...වත්තේ උසම තැන මෙතන වෙන්න ඇති. වටේටම පේනවා. බන්ගලාව තව ලස්සන ඇති" ආන්යා කිව්වා.
"හ්ම්...මෙතන උසම තැනක් තමා. පාරටත් පේන්න ඕන හන්දයි, එන අයට එන්න ලේසි වෙන්නයි හන්දා වෙන්න ඇති මෙතන තෝරගත්තේ. නැත්තම් අර නාරදගේ ඩිවිෂන් එකේ තියෙනවා මීට වඩා උස තැන්" අම්මා කිව්වා.
"මැඩම්, ටී ඉස් සර්ව්ඩ් දෙයා" මෙව්ලේ එතනට ආපු සුදු ඇඳගත්තු වේටර්වරයෙක් දැනුම් දුන්නා.
"තාත්තා කොහේ යන්වා මන්දා? අම්මේ අපි දෙන්නවත් යමු නේද? මෙයා ඉතින් ආර්යන් එනකල් ඉන්න එපැයි" එහෙම කිව්වේ වටපිට බලපු ගීතාන්.
"අම්මලා යන්න. තාත්තා යාලුවෝ එක්ක සෙට් වෙලාඅ කොහේ හරි ඇති. මම ආර්යන්ව හොයාගෙන එන්නම්" ආන්යත් කිව්වා.
ඊට පස්සේ අම්මලා තේ බොන්න ගියාම, මේසේ අසල ඉතිරි වුණේ ආන්යා විතරයි. ඈ සෙනග සිසාරා බැලුවේ ආර්යන් කොහේ හරි පේන්න ඉන්නවද කියලයි.
"හෙලෝ මැඩම්, කැන් වී සිට් හියර්?"
එක පාරටම ඇගේ පිටිපස්සෙන් ඇහුණ හඬකින් ආන්යා මොහොතකට ගල් ගැහුණා. ඒ හඬ අතීතේ ඉඳලා පාවෙලා ආවා අවගේ හැඟීමකුයි ඈට දැනුනේ. ඈ හිස උස්සලා බලද්දි, ඇගේ ලඟ හිතගෙන උන්නේ වෙන ක්වුරුවත්ම නෙවෙයි, අභී. ඔහු උන්නේ තනියෙම නෙවෙයි, තව විදේෂික යුවතියෙකුත් එක්ක. කලු පාට කෝට්, කලිසම් ඇඳලා, හිසකේ ගොඩක් කොටට කපලා, මූණ පුර දැළි රැවුලක් වවාගෙන උන්නත්, ඔහු පෙනුමින් එච්චරම වෙනස් වෙලා නෑ කියලයි ආන්යට මුලින්ම හිතුණේ.
"යස්...ප්ලීස්..." තප්පර කීපෙක නිහඬතාවයකින් පස්සේ ආන්යා කිව්වා.
"ඉතින් කොහොමද?" අභී අහුවේ කෙලිලොල් විදියට.
"හොඳින් ඉන්නවා. ඔයා?" ආන්යා කිව්වේ ඔහු ලඟ ඉඳගෙන උන්නු, සුදු ජාතික යුවතිය දිහා බලමින්.
සැමන් පින්ක් පාට පටි රහිත, කොට ඇඳුමක් ඇඳගේන් උන්නු ඇගේ රන්වන් පාට කැරලි හිසකේ උරහිස මත වැටිලා තිබුණා. සුන්දර යුවතියක් වග බැලු බැල්මට පෙනෙඋන ඇගේ දෑස් නිල් පාට නිසා ඈ තවත් සුන්දරයි කියලා ආන්යට හිතුණා. ඒත් ඇගේ හිතේ තිබුණේ නොපැහැදිලි හැඟීමක් මේ සිද්ධ වෙන සේරම ගැනම.
"සොරි, අයි ෆොගොට් ටු ඉන්ට්‍රොඩියුස් යූ...දිස් ඉස් ලින්ඩා, ඇන්ඩ් ලින්ඩා දිස් ඉස් මයි සිස්ටර් ඉන්-ලෝ-ටු-බී (එහෙම කියලා ඔහු ආන්යා දිහා බලලා හිනාවුණා) ආන්යා..."
ආන්යා හිනාවෙලා ඈට අතට අත දුන්නා.
"නයිස් ටු මීට් යූ"
"නයිස් ටු මීට් යූ ටූ...අභී හැඩ් ටෝල්ඩ් මී සෝ මච් අබවුට් යූ" ලින්ඩා කිව්වෙත් හිනාවෙලා, පෙරලා අතට අත දෙන ගමන්මයි.
"ඕහ්...රියලි...වට් කුඩ් දැට් බී?" ආන්යා ඇහුවේ ආපහු ආසනේ වාඩි වෙමින්.
"හොඳ තමයි, වෙන මොනාද?" ඒකට උත්තද දුන්නේ අභී.
"ඕහ්, දෙයා යූ ආ...නාන් යෙංග යෙංගයෝ පාර්තේන් (මම කොහේ කොහේ හෙව්වද )" මේ අතරේ ආර්යනුත් කොහේදෝ ඉඳන් එතනට ආවා.
"අයි වස් ෂොවින්ග් හර් ද ප්ලේස් ඇන්ඩ් අරවුන්ඩ්" අභී කිව්වා.
"දැට්ස් ගුඩ්, සෝ යූ හැඩ් යෝර් ටී යෙට්?" ආර්යන් ඇහුවා.
"නෝප්...ෂැල් වී ගෝ ඩාලිං?" අභී එහෙම ඇහුවේ ලින්ඩාගෙන්.
"ෂුවර්"
"ලෙට්ස් ගෝ දෙන්" අභී ආර්යන්ටයි, ආන්යටයි කිව්වා.

