පිටකොටුවෙන් බැහැලා අයුමි බස් එක තියෙන
දිහාට ආවේ හිතේ හෝදිසියට මිසක, සිහි කල්පනාවක් ඇතුව නෙවෙයි. එන
අතරමගදි රවීන් සියපාරක් විතර ඇගේ ෆෝන් එකට කෝල් කලත් ඈ ඒ ඒවට උත්තර දෙන්න ගියේ නෑ.
ඈ දැනගෙන උන්නා රවීන් කලබල වෙලා ඇති වග. ඒත් මොකක්දෝ හේතුවකට ඈට ඔහු ගැන දුකක්
දැනුනේ නෑ.
ඈ අවසිහියෙන් වගේ ඇවිත් බස් එකට නැගලා
වාඩි වෙන්න එද්දි, ඈට දැනුනා කවුදෝ ඇගේ අතකට තට්ටු කරලා
කතා කරනවා. ඈ හැරිලා බැලුවේ පොඩි
විමතියකුත් එක්ක. ඊලඟට ඒ විමතිය දෙගුණ වුණේ ඒ අසල සීට් එකක වාඩි වෙලා ඈ දිහා
බලාගෙන උන්නු හිමාලි දැක්කම.
"ආ...හිමාලි අක්කා?"
අයුමි හිනාවෙන්න උත්සාහ කරමින් ඈ අසලට
ගිහින් එතනින් වාඩි වුණේ හිත දොම්නසකින් පිරෙද්දි. නිදහසේ දුක් වෙන්නවත් ඉඩක් නැති
හැටි කියලා ඈට හිතුණා.
"ඔයා කොහේද අද මෙහේ? මේ සති මැද ගෙදර යනවද? අයුමිගෙන් හිමාලි ඇහුවා.
"නෑ අක්කේ ගිය සති දෙක තුනේම ගේර යන්න
වුණේ නෑනෙ. ඒ හන්දා මම දවස් දෙකක් නිවාඩු ඉල්ලගෙන ආවා සති අන්තෙත් ඉඳලම යන්න
කියලා" අයුමි කිව්වේ කැලඹෙන හිත සන්සුන් කරගන්න උත්සාහ කරමින්.
"ආ...එහෙමද? එතකොට ඔයා අර අතන මගින් නෙවෙයිද නගින්නේ?"
හිමාලි
ඊලඟට ඇහුවා.
"ආ....නෑ හැමදාම එහෙම නගින්නේ නෑ අක්කා.
අද කලින් ආව නිසා මෙහාටම ඇවිත් නගිනවා කියලා හිතුණා" අයුමි බොරුවක් කිව්වා.
"එතකොට ඔයා?" මන්දරී ඊලඟට හිමාලිගෙනුත් ඇහුවා.
"මම ට්‍රේනින් එකකට ආවා මෙහේ. අද කලින්
ඉවර වුණ නිසා ගෙදර යන්න ආවේ" හිමාලි කිව්වා.
"ම්ම්...එහෙමද?" අයුමි ඕනවට එපාවට එහෙම කියලා සීට් එකට හේත්තු
වෙලා දෑස් පියාගත්තා.
හිමාලි එක්ක කතා කර කර යන්න ඈට
උවමනාවක් තිබ්බේ නෑ. වෙච්ච දේවල් හන්දා අයුමි උන්නේ ලොකු කම්පනේකට පත් වෙලා. ඈට ඕන
වුණේ කොහේකට හරි වෙලා හයියෙන්ම අඬන්න ආයෙම. ඒ අතරේ ආයෙම අයුමිගේ ෆෝන් එක නාද වෙන්න
ගත්තත් ඈ ඒක අතට අරන් සයිලන්ට් කරලා බෑග් එකේ දාගත්තේ හිමාලි ඒ දිහා අමුතු විදියට
බලද්දි. රවීන් හොඳටම කලබල වෙලා වග ඈට දැනුනත්, සැන්ඩ්‍රා කියපු දේවල් ආයෙ ආයෙම ඇගේ හිතේ දෝංකාර දෙද්දි ඈ හිතුවේ ඒක
ඔහුට වෙන්න ඕන දෙයක් කියලා. සැන්ඩ්‍රා ගැන ඇත්ත ඔහු කවදාවත් ඈට නොකිව්වේ ඇයි කියලා
ඇගේ හිත අද ඇගෙන්ම ප්‍රශ්ණ කලා.
