"හලෝ...කොහෙද මේ
කඩාගෙන බිඳගෙන යන්නේ? අන්න අරහේ කට්ටිය
පැදුරකට සෙට් වෙනවා. තාත්තයි, අම්මයි එතන. ඔයාට
එන්න කිව්වා. අපේ ආන්යා මන්ගේෂ්කාර් නැතිව පැදුරක් තියන්න බෑනෙ කොහොමටවත්"
ආන්යා කාමරයට ඇතුල් වෙන්න හදද්දිම වගේ ඈ පස්සෙන් දුවගෙන ආපු අනුහස් ඈව
නවත්තගත්තේ එහෙම කියමින්.
"අනේ අනූ..."
ආන්යා නොකැමැත්තක් ප්‍රකාෂ කලා.
"ඒයි මොනාද හලෝ
එන්න. නැත්තම් අම්මලා මොනා හිතයිද? යං යං. ආර්යනුත්
ඔන්න දැනුයි අර කොහෙද ගිහින් ආවේ. කට්ටිය බලන් ඇති මීනු, යමු ප්ලීස්"
ආන්යා සුසුමක් හෙලුවා. අනුහස්ගේ ඉල්ලීම නිසා කෙසේ වෙතත් ඈට ඕන වුණේ ආයෙම එක
පාරක් හරි ආර්යන්ව දැකගන්න. ඒ නිසා ඈ අන්තිමේදි අනුහස්ට අවනත වෙලා ඔහු ඔඅස්සෙන්
ඇදුනේ, බංගලාවේ ලොකු සාලේ සැප
කාපට් එලලා ලෑස්ති කරලා තිබුණ පැදුරු පාටිය දිහාවට.
"ආ...එන්න එන්න.
අපට ආරංචි වුණා ගෑණු ළමයා හොඳ සිඟර් කෙනෙක් කියලා"
එහෙම කියලා ඈව එතනට ප්ලි ගත්තේ මනී මහත්තයා. ඔහු දැක්කාම ආන්යට හිතුණේ ඔහු
බීලා වෙන්න ඇති කියලා. මොකද නිකම් වෙලාවට ඔහු සාමාන්‍යයෙන් කා එක්කවත් වැඩිය කතා
කරන කෙනෙක් නොවුන නිසා. ආන්යා ලැජ්ජවෙන් වට පිට බැලුවා. බිම රවුමට වාඩිවෙලා උන්නු
පිරිස අතරේ අන්තිම කෙලවරක ආර්යන් ත්ව ගෑණු ළමයින් දෙන්නෙක්ට මැදි වෙලා බුම්මගෙන
වගේ ඉන්නවා ඈ යන්තමට දැක්කා. ආන්යත් වාඩි වුණාට පස්සේ හැමෝම ආයෙම ගීත ගයන්න පටන්
ගත්තා.
"මදුර
යාමේ.."
"මුලදි බැන්ද
ආදරයක මිහිර දැන්"
"ඈ නීල වරල
පීරලා..."
ඔය වගේ ගීත මහ ගොඩක් කට්ටියම ගායනා කලේ හරිම සතුටින් හිනා වෙමින්. මේ අතරේ
අනුහස් ඉදිරියට පැනලා රංගනයක් එක්කම ඉදිරිප ත් කරපු ගීතය හැමෝවම තවත් කුල්මත්
කරන්න සමත් වුණා.
"සමරු පොතේ පිටු
ගැලවී සුලඟේ දුවනවා... සොඳුරු සිහින හදේ
මැවී ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා...සිහින මැවෙනවා,
සිහින මැවෙනවා...ඔබ සිහිවෙනවා..."
එම්. එස්. ප්‍රනාන්දු මහත්තයාගෙම ඇක්ෂන් දමමින් තමා ඔහු ඒක ඉදිරිපත් කලේ.
ඒක ඉවර වෙලා අනුහස් ඈ අසලින් වාඩි වෙද්දි ඈගේ ඇස් වලට කඳුලුත් ඇවිත් හිනා වෙලාම.
"ෂා...වීරේගේ සනා ඕල්
රවුන්ඩර් නේද?" ගොඩක් අය එහෙම
කිව්වා.
"වීරේ වගේම
නැතෑ" එහෙම කිව්වේ මනී මහත්තයා.
"ආන්යත් කියන්නකෝ
සිංදුවක් අපට අහන්න, මේ බයිලා අයියලා
කෝපි බොනකල්" කට්ටිය කෝපි බොන්න මොහොතකට පැදුර නතර කරපු වෙලාවේ ඇගෙන් ඉල්ලුවේ
ආර්යන්.