තේ බොන්න ගිය අතරේ එක මොහොතක ආන්යා, අභී එක්ක තනි වුණේ ආර්යන්, ලින්ඩා වෙනුවෙන් ග්‍රීන් ටී ඇනවුම් කරන්න ගිය හන්දයි.
"කොහොමද ඉතින් ජීවිතේ? තාම අවුට් වුණේ නෑනෙ?" අභී ඇහුවේ සාමාන්‍ය විදියට.
"නෑ...තව අවුරුද්දක් තියෙනවා"
"ඊට පස්සේ, මොකද කරන්න ඉන්නේ?"
"ම්ම්...තාම හිතලා නෑ ඒක නම්" ආන්යා කිව්වේ ජනේලෙන් එපිට බලාගෙන උන්නු ලින්ඩා දිහාත් බලමින්.
"අහන්න බැරි වුණා නේ...මේ ඔයාගේ ගර්ල්ද, නැත්තම්..." ආන්යා ගොඩ වෙලා ඉඳන් අහන්න උන්නු දෙයක් ඇහුවා.
ඒක ඇහිලා ලින්ඩත් ඈ දිහා බැලුවා. අභී ඈ දිහා බලලා හිනාවෙලා ආපහු ආන්යා දිහා බැලුවා.
"වෙල්...ෂී ආස්ක්ස් වට් ඉස් ගොයින්ග් ඔන් බිට්වීන් අස්...(ඔහු කිව්වේ ලින්ඩට ). ඇට් ද මෝමන්ට් ආන්යා...වී ආ ගුඩ් ෆ්‍රෙන්ඩ්ස්...බට් යූ නෝ, තිංග්ස් මේ චේන්ජ්...වෝන්ට් ඉට් ලින්ඩා?" අභී කිව්වා.
"ඕහ් ප්ලීස් අභී...ස්ටොප් ද ඩ්‍රාමා. වී ලිව් ටුගෙදර් ඉන් ලන්ඩන් ඩියර්...හී ඉස් ජස්ට් අෆ්‍රේයිඩ් ඔෆ් හිස් පේරන්ට්ස්..." ලින්ඩා කිව්වේ වගක්වත් නැතිව.
ආන්යා අභී දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන මුවේ සරදම් හිනාවකුත් රඳවගෙන.
"ආ..."
ඒත් අභීගේ මූණේ තිබුනේ වෙනත්ම හැඟීමක්.
"මම දවසක් ඔයාට කිව්වනේ...අතීතේ මුලුමනින්ම අමතක කරන්න පුලුවන් වුණ දවසකයි මම ආයේ ඔයා ඉස්සරහට එන්නේ කියලා" අභී කිව්වේ එච්චරයි.
ආන්යා හිනාවකින්ම, දිග සුසුමක් හෙලලා ලය සැහැල්ලු කරගත්තා. ඇගේ හිතට ඇත්තටම දැනෙමින් තිබුණේ එක විදියක සැහැල්ලුවක්.
"ඉන් දැට් කේස්...අයි විෂ් යූ ටූ ගුඩ් ලක්..." ඈ කිව්වා.
තේ බීල ඉවර වෙලා කට්ටියම තැන තැන ආයෙම කතවල පැටලිලා උන්නා. අභීත් ලින්ඩා එක්ක ආන්යලගෙන් සමු අරගෙන සෙනග අතරට වැදුනා. ඊට පස්සෙයි ආර්යන්ට ආන්යා එක්ක කතාකරන්න ඇත්තතම නිදහසක් ලැබුණේ.
"එන්නකෝ මගේ යූකේ යාලුවෝ අඳුන්නලා දෙන්න" ආර්යන් ආන්යව ඇදගෙන ගියේ බංගලාවේ එලියේ තිබුන පූල් එක දිහාට.
"හායි ක්‍රිස්...බෙලින්ඩා...යූ හැඩ් යෝර් ටී?" පූල් එක ලඟ වාඩි වෙලා උන්නු දෙන්නෙක් ලඟට ගිය ආර්යන් ඇහුවා.
"යාහ්, යාහ්. තෑන්ක්ස් මෑන්. වී ආ ඕල් ගුඩ්. සෝ...දිස් මස්ට් බී යෝර් හාට් ඒක්" ආන්යා දිහා බලපු ක්‍රිස් ඇහුවා. බෙලින්ඩා හිනා වුණා.
"යෙස්! දිස් ඉස් ආන්යා...ආන්යා දීස් අර් මයි ෆ්‍රෙන්ඩ්ස්, ක්‍රිස් ඇන්ඩ් බෙලින්ඩා"
"ප්ලේෂර් ටු මීට් යූ" ආන්යා ඔවුන් දෙන්නට අතට අත දුන්නා.
"ප්ලෙෂර් ඉස් මයින් ඩියර්" ක්‍රිස් කිව්වා.
"වෙයා ආ දි අදර්ස්?" ආර්යන් ඇහුවා.
"සම් වර් ඊටින්ං ස්ටිල්...අයි තින්ක් ෆිව් වෙන්ට් ටු රූම්ස්..." බෙලින්ඩා උත්තර දුන්නා.
"ඕකේ. ගොට් ටු කැච් දෙම් ටූ...සී යු ඉන් අ වයිල් දෙන්"
"ෂුවර් තිංග් ආරු, සී යූ ආන්යා"