අයුමිගේ සැනසීමට හේතු වෙමින් බස් එක
ටික දුරක් යද්දි ඈට ඉබේටම නින්ද ගියේ
මහන්සියයි, රස්නෙයි දෙකම නිසා. අවිස්සාවේල්ලට ලං
වෙලා හිමාලි ඈට කතා කරද්දි ගැස්සිලා වගේ ඇහැරුණා අයුමිට එක පාරටම හිතාගන්න බැරි
වුණා ඈ මොකද මේ බස් එකේ ඉන්නේ කියලත්. ඒත් හෙමින් හෙමින් ආයෙම වෙච්ච දේවල් හිතට
කාන්දු වෙද්දි, ඇගේහිත ආයෙම මහා කාලකණ්ණි හැඟීමකින් බර
වුණා.
අයුමි බස් එකෙන් බැහැලා හිමාලි එක්කම
ගෙදර එන්න පිටත් වුණේ හැඟීමකින් තොරව. හිමාලි මොන මොනවදෝ අහද්දි ඈ, එවෙලෙට යමක් මිමිණුවත් ඒ උවමනාවකින් නෙවෙයි.
ගෙදර එන මගට එද්දි අයුමිට හිතුණා එක අතකට ගෙදර නෑවිදින් බෝඩිමේ නැවතුණා නම් ඉවරයි
කියලා. හිතේ මේ තරම් යුද්ධයක් ඇවිලෙද්දි ගෙදර අයට පේන්න මූනිච්චාවට හිනාවෙලා ඉන්නේ
කොහොමද කියලා ඈ කල්පනා කලා. හිමාලි එක්ක ආපු පැය දෙකට කතා කරන එන මෙච්චරම අමාරු
නම් දවස් දෙකක් එහෙම ඉන්නේ කොහොමද කියලා ඈ හිතලාවත් තිබුණේ නෑ.
අයුමිගේ කල්පනාව කොච්චර ගැඹුරු වුණාද
කිව්වොත්, ගෙදර පැත්තට හැරෙන පාර අසල ඈ එනකල්
බලාගෙන උන්නේ කවුද කියලා ඈ දැක්කේ නෑ ලඟට යනකල්ම.
"මද්දු...මද්දු...අර බලන්නකෝ කවුද අර
අපේ පාර ලඟ ඉඳගෙන මේ පැත්ත බලාගෙන ඉන්නේ?"
අයුමි හිස උස්සලා බැලුවේ හිමාලිගේ හඬට.
ඒ එක්කම ඈට දැනුනේ ඇගේ හිස මතට අයිස්
දහරාවක් වත්කලා වගේ හැඟීමක්.
පැජරෝ එකට හේත්තු වෙලා, එක අතක් බැඳගෙන, අනිකෙන් නිකට පිරිමදිමින්, නො ඉවසිල්ලෙන් වගේ ඒත් තියුණු බැල්මකින් ඈ එන දිහා බලාගෙන උන්නේ
රවීන්! ඈට හිතාගන්න බැරි වුණා රවීන් ඒ වෙලාවේ එතනට කොහොම ආවද කියලා. ඈ උන්නු තැනම
නැවතුණේ ඉබේටම. ටික දුරක් ඈ නැතිව ගිය හිමාලි හැරිලා බලලා ඈ නැති වග දැනගෙන
නැවතිලා ආයෙම ඈ දිහා බැලුවේ පුදුමෙකින්. ඒත් අයුමිගේ ඇස් තිබ්බේ රවීන් ගාව. රවීන්
උන්නේ හැඟීම් පාලනය කරගෙන වගේ, හයියෙන්ම හුස්ම ගනිමින්. අයුමිට හිතාගන්න
බැරි වුණා එතනින් ඉස්සරහට යනවද ආපහු හැරෙනවද කියලා.
