Sunday, March 8, 2015

විහංඟනාවී- හයවන කොටස

"අයුමි...ඔයාට පුලුවන්ද තව විනාඩි පහකින් විතර බෝඩ් රූම් එකට එන්න. අර අලුත් ප්‍රොජෙක්ට් දෙකේ ලොකේෂන්locationsසුයි, interior එකෙයි videos ඇවිත් තියෙන්නේ. අපි  පොඩ්ඩක් ඒක බලන්න ඕන" අයුමිට උදේ නවයට විතර රවීන් කතා කරලා කියද්දි ඈ උදේ කෑම කාලා ආවා විතරයි.
"හා..හරි සර්" අයුමි කිව්වේ කලබලෙන් වගේ.
note පොතකුයි, පෑනකුයි අරන් කොන්ෆෙරන්ස් රූම් එකට යද්දි අස්මි ප්‍රොජෙක්ටර් එක හදනවා. අලු පාට t shirt එකක් ඇඳගෙන උන්නු රවීන් මේසේ උඩ තියෙන ලැප්ටොප් එකට එබීගන ඉඳලා අයුමි එද්දි යන්තම් ඇස් උස්සලා බැලුවා.
"ආ..එන්න එන්න" ඔහු කිව්වා.
අද මේසේ උඩ තිබ්බේ අයුමි තෝරපු රවුම් වාස් එකටම දාඅපු සුදු ඩේසි මල් පොකුරක්, සයිප්‍රස් අතු එක්ක.
"අද වාස් එක හොඳද?" රවීන් අහද්දි ඈ ටිකක් විතර තිගැස්සුනා.එවෙලෙයි ඈ දැක්කේ රවීන් ඉඳලා තියෙන්නේ ඈ දිහා බලාගෙන වග.
"ආ...වරදක් නෑ සර්" ඈ කටට ආපු එක කිව්වා.
"වරදක් නෑ කියන්නේ හොඳත් නෑ කියන එකද?" රවීන් ආයෙම ඇහුවා.
"නෑ සර්, ඩේසි කොහොමත් ලස්සනයි" ඈ කිව්වේ හිනාවෙමින් උන්නු අස්මි දිහාත් බලන ගමන්.
රවීන් හිනාවෙනම ආයෙම ලැප්ටොප් එකට එබුණා.
"දැන් හරි නේද අස්මි?" ඊලඟට ඔහු ඇහුවේ අස්මිගෙන්.
"හරි මිසටර් රවීන්...අවුලක් නෑ"
"තෑන්ක්ස් අස්මි. සමින්දට කියන්න එන්න ඕන වෙලාවට මම කෝල් එකක් දෙන්නම් කියලා" රවීන් කිව්වේ එලියට යමින් උන්නු අස්මිට.
"ඔයා වාඩි වෙන්න" රවීන් ඊලඟට ඈ දිහා පුදුමෙන් වගේ බලලා කිව්වේ ඈ තාමත් හිටගෙන උන්නු නිසා වෙන්න ඇති.
රවීන්ගේ කොණ්ඩේ අද බැඳලා තිබුණේ නෑ. උරහිස ගාවට වගේ වැවුණ හිසකේ අලුපාට ටී ෂර්ට් එකේ කර මත විසිරිලා තිබුණා. ඒ එක්කම ඒ පැහැපත් මූණ තිබුණේ දැලි රැවුලකින් වැහිලා. හරියට කපන්න අමතක වෙලා වගේ.
"මේ පිංතූර වලිනුයි වීඩියෝ එකෙනුයි බැලුවට, වැඩේ හරියටම කරන්න කලින් අපි සාමාන්‍යයෙන් field visit එකක යනවා. මේක බලන්නේ අපට idea එකක් ගන්න විතරයි proposal එකට. මොකද අපි කතා කරන්න ඕන නේ මොනාද suitable themes කියලා"
රවීන් කිව්වේ ලැප් ටොප් එකේ ෆයිල් අරින ගමන්. අයුමි හිස වැනුවා විතරයි.
"අයුමි ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් ගිහින් ඇති නේ නේද?"
"ඔව් සර්. අපි එහෙම යනවා ඒ දවස්වල"
"ම්...හරි. මේ තියෙන්නේ අර මං කියපු අඹේවෙල ලොකේෂන් එක"
එහෙම කියන ගමන් රවීන් අඹේවෙල අලුතෙන් හදාගෙන යමින් තිබුණ පුංචි hotel එකේ පිංතූර සහ පොඩි වීඩියෝ එකක් පෙන්නුවා. ඊලඟට පැය බාගයක් විතරම දෙන්නා එක්ක කතා කලේ ඒ තැනට ගැලපෙන විදියට ඉදිරිපත් කරන්න හොඳ තීම් මොනවද කියන එක ගැන.