ඊට පස්සේ ආර්යන්, ආන්යගේ අතකින් මුදුවට අල්ලගෙන හෙමිහිට ඇදුනේ එලිමහනේ කුඩ ගහලා ඉදි කරලා තිබුණ රවුම් මේස පෙල දිහාවට. ඒ හරියේ සෙනග ගොඩක් ගැවසුනේ නෑ මෙවෙලේ. අයිනෙන්ම තිබුණේ රිදී පාට වැටක්. එතනීන් පහල තරමක බෑවුමක්. කෙලින්ම ඉස්සරහ දර්ෂණය වුණේ ආන්යා කවදත් ආදරේ කරන නිල් කඳු වලල්ල.
"ලස්සනයි නේද? පහුගිය දවස් ටිකේම වැස්ස හන්දා පලාතම හොඳ කොළ පාටයි" ආර්යන් කිව්වේ වැටට බර වෙලා ඈත බලාගෙන.
"හ්ම්...පුදුමයි නේද අද වැස්සේ නැතුවා? කොහොමත් නැකැත් දවස් වලට වහින්නෑ කියලා අම්මා කියනවා මම අහලා තියෙනවා"
"ලකී නේද?" ආර්යන් ආන්යා දිහා බලලා ඇහුවා. ඊට පස්සේ ඔහු ඈ දිහා බලාගෙනම උන්නා. ආන්යා ටිකක් විතර අපහසුතාවයට පත් වුණ හන්දා බිම බලාගත්තා.
"දන්නවද? අපි දෙන්න අර හිනාවෙන්නැතුව මූණෙන් මූණ බලාගෙන ඉන්න ගේම් එක කලොත් අනිවාර්යෙන්ම දිනන්නේ මම..."
"ඒ කොහොමද?"
"ඔයාට බලාගෙන ඉන්න බෑනෙ" ආර්යන් කිව්වේ හිනාවෙලා.
"ම්ම්....මට පුලුවන්" ආන්යා වීරය වගේ කිව්වා.
"හරි බලමුද?" ආර්යන් ඇහුවේ ඈ ලඟට එන ගමන්.
"දැන්? මෙතන?"
"ඔව්"
"ම්ම්...මෙතන බෑ"
"ඔයා බයයි පැරදෙයි කියලා"
"නෑ..."
"එහෙනම් එන්න"
ඒ පාර ආන්යා වැටට වැලිමිට තියලා නිකට අතට බර කරගෙන ඔහු දිහා බැලුවා. ඔහුත් ඒ ඉරියව්වෙන්න්ම ඇගේ ලඟට ඇවිත්, ඇගේ දෑස් වලට එබුණා. ආන්යගේ හිත සසල වීගෙන යන හැටි ඈත දැනුනේ හිත ඇතුලේ අයිස් දහරාවක් ගලන්නා වගේ. ඒත් ඈ ඒ දෑස් දිහා බලාගෙනම උන්නා. තද දුඹුරු ඉංගිරියාව, පැහැදිලි ඇස්, දිගටි ඇහිපිය...ආන්යා මීට කලින් මේ තරම් ලඟට දැකලා තිබුණේ නෑ. ඒත් ටිකකින් ඇහිපියනොගහා උන්නු හන්දා ඇගේ දැස් දන්න පටන් ගත්තා. ඈ දෑස ලොකු කරගත්තේ ඒකයි. ආර්යන් හිනා නොවී ඉන්න උත්සාහා කරනවා ඈ දැක්කාම ඈටත් හිනා යන්න ආවා. ඈ තොල් තද කරගත්තා. තව විනාඩියක් විතර යද්දි, ආන්යගේ දෑස් වලට කඳුලුත් පිරෙන්න ගත්තා. ඊලඟ මොහොතේ ආර්යන් එක පාරටම ඇස් පියාගත්තා.
"ආ...ඔයා පරාදයි..." ආන්යා උඩ පැනලා කෑ ගැහුවා.
ආර්යන් දෑස් හැරියේ එවෙලේ. "ඒත් ඔයා ඇස් පියා ගත්තේ ඇයි, ඇස් දැවිල්ල ගත්තද?" ආන්යා ආයෙම ඇහුවේ ඇගේ දෑසත් පිහිදන ගමන්.
ආර්යන් ඇයට ලං වෙලා ඇගේ ඇස් කොනක් පිස දැම්මේ මුදුවට.
"නෑ..."
"එහෙනම්"
"ඔයා පරදිනවට මම ආස නැති හන්දා..." ඔහු එහෙම මිමිණුවේ ගොඩක්ම ආදරෙන්.
ඒ පාර ආන්යගේ හිත බර වුණා. ආයේම ඇස් කඳුලු පටලයකින් බොඳ වුණා. "ඇයි?"
"බිකෝස් අයි ලව් යූ ටූ මච්..."
ආන්යා මුකුත් නොකියා ඔහුගේ පපුතුරේ මුහුණ හොවාගත්තේ හිතේ හැඟිම් ප්‍රකාෂ කරන්න වචන ඈ දැනගෙන නොහිටි හන්දා. දෙන්නම ආයෙම වචනයක්වත් නොකියා ඈත කඳු වලල්ල දිහා බලාගෙන උන්නා.
"හ්ම්..හ්ම්.."
