ආන්යා දිහා හැරිලා බලපු අභී එහෙම්මම ආයෙම අහක බලාගත්තා. ආන්යගේ හිතත්,
දෑසුත් ආයෙම බර
වුණා.
"අභී..." ඈ ඔහුව ඇමතුවේ හෙමින්.
ඔහු සුසුමක් හෙලුවා විතරයි. ආන්යා ඔහු පැත්තට මදක් කිට්ටු වුණා.
"ඔයා කොහෙද අභී ඊයේ අරහෙම යන්න ගියේ? ඔයා දන්නෑ අපි කොච්චර බය
වුණාද කියලා"
ආන්යා එහෙම කිව්වත් අභී නිහඬවම බිම බලාගත්තා.
"ඇයි ඔයා කතා නොකරන්නේ? ඔයා ඇත්තටම මා එක්ක තරහද, තාමත්?"
ආන්යා ඇහුවේ අඬන්න වගේ.
"මගේ තරහක් නෑ..."අභී කිව්වේ වියලි විදියට. ඔහු අන්තිමේදි කතා කරපු එක
ගැන ආන්යට දැනුනේ සහනයක්.
"නෑ...ඔයා ඉන්නේ තරහින් තමා. ඒක මට කතාකරන විදිහෙන් තේරෙනවා" ආන්යා කිව්වේ චෝදනාවක් වගේ.
"වෙච්ච දේවල හැටියට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්" අභීගේ හඬ තවමත් වියලියි.
ආන්යා සුසුමක් හෙලලා ඇඳ විට්ටමට හේත්තු වුණා.
"කමක් නෑ...මට කියන්න එහෙමනම් දැන් ඇයි මෙතන කියල ඔයා?" ආන්යා ඇහුවේ
තවමත් තමාට පස්ස හරවගෙන උන්නු අභීගෙන්.
"මගේ උවමනාවට නෙවෙයි...අම්මලා කිව්වා කතා කරන්න කියලා, ඒකයි" අභී
එහෙම කිව්වාම ආන්යගේ හිත පෑරුණා. ඈ මොහොතක් දෙකක් කතා නොකර උන්නා.
"අම්මලා කියපු නිසාද ආවේ?" ආන්යා ඇහුවේ අමනාපෙන් වගේ. අභී සුසුමක් හෙලුවා.
"ආන්යා..." කවදාවත් නැතිව අභී ආන්යට ඒ නමින් කතාකලාම ආන්යගේ හිත තවත්
පෑරුණා.
"මේ වුණ දේවල් මට දරගන්න හරි අමාරුයි. මම හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම
දෙයක්...හීනෙකින් නෙවෙයි කොහොමවත් කවුරුවත් හිතන දෙයක් නෙවෙයි මේ වුණේ. මං ඇත්තටම
දන්නෑ මොකද කරන්න ඕන කියල" අභී කිව්වා.
"ඔයාට මාව විශ්වාස නැද්ද අභී...මං මෙච්චර කියලත් ඔයාට මාව විශ්වාස නැද්ද?"
ආන්යා ඇහුවේ හිත
වේදනාවෙන් ඇදුම් කද්දි.
"කාව විශ්වාස කරන්නද, නොකරන්නද කියලා මං දන්නෑ ආන්යා. මම මේ ලොකේන් වැඩියෙන්ම විශ්වාස කරපු
කෙනෙක් අන්නා, තව කෙනෙක් ඔයා...ආන්යා මම ඊයේ එතන වුණ හැමදේම අහගෙනයි හිටියේ...අන්නා ඔයාට
තාම ආදරෙයි කියන එක බොරුවක් නෙවෙයි...නෙවෙයි නේද?" අභී ආන්යා දිහාට මදක්
හැරිලා ඇහුවා.
"ඇයි ඕවා මගෙන් ඔහොම අහන්නේ අභී...මේක අපි දෙන්නා ගැන කතාවක් මිසක ආර්යන්
ගැන කතාවක් නෙවෙයිනේ. මත දැන්ගන්න ඕන මෙච්චරයි, ඔයාට තවත් මාව ඕනද,
එපාද?"
ආන්යා එහෙම ඇහුවාම අභී ඈ දිහා හැරිලා බැලුවා. ඒ මූණෙ තිබ්බෙත් විඩාබර
ගතියක්. ආන්යාගේ හිත තව
තව පෑරුනා.
