Monday, February 17, 2014

















දිලෙන හිනැහෙන නුඹේ ඇස් ලඟ
සැලෙන ඇසිපිය හිතම ගස්සන
නුඹේ මුව අග පිපෙන හසරැලි
හිතේ මල් වැස්සක්ම වස්සන


දිවි මගේ පින් පහන් දල්වා
මගේ දිවියම කෙරූ ලස්සන
නුඹයි මා පැතු යශෝධරාවිය
හදවතේ දුක් කඳුලු සින්දන


1 comment:

  1. දිවි මගේ පින් පහන් දල්වා... අපූරු ම යෙදුමක්!

    ReplyDelete