මේ දෙන්නගෙ දැහැන බිඳුනේ පිටිපස්සෙන් ඇහුන උගුර පාදන හඬකට. ආන්යා ආර්යන්ගේ ඈත් වුණේ විදුලි වේගෙන්. හැරිලා බලද්දි පිටිපස්සේ උන්නේ ඇවිත් උන්නු සෙනග අතරේ හිටි තරුණ අය සේරම, සිනාමුසු මුහුණුවලින් යුතුව. ආන්යා ලැජ්ජවෙන්, රතු වෙලා, කන් දෙක රත් වුණා. ආර්යනුත් බාගෙට කට ඇරගෙන කට්ටිය දිහා බැලුවේ දෑස් ලොකු කරගෙන. ගල් ගැහිලා වගේ උන්නු ඔහුගේ දෑස් විතරයි වැඩ කලේ. සෙනග අතරින් ඉස්සරහට ඇවිත් හිටගෙන උන්නේ අනුහස්, ලොකුම ලොකු හිනාවක් මුවේ රඳවගෙන.
"අනූ...ඔයා මෙහේ?" ආන්යා ඇහුවේ කට කොනකින්.
"නෑවිත් කොහොමද? මෙයා මේක දාල ඇවිත් නේ" අනුහස් කිව්වේ ආර්යන් අතට පොඩි පෙට්ටියක් දෙන ගමන්.
"ඒත්..." ආර්යන් ඒක අතට ගත්තේ දෙගිඩියාවෙන් වගේ.
"දැන්වත් අහන්න ආර්යන්..."
"පොප් ඉට් මෑන්...පොප් ද ක්වෙක්ෂන්"  සෙනග අතරේ උන්නු ආර්යන්ගේ යාලුවෙක් කෑ ගැහුවා.
ඒ අතරෙම, සෙනග අතරින් ඉස්සරහට ආවේ අභීයි, ලින්ඩයි. අනුහස් ආන්යලා පැත්තත වෙලා මේ දෙන්න දිහා බැලුවේ පුංචි විමතියකින්.
"වීල් ඩූ ඉට් ටුගෙදර්"අභී කිව්වේ තොල් වලින්. ඊට පස්සේ ඔහු කලේ ලින්ඩා ඉස්සරහ දණක් නවලා ඈ දිහා බලපු එක. පිටිපස්සේ උන්නු අය කෑ ගහන්න වුණා, සතුටින්.
"ලින්ඩා...විල් යූ මැරී මී?" අභී අහන හැටි ආන්යා බලාගෙන උන්නේ අමුතුම හැඟීමක් හිතේ පෙරලි කරද්දි. ඒක සතුට ගොදක් මුසු වුණ හැඟීමක් කියලා ඈට හිතුණා. ඒ අභීයි, ඇයයි වෙන් වුණ නිසා නෙවෙයි, අභී ආයෙම අලුතින් ජීවිතේ පතන් ගන්න එකට දැනුන එකක්.ඈ ආර්යන් අසලට ඇදුනේ ඉබේටම.
"අයි විල්" දෑතින්ම කට වහගෙන මොහොතක් අදහාගන්න බැරිවා වගේ උන්නු ලින්ඩා එහෙම කියද්දි ආර්යන්, තමන්ගේ අතකින් තදින්ම අල්ලගන්නවා ආන්යට දැනුනා.
"එන්න.." එක පාරටම එහෙම කියපු ඔහු ආන්යව ඇදගෙන සෙනග මගෑරලා ඉස්සරහට දුවන්න ගත්තේ ආන්යට හිතාගන්නවත් ඉඩක් නොදී.
"හේයි...වෙයා ආ යූ ගොයිංග්?"
"අන්න...අර දෙන්නා පැනලා යනවෝ.."
"කොහෙද යන්නේ?"
පිටිපස්සෙන් හැමෝම කෑ  ගහගෙන දුවගෙන එනවා ආන්යට පෙනුනා. ඈට ලොකු හිනාවක් ගියා. ආර්යනුත් උන්නේ හිනාවෙමින්.
"අහන්නේ නැතිවම එක්ක යනවදෝ?" කවුදෝ එහෙමත් කෑ ගහනවා ආන්යට ඇහුණා.
එවෙලේ දෙන්නා උන්නේ, රෙස්ටුරන්ට් එකෙන් පිට වෙන මාවත හරියේ. එතන්න් පිට වුණාම , පාර දිවුණේ පල්ලමකට. ඒ පාලම දිගේම ගියාම එක තැනකදි මහ නුගේට යන පාර හම්බවෙන වග ආන්යා මතක් කලා. 'ආර්යන් මේ යන්නේ එතනතද?'
"අයි වෝන්ට් ටු කීප් ඉට් ප්‍රයිවට්" එහෙම කෑ ගහපු ආර්යන් නොනැවතීම ගේට්ටුවෙන් එලියට ආන්යව ඇදගෙන දුවගෙන ආවා.
"ගුඩ් ලක් ආර්යන්...ආන්යා ඩෝන්ට් ලෙට් හිම් ඩවුන් ප්ලීස්" හති දමන කට්ටියම ගේට්ටුවට එහායින් නැවතිලා මේ දෙන්නට අත වැනුවා.
"තෑන්ක්ස්"