"මම කොහොමද අභී ඒක දන්නේ? එයා එහෙම දෙයක් කිව්වේ නෑනෙ. ඔයා
අහගෙන හිටියා නම් ඒක ඔයා දැනගන්න ඕන. ඉතින් එහෙම කලාම වුණත්, මට ඒකෙන් වැඩක්
නෑ. මම ඔයාට වචනයක් දුන්නේ කා නිසාවත් වෙනස් කරන්න නෙවෙයි" ආන්යා කිව්වා.
අභී ආන්යා උන්නු දිහාට හැරුණා හොඳටම.
"කියන්න ලේසියි ආන්යා...ඒත් ඒක දරාගෙන ඉන්න ඔන මම නේද? කවදහරි ඒක ප්‍රශ්ණයක්
වෙන්න පුලුවන්. අපි කොහොමද එක වහලක් යට ඉන්නේ, අපි දෙන්නම ආදරේ කරන්නේ
ඔයාට කියලා දැන දැන?" අභී ඇහුවෙත් වේදනාවකින් වගේ.
"එහෙම වෙන්නෑ අභී...ආර්යන් අයියා දැනටමත් හිත හදාගෙන වග මට විශ්වාසයි. එයාට
ඕන අපි දෙන්නා සතුටින් ඉන්නවා බලන්න. එහෙව් එකේ එයා එහෙම කරන එකක් නෑ අභී. එහෙම
හිතන්න එපා ප්ලීස්"
අභී ආන්යා දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ.
"ඒත් මගේ හිතට හරි නෑ ආන්යා...ඔයාට මුලින්ම ආදරේ කලේ එයා. මම අන්නා ගැන
දන්නවා. එයා කවදාවත් හිත හදාගන්න එකක් නෑ. එයාට එහෙම කරන්න බෑ. ඒ තරම් එයා ඔයාට
ආදරෙයි. ඒක මම දැනගත්තේ කොහොමද අහන්න එපා. ඒත් ඒක තමයි ඇත්ත"
අභී එහෙම කියද්දි ආන්යට දැනුනේ මහා අපහසුතාවයක්. අභී එහෙම කියන්නේ කොහොමද
කියලා ඈට හිතාගන්න බැරි වුණා. මෙච්චර දවස් ඈට ගොඩාක් ආදරේ කරපු ඔහුමද මේ ඉන්නේ
කියලා ඈට අදහාගන්න බැරි වුණා. ඇගේ ඇස් වලට කඳුලු පිරුණේ ඉබේටම.
"එතකොට හරිද? ඔයයි, ඔයාගේ අන්නයි ගැන විතරක් හිතුවාම හරිද? ඇයි මං ගැන කවුරුත්
නොහිතන්නේ? ඇයි මට ඕන මොනාද, කාවද කියලා කවුරුත් අහන්නැත්තේ? මම නිකම් බෝනික්කෙක් විතරද ඔයාට අභී? ඔයාම නේද මම බෑ
බෑ කියද්දි ඇවිත් ඇවිත් මට කරදර කලේ? ඔයා නෙවෙයිද මට ඔයාට කැමති වෙන්න ඕනවෙන විදියට
දේවල් කලේ? එහෙම සේරම කරලා දැන් අයි මෙහෙම කියන්නේ අභී, ඇයි?" ආන්යා ඇහුවේ
කම්මුල් දිගේ කඳුලු රෝල් වෙද්දි.
අභී අහක බලාගත්තා ඉක්මණට, හරියට ඇගේ කඳුලු බලන්න බැරිව වගේ.
ආන්යගේ හිත බිඳුනා. අභී මෙහෙම කරාවි කියලා හීනෙකින්වත් නොහිතපු හන්දා,
ඔහුගේ මේ වෙනස
දරාගන්න ඈට පුලුවන් වුණේ නෑ. ආන්යා ඇඳෙන් නැගිට්ටේ අරමුණකින් තොරව. ඈ ඇඳෙන් බිමට
පැනලා දොර දිහාට දුවන්න හැදුවා.
"කොහෙද මේ යන්නේ?" ඈ එක්කම දුවගෙන ආපු අභී මගදි ඈව අල්ලගත්තා.