"මද්දු...මොකද?" ඒ අස්සේ හිමාලි ඇහුවා.
හිමාලි රවීන් දිහායි, අයුමි දිහායි මාරුවෙන් මාරුවට බල බල හෙමින්
ඉස්සරහට ඇදුනා. ඒත් අඩි දෙක තුනක් යද්දිම රවීන් අයුමි ඉස්සරහට ආවේ හිමාලිවත් හොඳටම
පුදුම කරවමින්.
"අයුමි...ඔහොම නවතින්න" රවීන්
කිව්වේ විධානාත්මකව.
රවීන් ඉස්සරහටම ආව නිසා යන්න ඉඩක්
අයුමිට තිබ්බේ නෑ. අයුමි එක්කම හිමාලිත් නැවතුණා. ඈ උන්නේ කිසිම දෙයක් හිතාගන්න
බැරිව වගේ.
"ඔයා ඇයි ආවේ රවීන්?" අයුමි ඇහුවේ ඔහු දිහා කෙලින්ම බලලා.
"ඇයි ආවේ? මට නොකියම පිස්සෙක් වගේ ඔෆිස් එකෙන් එන්න ආවම මම වෙන මොකක්ද කරන්නේ?
ඇයි ඔයා එහෙම දමලා ගහලා ආවේ අයුමි? කොහොමද ඔයා එහෙම දෙයක් කලේ මට?" රවීන් ඇහුවේ තරහත්, දුකත් මුසු ස්වරයකින්.
"කවුද මද්දු මේ?" ඒ අස්සේ හිමාලි අහනවා.
"ප්ලීස් මිස්, මම දන්නේ නෑ ඔයා කවුද කියලා. ඒත් මේක අපේ පෞද්ගලික ප්‍රශ්ණයක්. අපට
ඒක විසඳගන්න දීලා කරුණාකරලා ඔයා යන්න. තෑන්ක් යූ" රවීන් ඊලඟට හිමාලි දිහාට
හැරිලා කිව්වේ ඉවසීම නැතිවුණ ගාණට.
"ඔයා කවුද මට එහෙම කියන්න?"
ඒ වචන වලින් තරහා ඇවිස්සුන හිමාලි ඇහුවේ උස් තද ස්වරයකින්.
"හිමාලි අක්කා ඔයා යන්න. ඒත් මම
වඳින්නම්, මම එනකල් අපේ ගෙදරට මුකුත් කියන්න
එපා" අයුමි හිමාලිට ආයාචනා කලා.
"කවුද මේ මනුස්සයා?" හිමාලි ඇහුවා ආයෙම.
"මම අයුමිගේ බෝයිෆ්‍රෙන්ඩ්. ප්ලීස් මිස්
දැන්වත් යන්න" රවීන් කිව්වා.
හිමාලි උඩ බිම බලද්දි, අයුමි හොඳටම කලබල වුණා.
"රවීන්...මොනවද ඔයා මේ කියන්නේ?"
"අයුමි මට පාර මැද මෙහෙම කතා කරන්න ඕන
නෑ. කරුණාකරලා වාහනේට නගින්න" රවීන් කිව්වා.
"මට බෑ රවීන්. ප්ලීස් මෙහෙන් යන්න. අපි
පස්සේ කතා කරමු" අයුමි ආයාචනා කලා.
හිමාලි තාමත් උන්නේ එතනම හිටගෙන.
"ආපු දේ කරගෙන මිසක මම යන්නේ නෑ. ඔයා
ඇයි එහෙම දමලා ගහලා ආවේ? ඇයි එහෙම කලේ? ඔයා දන්නවද මං කොච්චර කලබල වුණාද කියලා?"
රවීන් කෑ ගැහුවා.
"මට කතා කරන්න දෙයක් නෑ
තවත්" අයුමි බැරිම තැන කිව්වා.
රවීන් ඈ දිහා බැලුවේ ටිකක් තිගැස්සිලා
වගේ.
"එතකොට ඔයාට මට කියන්න තියෙන
දේවල් අහන්න ඕනත් නැද්ද?"
රවීන් ඇහුවේ පරාජිත හඬකින්.
