Tuesday, May 29, 2012

හතලිස් නමවන කොටස


"ලෑස්තිද...? අනුහස් ආන්යගේ කාමරේ දොර එහා පැත්තේ ඉඳගෙන කෑ ගැහුවා.
"ඉන්න ඉන්න එනවා" ආන්යා කිව්වේ ආයෙම පාරක් කඩා දාල උන්නු හිසකේ පීරන ගමන්.
"වාව්!" ආන්යා එලියට යද්දි පොඩ්ඩක් ඈත් වෙලා ඈ දිහා බලපු අනුහස් කිව්වේ අමුතු හිනාවක් පාලා.
"මොකෝ?" ආන්යා ඇහුවා.
"ගිනි කිරිල්ලි වගේ යන්නේ ඈ. හොඳයි හොඳයි..."
"අනේ යන්න අනූ...ඔයා හරිම නරකයි" ආන්යා කිව්වේ අනුහස් මගෑරලා සාලෙට යන ගමන්.
ආන්යා අද ඇඳගෙන උන්නේ අභී ඈට ගෙනැල්ලා දීපු සුදු පාට පුංචි ගවුම. ඒක දණහිසගාවට විතරක් දිග, පුංචි බෝරිච්චි අත් දෙකක් දාපු චාම් ගවුමක් වුණත් ඒක ඇන්දාම ආන්යගේන් දිස් වුණේ හුරතල් පෙනුමක්.
"එහෙනම් යමුද?" කාමරේ ඉඳන් ලෑස්ති වෙලා ආපු තාත්තා ඇහුවේ සාලේ උන්නු අනුහස්ගෙන්.
"කෝ අම්මා?"
"එයි එයි..ආ...මේ ඉන්නේ ලස්සනට" ආන්යව දැකපු තාත්තා කිව්වේ හිනාවෙලා.
ආන්යා ලැජ්ජාවෙන් රතු වුණා, ඈ බිම බලාගත්තේ අනුහස් එක එක අංගවිකාර දක්වමින් ඈට විහිලු කරද්දි.
"ගෝපි නම් ඔන්න කලින්ම ගිහින්...හදිසියකට ගෙදර පිරිමි පුලුටක් නෑ රාධාලගේ තනියට" එහෙම කිව්වේ සාලෙට එමින් උන්නු අම්මා.
"අපි ඉක්මණට එනවනේ...මම කියන්නම් මුත්තුසාමිට ඇවිත් බලන්න කියලා" තාත්තා කිව්වේ ඉස්ටෝරුවේ මුරකාරයා ගැන.

කොහමහරි කට්ටියම එකතු වෙලා අභීලා උන්නු බංගලාවත යද්දි, එතනට තව කට්ටිය ඇවිත් උන්නු වග ආන්යට පෙනුනා.
"ආ..මේ අනෙක් වතු වල මැනේජර්ස්ලත් ඇවිත් නේ. මනී මහත්තයා හොඳ පාටියක් ඔර්ගනයිස් කරලා වගේ කාලෙකින්" තාත්තා කිව්වේ සතුටින්. මොකද ඔහුට ඔහුගේ මිත්‍රයෝ හම්බෙනවනේ.
"එහෙනම් ඉතින් අද ගොඩක් අය යද්දි හතරගාතෙන් යයි" අම්මා කිව්වේ ඇනුම්පදයක්. ඒත් තාත්තා හිනාවුණා විතරයි.
"ආ...මේ ආවේ අපේ දෝනි...එන්න එන්න. ඔයා හරි ලස්සනයිනේ අද" ඇතුලට යද්දිම වගේ සාලේ මුල හිතගෙන උන්නු අනුලා මැඩම් ආන්යව පිලිගත්තේ බොහොම උණුසුම්ව. තද නිල් පාට සල්වාර් ඇඳුමක් ඇඳලා උන්නු ඈ අභීගේ අම්මට වඩා අක්කා කෙනෙක් කියලා දැන් කිව්වහැකි කියලා ආන්යට හිතුණා.
"මැඩමුත් අද හරි ලස්සනයි" ආන්යා කිව්වේ ඒකයි.
"ෂ්...මැඩම් කියන්න එපා. අම්මා කියන්නකෝ...ආ...රූපා එන්න එන්න. අනේ ඇතුලට ගිහින් වාඩි වෙන්නකෝ එහෙනම්" ඈ ආන්යාගේ අම්මවත් පිලිගත්තා එහෙම. "හැබැයි ඉතින් ආන්යට නම් ටික වෙලා තනියෙම තමා ඉන්න වෙන්නේ. අභී දවල් ඇවිත් නිදියගත්තු පාර තාම නිදි...ඔයා ආවාම ඇහැරවන්න කිව්වා, ඒත් පව් නේ නේද? අපි තව චුට්ටකින් ඇහැරවමු නේද?"
ආන්යා හිනා වුණා.
"ඒකට කමක් නෑ. මම ඉන්නම්. ඇහැරවන්න ඕන නෑ පව්" එහෙම කියලා ආන්යා ඇතුලට ගියා අම්මලා එක්කම.
ඒ යද්දි එක පැත්තක මනී මහත්තයා අනෙක් මැනේජර්ලා වටකරගෙන බර කතාවක්.
"ආ...වීරේ, එන්න එන්න. අපි මේ එනකල්මයි හිටියේ..."
ඉතින් තාත්තා ඒ පැත්තට ගියා. අනෙක් පැත්තේ උන්නේ අම්මගේ සෙට් එක. ඉතින් අම්මා ඒ පැත්තට ඇදුනා. සාලේ ඉතිරි වුණේ අනුහස් එක්ක ආන්යා විතරයි, මැනේජර්ස්ලගේ පොඩි ළමයි ටික ඇරෙන්න.
"කොහෙද දන්නෑ මේ ආර්යන්...ආවට පස්සේ දැක්කෙම නෑනෙ" අනුහස් වටපිට බලද්දි ආන්යටත් නොබලා ඉන්න බැරි වුණා.
"මම හොයාගෙන එන්නම් මීනු...ඔයා මේ පොඩ්ඩෝ ටික එක්ක ඉන්න" අනුහසුත් සෙනග අස්සේ අතුරුදහන් වුණා.
වැඩට උන්නු ගෑණු ළමයි දෙන්නෙක් ආන්යලට කේක් එක්ක බීම ඇල්ලුවා.
"දෝණි...එන්නකෝ පොඩ්ඩක් අභීව බලලා එන්න යන්න" හදිසියේම කොහෙන්දෝ ආපු අභීගේ අම්මා කතා කලේ ආන්යා පොඩි ළමයි එක්ක සෙල්ලම් කරමින් ඉද්දි.
"මම ඉක්මණට එන්නම් ඈ" එහෙම කියපු ආන්යා අනුලා මැඩම් පස්සෙන් ඇදුනා.
අභීගේ කාමරේට ආන්යා එක පාරක් ඇවිත් තිබුණත් අද අභීගේ අම්මා එක්ක, එද්දි ඈට දැනුනේ වෙනස්ම හැඟීමක්.
"බලන්න්කෝ බබා වගේ නිදි. පව් කොහෙටවත් හැරෙන්නත් බෑනෙ කකුල හන්දා"
ඇඳේ උඩුබැලි අතට හොඳටම නින්ද ගිහින් උන්නු අභීව දැක්කාම ආන්යටත් දැනුනේ දුකක්.
"පස්සෙම ඇහැරවමු. කමක් නෑනෙ?"
"කමක් නෑ අම්මා" ආන්යා මුල්ම වතාවට එහෙම කිව්වා.
"යං"
"ශර්මිලා මොකද පේන්න නැත්තේ අම්මා?" සාලෙට ඇවිදගෙන එන අතරේ ආන්යා ඇහුවේ ඈ පේන්න නොහිටපු නිසයි.
"එයා ඒ දවස්වලම ගියා. ඉන්ඩියා යන්නත් එක්කම. මොකද එයාගේ නෑයෝ ගොඩක් ඉන්නේ එහේ. සාරි ගන්නයි, ජුවලරි හදන්නයි තව දන්නැද්ද රටේ නැති වැඩනේ. ඒ දෙන්නා නම් ඉක්මණටම පිලිවෙලක් කරන්න ඕන. ආර්යන් දැන් අවුරුදු ගාණක් ඕක ඇද ඇද ඉන්නේ. මට ශර්මිලාගේ ගෙදරට බොරු කියලා එපා වෙලා" එහෙම කියලා ඈ හිනාවුණත් ආන්යගේ හිතට නම් ආවේ මොකක්දෝ දුකක්. ඒ ආන්යා ඒකට ඇත්තම හේතුව දන්න නිසා වෙන්න ඇති.
"වෙලාවකට මට හිතෙනවා ආර්යන් හා කිව්වේ අපි හින්දද කියලත්...කවුද දන්නේ අභී වගේ එයත් වෙන කෙනෙක් හොයාගෙන හිටියද කියලා නේද?" අභීගේ අම්මා එහෙම කිව්වාම ආන්යට දාඩියකුත් දැම්මා. ඈ හිනාවුණේ හරිම අමාරුවෙන්.
"නෑ...මම නම් එහෙම හිතන්නෑ" ආන්යා කිව්වා.
අභීගේ අම්මා ආයෙම කොහාටදෝ අතුරුදහන් වුණාට පස්සේ ආන්යා ආයෙම සාලේ තනි වුණා. ඈ අනුහස් හොයාගෙන එලියට බැස්සේ ගේ ඇතුලේ තනියෙම ඉන්න පාලු හන්දා.
"අයියෝ දොරෙ...මුඩියාද දොරේ...(අනේ මහත්තයා, බෑ මහත්තයා). ඉප්ප ඉදු රෙන්ඩාවද තානේ?(මේ දෙවනි එක නේද?)අප්පා පාතා එන්න නෙනක්කුම් (තාත්තා දැක්කොත් මොනා හිතයිද?)" ඒ හඬ ඇහුණේ ආන්යා උන්නු තැනට එහායින් තිබ්බ සමර් හට් එක ලඟ ක්‍රෝටන් පඳුරු අතරින්.
"ඉල්ල, යෙනක වේනුම් (බෑ මට ඕනමයී) යෙන් මනස සරිල්ල ඩා...(මගේ හිත හරි නෑ බං)නා ඉන්ද එල්ලම මරක්කනුම්...කුඩික්කාම එප්පුඩි මරක්කමුඩියුම්? (මට මේ සේරම අමතක කරන්න ඕන. නොබී කොහොමද අමතක කරන්නේ?) යෙංග පාර්තාලුම් අවරෝඩය කන්න, සිරිප්පු තාන් තෙරියද (කොහේ බැලුවත් එයාගේ ඇස්, හිනාව තමා මට පේන්නේ), කුඩිකාම නා යෙප්පුඩි ඩා මරක්කමුඩියුම් (නොබී කොහොමද බං අමතක කරන්නේ?)...නී පොයිට්ට එඩතිට වා...(උඹ ගිහින් අරගෙන වරෙන්)" ආන්යට ඒ හඬ ඇහුනේ ඈතක ඉඳන් එන්නා වගේ.
ඒ එක්කම ඇගේ හිත බිමට වැටුණ වීදුරු බෝලයක් වගේ විසිරුණා. හිතට ආපු ආවේගෙට ඈ කෙලින්ම ඉස්සරහට ගියේ වේගෙන්. ඈ යද්දි හිස් විස්කි බෝතලයකුයි, වොඩ්කා බෝතලයකුයි අතේ තියාගෙන උන්නු ගෝපිත්, අසල පුටුවකට වාරු වෙලා වෙරිමතින් උන්නු ආර්යනුත් ඈ දිහා බැලුවේ පුදුමෙන්.
"මොනවද මේ කරන්නේ?" ආන්යා ඇහුවේ ඇඬෙන්න ඔන්න මෙන්න හඬකින්, කෑ ගහලා වගේ.