ආර්යන් නතර වුණේ, පල්ලමෙත් ගොඩක් දුර දුවගෙන ගිහිල්ලයි. ආන්යා නැවතිලා දණහිස් දෙකට බර වෙලා හති අරින්න වුණා.
"මහන්සිද?"
"නැත්තං? ඔයා හරි වැඩ තමයි කරන්නේ" ආන්යා කිව්වේ හති දමමින්මයි.
"අර මහ සෙනග අස්සේ ප්‍රපෝස් කරන්න පුලුවන්ද? එන්න... අපි ඇවිදගෙන යමු හෙමින්..." එහෙම කියපු ආර්යන් ඈත අතක් දික් කලා.
ඇඳගෙන උන්නු කෝට් එක ගලවලා එක අතක දාගෙන උන්නු ඔහු අනෙක් අතින් ආන්යගේ අතක් අල්ලගත්තා.
"මම ඔයාගෙන් කවදාවත් අහන්නෑ මාව මැරි කරනවද කියලා" ආර්යන් කිව්වේ, ආන්යගේ හතිය අහවර වෙලා, දෙන්නම මහ නුගේ දිහාවට පල්ලම් බහින්න පටන් ගත්තට පස්සෙයි.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ අහන්නෑ කියලා" ආර්යන් ඇගේ මුහුණ දිහා බලලා දඟකාර හිනාවක් පෑවා.
"ඇයි ඒ?" ආන්යා ඇහුවේ පුංචි හිත් වේදනාවකින්.
"අහ අහා ඉන්නේ නෑ, කෙලින්ම එක්ක ගිහින් මැරි කරනවා මිස" ආර්යන් එහෙම කිව්වාම ආන්යා ඔහුගෙන් ඈත් වෙලා, ඇස් පුංචි කරලා ඔහු දිහා බලුවා.
"හිතාගෙන ඇති"
"හිතාගෙන තමයි ඉන්නේ"
ආන්යා ඒ පාර මුකුත් කිව්වේ නෑ. ඔහු එක්ක නිහඬවම පල්ලම් බැස්ස ඇරෙන්න. ඊට පස්සේ දෙන්නම ආවේ කඳු ගැටේ අයිනට.
"වැස්සක් එන්න වගේ නේද?" ආර්යන් හාත්පස බලමින් කිව්වා.
"මං ආසයි වහිනවා නම්" ආන්යා කිව්වා.
ආර්යන් ඈ දිහාට හැරිලා, ඇගේ මූණට එබුණේ, ඇගේ වම් අත මුදුවට අල්ලගන්න ගමන්. ඊට පස්සේ ඔහු කලේ පරිස්සමත, ඇඟිලි වලින් ගත්තු මුදුවක් ආනයගේ අතේ පලඳවපු එකයි. ආන්යා හුස්ම අල්ලගෙන බලාගෙන උන්නේ හදවත වේගෙන ගැහෙද්දි. ඊට පස්සේ ආර්යන් ඇගේ දෑස් වලට ආයෙම එබුණා.
"මැරී මී ආන්යා..." ඔහු මිමිණුවා.
"අහන්න එපා...මම ඔයාගේ විතරමයි" ආන්යා කිව්වෙත් ඒ හැඟීම්බර දෑස් වලින් මිදෙන්නේ නැතිවමයි.
ඊට පස්සේ ආර්යන් මුදුව පලඳපු අත අරගෙන මුදුවට සිපගත්තා.
"අයි ලව් යූ සෝ මච්, ඇන්ඩ් අයි විල් ලව් යූ ටිල් මයි ලස්ට් බ්‍රෙත්...අයි ප්‍රොමිස්"
"අයි ලව් යූ ද සේම්...ඔර් මේ බී මෝර්..." ආන්යා කිව්වේ යන්තම් හිනාවෙලා.
තව තප්පර කීපයක් ඔවුන් දෙන්නත එහෙමම ඉන්න අවසර දුන්නු අහස, ඊලඟ මොහොතේ හීන් මල් වැස්සක් මේ දෙන්නා මත පතිත කලා. ආන්යට උඩ බැලුනේ ඉබේටම.
"පොද වැස්සක්..." ඈ කිව්වා.
"ම්හු...මල් වැස්සක්...අපි දෙන්නට"ආර්යන් කිව්වා.
ආන්යා හිනාවෙලා ආර්යන්ට තුරුලු වුණා. ඔහු දෝතින්ම ඈව අල්ලගෙන ඈත බලාගත්තේ සොම්නස් හිනාවක් එක්ක.
ඈත් තිබුණ නිල් කඳු වලල්ල, මල් වැස්ස ගෙනාපු අලු පාත අහස, වටේට තිබුණ ගස් කොල සේරම, මේ සුන්දර පෙම්වතුන් දිහා බලාගෙන උන්නා. තමන් තරම් සතුටින් ඉන්න කෙනෙක් මේ වෙලාවේ මේ ලෝකේ කොහේවත් නැතිව ඇති කියලා ආන්යට හිතුණා. ආන්යා ආර්යන්ගේ දෑත් තදින්ම අල්ලගෙන ඔහුට තවත් තුරුලු වුණා. මල් වැස්ස තවමත් ඇදහැලෙමින් තිබුණා...