"මගේ හිතට එක පාරටම ආවේ අපේ Viole theme එක. ඔයාට මතකයි නේද? දම් පාට, සුදු පාට, ලා කොල එක්ක අලු පාටවල් යන්නේ. ඔයාට මොකක්ද හිතුණේ?"
රවීන් ඇහුවා වීඩියෝ එක මොහොතකට නතර කරලා.
"අම්...මේ වීඩියෝ එකේ පේන විදියට නම් සර් ඒ පැත්ත සීතල, නිතරම වගේ මීදුමෙන් වැහුණ පැත්තක්නේ. දම් පාට සීතල පාටක් නිසා ඒකෙන් මුලු interior එකම සීතල ගතියක් ගන්නේ නැති වෙයිද?" අයුමි ඇහුවේ බයෙන් සැකෙන් වගේ.
තමන්ගේ බොස් වුණත්, ඈ එකඟ නොවෙන දේකට බොරුවට හිස වනන්න අයුමිට පුලුවන් වුණේ නෑ.රවීන් මොහොතක් ඈ දිහා බලාගෙන ඉන්න ඇති.
"එහෙනම් ඔයා යෝජනා කරන්නේ මොකක්ද?" රවීන් ඇහුවා.
"මම හිතන්නේ මේ interior එකට හරියන්නේ hot colors කියලා. එතකොට ඇතුලෙදි ඉන්න අයට සීතල ගතිය වැඩි වෙලා දැනෙන එකක් නෑ කියලා මට හිතුණා සර්" අයුමි කිව්වේ රවීන් දිහා යන්තමින් බලමින්.
"මොන තීම්ද?" රවීන් ඇහුවා.
"back yard collection හරි එහෙම නැත්තම් sun rise theme?" ඈ යෝජනා කලේ තද රෝස, කෙහෙල් දලු කොල, තැඹිලි වගේ පාටවල් එකතු කරගත්තු themes.
"ම්ම්" රවීන් කල්පනා කරන්න වුණා. අයුමිට නිකමට හිතුණා රවීන් ආසම පාට දම් පාට වෙන්න ඇති කියලා.
" මේ...දම් පාට වුණත් Viole Theme එක නැතුව indigo හරි එහෙම නැත්තම් hot purple හරි එකතු කරගත්තොත් ලස්සන වෙයි නේද සර්?" අයුමි ආයෙම බයෙන් සැකෙන් වගේ ඇහුවා.
රවීන් තවමත් උන්නේ කල්පනා කරමින්. මේ අතරේ තේ හදන අන්ක්ල තේ දෙකක් අරගෙන conference room එකට ආවා.
"අපි වීඩියෝ එකේ අනික් එකත් බලලා ඉමු"
රවීන් කිව්වේ අයුමිගේ යෝජනාව ගැන මුකුත්ම නොකියා.
රවීන් අනික් වීඩියෝ එක හොයන්න folder හොයද්දි, එක වෙලේක ඔහුගේ ලැප් ටොප් එකේ wall paper එක තිරේ ඇඳුනා. ඒකේ උන්නේ ලස්සනට හිනාවීගෙන උන්නු අවුරුදු හත අටක විතර ගැණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි. අයුමි ඒ දිහා බලලා නිකමට රවීන් දිහා බැලුවා.
"මගේ දුවයි, පුතයි..." රවීන් කිව්වේ යන්තම් හිනාවක් මුවට නගාගෙන.
"ආනේ ඇත්තද සර්?" අයුමිත් හිනාවක් පෑවා.
"පුතා තමා ලොක්කා. තාම අවුරුදු දහයයි. කෙල්ල පොඩ්ඩි. අවුරුදු හතයි. ඒ වුණාට පේන්නේ නෑ නේ එච්චර පොඩි කියලා?" රවීන් ඇහුවා.
"ම්ම්...නෑ පේන්වා" අයුමි කිව්වා.
"අයුමිගේ පවුලේ කවුද ඉන්නවා කිව්වේ?" වීඩියෝ එක තියෙන ෆෝල්ඩර් එක හොයාගනිපු රවීන් ඇහුවා අයුමිගෙන් තේ එකත් අතට ගන්න ගමන්.
අයුමි ආයෙම පාරක් ඉන්ටර්විව් එකේදි කියපු විදියටම පවුලේ විස්තර කිව්වා.
"එතකොට තාත්තා?"