"ආන්යා..." ආර්යන් කෙලින් වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ගෝපි...යනවා යන්න මෙතනින් ඔය බෝතලුත් අරගෙන...යනවා ඉතින්" ආන්යා කවදාවත් නැතිව ගෝපිටත් සැර වුණා.
"අයියෝ බේබි කේගාන්න යෙපා බේබි...කාට හරි ඇහුණොත් මොකද වෙයි?" ගෝපි එතනින් ගියේ නැතිවම කිව්වා. ආන්යා ඔහුව අතෑරලා ආර්යන් දිහාට හැරුණා.
"මොනවද ආර්යන් අයියා ඔයා මේ කරන්නේ? ඔයා කියපු දේවල් සේරම මට ඇහුණා...අනේ ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඔයා බිව්වා කියලා මොනවත් වෙන්නෑ කියලා ඔයාට තේරෙන්නැද්ද? ආර්යන් අයියා...අභී ඔයාගේ මල්ලි, මං... මං...එයාගේ" ආන්යා කිව්වේ ඇස් වලින් කඳුලු වැටෙද්දිමයි.
ආර්යන් ඈ දිහා බලාගෙන උන්නේ, වේදනාව පිරුණ මුහුනින්.
"ඔයා මගේ වෙන්නත් තිබුණා"
"ආර්යන් අයියා ප්ලීස්..."
"අයි ලව්ඩ් යූ ෆස්ට්...බට් අයි කුඩ් නොට් ටෙල් ඉට් ටු යූ ෆස්ට්...වස් දැට් මයි ෆෝල්ට්? ඔර් වස් ඉට් ලවින්ග් යූ, ආන්යා ටෙල් මී..."
"ගෝපි මෙන්න මෙයාව අරන් ගිහින් වෙරි බහින්න මොනා හරි දෙන්න...මෙයාගේ අම්මා දන්නවනම් පොලවේ පස් කයි...දෙයියන්ගේ නාමෙට ඔච්චර බොන්න එපා ආර්යන් අයියා. බිව්වා කියලා මොනවත් වෙනස් වෙන්නෑ"
ආන්යා කිව්වේ හිතේ ලොකු දුකක් පෙරලි කරද්දි.
"මම ඒක දන්නවා ආන්යා... දන්නවා …. මම බොන්නේ ඔයාව අමතක කරන්න, සිහියෙන් ඉද්දි ඒක කරන්න බෑ..."
"අනේ ආර්යන් අයියා ප්ලීස්...මං වඳින්නම් දැන් ආයේ බොන්න එපා. අම්මා දැක්කොත් හොඳ නෑ...ප්ලීස්" ආන්යා බැගෑපත් වුණා.
ආන්යා...
"වාංග පෝලාම් දොරේ.. වාංග පෝලාම්...වාංග (මහත්තයා එන්න යන්න..එන්න) ගෝපි වාරු නැති ආර්යන්ව ඇදගෙන ගියේ ඔහු තවත් මොනවද මුමුණද්දිමයි.
ඒ යන දිහා බලාගෙන උන්නු ආන්යා අසල තිබ්බ අඳුරු බිත්තියට හේත්තු වුණේ හති දමමින්. ඇගේ හිතේ පෙරලි කරමින් තිබ්බ දුක කඳුලු වලට දිය වෙලා ගලාගෙන ගියත් ආන්යා ඇඬුවේ නෑ. කොච්චර ඇඬුවත් දැන් කිසිම දෙයක් වෙනස් වෙන්නෑ කියලා ඈ දන්න නිසා. ඒත් ඈ හන්දා ආර්යන් අර විදියට ජීවිතේ නැති නාස්ති කරගන්න යන එක ඈට දරාගන්න පුලුවන් වුණේ නෑ. ආර්යන් නොපෙන්නුවට මොන තරම් දුකක් වේදනාවක් ඒ හිත තුල පෙරලි කරනවා ඇද්ද කියලා හිතද්දි ආන්යට ඒක තවත් දරාගන්න බැරි වුණා. ආර්යන්ව මේ විදියට දකින්න ඈ හීනෙකින්වත් හිතලා තිබුණේ නෑ. ආපහු ගේ ඇතුලට යන්න බෑ හිතුණත්, අභී නිසා නොයා ඉන්න ඈට පුලුවන්කමක් තිබුනේ නෑ. 
"මීනු..."
"ආ..ඇයි අභී"
ආන්යා ගිලිලා උන්නු කල්පනාවෙන් මිදුනේ අභී කතා කලාම.
"ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද? ආපු වෙලේ ඉඳන් කල්පනා කර කර ඉන්නේ" අභී ඇහුවේ නොසතුටකින් වගේ.
"අනේ නෑ...එහෙම දෙයක් නෑ. මේ වෙච්ච දේවල්, හරි ඉක්මණට මෙහෙම වුණා නේද කියලයිමං හිතුවේ" ආන්යා කිව්වේ ඇත්ත කියන්න ඈට බැරි හන්දා.
කකුල ටීපෝව උඩ තියාගෙන, සුදු දිග සැටියේ වාඩි වෙලා උන්නු අභී අසුනේ හරි බරි ගැහුණා.
"මෙහෙම ඉඳලා ඉඳලා කොන්දත් අමාරුයි" අභී කිව්වේ ඇඹරෙමින්.
"ආපහු කාමරේට ගිහින් ඇලවෙනවද?" ආන්යා ඇහුවා.
"ම්හු...බෑ. එතකොට අපි කතා කරන්නේ කොහොම්ද?"
"එහෙනම් ඔයා මේ සැටියෙම දිගෑදෙන්න..." ආන්යා සැටියෙන් නැගිටිමින් කිව්වා.
ඊට පස්සේ ආන්යා ඔහුට සැටියේ දිගෑදෙන්න උදව් කලා.
"ඔව්, ඔව්,දැන්ම ඉඳන් ස්වාමියාට සලකන්න පුරුදු වෙන එක හොඳයි" එහෙම කිව්වේ කොහෙදෝ ඉඳන් මොනවදෝ හපමින් ආපු අනුහස්.
"සලකන්න පුරුදු වෙන්න ඕනයැ?" ආන්යා ඇහුවේ කට ඇද කරලා.
"නැත්තං...මොකෝ ඔයාට ගෙදරදි ඕවා කරලා පුරුද්දක් තියෙන එකක්යැ?"
"මම හදලා ගන්නම්කෝ" අභී කිව්වේ හිනා වෙවී.
"බලමුකෝ" ආන්යා කිව්වේ දෙන්නටම.
"මම බොන්න දෙයක් අරන් එන්නම්" ආන්යා නැගිට්ටා. අනුහසුත් ඈ පස්සෙන්ම ආවේ බොන්න දෙයක් ගන්න.
"කොහෙද අනූ හිටියේ මම හැමතැනම හෙව්වා"
"අන්න අරහේ බොනපාට්ලා ඉන්න හරියේ...ඔයා දන්නවද, ආර්යන් ඔහොම හිටියට පට්ට බෙබේ කෙනෙක්නේ" අනුහස් එහෙම කිව්වාම ආන්යගේ හිත සසැලුණා.
"චී...එහෙම කියන්න එපා" ආන්යා කිව්වා.
"ඉතින් බෙබේට එහෙම නොකියා මොනා කියන්නද? පොර කන් පාත් වෙන්න ගහලා, ආන් අරහේ වමනේ දානවා. අනේ මන්දා බැරිනම් මොකට බොනවද කියලා" අනුහස් කිව්වේ කජු දාපු දීසියක් අතට ගන්න ගමන්. ආන්යගේ හිතට ආවේ ලොකු කණගාටුවක්.
"ඉතින් ඔයා එතනට ගියේ කොකාකෝලා බොන්නද?" ආන්යා ඇහුවේ කෝපෙන් වගේ.
"නෑ...නෑ...මම බිව්වේ ස්ප්‍රයිට්...හැබැයි කලින් බියර්ද කොහෙද බීපු කෝප්පයක් සෝදන්නැතුව" අනුහස් කිව්වේ ඇඟට පතට නොදැනී.
"අනූ..." ආන්යා ඇස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවා.
"ඇයි...ඉතින් කෝප්පේ හෝද හෝද ඉන්න බැරි නිසා එහෙමම බිව්වා"
"ඉන්නවා මං අම්මට කියන්න"
"මොනාද?"
"කියනවා සුරාමේර සිල්පදේ රකින හැටි"
"අනේ මේ පිස්සු නම් කෙලින්න එපා කෙල්ලේ ඈ. පොඩි බියර් එකක් විතරයි ගත්තේ. සත්තයි...මේ අම්මට එහෙම මේ ගැන කියන්නෑ....හරිද?"
"තමන් බිබී අනික් අයට පද හදන හැටි?"
"හරි ඉතින් අපි කන් පාත් වෙන්න බොන්නෑනෙ නගා"
ආන්යා අනුහස්ට ඇද කරලා අහක බලාගත්තා. ඒත් මොහොතකට ඇගේ හිත දිව්වේ ආර්යන් දිහාට. ඔහු කවදා තමන්ගේ හිත නිදහස්කරාවිද කියලා ආන්යා හිතුවා.

"...අහන්නකෝ...ආන්යට හොඳට සිංදු කියන්න පුලුවන්. මම දැකලා තියෙනවා"
කට්ටියම කාලා බීලා තැන් තැන් වල ඉඳගෙන ඉන්න වෙලාවේ අභී නිවේදනය කලේ හිටපු ගමන්. ඔහු අසල උන්නු ආන්යා බයවෙලා වගේ වටපිට බැලුවා.
"අනේ බොරු බොරු..." ආන්යා කිව්වේ අභීට රවන  ගමන්. 'මොනා කරනවද මන්දා'
"අනේ කියන්නකෝ දෝණි අපටත් අහන්න" අනුලා මැඩම් කිව්වා.
"අනුහස් පියානෝ ගහයි...එයත් මෙයාට දෙවනි නෑ" එහෙම කිව්වේ කොහේදෝ ඉඳලා ආපු නාරද.
"මට නම් බෑ අභී..." ආන්යා හෙමින් කිව්වා.
"ප්ලීස් මීනු...මං වෙනුවෙන්?"
ආන්යා හිස වන වන වටපිට බලද්දි ඈ දැක්කේ මේ දැන් නෑවා වගේ තෙත හිසකෙ පිටින් උන්නු ආර්යන්ව. ආර්යන් ඈ දිහා බලලා අහක බලාගත්තා.
"ප්ලීස් මීනු..." ඒ අස්සේ අභී වදේ ගහන්වා.
"ඔන්න ඔහේ එකක් කියන්න මීනු...මම පියානෝ ප්ලේ කරන්නම්" අනුහස් කිව්වා.
ආන්යට තේරුණා දැන් නම් ගීතයක් කියන්නම වෙන වග. ඈ  කල්ප්නා කලා මොහොතක් මොකක් කියන්නද කියලා. ඒ එක්කම ඈට මතක් වුණේ අනුහසුයි, ඇයයි දෙන්නම් ආදරේ කරපු ගීතයක්...අදට ගැලපෙනම එකක්.
"අරක...දීපිකා ප්‍රියදර්ෂනී මැඩම්ගේ..." ආන්යා අනුහස්ට මතක් කලා.
එකපාරටම හැමෝම මීයට පිම්බා වගේ නිෂ්ශබ්ද වුණා.
"මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න...
නෑ හයියක් මට ඔබ දැක දැක පලායන්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
අභීගේ ලයාන්විත පියානෝ පෙර වාදනය ඉවරවුණ ගමන් ආන්යගේ ගීතවත් හඬ බංගලාවේ සාලෙත් හාත්පසමත් විහිදිලා ගියා. ආන්යගේ ඇස් ඉබේටම දිව්වේ ආර්යන් ලඟට. ආර්යන් සේරම අමතක වෙලා වගේ ඈ දිහා බලාගෙන උන්නා.
"මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම දවසයි
හෙට අවපස වී මං එනවිට අඬන්න නරකයි...
තව එපා ඉන්න...ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
මොන හේතුවකටදෝ ආන්යගේ ඇස් වලට කඳුලු එකතු වුණා, ඒ ගීතයේ අරුත නිසාද, අභීගේ ලයාන්විත වාදනය නිසාද, නැත්තම් ඈත උන්නු ආර්යන්ගේ දිලිසෙන ඇස් දෙක නිසාද කියලා ඈට තෝරගන්න පුලුවන් වුණේ නෑ.
සඳ එන අහසක සුදු සීතල සැමදා නුඹටයි...අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලඟමයි...දැන් ඉතින් යන්න... දැන් ඉතින් යන්න අතැඟිලි බැඳුනම බැරිවෙයි මුදු පලඳවන්න...
මට කඳුලු එක්ක කලියෙන්...මං දමා යන්න..."
ගීතය ඉවර කරලා ආන්යා ඇස්පියාගත්තා. ඇස් වල කඳුලු පිට පනිනවා ඈට දැනුනා. අභීගේ අතක පහසක්, අගේ අතකට දැනුනා. අභී ඇගේ අත මිරිකගත්තා.
අනික් හැමෝම අත්පුඩි ගැහුවා, මොන මොනවදෝ කියමින්.
"වාව්...හරිම ලස්සනයි මීනු...මට ඇඬෙන්නත් ආවා. ඒකහරිම දුක  සිංදුවක් නේ" අභී කිව්වා.
ආන්යා ඇස් ඇරලා බලද්දි ඉස්සෙ ල්ලා උන්නු තැන ආර්යන් උන්නේ නෑ. ඒත් අනික් අයගේ ඇස් තිබුණේ තමන් අසල නිසා ආන්යා අමාරුවෙන් හිනාවක් මුවට නගාගත්තා.
"අනුහස්ගේ පියානෝ වාදනෙත් නොම්මර එකයි" නාරද කිව්වේ හැමෝම ඒක අනුමත කරද්දි.
"ස්ටාර් ශ්‍රී ලංකා" හොඳටම බීලා උන්නු කවුදෝ කෑ ගහනවා ආන්යට ඇහුණා.
ආන්යගේ ඇස් හෙව්වත් ඊටපස්සේ ආර්යන්ව ඈට දකින්න ලැබුණේ නෑ.
"හෙට නම් මට යන්න වෙනවා මීනු...
රෑ පැදුරු සාජ්ජෙකට අනික් අය එකතු වෙලා ඉද්දි සාලේ කොනක තනි වෙලා ඉන්න අතරේ අභී ආන්යට කිව්වා. අභී හන්දා ආන්යට පැදුරට යන්න ඕන වුණේ නෑ. අභීටත් ඕන වුණේ නෑ.
"ම්ම්" ආන්යා සුසුමක් හෙලුවා.
අභී ආන්යගේ පිටිඅත්ල හෙමිහිට පිරිමැද්දා. ආන්යා ආයෙමත් සුසුමක් හෙලුවා.
"ගොඩ දවසකට එන්න වෙන එකක් නෑ ආයෙත්. මට ඩ්‍රයිව් කරන්නත් බෑනෙ...ඔයා මාව බලන්න එනව්ද මීනු?"
"තාත්තා ආවොත්, එන්න බලන්නම්..."
"හ්ම්...කවද්ද ආයේ පේරාදෙණියේ යන්නේ?"
"තාම දන්නෑ...කියලා නෑ"
"බලන්නකෝ ඒ දවස් ටිකේ අපට එකට ඉන්න බැරිවුණ හැටි නේද?" අභී කිව්වේ විස්සෝපෙන්.
"එහෙම හිතන්න එපා...අපට කෝල් කරන්න පුලුවන් නේ"
"කෝල් කලාට මෙහෙම ලඟ නෑනෙ මීනු" අභී ආන්යගේ අත අරගෙන පපුවට තියලා තදකර ගත්තා. අභී ගැන තියෙන සෙනෙහස ආයෙම හිතේ ඉස්මතු වුණා. ඈ අත හෙමිහිට ඇදගන්න හැදුවා.
"අම්මලා දැක්කොත්..."
"ඉතින් ඔයා මගෙනේ"
"ඒ වුණාට"
අභී බිත්තියේ පැති ලාම්පුවේ ලා කහපාට මන්දාලෝකයෙන් පේන ආන්යගේ දෑස් වලට එබුණේ ලොකු කතාවක් කියන ඇස් වලින්. ආන්යට දැනුනා ආයෙම හිත පිච්චීගෙන යන හැඟීම. ඈ ඉවත බලාගත්තේ ඒකයි.
"හෙට හැමෝම යනවද?" ආන්යා කතාව වෙනතක හැරෙව්වා.
"හ්ම්...අන්නා නම් දවස් දෙක තුනකින් එයි. ඒත් ආයෙම ඉක්මණට එහේ එන්න වෙනවා එයාට. එයාලගේ වෙඩින් එකට දින දාගන්න උත්සවේ ලබන මාසේ අග. ඊට පස්සේ මාස තුනකින් විතර වෙඩින් එක...ෂෝක් නේ" අභී කිව්වේ හිනාවෙලා.
මේ අනපේක්ෂිත පුවත ආන්යව අන්ද මන්ද කලා. ඒත් ඈ දැන් ඒ ගැන හිතන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා ඒ එක්කම ඇගේ හිත මතක් කරලා දුන්නා.
"හ්ම්...ශර්මිලාට ගොඩක් හැපිවෙයි"
"හැප්පි හැප්පි හැපි වෙයි"
ආන්යා හිනාවුණා.
"ඔයාව දාලා යන්න තාමත් හිත හදාගන්න බෑ" ඈ හිනැහෙන දිහා බලාගෙන උන්නු අභී කිව්වා.
"ම්ම්...ඔය ඉතින්. ඔහොම හිත හිත ඉන්න එපා දැන්. යන්නෙ ඔයා සනීප වෙන්නනේ...මං හැමදාම කතා කරන්නම්. මෙසේජ් කරන්නම්. හොඳද?"
"ම්ම්" අභී පොඩි ළමයෙක් වගේ හිස වැනුවා."අයි මිස් යූ ඕල්‍ රෙඩී ප්‍රින්සස්..." අභී සුසුමක් හෙලලා කිව්වේ ආන්යගේ දෝතම සිපගන්න ගමන්.
"අයැම් ගෝන මිස් යූ ටූ..." ආන්යා මිමිණුවා.
"අයි මිස් යූ මෝ"
ආන්යා හිනාවුණා විතරයි, ඇස් අග කඳුලක් එක්ක.
"පරෙස්සමින් ඉන්න අභී, ඔයාට ඉක්මණට සනීප වෙයි..."
"ඔයත් පරෙස්සමින් ඉන්න..." එහෙම කියලා ඈ දිහා මොහොතක් බලාගෙන උන්නු අභී එකපාරටම පාත් වෙලා ඇගේ කම්මුලක් සිපගත්තේ ආදරෙන්. ආන්යා උරහිස හැකිලුවා.  
"ලව් යූ සෝ මච් ප්‍රින්සස්"


හතලිස් අටවන කොටස


උදේ පාන්දරම නිසාදෝ ඈත පේන කඳු වලල්ල තිබුණේ තවමත් මීදුමෙන් වැහිලා. හරියත පොරෝනාවක් ඇතුලට වෙලා නිදාගෙන ඉන්නවා වගේ. ඒ කඳු පෙලයි, ඉස්සරහින් වැවුණ කොල පාට උස මාර ගස් පෙලයි ආන්යගේ හිතේ ඇති කලේ අමුතුම හැඟීමක්. කලින්දා රෑ හරියට නිදානොඅගත්ත නිසාදෝ ඇගේ ඇස් තිබුණේ යන්තමට රිදුම් දෙමින්. මේ ඇස් මේ දවස් ටිකේ කොයි තරම් නම් වෙහෙසෙන්න ඇතද අඬලා අඬලම? ආන්යගේ හිත ආයෙම දිව්වේ කලින්දා ආර්යන් එක්ක වුණ කතාබහට. අභී සම්බන්ධයෙන් සෑහෙන දේවල් වුණ හන්දා, ආන්යා හිතාගෙන උන්නේ ඔහු තමන්ව අමතක කරන්න හොඳටම හිත හදාගෙන ඇති කියලයි. ඒත් ඒක එහෙම නොවෙන වග දැනුනම ඈට දැනුනේ ආර්යන් ගැන ලොකු දුකක්, දාලා යන්න බැරි හැගීමක්. ඒත් ඈ දැන් අභීට වචනයක් දීලා ඉවරයි නේද කියලා ඇගේ හිත හැම තිස්සෙම මතක් කලා. කොච්චර හිත ඉල්ලුවත් ආර්යන් කවදාවත් තමන්ගේ වෙලා උන්නෙත් නෑ නේද කියලා ආන්යා මතක් කර ගත්තා. ආර්යන් ගැන හිත හිත අභීව රවට්ටන්න ආන්යට උවමනා නොවුනත්, දිය යට ඔබන රබර් බෝලයක් වගේ යටපත් කරන්න කරන්න ඒ සිතුවිලි ආයෙම හිත උඩට ආවා. ආන්යා ඈත පෙනෙන කඳු දිහා බලාගෙන කල්පනා කලේ තමන්ට හිත හදාගන්න කොව්වර කලක් යාවිද කියලයි. ඇගේ හිතේ අභී ගැන හැඟීමක් නොතිබුණාමත් නෙවෙයි, ඒත් ඒක ආදරේකට වඩා යාලුකමක්, සෙනෙහසක්,අනුකම්පාවක් වත්දෝ කියලා ඈ ආයෙම හිතුවා.
"ඔයා කොහේ යන්නද මේ උදේම ලෑස්ති වෙලා?"
ඉස්තෝප්පුවට වෙලා උන්නු ආන්යා හැරිලා බැලුවේ අම්මා තාත්තගෙන එහෙම අහපු හඬට.
"ඉසිපිරිතාලෙනේ, කෝ මීනු ලෑස්ති වෙලාද?" තාත්තා ඇහුවා.
"මීනු යන්න ඕන නෑ" ආන්යට ඇහුණා අම්මා එහෙම කියනවා. ඈට දැනුනේ එක්තරා විදියක පුදුමක් අම්මගෙ මේ හැසිරීම ගැන.
"ඇයි ඒ?" තාත්තා අහද්දි ආන්යත් හෙමින් ඒ පැත්තට ඇදුනා.
"අපි මොකටද තේරුමක් නැති දෙයක් කරන්න මෙයාට ඉඩ දෙන්නේ?"
"තේරුමක් නැති දේවල්? ලෙඩෙක් බලන්න යන එකේ තේරුමක් නොතේරුමක් හොයන්න ඕනද?" තාත්තා ඇහුවා.
"මේක ලෙඩෙක් බලන්න යන ගමන්ක් විතරක් නෙවෙයි කියලා නොතේරෙන්න ඔයා බබෙක් නෙවෙයිනේ. අනික ඔය යන එන ගමන් වලින් තව තව අනේවාරතේ බලාපොරොත්තු වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑනෙ. ඕවා කෙරෙයිද නොකෙරෙයිද අපි දන්නවද? දැන් අපි මෙයාවත් ඉස්සර කරෙගෙන යද්දි මනී මහත්තයා වුණත් හිතයි අපි කොහොමහරි මෙයාව අභීගේ ඇඟේ ගහන්න යනවා කියලා" අම්මා උන්නේ මොකක්දෝ එකකට කෝප වෙලා කියලා ආන්යට හිතුණා
තාත්තා ඈ දිහා බැලුවත්, බය වෙලා වගේ බලා උන්නා මිස ආන්යා අම්මට විරුද්ධව මුකුත් කියන්න ගියේ නෑ. ඒත් අභී බලන්න යන්න ඕන කියලා උවමනාවක් ඇගේ හිතේ තිබුණා.