"අනේ බෑ"
ආන්යා අම්මා අස්සට වෙමින් කිව්වා.
"ප්ලීස්...ඔච්චර
ගණං උස්සන්න එපා, නේද මිස්ට වීරප්පෙරුම? කියන්නකෝ" ඔහු ආයෙමත් කිව්වා.
"මොකක් හරි කියන්න
පුතේ" තාත්තා ඈට කිව්වේ දයාබර හිනාවක් පාලා.
ආන්යා මොහොතක් පැකිලෙමින් ඉඳලා අන්තිමට බේරෙන්න බැරි තැන හඬ අවදි කලා.
"තෙරී
බින්දියාරේ...අයේ හයේ තෙරී බින්දියාරේ..." ආන්යා ගායනා කලේ, අභිමාන් චිත්‍රපටයේ තිබුණ ගොඩාක් සුන්දර ගීතයක්.
සේරම ඒක අහගෙන උන්නේ මීයට පිම්බා වගේ නිෂ්ශබ්දව. ඊලඟට ගීතය අවසන් වුණාම ඈට ලොකු
අත්පොලසන් නාදෙකුත් ලැබුණා.
"අනේ හරිම ලස්සනයි
ආන්යා...මට මතකයි මම ඔය මූවි එක බැලුවේ අභී හම්බෙන්න ඉන්දැද්දි. එයාට අභිමන්යු
කියලා දාන්න අපි හිතාගත්තෙත් ඕකට හිතුණ ආසාව නිසාමයි" අනුලා මැඩම් තමන්ගේ
අතීතාවර්ජනයක් ඉදිරිපත් කලේ එතන එවෙලේ
උන්නු කීපදෙනාට. ආන්යාට පුදුමයක් එක්කම දැනුනේ පොඩි සසල වීමක්. නොදැන හරි තමන්
අභීට සම්බන්ධ දේවල් වලට මේ තරම් ගෑවෙන්නේ ඇයි කියලා ඈ කල්පනා කලා. අනුහස් මුකුත්
නොකීවත් ඇගේ දිහා බලලා ඇස් වලින් ඉඟි කලේ අභී ගැන වග ආන්යට තේරුණා. ඈ ඔහුට රවලා
අහක බලාගත්තේ ඒකයි. ඊට පස්සේ ආයෙම පැදුර පටන්
ගත්තා. කෝපි නොබිව්ව ආන්යට ගීත කියලා පිපාසයක් දැනුනා.
"අම්මා මං වතුර එකක් බිලා
එන්නම්" ආන්යා පැදුරෙන් නැගිට්ටේ අසල තිබුන කෑම බීම තියපු මේසෙන් වතුර
වීදුරුවක් ගන්න හිතාගෙන. ඈ වතුර වීදුරුව බීලා ඉවරවෙන්නත් කලින්, එතන පෙනී හිටියේ
ආර්යන්. ඔහු උන්නේ මේසේ එලිය නොවැටෙන පැත්තේ කණුවක් අසලට වෙලා.
"යූ හැව් අ ඩිවයින් වොයිස් ආන්යා...හරිම ලස්සනයි ඔයා සිංග් කලා" ආර්යන්
කිව්වේ රහසින් වගේ.
"තෑන්ක් යූ" ආන්යට කියන්න වෙන දෙයක් මතක් වුණේ නෑ.
"හවස හදිසියෙන්ම මම ගියාට තරහා නෑ නෙද?"
"අපෝ නෑ. අම්මා එන්න කියපු නිසානේ ගියේ" ආන්යා උත්තර දුන්නා.
ආර්යන් මහා සුසුමක් හෙලුවා. හරියට හිතේ බරකින් නිදහස් වෙන්න වගේ.
"මට ඔයා එක්ක කතා කරන්න ඕන ආන්යා..." ඔහු ඊලඟට කිව්වේ එහෙම.
"ඉතින් මේ කතා කරන්නේ"
"එහෙම නෙවෙයි, නිදහසේ. වැඩිය කවුරුත් නැති වෙලාවක, තැනක"
"අයි ඒ?"
"කාගෙන්වත් බාධාවක් එනවට මං අකමැති නිසා"
"එහෙම කරන්න බෑනෙ. මෙහේ කට්ටිය හුඟක් ඉන්නවනේ"
"මෙහේදි නෙවෙයි" ආර්යන් කිව්වම ආන්යාඅ අඳුරේ යන්තම් දිලිසෙමින් තිබුණ
ආර්යන්ගේ ඇස් දිහාව බැලුවා.