..........නිමාවක් නොවේ මේ ඇරඹුමක් පමණමයි......

19 comments:

  1. හම්මේ...ඔන්න ඒකත් ඉවර කලා. සතුටුයි නේද හැමෝටම?කතාව බලපු අය දැන් නම් මොනාහරි කියන්නම ඕන...

    ReplyDelete
  2. ම්..නෙතූ,
    ලස්සන කතාවක් ඉවර කරල ඔයාට මහන්සිද? කෙමෙන්ට් එක දැක්කාමයි හිතුනෙ..
    අන්තිම කොටසනම් චිත්ත රූප ගොඩක් මවනවා..ඇත්තටම ඔයා ගොඩක් මහන්සි වෙලා තියනවා..ඒත් ඉංග්‍රිසි යෙදුම් වැඩි නිසා අවධානය තියාගන්න අමාරුයි..මේක තේ සංස්කෘතිය වුනත් කියවන අපි ගොඩක් අය සාමාන්‍ය අයනේ..
    මුළු කතාවම කියෙව්ව නිසා අන්තිම දවසට කියන්න ඕන ඒවා කියන්න කාලෙ ඇවිත්..

    1. ඔයා කවදා හරි දවසක මේක පොතක් විදිහට එළි දන්වන්න හිතනවා නම් අනිත් චරිතත් ටිකක් විතර දිගාරින්න. අනුහස් ගෝපි වගේ චරිත. මේක සයිබර් කොටස් කතාවක් නිසා අපි එන්නෙ ප්‍රධාන චරිත ගැන බලන්න ඒත් එක දිගට කියවගෙන යනකොට අවධානය මේ ආදර ත්‍රිකෝණයේ විතරක් තියන එක වෙහෙසයි.

    2. කතාවෙ රිද්මයේ පොඩි පොඩි නොගැලපීම් තියනවා කියලත් හිතුනා මැදදි නම්. ඒත් අගට වෙන්න මේ කතාව තවත් ලස්සන වුනා..

    3. ඔයා ඔබ හීනයක් වගේ කතාව ඉවර කලෙත් මේ විදිහටම වගේ නේද? ඊළඟ කතාවෙ වෙනස් අවසානයක් දෙන්න හොඳේ

    4. ඔයා ලියන විදිහ ලස්සනයි. කියවන්න ආස හිතෙනවා. දිගටම ඒ රිද්මය තියාගන්න වැඩි දියුණු කරගන්න

    5. මම දේශීය නවකතා වල ගොඩක් දැක්ක දෙයක් තමා දෙන්නෙක් යාළු වුනාම කතාව ඉවර වෙනවා නැත්තම් කසාද බැන්දම කතාව ඉවරයි.ඒත් ජීවිතේ ලස්සනම කාලෙ තමා යාළු වෙලා හරි කසාද බැඳලා හරි දෙන්නට දෙන්නා හරියටම අඳුර ගන්න කාලය. ඔයාට පුළුවන් නම් වෙනසක් කරන්න ඊළඟ කතාවෙ හරි

    6. දිගටම ලියන්න ගොඩක් සුභ පතනවා..ඒ එක්කම ඉගෙනීමෙ වැඩ ටිකත් සුමටව ගෙනියන්න..වෙනස් වෙනස් පොත් කියවන්න පුරුදු වෙන්න..ඒවා ඔයාගෙ පොත් වලට ලොකු ආලෝකයක් අරන් ඒවි. ලංකාවෙ දැනට තියන ලොකුම පුස්තකාලෙ ලඟ ඉන්න නිසා මේක අමාරු වෙන්නැති වේවි..

    ඊළඟ කතාවත් එක්කත් එකතු වෙන්න හිතාගෙන ඉන්නවා නෙතූ..ගොඩක් ස්තුතියි මේ කතාව අපිට තිළිණ කලාට..

    ReplyDelete
    Replies
    1. එකක් අමතක වුනා.
      පුළුවන් වෙලාවක අයර්ලන්ත ලේඛිකා Cecilia Ahern ගෙ කතා පොත් ටික කියවන්න. ආදරේ ගැන වෙනස් විදිහට දකින නවකතා ටිකක් එයා ලියලා තියනවා

      ඒ ඇරෙන්න Jodi Picaul,Nicholas Sparks ගෙ පොත් වල ලස්සන යෙදුම් තියනවා..

      Delete
    2. //ඔයා ඔබ හීනයක් වගේ කතාව ඉවර කලෙත් මේ විදිහටම වගේ නේද? ඊළඟ කතාවෙ වෙනස් අවසානයක් දෙන්න හොඳේ//
      ඇයි රූ මෙහෙම කිව්වෙ.. දුක හිතෙන අවසානයක්ද දෙන්න ඕන.

      Delete
    3. අපි කියන්න ඕන ගොඩක් දේවල් රූ කියල තියෙනව මං හිතන්නෙ.ඇත්තටම නෙතූ කැම්පස් එකේ පුස්තකාලෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.ඔයා හරි වාසනාවන්තයි ඔය වගේ පොත් ගොඩක් තියෙන තැනක අවුරුදු 4ක් ඉගෙනගන්න..

      මම මුල ඉදන් කමෙන්ට් නොකළත් දිගටම කතාව කියෙව්වා.මට දැනෙන විදියට ඔයා ඉංග්‍රීසි සහ සිංහල දෙකම හොදට යොදාගෙන තියෙනව කතාව ලියද්දි.තව දෙයක්-චිත්තරූප මැවීම අතින් ඔයා විශිෂ්ටයි.හැම තැනක්ම හරිම ලස්සනට ඇස් ඉදිරියේ මැවිල පෙනුන.

      ඔයා බොහොම සූක්ෂම විදියට අභීව අවසානෙට සම්බන්ධ කරල තියෙන්නෙ.එතනින් අපිට අභී ගැන වේදනාවක් තිබුණ නම් ඒක නැති වෙනව.අනිත් එක එතනින් ආර්යන්ගෙ ආදරේ තහවුරු වෙනව.මොන ‍දේවල් සිද්ධ වුණත් කතාවෙ ආරම්භයේ ඉදලම ඉතාම පැහැදිලි විදියට ආර්යන්ගෙත් ආන්යාගෙත් ආදරේ අපිට සමීප වුණා.