"රූපා...මම නෙවෙයි ඔයයි බබෙක් වගේ කතා කරන්නේ. මනී මහත්තයා එහෙම හිතන්නෑ කොයි වෙලේකවත්. අනික ඔයා හිතනවද, ආන්යව අපි හිර කරගෙන උන්නම සේරම හරියයි කියලා. මේ දෙන්න එතකොට සම්බන්ධේ නවත්තයිද? නිකම් තේරුමක් නැත් දේවල් කියන්න එපා රූපා. අනික් එක මනී මහත්තයා කොහොමටවත් ඔයා හිතන විදියට පටුව දේවල් දකින කෙනෙක් නෙවෙයි...අනුලා මැඩම් වුණත් එහෙමනේ. ඊයේ වචනයක්වත් කිව්වද? නෑනෙ. මට තේරෙන්නෑ ඔයා මොනාට මේ තරම් කලබල වෙලාද කියලා"
ආන්යගේ අම්මා ආන්යා දිහාට නොපහන් බැල්මක් හෙලුවේ මේ සේරටම මුල ඈ කියන්නා වගේ.
"මොකද අප්පේ මේ උදේ පාන්දර කෑ ගහගන්නේ? ආ...මීනු තාම මෙතනද? අරහේ අරයලා පිටත් වෙලත් ඇති" ඈනුමක් අරිමින් ආපු අනුහස් ඇහුවා.
"තාත්තයි දුවයි ඕන මංගල්ලයක් කර ගන්න එකයි. පස්සේ මට දොස් කියන්න එපා කිව්වේ නෑ කියලා"
"දැන් මොකටද අම්මට ඔච්චර ඩෝං ගිහින් ඉන්නේ?" එහෙම ඇහුවේ අනුහස්.
"රූපා අපි යන්නෙ යුතුකමට මිස, මගුල් කතා කරන්න නෙවෙයිනේ. ඒවා වෙන්නේ පස්සෙනේ"
මේ රණ්ඩුව බලාගෙන ඉඳලා බැරිම තැන ආන්යා කතා කලා.
"අම්මයි, තාත්තයි රණ්ඩු වෙන්න ඕන නෑ. මම ගෙදර ඉන්නම්..." ආන්යා කිව්වේ බිම බලාගෙන.
තාත්තා ආන්යා දිහා බැලුවත් මොනවත් කිව්වේ නෑ, සුසුමක් හෙලුවා මිස.
"අනේ අම්මා, ඔච්චරම නපුරු වෙන්න එපා. අපි මොනා කිව්වත් ඉතින් මෙහේ ආපු නිසානේ අභීට ඔහොම වුණේ. ඒ නැතත් ඉතින් මේ දෙන්නා යාලු වුණ එකට දැන් අපට කරන්න දෙයක් නෑනෙ. අභී පව්, එයාට දුක හිතෙයි" අනුහස් කිව්වේ ආන්යගේ හිතට දුකක් කැන්දන් එමින්.
"ඔයාට තේරෙන්නෑ අනුහස්...අපි නිතර නිතර යන්න ගියාම ඒ මිනිස්සු හිතයි අපි මෙයාව කොහොමහරි එහාට දෙන්නයි වලි කන්නේ කියලා. මොන ලැජ්ජාවක්ද? මොකද මෙයාට වෙන මිනිස්සු හොයන්න බැරිවද අපට?"
අම්මා කොච්චර ආදරනීය කෙනෙක් වුණත් වෙලාවකට තේරුමක් නැති විදියට කලබල වෙන, තමන්ගේ මතේම එල්ලීගෙනා හිතුවක්කාර වෙන කනෙක් කියලා ආන්යට හිතුණා. ඒත් ඒ අම්මා ගැන තරහකින් නෙවෙයි. සමහරවිට අම්මා කියන එකෙත් ඇත්තක් තියෙන්න පුලුවන් කියලා ඈට නොහිතුණා නෙවෙයි.
"ඔන්න කිව්වා, ඔය කිව්වේ" තාත්ත කිව්වේ අමාරුවෙන් හැඟීම් පාලනය කරගෙන වගේ.
"අයියෝ අම්මා, මොනාද මේ ඔයා හිතන්නේ? ආයෙම මිනිස්සු හොයන්න ඕන නෑනෙ. දැන් එකෙක් හොයන් ඉන්නේ ඌ හොඳ නිසානේ. අනික ඉතින් එහෙම වලි කාලා දුන්නත් මොකෝ, ඒ පවුල නරක එකක්ද? නෑනෙ. මම නං හිතන්නෑ ඔය අම්ම කියන විදියට ඒ අය හිතයි කියලා. මොකෝ අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලද නෑනෙ. අපටත් සල්ලි තියෙනවා, මීනු ඉගෙනගෙනත් තියෙනවා, ලස්ස්නති තියෙනවා, හොඳ ගතිගුණත් තියෙනවා...වෙන මොනාද ඕන?" අනුහස් ඇහුවා.
ඒ පාර අම්මා අනුහස්ට රවලා අහක බලාගත්තා.
"එදා එද්දි, මැඩම් වැඩිය මා එක්ක කතා කලෙත් නෑ, කල්පනා කර කර ආවා මිසක...කැමති නම් ඒක නිකමට හරි මට දැනෙන්න හරි එපායැ" අම්මා කිව්වා.
"ඒ මනුස්සයා හිත හිත ඉන්න ඇත්තේ අභීගේ අසනීපේ ගැන. කකුලක් කැඩිලා ලමයෙක් ඉස්පිරිතාලේ ඉද්දි ඔයා වුණත් හිතයිද ඔය මංගල්ල ගැන? වෙලාව ආවාම ඒ අය මේ ගැන කතා කරයි.ඔයා අනේවාරතේ කලබල නොවී ඉන්න"
එහෙම කියපු තාත්තා ඔරලෝසුව දිහා බැලුවා. ආන්යගේ හිත දුකෙන් හැකිලුනා.'අභී දැන් ගිහින් ඇති' ඈ කලේ අම්මලා එතන ඉද්දි කාමරේට ආපු එක. ඒ ඇවිත් ඈ ෆෝන් එක අතට අරන් බැලුවා. අභීගෙන් මිස්ඩ් කෝල්ස් දාසය්ක්! ආන්යට ඒ පාර නම් හොඳටම දුක හිතුණා. ඈ ඉක්මණෛන් ආපහු අභීගේ නොම්මරේට කතා කරන්න උත්සාහ කලත් ඒක තිබුණේ විසන්ධි කරලා. ආන්යා ඇන්න්හ්ධේ ඉඳගත්වනම එහෙමම උන්නේ ඇස් වලට කඳුලු පිරෙද්දි. ඈ ආර්යන්ට කතා කරන්න හිතුවත් පස්සේ ඒ අදහස අමතක කලේ ඊයේ වුණ දේන් පස්සේ ඔහුට මූණ දෙන්න බැරි ගතියක් ඈට දැනුන නිසා. මේ අතරේ ආන්යගේ කාමරේ දොර අරගෙන ඇතුලට ආවේ අනුහස්. ආන්යා ඔහුගෙන මූණැ හංගගෙන්න ඉන්න උත්සාහ කලේ ඇගේ ඇස් වල කඳුලු නොපෙනෙන්න.
"මීනු..." අනුහස් කතාකලේ හෙමින්.
ආන්යා අහගෙන උන්නා.
"මීනු...මේ බලන්න...ඔයා දුකින් නේද ඉන්නේ?"
අනුහස් ඇහුවත් ආන්යට උත්තරයක් දීගන්න බරිවුණා. ඈ හිස දෙපසට වැනුවා විතරයි.
"බොරු කියන්න එපා. මං දන්න්වා ඔයා ඉන්නේ දුකෙන් වග. ඔයා අභීට කතා කරන්න බැලුවද?"
"හ්ම්ම්...ෆෝන් එක ඕෆ්" ආන්යා හෙමින් කිව්වා.
"ආර්යන්ට ගත්තේ නැද්ද?"
"වැඩ නෑ" ආන්යා කිව්වේ බොරුවක්.
අනුහස් තොල හපාගෙන මොහොතක් කල්පනා කලා.
"අභී මල පැනලා ෆෝන් එක ඕෆ් කරගෙන ඇති. මම හිතන්නෑ පහට යනවා කිව්වට පුලුවන් වෙයි කියලා. මොකද ඩොකියුමන්ට් ෆිල් කරද්දිම හය වෙයි.ඔයාට යන්න ඕන නම්, මම එක්ක යන්නම්. එස්.ඩීගේ බයික් එක ඉල්ලගෙන අපි යමු" අනුහස් කිව්වාම ආන්යට ඔහු ගැන ඇතී උණේ ආදරයක්.
"එපා අනූ...අම්මට තව තරහා යයි. මං ගෙදර ඉන්නත් එපැයි. අභී මට ආදරේ නම් දැන් තරහා වුණත් පස්සේ ඇත්ත දැනගත්තාම ආපහු යාලු වෙයි. මොනා කරන්නද? අනික ඔයා කිව්වට දැන් එයා ගිහින් තියෙන්නත් පුලුවන් නේ" ආන්යා එහෙම කියලා, සුසුමකින් ලය සැහැල්ලු කරගත්තා.
"ඔයා මහ පුදුම කෙල්ලෙක් මීනු...
"ඇයි එහෙම කියන්නේ?"
"වෙන කෙල්ලෙක් නම් මෙලහකට කොලඹ යන්න හරි ඇවිත්"
"මට යන්න ඕන නැතුව නෙවෙයි අනූ...ඒත් මම කොහොමද අම්මගේ හිත රිද්දන්නේ? ඔයා දන්නවනේ අපි කවදාවත් එහෙම කරලා නැති වග..."
" ඒක තමා මං කියන්නේ ඔයා පුදුම කෙල්ලෙක් කියලා..." ආන්යා බිම බලාගත්තා. අනුහස් කලේ හෙමින් ඇගේ හිස අතගාලා කාමරෙන් එලියට ගිය එක.
අම්මා එක්ක අමනාප වුණ නිසාදෝ තාත්තා උදේම කන්තෝරු ගිහින් තිබුණා. අම්මත් කොහෙද කියලා පේන්න උන්නේ නෑ.ආන්යට එක තැන ඉන්න හිත් දුන්නේ නෑ අභීව මතක් වෙද්දි . ඈ කලේ ගෙයි පිටිපස්සේ තිබුණ කොට්ටම්බා ගහයට පොඩි කොටේ උඩ ඉඳගෙන ඈත කඳු වලල්ල දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තු එකයි.
"...නන් එපා අප්පඩි සොරල්‍ද? අප්පඩි සොල්ල මුඩියුමා? (මම එහෙම කියන්නේ කොහොමද? මට එහෙම කියන්න පුලුවනෑ) ආනාල් අවර පාක්කම් පෝද මනස්ක්ක ඕරේ කශ්ඨමාඉරික්ක (ඒත් එයාව දකිද්දි නම් හිතට හරිම දුකයි...)ඔරු නාලෙක්ක රෙන්ඩ බෝතල් අඩික්කිරාර්..(එක දවසට බෝතල් දෙකක් බොන්වා). අදක යෙන්න පන්නමෝන තෙරිල්ල ඩී (ඒකට මොනා කරන්නද කියලා තේරෙන්නේ නෑ)" ගහ පිටිපස්සෙන් ඇහුනේ රාධාගෙයි, ගෝපිගෙයි කටහඬ. ආන්යා හැරිලා බලද්දි ඒ දෙන්නත් ඈව දැක්කා. ගෝපි හොල්මනක් දැකලා බය වෙලා වගේ ඈ දිහා මොහොතක් බලාගෙන උන්නා.