"මට යන්න දෙන්න...මට යන්න දෙන්න අභී. තවත් මෙහේ ඉන්න මට හේතුවක් නෑ. මට යන්න
ඕන" ආන්යා ඔහු එක්ක පොර බදන්න වුණා.
"ඔහොම පොඩ්ඩක් ඉන්න ආන්යා ප්ලීස්, ඔහොම ඉන්න..." අභී
කලේ ඈව බිත්තියකට හේත්තු කරලා තදින් අල්ලගත්තු එක.
ආන්යා බිත්තිය දිගේ ඇදිලා බිමට පාත් වෙලා, බිම ඉඳගෙන අඬන්න පටන්
ගත්තා.
"ආන්යා...ආන්යා මේ අහන්න...ඔයාට රිද්දන්න නෙවෙයි මම මේක කරන්නේ...මම කරන්න
හදන්නේ හැමෝටම හොඳක් වෙන දෙයක්. කලබල නොවී ඔයා ඔයාගෙම හිතින් අහලා බලන්න, ඔයා ඇත්තටම ආදරේ
කාටද කියලා..."
අභී එහෙම කිව්වාම ආන්යා ඔහුගේ දෑස් වලට එබුණා.
"ඔයා මට ආදරේ නැද්ද අභී?"
අභී එකපාරටම ගල් ගැහුණා වගේ වුණා ආන්යා එහෙම ඇහුවාම. අභී බිම බලාගත්තා
ඉක්මණටම. ආන්යා කලේ ඔහුගේ මූණ දෝතින්ම ඔස්වලා තමන් දිහාට ආපහු හරවගත්තු එක.
"මට වෙන මොනවත් කියන්න එපා, මේක විතරක් කියන්න...ඔයාට මාව ඕනද එපාද?"
අභී ඇගේ අත්දෙක උඩින් අත තියලා, අගේ දෝතම තමන්ගේ දෝතට ගත්තා. අරන් ආන්යගේ ඇස්
වලට එබුණා.
"මගෙන් ඔහොම අහන්න එපා ආන්යා.."
"ඔයාට මාව ඕන නෑ නේද?"
"ආන්යා..."
ආන්යා අභීව තල්ලු කරගෙන නැගිට්ටා. මේ වතාවේ ඈව නවත්ත්තන්න අභීට බැරි වුණා.
කාමරේ ඇරගෙන ඈ කෙලින්ම දිව්වේ පඩිපෙල දිහාවට. පඩිපෙල බැහැගෙන බැහැගෙන ඈ දීවේ
සාලෙට. සාලේ වාඩිවෙලා උන්නු ගෙවල් දෙකේම ඈයෝ ආන්යා දිහා බලාගෙන උන්නේ පුදුමෙන්.
"අම්මා...මට ගෙදර යන්න ඕන"
"ආන්යා...මොකද මේ?"
"මාව දැන්ම ගෙදර එක්ක යන්න, මට යන්න ඕන" ආන්යා කෑ ගැහුවේ පිස්සියක්
වගේ.
අම්මයි, තාත්තයි, අනුහසුයි නැගිටලා ඈ අසලට ආවේ බියපත් මුහුණින්. ආර්යන්ගේ අම්මයි, ආර්යනුයි ඈ දිහා
බලාගෙන උන්නෙත් එහෙමමයි. ඉඳගෙන උන්නු ආර්යනුත් නැගිටලා ඈ අසලට ආවා ඇගේ දෙමාපොයෝ එක්කම.
"මොකද ආන්යා වුණේ?" ආර්යනුත් ඇහුවා.
මෙවෙලෙම වගෙ උඩ තට්ටුවේ ඉඳලා අභීත් දුවගෙන පහලට ආවා.
"වුණ දේ මෙයාගෙන්ම අහන්න...මට තවත් මෙහේ ඉන්න ඕන නෑ. මට සමාවෙන්න මැඩම්,වෙච්ච හැමදේකටම.
මම නිසා මොආහරි අගෞරවයක් වුණා නම් මට සමාවෙන්න. එහෙම කියනවා ඇරෙන්න වෙන මොනා කරන්නද
කියලා මම දන්නේ නෑ..."ආන්යා කිව්වේ අභීගේ අම්මලා දිහාට හැරිලා.
"මොනවද මේ ළමයා මේ කියන්නේ?"