      මට දැනෙන විදියට අනිත් බොහෝ නවකතාකරුවන්ගෙන් ඔයා පැහැදිලිවම වෙනස් වෙන තැනක් තමයි චරිතයක තියෙන අඩුපාඩු ගැනත් කතා කිරීම.සුජීව ප්‍රසන්න ආරච්චි කියන්නෙ හොද නිර්මාණකරුවෙක්.මිනිස්සුන්ට යහපත් යමක් දෙන්න පුළුවන් විදියේ හැකියාවක් එයාට තියෙනව.ඒත් එයා ලියන්නෙ "ඉතාම යහපත්" හෝ "ඉතාම අයහපත්"මිනිස්සු ගැන.නමුත් මේ කතාව ගත්තම සමහර තැනක අභව්‍ය සිදුවීම් තිබුණා වුණත් ඔයා ආර්යන්, අභී, ආන්යා, ආන්යගෙ අම්මා ඇතුළු හැමෝගෙම දුර්වල ගතිලක්ෂණත් ඉස්මතු කරලා තිබුණා.ඒක අපිට නොදැනෙන්නයි ඔයා කරල තිබුණෙ.ඒ නිසයි ලංකාවෙ අනිත් ආදරකතාකරුවන්ගෙන් ඔයා වෙනස් වෙනව කියල මම කියන්නෙ.ඒ හින්දාම ඔයා සයිබර් අවකාශයට විතරක් සීමා වෙන්න එපා.

      අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ ආයෙත් කතාවක් ලියන්න කියල තමයි-හැබැයි අධ්‍යපනේට බාධාවක් කරගන්නෙ නැතුව.ඔයා‍ට ඉතාම ආදරයෙන් සුබ පතනවා.

      "නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා.."
      එහෙම නේද..?

      Delete
    4. @පුංචි එකී,
      දුක හිතෙන අවසානයක් ගැන නෙවි මම කිව්වෙ වෙනස් විදිහෙ අවසානයක් ගැන අනේ..
      බලමු නෙතූ මොකද කියන්නෙ කියලා..

      ඉතාම යහපත් ඉතාම නරක මිනිස්සු ඉන්න නවකතා කියන්නෙත් එක නවකතා ශෛලියක්..උදාහරණයක් විදිහට ගම්පෙරළිය කියන්නෙ යථාර්තවාදී නවකතාවක්..ඒත් නෙතූ ලියන කතා සුජීව ප්‍රසන්නාරච්චිගෙ කතා නවකතා වුනාට ඒවා යථාර්ථවාදී ගනයට වැටෙන්නෑ..මේ ශෛලීන් ගැන විස්තර කරන්න දැනගෙන හිටියට විචාරය කරන්න නම් මම දන්නෙ නෑ..

      අර උඩ කිව්ව චරිත ඉන්න ටෙලි නාට්‍ය වලට කියන්නෙ මෙලෝඩ්‍රාමා කියලා..ඉතින් නවකතාවලටත් ඒ වගේ නමක් ඇති මම හිතන්නෙ..

      මේ වගේ ශෛලීන් ගොඩක් ගැන දැනගත්තාම ඉගෙන ගත්තාම තමන්ට ආවේණික ශෛලිය ගොඩනගා ගන්න ලේසියි..ඒකයි මම නෙතූට පොත් කීපයක විස්තර කීවෙ..

      Delete
    5. @රූ,
      ඔයා කියන දේ ඇත්ත..නමුත් මම ඉන්න ස්ථාවරේ තමයි නිර්මාණයකින් පාඨකයන්ගෙ ජීවිතවලට යමක් ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක.සුජීවගෙ ගොඩක් පොත් මම කියවල නැහැ.නමුත් මහමෙව්නා වගේ නවකතාවක් ගත්තම ඒකෙ තියෙනවා සමාජය පිරිසිදු කරන්න පුළුවන් විදියෙ ගුණයක්.ලංකාවෙ සම්මානවලට නිර්දේශිත පොත්වල ලිංගිකත්වය ඇරුණාම වෙන ගන්න දෙයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.ඒක නිසා තමයි මම කිව්වෙ සුජීව හොද නවකතාකරුවෙක් කියල.එයාගෙ නිර්මාණ යථාර්ථවාදී ‍නැහැ කියන එකට නම් මම එකගවෙනව.

      දෙවැනි කාරණේ තමයි ගොඩක් ශෛලීන් ගැන ඉගෙනගත්තම තමන්ට ආවේණික ශෛලිය ගොඩනගාගන්න ලේසියි කියන එක.ඒත් රූ ඕකෙ අනිත් පැත්ත සිද්ධ වෙන්නත් පුළුවන් නේද? කිසිම නවකතා ශෛලියක් නොදන්න මනුස්සයෙක් ලියපු මුල්ම නවකතාවයි,ඉන්පස්සෙ විවිධ නවකතා රීතීන් ඉගෙනගෙන එයා ලියපු නවකතායි අරගෙන බැලුවම තමන්ගෙ ශෛලිය නැතිකරගෙන කියල මට දැනිච්ච නවකතාකරුවො දෙතුන්දෙනක්ම ඉන්නව.මම රිනාත්මකව බලනව නෙවෙයි.තමන් ඉගෙනගන්න දේ ඵලවත් විදියට යොදාගන්න ශක්තියක් තියෙනවා නම් කොච්චර දේවල් ඉගෙනගත්තත් කමක් නැහැ.ඒ ඉතින් මට හිතෙන විදිය.බොහොම ස්තූතියි රූ කමෙන්ට් එක ගැන ඔයාට දැනෙන දේ ලිව්වට.