"අයියෝ බේබි...උදේම පින්න බබා මෙතන මොකද කරනවා? මම හිතුවා ඉස්පිරිතාලේ ගිහිල්ලා කියලා" ගෝපි ඊට පස්සේ එහෙම කිව්වේ ආන්යගෙන් මොනා හරි හංගන්න වගේ කලබලේකින්.
"ගියේ නෑ ගෝපි" ආන්යා කිව්වේ දුකෙන්. ගෝපිගෙයි රාධාගෙයි මූණු වල ඇඳුනෙත් දුකක්.
"ලොකු නෝනා කෑ ගහනවා ඇහුණා. ගණන් ගන්න එපා බේබි...ඒ මාතියා ගිහින් හරි කතා කරයි" එහෙම කිව්වේ රාධා
"කවුද අර බොනවයි කියලා කිව්වේ?" ආන්යා ඊට පස්සේ ඇහුවා.
රාධායි, ගෝපියි මූණෙන් මූණ බලාගත්තා. ඊට පස්සේ ගෝපි මෝඩ විදියට හිනාවෙලා ආන්යා දිහා ආයෙම බැලුවා.
"ආ...ඒ මේ අපේ නාරද මාතියානේ"
"නාරද බොන්න ගත්තේ අද ඊයෙකයැ. අනික ගෝපි මොකද නාරද බොන තැන් වලට යන්නේ?" ආන්යා ඇහුවා.
"යන්න වෙනවනේ බේබි කතා කලාම" ගෝපි කිව්වේ හිස කස කස. ආන්යා ආයෙම කඳු වලල්ල දිහාට හැරුණා.
"යමු බේබි ගෙට...තාම උදේට කෑවෙත් නෑ නේද?" රාධා කිව්වේ ඈ ලඟ ඇවිත්.
"මම තව ටිකකින් එන්නම් රාධා...ඔයාලා යන්න. මට ටිකක් තනියෙම ඉන්න ඕන" ආන්යා එහෙම කිව්වම්ම ටිකක් වෙලා බලා උන්නු රාධා, ගෝපි එක්කම එතනින් යන්න ගියා.
හිතට ඔහේ නිදැල්ලේ දුවන්න ඉඩ දීලා, ආන්යා කොච්චර වෙලා එතන කල්පනා කරමින් උන්නද කියලා ඈට නිනව්වක් තිබුණේ නෑ. අභී දැන් වාහනේක නැගලා කොලඹ යන්න පල්ලම් බහිනවා ඇති කියලා ආන්යා හිතුවා. අභීව යන්න කලින් බලාන්න ඉඩක් නැතිවීම ගැන ආන්යා උන්නේ ඇත්තටම දුකින්. අභී මතක් වෙලා ඇහැට නැගුන කඳුලක් කම්මුල දිගේ බේරෙද්දිත් ඈ ඒවා පිහගන්න උත්සාහ කලේ නෑ. මේ හාත්පසම වගේ තම්ගේ හිතත් පාලු වෙලා කියලා ඈට හිතුණා.
"මීනු..." නොහිතපු වෙලාවක එතනට ඇවිත් උන්නේ අනුහස්.ආන්යා ඉක්මණ කම්මුල් පිහගෙන ඔහු දිහාට හැරුණා.
අනුහස් ඈ දිහා බලාගෙන් උන්නේ දුකෙන්.
"ඇඬුවද?" ඔහු ඇහුවා.
ආන්යා බොරු කියන්න බැරි නිසා මුනිවත රැක්කා.
"පොඩ්ඩක් යමුකෝ ගෙට...ඔයා හම්බෙන්න කෙනෙක් ඇවිත්"
"මාව...කවුද අනූ?" ආන්යා ඇහුවේ හදිසියේ නැගුනු කුතුහලේකින්.
"ගිහින්ම බලමු"
ආන්යා අනුහස් පස්සෙන් ඇදුනේ ඒ කවුරු වෙන්න ඇතිද කියලා දහ අතේ කල්පනා කරමින්. දෙන්නා ගෙට යද්දි අම්මයි, තාත්තයි දෙන්නම් උන්නේ කුස්සියේ. අම්මා හිස නවාගෙන උන්නා, තාත්තා උන්නේ තරමක් කෝප වෙලා වගේ. ආන්යව  අම්මයි, තාත්තයි දෙන්නම දැක්කේ එවෙලේ. ඒත් ඒ අය මුනිවත රැක්කා විතරයි. ආන්යා එතන නොනැවතී කුස්සියේ දොරෙන් සාලෙට එද්දිම වගේ දැක්කේ පුටුව්ක ඉඳගෙන උන්නු ඒ කෙනාව. ආන්යගේ කකුල් මැද සාලෙ නැවතුණේ ඉබේම. ඒ වාඩි වෙලා උන්නේ අභී. ප්ලාස්ටර් දාපු කකුල ටිකක් උස ටීපෝවක් උඩ තියාගෙන ඔහු වාඩිවෙලා උන්නේ කල්පනාවක් පිට. ඔහුව දැක්කාම ආන්යගේ හිත වාවන්නේ නැතිව යනවා ඈට දැනුනා.
"අභී..." ආන්යා කතාකරද්දිම වගේ අභීත් හැරුණා. ඊලඟට ආන්යා කලේ ඔහු අසලට දුවපු එක."ඔයා...කොහොමද?...අනේ මම හිතුවා ඔයා ගිහින් ඇති කියලා..." ඈ කිව්වේ අභී ලඟ දණගහගෙන.
"ඔයාට පුලුවන් වුණාට මාව නොබලා ඉන්න හිත හදාගන්න, මට බෑ මීනු එහෙම කරන්න...ඔයාව නොබලා යන්න මට බැරි වුණා"
අභී එහෙම කිව්වාම, වියලිලා තිබුණ ආන්යගේ ඇස් ආයෙම තෙත් වුණා.. එන්න බැරිවුණ හේතුව අභී දන්නේ නෑනෙ...
"ඔහොම කියන්න එපා...උවම්නාවෙන් නෑවිත් ඉන්න හිතුවා නෙවෙයි"
"උදේ හය වෙනකල්...පහේ ඉඳන් මම බලාගෙන හිටියා. මම නිසා අනික් අයත් හිටියා...ඔයා එක කෝල් එකක්වත් දුන්නෑ..."
ආන්යට පුලුවන් වුණේ කඳුලු පිරුණ ඇස් වලින් යුතුව මුනිවත රකින්න විතරයි.
"ගෙදර පොඩි ප්‍රශ්ණයක් වුණා අභී...ඒකයි එවන්න බැරිවුණේ" එහෙම කිව්වේ අනුහස්. ඔහුත් ලඟ උන්නු වග ආන්යා දැක්කේ එවෙලේ.
"අපි ආපහු හැරෙව්වේ ගිනිගත්හේනටත් ලං වෙලා...මේ ළමයාගේ හිතේ අමාරුව මට බලන් ඉන්න බැරි හන්දයි හරවගෙන බලල එමු කිව්වේ" එහෙම කිව්වේ අභීගේ අම්මා. ඈ උන්නේ අනුහස්ට පිටිපස්සේ. අභීගේ තාත්තා නම් මැද සාලේ පුටුවක වාඩි වෙලා කතාබහෙන් තොරවයි උන්නේ.
"මැඩම් එන්න මැද සාලෙට, තේ ලෑස්ති කරලා තියෙන්නේ" ආන්යට තාත්තගේ හඬ ඇහුණා.
"ගෙදර අයට තරහා ගිහින් ඇති අභී..." ආන්යා කිව්වේ අභී ගේ දෙමාපියෝ දෙන්න දිහා හොරෙන් බලමින්.
"මට තරහා ගිහින් නෑ කියලද හිතන්නේ?" අභී ඇහුවාම ආන්යා අසරණ වුණා.
"අයෑම් රියලි රියලි සොරි අභී..." ආන්යා කිව්වේ ආයෙම ඇස් කඳුලින් පිරෙද්දි.
අභීගේ මූණේ ඉරියව් වෙනස් වුණා, ඔහු කලේ ආන්යහේ ඇස් අගට ආපු කඬුලු ඇඟිලි තුඩු වලින් පිහපු එක.
"ප්ලීස් අඬන්න එපා...ඔයාව අඬවන්න නෙවෙයි මම මගක් දුර ගිහිනුත් ආපහු හැරිලා ආවේ..." අභී කිව්වේ දයාබරව.
"මං දන්නවා" ආන්යා කිව්වේ හැඬුම් අතරින්මයි.
"එහෙනම් නාඬා ඉන්න...ඔයාගේ කඳුලු අරගෙන මට ගෙදර යන්න බෑ" අභී කිව්වේ සංතාපයකින් වගේ.
ආන්යා අභී දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්.
"ඇයි මට මෙච්චර ආදරේ?" ආන්යා ඇහුවේ එහෙම.
අභී එකපාරටම නිහඬ වුණත් ඊලඟට ඔහු පුටු ඇන්ද උඩ තිබුණ ආන්යගේ සුරත අල්ලගත්තා.
"ඒක මමවත් දන්නෑ මීනු..."
"මට මෙච්චර ආදරේ කරන්න එපා අභී... එතකොට අපි දෙන්නටම දුක හිතෙනවා වැඩියි. හදිසියේ වත් අපට එකතු වෙන්න බැරි වුණොත්?”
"එහෙම වෙන්නෑ මීනු...හොඳින් හරි, නරකින් හරි, කැමැත්තෙන් හරි, අකමැත්තෙන් හරි මම මැරි කරන්නේ ඔයාව. ඒක ගැන සැකයක් හිතන්න එපා"
"මේ දේවල් තවත් මෙහෙම කරන්න බෑ වීරේ" මුල්ම වතාවට අභීගේ තාත්තා කතා කරද්දි, ආන්යයි, අභීයි දෙන්නම ඒ පැත්ත බැලුවා.
දොර ලඟ උන්නු අම්මයි, තාත්තයි, වාඩි වෙල උන්නු අභීගේ පවුලේ අයයි, අනුහසුයිත් බලාගෙන උන්නේ මනී මහත්තයා දිහා.
"සර්?"
"සමහර වෙලාවට ළමයි නිසා අපි හරියට හෙල්ප්ලස් වෙන වෙලාවල් තියෙනවා. දැන් අද මට මේ වැඩේ හන්දා ලොකු මීටින් එකක් කැන්සල් කරන්න වුණා. ඒකත් කමක් නෑ කියලා මම ආවේ මේ කාරණාව අපි විසඳගන්න ඕන හන්දා. මොකද දැන් අපි මේ ගැන දන්න නිසා තවත් ඉතින් හොරෙන් හොරෙන් දේවල් කරන්න ඕන නෑනෙ" අභීගේ තාත්තා එහෙම කිව්වා.
"ඒක ඇත්ත සර්...අපි ඒක් අපි පිලිගන්නවා. නොකිව්වට අපිත් ඔය ගැන ගොඩක් කතාබහ ක්ලා ඇත්තටම" එහෙම කිව්වේ ආන්යගේ තාත්තා.
"ඔව් මට තේරෙනවා, මට තේරෙනවා. ගෑණු ළමයෙක්ගේ දෙමාපියෝ විදිහට අපටත් වඩා ඔයාලා මේක ගැන කන්සර්න් වෙන්නම එපායැ...ඒත් සමහර වෙලාවත වීරේ අපි තරුණ කාලේ හැඟීම් වලට වහල් වෙලා ගන්න සමහර තීරණ පස්සේ වැරදියි කියලා හිතෙන වෙලාවල් තියෙන්න පුලුවන්. මං එහෙම කියන්නේ, මේ ළමයි දෙන්නා තාම හරියට මේ සම්බන්ධේ පටන් ගෙනවත් නෑ..." මනි මහත්තයා එහෙම කියද්දි ඉවසිල්ලක් නැතිව උන්නු අභී මැදින් කතා කලා.