"ආන්යා...මේ අහන්න..." ඒ පාර කතා කලේ අභී.
"මුකුත්...කියන්න එපා...තවත් මට ඔයාගේ ඔය කතා අහන්න බෑ. ඔයා මට කවදාවත් ආදරේ
කරලා නෑ අභී...එහෙම කලා නම් අද මට මෙහෙම
කරන්න ඔයාට බෑ..." එහෙම කියලා ආන්යා හැරුණේ ආර්යන් දිහාවට.
"අන්තිමට, ඔයාගේ ආදරේ මට ඉතිරි කලේ මෙච්චරයි ආර්යන් අයියා...මේ දුක විතරයි..."
ආර්යන් ආන්යා දිහා බලාගෙන උන්නෙ අප්‍රමාණ වේදනාවකින්.
"අභී මොනාද මේ ආන්යා කියන්නේ? ප්‍රශ්ණේ විසඳගන්නයි ඔයාව අපි එහාට යැව්වේ...ඔයා
මොනාද කලේ මේ?" අභීගේ අම්මා අභී දිහාට හැරිලා ඇහුවා.
"මට මේක කරන්න හිත හදාගන්න බෑ අම්මා..." අභී කිව්වේ එච්චරයි.
ආන්යා එකතු කරගෙන උන්නු දෛර්යය සේරම කඩාගෙන වැටුණා. ඈට හොඳටම ඇඬෙන්න වුණා.
අභී එතනින් යන්න ගියේ ආන්යා දිහාවත් නොබලා. අනික් අය සේරම ගල් ගැහිලා වගේ බලාගෙන
උන්නා මොහොතක්.
"අපි යමු තාත්තේ යන්න. අභීට ආන්යව එච්චරම අවිශ්වාස නම් අපි මොකටද තවත් මෙහේ
ඉන්නේ? බලි බලන්නයැ? යමු යන්න" අනුහස් උන්නේ ආන්යා කවදාවත් දැකලා නොතිබුණ තරම් කෝපවෙලා.
අභීගේ අම්මා ලඟම තිබ්බ පුටුවකට බරවුණේ කම්පනයට පත්වෙලා වගේ.
"ඔයාලා දෙන්නම හිතුවේ මගේ නංගි සෙල්ලම් බඩුවක් කියල්ද? අතින් අතට මාරු
කරන්න? ආර්යන්...අපේ යාලුකම් සේරම අදින් ඉවරයි. ආයෙම කවදාවත් ආන්යව මුනගැහෙන්න,
කතා කරන්න හිතන්න
එපා. අපි දැන් යනවා. කරපු සංග්‍රහ සේරටම තෑන්ක්ස්...” අනුහස් ආන්යගේ අතකින් ඇදගෙන එලියට බැස්සේ අම්මලා
එනවද නැද්ද කියලාවත් නොබලා. ආන්යා ඔහු එක්කම ඇදිලා ගියේ යන්ත්‍රානුසාරයෙන් වගේ.
"අඬන්න එපා මීනු...අපි ඔයාට ඉන්නවනේ කවුරු නැතත්" ආන්යලගේ ජීප් එක ලඟට
ඇවිත් නැවතුන අනුහස් කිව්වේ තවම්ත් අඬවැලපෙන ආන්යට. ඒත් ආන්යගේ හිත තුවාලවේලා
තිබුණ විදියට ඈට නාඬා ඉන්න බැරි වුණා.
"අනුහස් ප්ලීස්...මෙහෙම කරන්න එපා. සේරම හරියයි. දැන් ඔහොම යන්න එපා"
ආර්යන් එලියටත් දුවගෙන ඇවිත් තිබුණා.
ඒ අනුහස් ඔහු කීව නෑසුකන්ව හිටියා මිස මොනවත්ම කියන්න ගියේ නෑ.
"අභීගේ තරහා නිවුනම-" ආර්යන් පටන් ගත්තා විතරයි අනුහස් මැදින් පැන්නේ
කෝප වෙලා.
"එක එකාගේ තරහා නිවේනකල් ඉන්නයි, අපහාස විඳින්නයි අපට තවත් ඕන නෑ මිස්ට ආර්යන්.