"රවීන්, මට මේ වෙලාවේ මේවා කතා කරන්න මානසිකත්වයක් නෑ. කරුණාකරලා මට යන්න
දෙන්න. අපි පස්සේ කතා කරමු. දැන් කතා කරන්න ගියොත් මේක කොහෙන් නවතියිද මම දන්නේ
නෑ. මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න. මට ටිකක් නිදහසේ හිතන්න දෙන්න" අයුමි
පිංසෙණ්ඩු වුණා.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නා මොහොතක්
පරාජිත බැල්මෙන්ම. ඊට පස්සේ ඔහු හිස බිමට නවාගත්තා.
"කමක් නෑ. ඔයා කැමති තරමක් කල්
අරගන්න. ඒත් මට දෙයක් ඔයාට කියන්න ඕන..."
එහෙම කියලා ඔහු ආයෙම අයුමි දිහා
බැලුවා.
"මගේ හිතේ ඔයාට තියෙන ආදරේ
බොරුවක්, මවාපෑමක් නෙවෙයි. ඔයා එක්ක ඉද්දි කවමදාවත් මම
වෙන ගෑණු කෙනෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධයක් ඇති කරගෙන නෑ. සැන්ඩ්‍රා එක්ක ඔය කියන
විදියේ දෙයක් වුණේ නෑ. පුලුවන් නම් විතරක් මාව විශ්වාස කරන්න"
රවීන් එහෙම කියලා අයුමි එතනම හිටගෙන
ඉද්දිම ආයෙම වාහනේට නැගලා යන්න ගියා.
අයුමිගේ හිතේ පිරෙමින් තිබුණේ ලොකු
දුකක. ඈ රවීන්ට ආදරේ කලා වුණත්,
සැන්ඩ්‍රා ඇවිත් කියපු දේවල් බොරු
කියලා තවමත් හිත පිලිගන්න සූදානම් වුණේ නෑ. ඇහැට නැගුණ කඳුලු බිංඳුවක් හෙමින්
ඇඟිල්ලකින් පිහ ගත්තු ඈ ආපහු හැරෙද්දියි දැක්කේ හිමාලි තවමත් එතන වග. හිමාලි උන්නේ
බය වෙලා වගේ ඈ දිහා බලාගෙන.
අයුමි හිමාලිට කතා නොකරම ගේ දිහාට එන්න
හැරුණා. ඒත් හිමාලි ඈ එක්කම වගේ එන්න ආවා.
"මොකක්ද මද්දු ඒ වෙච්ච දේ තේරුම? ඒ ඔයා වැඩ කරන තැන අයිතිකාරයා නේද?" හිමාලි ඇහුවා.
ඒත් අයුමි මොනවත්ම කිව්වේ නෑ. ඔහේ ගේ
දිහාට එන්නා ආවා මිසක. ඇගේ කන් තිබුණේ මොකක්දෝ ඝෝෂාවකින් පිරිලා වගේ. හිත තිබ්බේ
එහමපිටින්ම අවුල් ජාලයක් වෙලා.
"මොකක්ද මද්දු මේ වැඩේ තේරුම? එක වෙලාවක හිමාලි ආයෙම අහනවා ඈට ඇහුණා.
ඈ ඒත් ඒකත් නෑහුණා වගේ තමන්ගේ ගෙදරට
හැරෙන පාරෙන් හැරිලා එන්න ආවේ හිමාලි දිහාවත් නොබලා. අයුමිට හිතාගන්න බැරි වුණා
ඊලඟට තමන් කරන්න ඕන මොනවද කියලා. ගෙදර මිදුලට යද්දි ආත්තම්මා උන්නේ මල් කඩ කඩ.
"ආ...මේ මොකෝඅ අද සති මැද්දෑවෙම
ගෙදර එන්නේ?" ඈව දැකපු ගමන් ආත්තම්මා හිනාවක් පාලා ඇහුවා.
"නිවාඩුවක් දාලා ආවා ආත්තම්මේ, සති අන්තේ එන්නත් බැරිවුණ හන්දා" අයුමි එහෙම කියාගෙන ගෙට එන්න
ආවා.