"ඒක එහෙම නොවුනට, අපි දෙන්න අපි දෙන්නව තේරුම් අරගෙනයි ඉන්නේ. ඒක ජස්ට් ෆීලින්ග්ස් නිසා විතරක් ඇතීඋණ දෙයක් නෙවෙයි. අයි නෝ අයි වෝන ස්පෙන්ඩ් ද රෙස්ට් ඔෆ් මයි ලයිෆ් විත් ආන්යා..."
අහී දිහ බලාගෙන උන්නු ඔහුගේ තාත්තා ඊලඟට බැලුවේ ආන්යා දිහා.
"වට් අබවුට් යූ මයි ඩියර්?"
ආන්යා ටිකක් විතර බය නොවුනා නෙවෙයි, ඈට එකපාරටම ආර්යන් දිහාත් බැලුණා. ඔහුගේ මූණේ තිබ්බේ දුකක්ද කියලා ආන්යට තේරුම්ගන්න පුලුවන් වුණේ නෑ. ආන්යා ඒ ඇස් මගෑරලා ආයෙම බිම බලාගත්තා. අභී අල්ලගෙන උන්නු ඇගේ අතේ ග්‍රහණැය තද කලේ ඈට කතාකරන්න ධෛර්යය දෙන්න වගේ.
"මම අභීට වචනයක් දුන්නා තමයි...ඒත් ගෙවල් වලින් අකමැතිනම් මට මොනවත් කරන්න බෑ..."
ආන්යා එහෙම කිව්වාම අභීගේ ග්‍රහණය ලිහිල් වුණා.
"මීනු...වට් ඉස් දිස්?"
"අහන්න අභී...මට ඔයාව ගොඩක් ඕන, ඒත් අපට ගෙදරත් ඕනනේ"
අභී ආයෙම මොනවත් කියන්න කලින් ඔහුගේ තාත්තා ආයෙම කතා කලා.
"හරි...වීරේ කියන්නකෝ එහෙනම් අපි මේකට මොකද කරන්නේ කියලා. වීරෙලා කැමතිද දූව අභීට දෙන්න?"
කෙලින්ම එහෙම ඇහුවාම අන්දමන්ද වුණ තාත්තා බැලුවේ අම්මා දිහා. ඒ දෙන්නටම උත්තරයක් දීගන්න ටික වෙලාවක් ගියා. අනුහස් ආන්යා දිහා බලාගෙන උන්නේ ලොකු සෙනෙහසකින්.
"ඔව් සර්...අපි කැමතියි. අභීව මම දන්නේ එයා ඉපදුන දා ඉඳලා. අපි...අපේ දූව හැදුවේ මලක් වගේ, ඉල්ලන හැමදේම දීලා. අපට හැමදාම ඕන වුණේ අපි වගේම මේ ළමයව දුකක් නොදී ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක්. අද මේ වුණ දේවලුත් බලද්දි මට හිතෙන්නෑ අපේ දුවට මීට වඩා ආදරේ කරන කෙනෙක්, හොඳ කෙනෙක් ආයේම කවදාවත් ලැබේවි කියලා..."
තාත්තා එහෙම කියද්දි ආන්යගේ ඇස් වලට ආයෙම කඳුලු ආවා. ඇගේ ඇස් නිරායාසයෙන්ම දිව්වේ ආර්යන් දිහාට ආයෙමත්. ඔහු උන්නේ අත්දෙක එකට බැඳගෙන බිම බලාගෙන.
"අනුලා මොකද කියන්නේ?" ඊට පස්සේ අභීගේ තාත්තා බැලුවේ අභීගේ අම්මා දිහා.
ඈ ආන්යා දිහා බලලා ලස්සන හිනාවක් පෑවා.
"ආන්යා මගේ අභීව මං වගේම ආදරෙන් බලාගනී කියලා මට විශ්වාසයි"
ඈ එහෙම කිව්වාම ඒ ආදරේ, විශ්වාසේ දරාගන්න බැරිව ආන්යට ඇඬෙන්නම ආවා.
"වට් අබවුට් යූ අප්පා?" එහෙම ඇහුවේ අභී.
"අයි වෝන්ට් යූ ටූ ටු බී හැපි ඇන්ඩ් ලිව් විත් ටොටල් අන්ඩර්ස්ටෑන්ඩින්ග්. ලයික් මී ඇන්ඩ් මයි ගර්ල් ඩිඩ්..." එහෙම කියලා අභීගේ තාත්තා රතු වෙලා උන්නු අනුලා මැඩම් දිහා බලලා හිනාවුණා. ඒ පාර නම්  හැමෝටම හිනා ගියා.
"අපි අද අවුට් හවුස් එකේ නවතිනවා. අද රෑට ඩිනර් වලට එහේ එන්න කට්ටියම...සෙලිබ්‍රේට් කරන්නත් එපැයි නේද?"
ආපහු යන්න ලෑස්ති වෙලා සාලෙට රැස් වෙලා ඉද්දි අනුලා මැඩම් එහෙම කිව්වේ ආන්යලගේ පවුලේ සේරටම. අභී අනුහස්ගෙයි, ආර්යන්ගෙයි උදව්වෙන් වාහනේට නැග ගත්තා කලින්ම. ඒ දිහා බලාගෙන උන්නු ආන්යා දිහාට ආපු අනුලා මැඩම් ඈට හිනාවක් පාලා ඇගේ අතකින් අල්ලගත්තා.
"මම බයේ හිටියේ අභී පිටරටක කෙල්ලෙක්වත් උස්සගෙන ඒවි කියලා...ඔයා ලැබිච්ච එක අපේ වාසනාව. ඔයාගේ වාසනාවට තමා අර තරම් ලොකු දෙයක් වෙලත් අද අභී බේරිලා ඉන්නේ කියලයි මට හිතෙන්නේ...අභී හරිම ලකී...හ්ම්, හරි හවස එහෙනම් එන්න දෝණි" ඈ කිව්වේ ආන්යගේ මූණත් අතගාලා.
" ඔයා දැන් අපේ..."


Saturday, May 26, 2012

හතලිස් හත්වන කොටස


"...ඔව් ඉතින් ඒකත් ඇත්ත තමා..."  ආර්යන්ලා එක්කම වගේ ඇතුලට ආවේ අභීගේ අම්මලායි, ආන්යාගේ අම්මලයි.
"ආ...හියර් හී ඉස්... ඈස් ටෆ් ඈස් එවර්...ඉප්ප එප්පුඩි (දැන් කොහොමද?)" අභීගේ තාත්තා ඔහු අසලට ආවේ හිනාවක් මුවේ තවරගෙන.
"ඉප්ප කොන්ජ නල්ලම් අප්පා (දැන් ටිකක් හොදයි තාත්තා)" ඔහු උත්තර දුන්නා.
"අභී කෑවද පුතේ?" අනුලා මැඩම් ආන්යගෙන් ඇහුවා.
"ම්හු...කන්න බෑ කියන්නේ" ආන්යා කිව්වා.
"නොකා කොහොමද අභී, සේලයින් ගලවලත් ගොඩක් වෙලා" අනුලා මැඩම් අභී දිහා බැලුවේ තරවටු බැල්මෙන්.
"කන්න බෑ අම්මා. මම ඉතින් බොන දේවල් බිව්වානේ"
"හෙට කොලඹ ගියාම සේරම හරියයි. මෙහේ කොහොම කන්නද?" අභීගේ තාත්තා කිව්වේ වටපිට බලන ගමන්.
"කොලඹ?" අභී ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්. අපි දැන් මේ ඩොක්ටට කතා කරලා එන ගමන්. අපි ඇම්බියුලන්ස් සර්විස් එකක් අරන් හෙට ඔයාව කොලඹ අරන් යන්නයි ඉන්නේ. නවලෝකෙට ඇඩ්මිට් කරගත්තා නම් අපට ලේසියි, ඉන්ෂුරන්ස් කවර් එකත් තියෙනවනේ"
අභීගේ තාත්තා එහෙම කියද්දි ආන්යට නිතැතින්ම අභී දිහා බැලුනා. ඔහුගේ ඇස් තිබ්බෙත් ඈ ලඟ.
"මේහේ ට්‍රීරිට්මන්ට් වල ප්‍රශ්ණයක්ද අප්පා?" අභී ඇහුවා.
ආන්යගේ හද ගැස්ම වැඩි වෙලා තිබුණේ සේරම හොඳින් වුණාට පස්සේ අභීට ආයෙම දුර යන්න වෙයිද කියන බයෙන්.
"එහෙම නෙවෙයි, අපි හැමෝටම ලේසි එහෙමනේ. අනික දැන් ඔයාට මාස හයක් විතර ක්ලචස් වලින් ඇවිදින්න වුණාම, මෙහේ ඉඳලා බෑනෙ අභී. අන්නට ඔයාව බල බල ඉන්න බෑනෙ"
අභී ආයෙම ආන්යා දිහාට ඉක්මණ් බැල්මක් හෙලලා නෙතු බිමට යොමා ගත්තා.
"ඇයි පුතා මොකක් හරි ප්‍රශ්ණයක්ද?" අනුලා මැඩම් ඇහුවා.
"නෑ" අභී කිව්වේ ඔවුන් දිහා නොබලම.
අනුලා මැඩම් නිකමට වගේ ආන්යා දිහාත් බැලුවා. ඈ ඉක්ම්ණට බිම බලාගත්තා.
"නෑ, නෑ, මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. කොලඹ යනවා කියපු ගමන් මූණ එල්ලගන්න හේතුවක් නෑනෙ නැත්තම්" අභීගේ තාත්තා එහෙම කිව්වාම ආන්යගේ හද ගැස්ම මේ පාර වැඩි වුණේ බයට.
"මුකුත් නෑ අප්පා" අභී කිව්වා.
"එහෙනම් ඉතින් හෙට උදේම අපි යනවා. උදේ පහට ඇම්බියුලන්ස් එක දෙන්න පුලුවන් කියලා මට කිව්වා. ආර්යන් අද අභී එක්ක නවතින්න, හෙට යන්න ලෑස්ති කරගන්න. අනික් ඕන ට්‍රීට්මන්ට් මෙහෙන් කරයි..." අභීගේ තාත්තා අන්තිමේදි කිව්වා.
ආන්යගේ ඇස් වලට කඳුලු ආවේ ඉබේටම. හැමදේම වෙලා දවසක් වත් යන්න කලින් අභී ඇගෙන් ඈත් වෙන එක ගැන ඈට දැනෙන්න ගත්තේ දුකක්. සිද්ධ වුණ සිද්ධියෙන් පස්සේ තමන් අභීට ගොඩක් ලං වෙලා කියලා ඈට දැනුනේ එවෙලේ.
ආන්යගේ අම්මා ඈ අසලට ඇවිත් හිතගත්තේ ඈ අඬන වග පෙනිලද කොහෙද. "ආන්යා..."
අභී උන්නෙත් හිස නවාගෙන දුකකින් වගේ.
"දෙයා ඉස් සම්තිංග් රෝංග් අයි ෆීල් හියර්..." මනී මහත්තයා නිහඬව උන්නු සේරම දිහා බලලා එහෙම කිව්වා.
ආන්යා බරවුණ නහය සීරුවා. කඳුලු කැට දෙකක් ඇගේ ලැමට වැටුණා.
"දැන් මොකද මේ ළමයා අඬන්නේ?" මනී මහත්තයා තමන් උන්නු තැනට ඇවිත් වග ආන්යා දැක්කේ එවෙලේ. ඒත් හිස උස්සලා බලන්න ධෛර්යයක් ඈට තිබ්බේ නෑ.
"අභී...ඉංග යෙන්න නඩකදන කොන්ජ සොල්ල අප්පා...යෙනක ඔන්නුමේ පුරිල්ල (අභී මෙතන මොනාද වෙන්නේ කියලා කියන්නකෝ, මට නම් මොනවත් තේරෙන්නේ නෑ)"
ආන්යා අම්මගේ අතක වෙලුනේ ඉබේටම.