      Delete
  3. Anehhhh,,, kathawa iwarai,,,,, 2i kotasak vidiyata ayemath kalekin kathawa liyanna adahas karoth narakada nanga!!!!
    Raa,,, kiwwa wage Sinhala novels hamadama ekko yaluwela,,,, nathnam marry karata passé kathawa iwarai,,, . Eth eeta passé gewana jeevithaya eeta haathpasinma wenas wennath puluwan neda?

    Ithin oyata godak sthuthi mahansi wela kathawa liwwata.

    Ayemath kathawak in API atharata enna,,, API balana innawa,,,

    Hondin igena ganna,, mahansi wela. Oyata suba pathanawa!!!!!!!!!!!

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම් තවත් එක ලස්සන කතාවක් ඉවරයි

    රූ ගේ 5 වෙනි කමෙන්ට් එකකත් එක්ක මමත් එකගයි

    ලංකාවේ දැන් තියන එපා වෙච්චා කතා අතරේ කියවගෙන යන්න ආසා හිතෙන හුග් කාලෙකින් අහම්බෙන් හම්බ වෙච්ච නියම කතාවක් සුබ පතනවා දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා මේ කතාව පොතක්‌ වෙලා එයි කියලත් බලාපොරොත්තු වක තියනවා එකට උබ පතනවා (ඉක්මනට තව කතාවක් දෙන්න (වෙනස්ම විදිහක )

    ReplyDelete
  5. Nethu mata deyak kiyanna amathaka una. Oya English words english walinma liyanna. Mokada e wachna Sinhala ta harawanakota kiyawana eka tikak apahasui wage... Meka Mage punchi adahasak...

    ReplyDelete
  6. නෙතු ඔයාගෙ මේ කතාවත් මුල ඉදන්ම එක කොටසක්වත් මග අරින්නැතුව මම කියවල ඇති..ඇත්තටම හරිම ලස්සනයි..මම සයිබර් අවකාශයේ කියවපු නවකතා වලින් වැඩියෙන්ම ආසාවෙන් කියෙව්වෙ ඔයා ලියන කතා..ඒකට හේතුව ඔයා ලියන විදිය..ඔයා ලියන විදිය ඉක්මනට හදවතට දැනෙනවා..සරළයි,සුන්දරයි..ඉතිං ඔබ හීනයක් වගේම " මල් වැහි වැටුනාවේ.."මේ නවකතාවත් ගොඩාක් ගොඩාක් ලස්සනයි..ඊලඟ කතාව කියවන්න මග බලන් ඉන්නවා..

    එතෙක් අපේ පුංචි ලේඛිකාවට මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  7. mage kiyanen one une okkome adehas kumari akka,ru, sith ru sihina, punchi eki kiyala thiyenewa.. mate ithin kiyane thiyenne nethu akki.. katha liyane eke nam nawathane epa mona widihatekatewath,,thawe aluth widihe kathawak liyane hode.. :) padam wade tikath ae wageme hodete karanne one.. simply your story is awsome :D best of luck again and again. take care.

    ReplyDelete
  8. අම්මෝ බොහොම කාලයක් පෙරුම් පුරල ඒ ආදර කතාවත් ඉවර කලා...අනිත් හැමෝම කිව්ව වගේ මටත් ආසයි මේ ‍දෙන්නගෙ විවාහ ජිවිතේ ගෙවෙන හැටි දැන ගන්න පුළුවන් නම් අක්කි.කුමාරි අක්ක,glimmer girl කිව්ව වගේ 2 ‍කොටස ලියන්න,,, ඇතත්ම කිව්වොත් මම මුළු කතාවම කියවලා ඉවර කලත් තාම කතාවේ නම දන්නේ නෑ.... දිගමට ලියන්න අක්කි...තව ලස්සන කතාවක් ලියන්න..හැබැයි හැමෝගෙම ආදර කතාවලට මේ වගේ සුන්දර අවසානයක් නම් නෑ අක්කි( විශේ‍ෂයෙන් මගේ වගේ ) ඒ නිසා ටිකක් දුක හිතෙන අවසානක් තිබුනට කමක් නෑ....

    ReplyDelete
    Replies
    1. i agree.. most of the love stories does not have a perfect end. they become just perfect memories.. i am going through situation like that.. so its ok to have a sad ending :) he he try something new :D nethu akki hithayda danne na maday adehas liyane kiwwa kiyala.. me okkoem kiyane dewal gane akkite hithele balane eke wadeyak weyda mande :P

      Delete
  9. To tell you the truth, I hate the ending, really....

    Anyway thank you so much akkio for the story, I really enjoyed it, I'm sorry I couldn't comment like I did in the previous story as i'm doing A/ls this year, bit busy with everything.

    ReplyDelete
  10. සිනහ සලන - කඳුලු
    පිසින කටුක
    ලොවක - එලිය
    සොයන කෙනෙක් වෙන්න හීන
    දකින නෙතූ මමයි- ඔබට ලියන...

    Man me kathawa kiyewwe phone eken. E hama paarakama me sinduwath baluwa meka harima lassanai.

    ReplyDelete
  11. චිත්ත රූප මැවීම නම් ගොඩක් හොදට කරලා තියෙනවා. කදුකරර්‍යේ ලස්සන මතක් වුනාම දුවලා ගෙදර එන්න හිතුනා. කතාව අවසන් වුන විදියට නම් මම එච්චර කැමති නෑ. සුභ පැතුම් මේ කතාවට ත්. හැබැයි පොතක් විදියට ප්‍රකාශනය කරනවා නම් අන්තිම කොටස් වලට වෙනස්කම් ටිකක් කලොත් හොදයි කියලා හිතනවා.

    ReplyDelete