Tuesday, January 31, 2017

පොත් ගුලේ යාලුවෝ හැමෝටම සුබ උදෑසනක්...
කතාව එක දිගට දාන්න බැරි වුණ නිසා යාලුවෝ මං එක්ක අමනාපෙන් ඇති කියලා හිතුව හන්දයි, සමහර යාලුවෝ ලඟදි දාලා තිබුණ අදහස් දැක්කාමයි මට හිතුණා මම වෙලා තියෙන දේ කියන්න ඕනේ කියලා. විහංඟනාවී කතාව එක දිගට ලියාගෙන ඇවිල්ලා ජොබ් එකත් එක්ක වැඩ වැඩි වුණ හන්දා ලියන වේගේ අඩු වුණා. ඊට පස්සේ අන්තිමට පල කරන්න ලියපු කොටස් තුනෙන් එකක් පල කරාට පස්සේ මොනා හරි වෙලා අනික් දෙකොටස නැති වෙලා. සමහරවිට නිදිමතේ මට save කරන්න අමතක වෙලාද දන්නේ නෑ. ඒකයි, සසර සැරි සරණ තෙක් කතාවේ අන්තිමට ලියපු කොටසයි සේරම නෑ. මම හැම තැනකම, හැම විදියකින්ම හෙව්වත් හම්බුනේ නෑ. ඉතිං විහංඟනාවී අයෙත් ලියන්න තිබ්බ මූඩ් එක එහෙම පිටින්ම දැන් නැති වෙලා. අනික් කතාවත් බාගයක් ලියලා අතරමග. ඒ අස්සේ අලුත් ජොබ් එකේ වැඩයි ජීවිතේ වෙනස්කම් එක්ක අලුතින් නිර්මාණය වුණ වැඩයි එක්ක එක තැනක ඉඳගෙන ලියන්න වෙලාවකුත් නැති තරම්. මම හිතන්නේ නෑ ආයෙත් මට විහංඟනාවී ලියන්න පුලුවන් කියලා. සමහරවිට අලුත් කතාව නම් ලියාගන්න බැරි වෙන එකක් නෑ. ඉතිං මම කැමතියි යාලුවන්ගේ අදහස් කියනවා නම් මේ ගැන. කතාව අතරමග නතර කරපු එක ගැන මට ඇත්තටම කණගාටුයි. ඒක ආසාවෙන් බලපු හැමෝම ඒ ගැන මට සමාවෙන්න.

5 comments:

  1. It's okay Nethu. ��.
    I hope, you'll finish Vihanganavee , someday. Because, this story is different to your other stories.
    I'm happy to read anything you write. ��
    Please don't stop writing.

    ReplyDelete
  2. නරකයි ඔයා නම්...

    ReplyDelete
  3. එහෙම නම් අලුත් කතාවවත් දාන්නකෝ නෙතු . කාලෙකින් ලස්සන දෙයක් කියවන්න ලැ බුනේ නැහැ

    ReplyDelete
  4. මට ඔයගෙ පිටුව හොයා ගන්න බාරි උනා . අහම්බෙන් හම්බ උනා .
    අපූර්ව කතාව නඩ්ඩ.
    සතුටුඉ අයෙමත් ඔයගේ page එක හොයා ගන්න ලබුනට.

    ReplyDelete