"ඔයාට මෙහේ දාලා යන්න බැරි දෙයක් තියෙනවද?" එහෙම ඇහුවේ අනුලා මැඩම්.
ආන්යා යටැසින් අභී දිහා බැලුවා.
"ඔව් අම්මා..." ඔහු කිව්වේ සුසුමක් හෙලලා.
ඊට පස්සේ ඇතිවුණේ නිහඬතාවයක්. ආන්යා ආයෙම නහය හීරුවා.
"ම්ම්...එකද මේ ප්‍රශ්ණේ එතකොට? ඔය හේතුව මොකක්ද කියලත් තමන්ම කිව්වානං බලන්න" අභීගේ තාත්තා එහෙම කිව්වා.
අභී ඇස් නොඋස්සම කතා කරන්න වුණා.
"ආන්යා...එයා තමයි හේතුව...අප්පා, අම්මා...මම මේක කියන්න හිතාගෙන හිටියේ මෙහෙම නෙවෙයි...ඒත් වුණ දේවල් නිසා මට ඒක කියන්න වෙනවා අද...අ...ම්...අයෑම් ඉන් ලව් විත් ආන්යා...යා ඇන්ඩ්...අයි වෝන මැරි හර් වන් ඩේ"
අභී එහෙම කියද්දි ආන්යට දැනුනේ කන් අගුල් වැටුණා වගේ හැඟීමක්. දැන් මොනා වේවිද කියලා ඇගේ හිත බියපත් වුණා. ඈ අම්මට තවත් තුරුල් වුණේ ඒකයි.
"ආ.. මනි මහත්තයා හෙමින් හිස සල සල ආන්යා දිහා බැලුවා. ඈ ඒ බැල්ම මගෑරලා අහක බලාගෙන උන්නා.
අනුලා මැඩම් අභී දිහාව බලලා, මනි මහත්තයා දිහා බැලුවේ බයෙන් වගේ. ඒ පාර මනි මහත්තයා බැලුවේ ආන්යගේ තත්තා දිහාව. ආන්යගේ අම්මා නම් උන්නේ බිම බලාගෙන.
"මොනවද මේ දෙන්න මේ කියන්නේ වීරේ?"
"සර්...අභී...දවස් දෙකකට විතර කලින් ඇවිත් මේ ගැන කියනකල් අපිත් මොනවත්ම දැනගෙන හිටියේ නෑ. එහෙම සැක කරන්න දෙයක් තිබ්බෙත් නෑ. අපි දරුවන්ට නිදහස දීලා තිබුණේ ඒ අය ගැන සැකයක් නැති හන්දයි. මෙහෙම දෙයක් වේවි කියලා අපි කවදාවත් හිතුවේ නෑ...ඒත් සර්, තරුණ ළමයි දෙන්නෙක් අතරේ ඔහොම දෙයක් ඇතිවෙන එක ඔය වයසෙදි අරුමයක් නෙවෙයි. එකම දේ අපි වැඩිහිටියෝ විදියට හිතලා මතලා වැඩ කරන එක කියලයි මට හිතෙන්නේ. මේ ළමයින්ට තාම ලෝකේ හොඳ නරක තේරෙනවා අඩුයි. මම මගේ දරුවව සුද්දකරන්වා නෙවෙයි..."
මනී මහත්තයා හිස පාත් කරගෙන අහගෙන උන්නා තාත්තා කියපු දේවල්.
"එතකොට අභී ඇවිත් මේ ගැන වීරෙලට කිව්වා"
"ඔව් සර්"
"එතකල් මේ දේන්නා අතර කොච්චර කල් අෆෙයර් එකක් තිබිලද?"
"අපි අතර එහෙම දෙයක් ඒ වෙද්දි තිබ්බේ නෑ අප්පා...ආන්යා කල් ඉල්ලුවා උත්තරයක් දෙන්න. මම එයාගේ ගෙදරට කිව්වේ කවදහරි මේක කියන්න වෙන නිසා" ඒකට උත්තර දුන්නේ අභී.
"එතකොට දැන් මේ ළමයගේ තීරණේ මොකක්ද? දැන් තීරණයක් අරගෙනද ඉන්නේ? නැත්තම් අභී ඔයාව නවත්තගෙන ඉන්නේ බලෙන්ද?" මනි මහත්තයා එහෙම ඇහුවේ ආන්යාගෙන්.
"අප්පා..."
"අභී...නී සුම්ම ඉරි (අභී ඔයා කට වහගෙන ඉන්න )" මනී මහත්තයා අභීට කිව්වා.
ආන්යා හිස උස්සලා, අම්මයි, තාත්තයි දිහාත්, අනුහස් දිහාත් බැලුවා. ඒ අය අපහසුතාවයට පත් වෙලා ඉන්නවා දැක්කාම ආන්යට දැනුනේ ලොකු වරදකාරී හැඟීමක්.
"මං ඇහුවේ ඔය ළමයා අභීට කැමතිද කියලා?" ඔහු ආයෙම ඇහුවා, ඒත් තරහෙන් නෙවෙයි.
"ඔව්..." ආන්යා හිස වැනුවා. "ඒත් අපේ ගෙදරින් කැමති නම් විතරයි" ඈ අන්තිමට එහෙමත් කිව්වා.
"අනුලා මැඩම් ආන්යා දිහා බලාගෙන උන්නේ උපේක්ෂාවෙන්. මනී මහත්තයා සුසුමක් හෙලුවා.
"වීරේ, මිසිස් රූපා...ඔය දෙන්නා මොකද මේ ගැන හිතන්නේ?" ඔහු ඊලඟට ඇහුවා.
"අපි හැමදාම හිතුවේ අපේ දරුවන්ගේ සතුට ගැනයි සර්...ඒත් මේ වගේ දේකදි අපි තව හිතන්න ඕන කියලා මට හිතෙනවා"
"ඇයි මගේ පුතා දුවට ගැලපෙන්නෑ කියලා හිතනවද?"
"සර්...? එහෙම දෙයක් නිසා නෙවෙයි. අපි මේ රස්සාව කරගෙන සාම්මන්යන විදියට ජීවත් වෙන මිනිස්සු. අනික් අතට සර් මගේ හාම්පුතා. අපි කොහොමද..." තාත්තා කියාගෙන එද්දි ආයෙම මනී මහත්තයා මැදින් පැන්නා.
"මිසිස් රූපා මොකද කියන්නේ?"
එහෙම ඇහුවාම ආන්යගේ අම්මා වටපිට බැලුවේ අපහසුවෙන් වගේ.
"ම්ම්?"
"නොතේරෙන කාලේ ළමයි වැරදි කරනවා තමයි. ඒත් තේරුම් කරලා දුන්නොත් ඒ අය ඒ වැරදි හදාගනී සර්. අපි දුවට තේරුම් කරලා දෙන්නම්"
"එතකොට රූපා හිතන්නෙ මේ දෙන්න වරදක් කලා කියලද?"
"තමන්ට නොගැලපෙන දෙවල් කරන එක වරදක් තමා සර්"
ආන්යගේ අම්මා එහෙම කිව්වාම ආන්යගේ හිතට අලුත් බයක් ආවා. දැන් දෙන්නම කැමති වුණාට පස්සේ ගෙවල් වලින් අකමැති වේවි කියලා.
"නෑ, නෑ...අපි ක්ලාස් එක පැත්තක දාමුකෝ. අපේ ක්ලාසස් අතර ලොකු ගැප් එකක් නෑනෙ. මම අහන්නේ සාමාන්යල කොල්ලෙක් විදියට අභී ගැන මොකද හිතන්නේ කියලා විතරයි" මනී මහත්තයා ආපහු කිව්වා.
"අභී, ආර්යන් දෙන්නම, අපට අපේම පුතාලා වගේ. මම මේ දෙන්නව දන්නේ ගොඩක් පුංචි කාලේ ඉඳලා. මේ ළමයි දෙන්නගේ ගතිගුන ගැන අපට අබමල් රේනුවක තරම්වත් සැකයක් නෑ. ඒත් සර්...මේවා එහෙම හදිසියේ මොහොතින් දෙකින් තීරණය කරන්න පුලුවන් දේවල් නෙවෙයිනේ. කසාද බඳිනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ...ඒකට පවුල් දෙකම කැමති වෙන්න ඕන. ගැලපෙන්න ඕන තව දේවල් බලන්න ඕන..."
තාත්තා කිව්වාම මනී මහත්තයා කල්පනාවකට වැටුණා.
"ඒක  ඇත්ත වීරේ...කොහොමත් අපට ඒක මේ හොස්පිටල් එකක් ඇතුලේ ඉඳගෙන, අදාල කෙනාව ලෙඩ ඇඳේ තියාගෙන කරන්න පුලුවන් දෙයකුත් නෙවෙයිනේ..."
ආන්යා බිම බලාගෙනම අහගෙන හිටියා.
"එතකොට ඔයාලා දෙගොල්ලෝ තීරණේකට එනකල් අපි දෙන්නට දෙපෑතකට වෙන්න කියලද ඔය කියන්නේ?" අභී එහෙම ඇහුවේ ඔහුගේ තාත්තාගෙන්.
"මම එහෙම කියන්නෑ. ඒක ඔයාලා තීරණය කරන්න ඕන දෙයක්..."
"අම්මා එක මහ පුදුම කතාවක්නේ, හදිසියේ ඔයාලගේ තීරණේ මේකට කැමති නෑ කියන එක නම්, අපට වෙන්නේ ආශ්‍රය කරලා ආපහු වෙන් වෙන්න ද?" අභී ඇහුවේ ටිකක් ආවේගශීලීව, ඇඳෙන් නැගිටින්න හදමින්.
"අභී...එපා" ආන්යා ඔහුව නැවැත්තුවා. ඔහු ඇඳෙන් නැගිටින්න උත්සාහ කරලා මැහුම් කඩාගනී කියලා ඈට බය හිතුණා ඔක්කොටම වඩා.
මනී මහත්තයාගේ කට කොනකට හිනාවක් නැගුණා.
"උන්නාල අදු මුඩියුමා (ඒක ඔයාට කරන්න පුලුවන්ද )?" ඔහු අභීගෙන් ඇහුවා.
අභී ආයෙම වත බිමට නැඹුරු කරගත්තා.
"උන්ගක්කාහ, නාන් යෙන්න වේනාලුම් සෙයිය මුඩියුම්...ආනාල් නා ඉනිමේ යාරුක්කුම් ලව්පන්න මාට්ටේන්...අදු මට්ටුම් යෙනාල මුද්යාද (ඔයගොල්ලෝ වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුලුවන්, ඒත් මට ආයෙත් නම් මම කාටවත් ආදරේ කරන එකක් නෑ... ඒක මට කරන්න බෑ)" අභී කිව්වේ හෙමින්, නමුත් ස්ථිර හඬින්.
මනී මහත්තයා අභී ලඟට ගිහින් ඔහුගේ මූණට එබුණා.
"අහී...මොදල්ල නී සරියා ආහනුම්...(අභි මුලින්ම ඔයා සනීප වෙන්න ඕන ), අදක අප්පරෝම් ඉදු නාම් පාප්පෝම් (ඊට පස්සේ අපි මේක ගැන බලමූ..." අභීගේ අප්පා කිව්වේ එච්චරයි.
ඒ කිව්වේ මේකට කැමතියි  කියලද, අකමැතියි කියලද කියන එක ආන්යට හිතාගන්න බැරි වුණා. ආන්යා තාත්තා දිහා බැලුවා. ඒත් ඔහුගේ මූණේ හැඟීම් ඈට තේරුනෙත් නෑ.