අම්මා තාමත් ගෙදර ඇවිත් උන්නේ නෑ.
මල්ලිත් class ගිහින් නිසාදෝ ගෙදර තිබ්බේ පාලු බවක්. අයුමි
තමන්ගේ කාමරේට වැදිලා බෑග් එක එහෙමම මේසේ උඩට වීසි කරලා ඇඳේ දිගාවුණේ, හිතේ තිබුණ,
දුක, කනස්සල්ල, වික්ෂිප්තබව මේ හැමදේම ආයෙම හිතේ බලවත් වෙලා ඈට වද දෙද්දි.
"කෝ මද්දු ආවා නේද? කෝ දැන්? මද්දු..."
ගෙවුණේ පැයක්ද, විනාඩි ගාණක්ද කියන්න අයුමිට නිනව්වක් තිබ්බේ නෑ. සාලේ දිහාවෙන්
අම්මගේ කටහඬ ඇහෙද්දි ඈ ඉබේටම ඇඳෙන් නැගිට්ටා. හිතේ මොකක්දෝ අහේතුක බයක් ඉපදුණේ
අම්මගේ හඬේ තිබ්බ ස්වරය නිසා. අම්මා උන්නේ තරහින්ද? අයුමි කාමරෙන් එලියට එබුණේ හිතේ ඒ දෙගිඩියාවත් එක්ක..
ම්ම්...කොහොමද ඉතිං යාලුවනේ? පොලු මුගුරු අරන් බලාගෙන ඇති කියලා හිතලා ටිකක් බයෙන් තමා මේ පැත්තේ ආවේ. කතාව ලියන්න මේ තරම් පමා වුණාට ගොඩාක්ම සමාවෙන්න ඕන.
ReplyDeleteපහුගිය දව ටිකේ කතාව ලියන්න වෙලාවක්වත්, මානසිකත්වයක්වත් තිබේ නෑ. එහෙම දවස් ඉතිං මිනිස්සුන්ගේ ජීවිත වල තියෙනවනේ. ඉතිං පුලුවන් වුණ පලවෙනි පාරම ඔන්න කතාව අරන් ආවා. වෙලාව ලැබෙන විදියට ලියලා පල කරන්නම්. කතාව තාම ඉවර නෑ...
ඉවසපු ඉවසිල්ලට හැමෝටම ගොඩක් ස්තුතියි..
Thank mcn... 0:)
Deleteපලන්න ඕනෙ ඔලුව... අපිව රස්තියාදු කරනවට.... :D
DeleteThanx nethu...!
කරදර අතරේ අපේ සතුට වෙනුවෙන් කතාව ලියනවට ඔයාට ස්තුතියි. නිතර ලියන mood එකට ඉක්මනට එන්න ලැබේවා කියලා පතනවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකතාව දැන්මට ගොඩක් ඉස්තූති...අක්කේ පොලු මුගුරු අතේ තියන් ඉන්න කට්යත් හිටියා එත් මම එහෙම නෑ... ඔයා fb ඉන්නවද
ReplyDeleteගොඩක් හොද බ්ලොග් එකක් දිගටම ලියන්න
ReplyDeleteඅයුමි ප්‍රාර්ථනා ජයසේන කොහොමද සමහර වෙලාවට මන්දරී වෙන්නෙ?
ReplyDeleteආයිමත් පොලු මුගුරු අතට අරන් කට්ටියට එලියට එන්න කියලද කියන්නේ ඊළඟ කොටස දාන එක පරක්කු කරලා ?
ReplyDeleteපළමු වතාවටයි කියෙව්වෙ එක හුස්මට කියෙව්වා. ඉඩ ලැබෙන විදිහට පහුගිය කොටස් කියවන්නම් . ඔයා ලියන ශෛලිය හරිම ලස්සනයි නෙතු . දිගටම ලියන්න. ජයවේවා.
ReplyDeleteඅක්කි පොඩි රික්වෙස්ට් එකක් මම ඔයාගෙ නවල් එකක් fb page එකට දාන්නද ?
ReplyDeleteඅයියෝ කෝ ඉතුරු ටික?
ReplyDelete