"එහෙනං?"
"වෙන කොහෙදි හරි. ඔයා ගෙදර ආවාම...නැත්තම් මං එන්නද ඔයාගේ යුනිවර්සිටි එකට?"
ආන්යට ඒකට එක පාරටම දෙන්න උත්තරයක් හිතාගන්න බැරිවුණා.
"හිතලා කියන්න, දැන් යන්න අම්මා කීප පාරක්ම හැරිලා බලනවා මං දැක්කා" ඇගෙන් උත්තරයක්
නැති තැන ආර්යන් එහෙම කිව්වා.
"යන්නද එහෙනම්?" ඈ ඇහුවා.
"ඉන්න කිව්වත් ඉන්නෙ නෑනෙ" ආර්යන් ඈට යන්න දෙන්නේ නෑ වගේ.
"ඉන්න බෑනෙ" ආන්යා උත්තරයක් දුන්නා.
ආර්යන් සුසුමක් හෙලුවා විතරයි. ආන්යා තවත් එතන නොඉඳ එන්න ආවා. ඊට පස්සේ
පැදුර තව පැයක් විතරම ඇදුනත් ආර්යන් නම් පේන්න උන්නේ නෑ. ඔහු නිදාගන්න යන්න ඇති
කියලා ආන්යා හිතුවා.
සේරම අහවර වෙලා, රෑ එකට විතර ආන්යා නිදාගන්න ලෑස්ති වෙලා ෆෝන් එක අරන් බලද්දි ආර්යන්ගෙන්
එස්. එම්. එස්. එකක් තිබුණා. ඒක බලපු ඈ කොට්ටේ මූණ ඔබාගත්තේ හිනාවෙමින්.
'ඔබ සිහි වෙනවා...සිහින මැවෙනවා
සිහින මැවෙනවා...ඔබ සිහිවෙනවා...'
පෝයදා වුණ සඳුදා උදේම ආන්යා නැගිට්ටේ එදා මේ ආපු ගමනේ අවසාන දින නිසා. ඈට
ඕන වුණා නිදහසේ වට ලස්සන තව ටිකක් බලාගන්න. ඈ බැල්කනියට වෙලා පුටුවක් තියාගෙන අවටැ
සිරි නැරඹද්දි අම්මා නම් තාමත් උන්නේ නින්දේ.
අම්මට් අකලින් ලෑස්ති වෙලා තේ බොන්න හිතාගෙන ආන්යා කෑම කාමරේට ගියේ එවෙලේ
එතන ගොඩක් සෙනග නොහිටිය නිසයි. ආන්යා යද්දි තාත්තයි, තව මැනේජර් කෙනෙකුයි එතනට
ඇවිත් උන්නා. ආන්යා තේත් අරගෙනම තාත්තලා උන්නු මේසේ අසලින්ම වාඩිවුණා.
"ගුඩ් මෝනින්ග් පුතා...මොකද මේ උදේම ඇහැරලා අද?" තාත්ට ඇහුවා.
"මෙහේ ලස්සන උදේම තමා. මීදුමයි, කොල පාට කඳු ගැටයි, සීතලයි...හරි ෂෝක්"
ආන්යා කිව්වේ හුරතලෙන්.
ආන්යලා තේ බීලා අහවර කරද්දිම වගේ ඇතුලේ කාමරයක් දිහාවෙන් ආවේ කීප දෙනෙක්
තර්ක කරගන්නවා වගේ හඬක්. හැමෝටම ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ.තේ මේසේ දිහාවට එමින්
උන්නේ අනුලා මැඩම් එක්ක, ආර්යනුයි තව ගෑනු ළමයෙකුයි. තුන් දෙනාම එකපාර කතා කරමින් උන්නු නිසයි මේ
ගෝසාව ඇහිලා තිබුණේ.
"ගුඩ් මෝනින්ග් මැඩම්, මොකෝ මේ උදේ පාන්දර කට්ටිය විවාදයක්ද?" තාත්තා එහෙම ඇහුවේ එවෙලේ
එතනට ආපු අනුලා මැඩම්ගෙන්.
"අනේ නෑ වීරේ, දන්නැද්ද මේ ආරුගේ වැඩ? අද මේ කෙල්ලන්ව ගිහින් දාන්න කොලඹ යන්න බෑ කියලනේ මේ" අනුලා මැඩම්
කිව්වා.