"ආනාල්...(ඒ වුණත්)" අභීගේ තාත්තා ආපහු ඔහු දිහාට හැරුණා. "උන්ග රෙන්ඩපේර පේස කුඩාද, පල්ලක කුඩාදන්න නා සොල්ලමාට්ටේන්...(ඔයාලා දෙන්නට කතා කරන්න එපා, ආශ්‍රය කරන්න එපා කියලා මම කියන්නෑ)" ඔහු එහෙම කියලා ආන්යා දිහාත් යටැසින් බලලා කාමරෙන් එලියට යන්න ගියා. ආන්යගේ තාත්තත් ඔහු පස්සෙන්ම කාමරෙන් පිට වුණා.
අනුලා මැඩම් ආන්යා දිහාත්, අභී දිහාත් බලලා සුසුමක් හෙලුවා.
"මැඩම්..." ආන්යගේ අම්මා ඈට කතා කලා.
"නෑ රූපා...මගේ හිතේ මේ ගැන අමනාපයක් නෑ...මේවා ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරගත්තු දේවල් නෙව. ඒකට ඉතින් අපි අමනාප වෙන්න ඕන නෑනෙ..."
අනුලා මැඩම් කිය්ලා ඉවරවෙද්දිම වගේ අභී ආයෙම කතා කලා.
"එතකොට අම්මා කියන්නේ අපි වරදක් කලා කියලද?"
"අභී...මම එහෙම කියනවත් නෙවෙයි. කොහොම වුණත් අපි මේක ගෙදර ගිහින්ම කතා කරමුකෝ..."
ආන්යා අභී දිහා බැලුවා. ඔහු උන්නේ ලොකු ප්‍රශ්ණෙකට මැදි වෙලා වගේ.
"අපි කවදාවත් ඔයාලා දෙන්නගේ කැමැත්තට එපා කියලා නෑනෙ" අනුලා මැඩම් එහෙම කියලා ආන්යගේ අම්මා දිහාව බලලා හිනා වුණා.
"අම්මා...ඔයා නම් මහා පුදුම එක්කෙනෙක්" ඒ පාර අභී ඈ දිහා බලලා කිව්වේ ලා හිනාවකුත් මුවේ රඳවගෙන.
"රූපා අපිත් එහෙනම් යමුද? හෙට යන්න ලෑස්ති වෙන්නත් ඕන නේ. අභී...අපි ගිහින් එන්නම්. අන්නා ඉන්නවනේ. මොනා හරි ඕන වුණොත් කෝල් එකෙක් දෙන්න, හරිද?" ආයෙම අභී ලඟට ගිය ඔහුගේ අම්මා එහෙම කිව්වේ ඔහුගේ හිස අතගාන ගමන්. අභී පුංචි එකෙක් වගේ හිස වැනුවා. ඊලඟට ඈ හැරුනේ ආන්යා දිහාට.
"දුවට කතා කරලා එන්න කියන්නද රූපා?" ඈ එහෙම ඇහුවේ ආන්යගේ අම්මගෙන්.
"කතා කරලා එන්න" මොහොතක් කල්පනා කරපු අම්මා ආන්යට එහෙම කියලා අනුලා මැඩම් එක්කම එලියට ගියේ ආන්යා වුණ දේ අදහාගන්න බැරිව බලාගෙන ඉන්දැද්දිමයි.
"මීනු...මෙහෙ එන්න" අභී කතා කරද්දියි ඈ පියවි සිහියට ආවේ.
"ඇයි?" ඈ ඇහුවේ ඈත ඉඳන්මයි.
"එන්නකෝ ඉතින් කිව්වාම"
"මොකටද කියන්න?"
"එන්නැද්ද?"
"ම්හු...ඇයි කියන්න?"
ඒ පාර අභී ආන්යා දිහා බොරුවට රවලා බලාගෙන උන්නා. ආන්යට දුක හිතුණ හන්දා ඈ ටිකක් ඔහු ලඟට ගියා.
"ආ යූ හැපි?" අභී එහෙම ඇහුවේ ආන්යගේ ආන්යගේ සෑස් වලට එබෙමින්.
ආන්යා හිස වැනුව. ඒත් ඇගේ හිතේ තිබ්බේ සතුටකට වඩා මහා බරක් කියලා ඈට හිතුණා.
"මට තේරෙන්වා ඒත් ඔයා ඉන්නේ බය වෙලා කියලා.අප්පා මොනා කිව්වත්, එයා අපි ගැන ගොදක් හිතනවා ආන්යා. ඔයා බය වෙන්න එපා. අපේ ගෙදර කැමැත්ත මම කොහොමහරි ගන්නවා. අම්මා නම් අප්සට් නෑ කියලා තේරෙනවනේ" අභී කිව්වා.
"හ්ම්" ආන්යා ආයෙම හිස වැනුවා.
අභී ආන්යා දිහා බලා ඉඳලා සුසුමක් හෙලුවා දුකෙන් වගේ.
"ඇයි අභී?"
"හෙට...මට ආයෙම කොලඹ යන්න වේවි හබැයි. ඇත්තටම මෙහේ ඉඳලා බෑනෙ මේ තත්වෙන්"
ආන්යා හිස වැනුවේ ආපහු ඇගේ උගුර රිදුම් දෙන්න ගත්තු නිසා.
"ඉතින් ඔහොම මූණ ඇඹුල් කර ගන්න එපා...ඔයා දුකින් නම් මම යන්න හිත හදාගන්නේ කොහොමද?"
ආන්යා බිමට නෙත් යොමා ගත්තා.
"මම යන්න එපාද?" අභී ඇහුවේ දයාබරව. ආන්යා ආයෙම ඔහු දිහා බැලුවා.
"යන්නේ ඉතින් ඔයාගෙම හොඳටනේ..." ආන්යා උත්තර දුන්නේ එහෙම.
"මම ඇහුවේ ඒක නෙවෙයිනේ"
"ඉන්න බෑනෙ අභී ඕන වුණත්..."
"හ්ම්ම්" අභී හිස වැනුවා. "මා එක්ක යන්න එන්න මීනු..."
"ඔයා එක්ක?" ආන්යා ඇහුවේ ඇස් පුංචි කරලා.
"ඔව්"
"දැන්ම බෑ" ආන්යා කිව්වා.
"එහෙනම්?" අභී ඇහුවේ ඇස් ලොකු කරලා.
"කවදහරි..."
"ඇත්තටම එනවද?"
"ම්ම්" ආන්යා හිස වැනුවා.
අභී ආයෙම ආදරේ උතුරන ඇස් වලින් ඈ දිහා බලාගෙන ඉඳලා ආයෙම සුසුමක් හෙලලා කතා කලා.
"අම්මලා බලාගෙන ඇති, එහෙනම් යන්න මීනු... ඒත් ප්ලීස් හෙට උදේ එන්න. ඔයා නොදැක මට යන්න බෑ..."
"මං එන්නම්" ආන්යා කිව්වේ හිනාවෙලා.
"අයි ලව් යූ" අභී කිව්වා.
ආන්යා රතු වෙලා බිම බලාගත්තා."ගිහින් එන්නම්"
අභී හිනාවුණා."හරි පැට්ටා..ටේක් කෙයා"

ආන්යා එලියට එද්දි ආර්යන් උන්නේ කාමරේ ඉස්සරහ පුටුවේ වාඩි වෙලා. ඈ දැක්කාම ඔහු එතනින් නැගිටලා ඈ අසලට ආවා. ආන්යට දැනුනේ අපහසුතාවයක්.
"අම්මලා වාහනේට ගියා. යමු මම ඔයාවත් ඇරලවන්නම්" ඔහු කිව්වා.
"මට තනියෙම යන්න පුලුවන් අයියා" ආන්යා කිව්වේ ඔහුට කරදර නොකරන්න ඕන නිසා.
"ඒ නිසා තමයි එන්න අහන්නේ" ආර්යන් කිව්වා හෙමිහිට.
"මට තේරුන්නෑ"
"අදින් පස්සේ ඔයාට තනි නෑනෙ ආන්යා..."
"ඔයා මොකක්ද කියන්නේ කියලා මට නම් තේරෙන්නෑ"
"අපි විනාඩියක් කතා කරමුද?" ඔහු ඊට පස්සේ ඇහුවා.
අමාරුවෙන් අල්ලගෙන උන්නු හිත යම්තමට ලිහිල් වෙනවා ආන්යට දැනුනා.
"කියන්න" ඈ කිව්වේ ගැහෙන හිතින්.
"ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන" ඊට පස්සේ ආර්යන් කිව්වේ එහෙම.
"මොකක්ද?" ආන්යා ඇහුවේ මුදුව.
"අපි අතර මොනා හරි තිබ්බා නම් ඒ සේරම අදින් ඉවරෙටම ඉවරයි ආන්යා...ඔයා මට පොරොන්දු වෙන්න ඕන මොනම හේතුවක් නිසාවත් අපේ අතීතේ අභීට දැනගන්න ඉඩ තියන්නෑ කියලා...ඒ අතීතේ නිසා එයාට දුකක් දැනෙන්න අරින්නෑ කියලා..."
ආන්යගේ හිත හෙමි හෙමින් දියවෙන්න අරන් තිබුණා. ඇගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඇසිල්ලකින්. ආර්යන්ගෙයි ඇගෙයි අතීතේ ඈට මතක් නූනා නෙවෙයි.
"පොරොන්දු වෙන්නම්" ආන්යා කිව්වේ බිම බලාගෙන.
ආර්යනුත් මොහොතක් බිම බලාගෙන උන්නේ දුක නිසා වෙන්න ඇති.
"මං ගැන හිතන්නෑ නේද?" ඔහු ඊලඟට ඇහුවේ එහෙම.
ආන්යා අසරණ වුණා. ඈ එකට කොහොම උත්තර දෙන්නද? මතක එච්චර ඉක්මණට අමතක කරන්න පුලුවන් නම්...? ආන්යා මුනිවත රැක්කා.
"හිතන්න එපා ආන්යා" ආර්යන් ආයෙම කිව්වා.
ආන්යා ඉක්මණට ඇසිපිය හෙලුවේ කඳුලු වැටේවි කියන බයට.
"මං ගැන නොහිතා ඉන්නවද?" ඈ ඇහුවා ඊලඟට.
"බලමු" ආර්යන් කිව්වේ යන්තමට හිනාවෙලා, වේදනාවෙන් වගේ. ආන්යගේ හිත දුකෙන් බර වුණා.
"දෙයක් කියන්න වරදවා හිතන්නෑ නේද?" ඔහු ආයෙම ඇහුවා.
"මොකක්ද?"
"මම ගොඩාක් ආදරෙයි, ඊයේ වෙනකල් හිටපු ආන්යට...ඒ ආදරේ මැරෙනකල්ම මගේ හිතේ තියේවි..."
ආන්යට ඇඬුනා. ඈ අතකින් කට වගගත්තා. තාමත් ඉන්නේ ඒ ආන්යම තමා කියන්න ඒත් ඈට පුලුවන්කමක් තිබ්බේ නෑ.
"ඒත් මෙතන ඉන්නේ මගේ ආන්යා නෙවෙයි...අභීගේ මීනු...ඔයා අභී එක්ක හොඳින් ඉන්න ආන්යා...අතීතේ හීනයක් කියලා හිතලා අමතක කරලා දාන්න..." ආර්යන් කිව්වේ ආන්යා දිහා නොබලා.
ආන්යට තවත් එතන ඉන්න ඕන වුණේ නෑ. ඈ ආර්යන්ට අවසරයක් නොදීම එතනින් දුව්ලා එන්න ආවේ කඳුලු සලමින්මයි. ඈ පස්සවත් හැරිලා බැලුවේ නෑ ආයෙමත්...ආර්යන් ඇගේ පස්සෙන් ආවෙත් නෑ. සමහරවිට ඒ දෙන්නගේ කතාව එතනින් ඉවර වුණා කියලා දෙන්නම හිතපු නිසා වෙන්න ඇති. ඒත් ඒ කතාවට තව ගොඩ දුර එන්න වෙනවා කියලා එවෙලේ ඒ දෙන්නම දැනං උන්නේ නෑ...