"තාත්තා දැන් අවුරුදු තුනකට විතර කලින් හාට් ඇටෑක් එකකින් නැති වුණා සර්..." අයුමි එහෙම කියද්දි ඇගේ හිතේ පිරුණේ පුංචි සංතාපයක්.
"ඕහ්...අයෑම් සොරි. ම්ම්...මම දැනං හිටියේ නෑ ඒක"
"ඒකට කමක් නෑ සර්"
"ජීවිතේ හැටි එහෙම තමා. අපිත් මේ ඉන්නවා, ඒත් කවුද දන්නේ හෙට මොනා වෙයිද කියලා. නේද?" රවීන් ඇහුවා.
"ඔව් සර්. ඒක ඇත්ත"
"දැන් අයුමි බෝඩ් වෙලාද ඉන්නේ, නැත්තම් තාම ගෙදර ඉඳන්ද එන්නේ?" ඊලඟට රවීන් ඇහුවා.
"බෝඩ් වුණා සර්, රාජගිරියේ"
"ආ...ඒක හොඳයි. එතකොට සිකුරාදට ගෙදර යනවා?"
"ඔව්"
"බෝඩිමෙන් කෑමත් දෙනවද?"
"ඔව් සර් උදේටයි, රෑටයි දෙනවා. දවල්ට පිටින් ගන්න ඕන"
"ආ... එහෙමද? ම්ම්...ප්‍රියන්තිලා මෙහෙන් දවල්ට කෑම ගන්න තැනක් තියෙනවා. ඔයා අහලා බලන්නකෝ. එතන කෑම හොඳයි. මමත් හිටි ගමන් එතනින් ගෙන්නගෙන කනවා"
"ඔව් සර් ප්‍රියන්ති මට කිව්වා"
"හරි හරි. කොහොමහරි කමක් නෑ බඩගින්නේ නො ඉඳ වැඩ කරන්නකෝ" රවීන් කිව්වම අයුමි හිනාවුණා.
ඊට පස්සේ ආයෙම රවීන් යොමු වුණේ වැඩේට. තවත් පැයකට විතර පස්සේ ඒ ප්‍රොජෙක්ට් බැලිල්ල ඉවර වුණා.
"ඔයා මට theme දෙකක් ගැන වගේ proposal එකක් දෙන්න බලන්න. මං ඒකත් බලලා මගේ comments දෙන්නම්. අපි එහෙම ඒක improve කරමු. තව සති දෙකකින් මේ client එනවා. එතකොට proposal එක අපි present කරන්න ඕන. හරි  නේද?" රවීන් ඇහුවා.
"ම්...හා...හා සර්" අයුමි කිව්වේ අවිනිෂ්චිතව.
"I am sure you will do a good job" රවීන් අන්තිමට එහෙම කිව්වා.
අයුමි තව මොහොතක් ගත්තා ඒ කියපු දේවල් කීපයක් කටුවට සටහන් කරගන්න. ඊලඟට ඈ හිස උස්සලා රවීන් දිහා බලද්දි ඔහු උන්නෙත් ඈ දිහා බලාගෙන. ඇගේ හිත ගැස්සුනත් රවීන් නම් පොඩ්ඩක් වත් එහෙම සැලුණ වගක් පෙනුනේ නෑ.
"හරිද, ලියාගත්තද?" රවීන් ඇහුවා.
අයුමි හිස වැනුවා.
"මට අයුමිගේ ෆෝන් නම්බර් එක දෙන්න. මට ප්‍රියන්තිගෙන් ඉල්ලගන්න බැරි වුණා. මම ඊලඟ සතියේ මුල එවෙන්නේ නෑ. මොනා හරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. මම progress එක බලන්න කෝල් එකක් සමහරවිට දෙන්න ඉඩ තියෙනවා. හරිද? ඊලඟ week Monday අපි draft එක බලමු"
රවීන් කිව්වේ අයුමි ෆෝන් නම්බරේ කියද්දි ඒක සටහන් කරගන්න ගමන්.
"හා සර්. එච්චරයි නේද?"
"ඔව්...ඕකේ එහෙනම්. Good luck with your first work"

"thank you සර්" අයුමි හිනාවක් පාලා එහෙම කියාගෙන එලියට එන්න ආවා.

1 comment:

  1. කතාවෙ මුල් කොටස නම් ටිකක් වගේ බෝරින්ග් ගතියක් තිබුණා (මට විතරක්)...ඒත් අන්තිම ටිකේදී ඒක මග හැරුණා.හොදයි....

    ReplyDelete