අපි පාඩුවේ ඉන්නම්, ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න. මේක මෙතනින් ඉවරයි...එච්චරයි"
ආර්යන් අනුහස් දිහා මොහොතක් බලාගෙන උන්නෙත් කෝපයෙන් වගේ. ඒත් ඔහු ඒක පිට
කරන්න ගියේ නැහැ. ටිකකින් ආන්යගේ අම්මලා ගෙදර ඇතුලේ ඉඳන් ආවා. ඒ මූණු වල තිබුණේ
දුකක්, පරාජිතභාවයක්. ඒත් දෙන්නම ආන්යට වචනයක්වත් කිව්වේ නෑ.
"අපි යනවා ආර්යන්" තාත්තා විතරක් ආර්යන්ට කිව්වා.
ඊටපස්සේ සේරම ජීප් එකට නැග්ගා. ආන්යා අනුහස්ගේ උරහිසේ හිස ගහගත්තා. ආර්යන් එලියේ
ඉඳන් බලාගෙන උන්නේ අසරණව.
ජීප් එක අභීලගේ ලොකු වත්තෙන් එලියට දාද්දි ආන්යගේ හිත සත් කඩකට පැලෙන්වා
වගේ වේදනාවක් ඈට දැනුනා. ඈ දවසකට කලින්
මෙහාට ආවේ මොන තරම් සතුටකින්ද? ඒ දවසේ අභී තමන්ට කොයි තරම් ආදරෙන් සැලකුවද කියලා හිතද්දි ඈට ආයෙමත් ඉකි
ගැහුණා. ඉතින් නම් ආයේම කවදාවත් තමන්ට හිනාවෙන්න බැරිවෙයි කියලා ආන්යට හිතුණා.
ඒ අතරේ ඈ නමට කඳුලු සලන තවත් ඇස් දෙකක් ඈ යන් දිහා බලාගෙන උන්නු වග ආන්යා
දැක්කේ නෑ. ඒ අහස යටම ආන්යා වෙනුවෙන් වැලපෙන තව හදවතකුත් තිබ්බ වග අර ඇස් දෙක
දැක්කෙත් නෑ.
ආන්යා මේ දෙන්නටම අයිති නොවී වෙන කෙනෙක්ට අයිති වෙනවට කවුරුත්ම කැමති නැද්ද?
ReplyDeletePractically, I think it's the best. Living at a house, knowing Husband's brother also loved her once( I mean now all of them know it) is very hard or may I say impossible?
DeleteE unata ithin ' pathaagena aapu widiyatalune' dewal sidda wenne. :P :D
But seriously, if we put all the other attachments aside; can aanya choose one person?
BTW nethu, I like to know your story ending. :). .
අපොයි......කැමති නැතෝ.....
ReplyDeleteඅදනම් මට ඇඩෙන්න ආව ඔන්න....මම නැති දවස් ටිකට වෙලා තියෙන දේවල්... අය්යෝ මම මෙහෙම වෙයි කියල නම් හිතුවේ නෑ.. ඒත් අක්කි අභීගේ සමහර ගති තියෙන කෙනෙක් මගේ ජිවිතෙත් ඉන්නවා...කොල්ලෝ ගොඩාක් වෙලාවට හිතන්නේ ඒගොල්ලෝ ගැන විතරයි
ReplyDeleteගෑනුළමයෙක් කැමති දේ මොකද්ද කියලා අහන්නෙ නැති එක නම් හැම තැනම වෙනවා අනේ..
ReplyDeleteහ්ම්..
This comment has been removed by the author.
ReplyDeleteඅපි කැමති එක නෙමේ නෙතු..ඔයාගේ අවසානය දාන්න ..එක්යි වෙන්න ඔනේ..මම හිතන්නේත් මෙක සැබැ ලෝකෙට අතහදා බැලුවොත් ආන්යාව මේ දෙන්නටම අයිති වෙනවට වඩා හොදයි වෙන කෙනෙක්ට අයිති විම ...ඔයා කතාවේ ආර්යන්ට දුන්නත් අභිට දුන්නත් ආන්යාව ..මේ කතාව හිතද්දි එ ගැහැනු කෙනාට ඉන්න වෙන්නේ මානසික පීඩනයකින් මේ දෙන්නාගෙන් කා එක්ක හිටියත්..අරයා බැන්දාත් මෙයාව දකිද්දි දුකයි..එ වගේම ලැජ්ජයි..
ReplyDelete