ආන්යා උන්නේ ආර්යන් දිහාවත් නොබලා. තාත්තට හරි අනුලා මැඩම්ට හරි
වෙනසක් තේරෙවි කියන බයට.
"මේ එතකොට කවුද?" එතන උන්නු අනෙක් මැනේජර් අනුලා මැඩම්ගෙන් එහෙම ඇහුවේ ඔවුන් ලඟ උන්නු ගෑණු
ළමයව පෙන්නලා.
"ආ...මිස්ට මඩුගල්ල දන්නේ නෑනෙ නෙද? මේ ඉන්නේ මගේ අනාගත ලේලි
පොඩ්ඩ...ආරුගේ ෆියොන්සී, ශර්මිලා"
මළා...!
ReplyDeleteමන්දා මට නං දැන් ආර්යන් එක්ක තරහයි.ආන්යාට බොරුවට බලාපොරොත්තු දුන්නා.
Deleteඔයා ආර්යන්ව අපිට එපා කරවගෙන යනව නේද අක්කියෝ..?
මේකෙ නම් හිතන්නවත් බැරි අවසානයක් තියේවි.
GO AHEAD!
අනේ නෑ. එහෙම කරන්න යනවා නෙවෙයි. ආර්යන් මේ කතාවේ එන මූලිකම චරිතයක්නේ. ඔයලා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. එන්ගේජ් වුණ පලියටම ආර්යන් ශර්මිලාට ආදරේ කරනවා වෙන්න බෑනෙ නේද?
DeleteThis comment has been removed by the author.
Deleteතිස් අට වන කොටස?? :O
ReplyDeleteඅයියෝ සොරි සොරි... ප්‍රින්ටින්ග් මිස්ටේක් :)
Deleteme kathawe enne ennema hari complicated ne appa :( me aryan nam pissu appa kiyaen thiyene dey ikmnate kiyane nathuwe mona karanewade manda :@ he he keep writing akki <3 i will always love your stories
ReplyDeleteමෙි කතාව කියවන් යනකොට හිතෙනවා මෙි සිද්ධීන් මාලාව ඇත්ත සිදුවීමක්ද කියලා? කමක නැහැ බලමු ඉස්සරහට ආර්්‍යන්ද, අභීද කියලා??? ස්තුතියි ඉක්මනටම කොටස් ටික දානවට නෙතු..
ReplyDelete:)) මෙහෙමයි... සමහර සිද්ධි තියෙනවා ඇත්තටම වුණ දේවල් වලට සමාන, ඒත් මුලු කතාවම නම් නෙවෙයි. :)
DeleteThis comment has been removed by the author.
DeleteNethu akki ma ekke tharehade?? :( :'(
ReplyDeleteane na sudo..mama mokata tarahaa wennada? oyaage comment ekata reply nodammaTa neda oya? ane sori sori hita riduna nam. tarahak nisaa neweyi nango, mokak hari wedka nisayi mata reply daana beri wunea. itin pls pls don't mind. magea yaawajeewa reader kenek widiyata hemadaamat oyaa hitiyane...itin ekata thank karanawaa misa kohomawat tarahaa nam naa hode?
Delete:)))
This comment has been removed by the author.
Deleteමගේ බ්ලොග් එකෙ මගේ මිතුරි සිත් රූ දාපු ලින්ක් එකෙ දිගේ මේ පැත්තට ආවෙ.සතුටුඉ අඩුන ගනන් ලැබුනට. හිමිහිට හිමිට කියවන්නම්කො ඔයාගෙ කතා
ReplyDeleteමේ පැත්තේ ආවේ අද.. මුල ඉදන් කොටස් ටික කියවල ම කමෙන්ට් කරන්නම්.. ජය!
ReplyDeleteහුග දවසකට පස්සේ අයෙ ආවා
ReplyDeleteඅදයි මග ඇරුණුකොටස් ඔක්කොම කියෙව්වේ
ස්තුතිය් අක්කා
ඔයාලා දෙන්නවම මගේ පොත් ගුලට සාදරෙන් පිළිගන්නවා. :) කතාව කියවන්න එකතු වුණාට බොහොම ස්තුතියි! මේ කතාව ඔයාල හොඳින් රස විඳීවි කියලා මම හිතනවා...
ReplyDeleteලක්ෂ් ඔයාගේ අදහස් වලටත් ස්තුතියි..