"මොනවද දෝණි
මේ අහස පොලොව ගැටලන්න වගේ
කල්පනා කරන්නේ?"
අම්මා අතට
දීලා ගිය තේ
එකත් එහෙමම තියාගෙන භූප
ගැන කල්පනා කරමින් හිටපු මම,
කන්තෝරු කාමරේ වහලා
එලියට ආපු තාත්තව දැක්කේ එවෙලේ.
"ම්ම්...ආ...නෑ තාත්තේ එහෙම
විශේෂ දෙයක් නෑ"
මම කිව්වේ කඳුලු පටලයකින් වැහුණ ඇස්
ඔහුගෙන් හංගගන්න උත්සාහ කරමින්.
ඒත්
මා දිහා විමසුම් බැල්මක් හෙලපු තාත්තා මට
අනික් පැත්තේ පුටුවෙන් වාඩි
වුණේ ලොකු කතාවකට මුල
පුරන්න වගේ.
"නැති වෙන්න නම්
බෑ. මම දැන්
කීප දවසක්ම බලාගෙන දෝණි
පැත්තකට වෙලා කල්පන කර
කර ඉන්නවා. අපට
කියන්න බැරි මොකක් හරි
ප්රශ්ණ්යක්ද?" තාත්තා ඇහුවේ කරුණාවෙන්.
මට
දැනුනේ මගේ හිත
දියවෙනවා වගේ හැඟීමක්.
"අනේ නෑ
තාත්තේ. එහෙම දෙයක් නෙවෙයි. මං...මං හිත
හිත හිටියේ භූප
ගැන"
"හ්ම්ම්" තත්තා දිග
සුසුමක් හෙලුවා.
"මට භූප
ගැන බයයි තාත්ත්තේ"
මගේ
හඬ පිටවුණේ නැති
තරමයි. ඒ මොකද
භූපගේ ලෙඩේ ගැන
හිතන හැම වෙලේකම මගේ
උගුර හිර වෙලා
ඇස් වලට කඳුලු පුරාගෙන ආපු
නිසා.මම තවමත් නොබීපු තේ
එක දිහාට ඇස්
යොමා ගත්තේ ඒ
කඳුලු තාත්තට නොපෙනෙන්න. තාත්තා ටික
වෙලාවක් යන්කල් මුකුත් කිව්වේ නෑ.
"දෝණි බය වෙන්නේ මොකටද?"
"අනේ මන්දා තාත්තේ. මගේ
හිතට කිසි සහනයක් නෑ.
භූප දැන් දැන්
කියන්නෙත් මහ අමුතු කතා.
මට හැම වෙලේකම එයා
ගැන බයයි. කේතකී කියනවා සමහරදාට භූප
රෑ නැගිටගෙන ඇඳේ
ඉඳගෙන ඉන්නවලු කොට්ටෙකුත් බදාගෙන. නොපෙන්නුවට එයාට
මොනා හරි අමාරුවක් ඇති
කියලයි එයා කියන්නේ. දන්
කී පාරක් නර්සින්ග් හෝම්
ගියාද? මට හරි
බයයි තාත්තේ. මට
රෑට නින්ද යන්නෙත් නෑ"
මම කිව්වේ හැඬුම්බරව.
තාත්තා මුකුත් කිව්වේ නෑ,
ඒත් මගේ හිස
හෙමින් අතගෑවා.
"ඔය වගේ
අන්තෙට ගිහින් දේවල් හිතන්න එපා
දෝණි. මේ ළමයා
තාම තරුණ ළමයෙක් නෙව.
එහෙම අමාරු අසනීප හැදෙන්නේ නෑ
ඔය වයසට"
තාත්තා එහෙම
කියද්දි ඒ වචන
වල තිබ්බ කරුණාවන්ත කම
හන්දා මට ඇඬෙන්න ගත්තා. මම
තාත්තගේ උරහිසට හිස
තියාගත්තා. මගේ ඇස්
වලින් උල්පතකින් වගේ
කඳුලු ගලාගෙන යද්දි තාත්තා මගේ
හිසට අතක් තියාගෙන උන්නා විතරයි. තාත්තා ආයෙම
කතා කලේ මගේ
ඇඬුම තුනී වීගෙන යද්දි.
" හිත දුර්වල කරගන්න එපා
මගෙ පුතේ. අපි
කොහොමහරි ඒ ළමයව
හොඳ කරගන්න බලමු"
තාත්තා කිව්වේ මගේ
හිස තවමත් අතගාමින්.
"මම දන්නෑ මොනා
කරලාවත් මට මේ
විකාර දේවල් හිතෙන එක
නවත්තගන්න බෑ. මට
භූප ලඟ ඉඳගෙන එයාව
බලාගන්න ඕන තාත්තේ. මේ
දුරස් වෙලා ඉන්න
එකවත් මට දරාගන්න බෑ"
මම
කවදාවත් නැති විදියට තාත්තා ඉදිරියේ මෙහෙම විවෘත වුණේ
ඇයි කියන්න මමවත් දන්නේ නෑ.
"මං දන්නවා. මට ඒක තේරෙනවා. කෙනෙක්ට අපි ගොඩක් ලං වුණාම එහෙම තමයි" තාත්තා කිව්වා.
"තාත්තේ?"
"ඇයි මගෙ
පුතේ?" තාත්තා මට
පුතා කිව්වේ ඔහුගේ හිතේ
ලොකු ආදරයක් ඇති
වුණ වෙලාවලට. මට
තේරුණා තාත්තා ඉන්නෙත් මං
තරම්ම සංවේදි වෙලා
වග.
"මට භූප
ඇර වෙන කෙනෙක් ගැන
හිතන්න බෑ. තාත්තලා ආයෙමත් මාව
වෙන කාටවත් කසාද
බන්දලා දෙන්න හිතන්නේ නෑ
නේද?" මම ඇහුවේ බොලඳ
විදියට වෙන්න ඇති.
තාත්තා සුසුමක් හෙලුවා. ආයෙමත් උත්තරයක් දෙන්න කල්
ගත්තා.
"නෑ මගේ
පුතේ. ආයෙම අපි
ඒ වගේ දෙයක් කරන්න හිතන්නෙවත් නෑ.
භූපගේ තත්වේ තව
ටිකක් හොඳ අතට
හැරුණම අපි ඔය
දෙන්නා ගැන සූරිලා එක්ක
කතා කරන්නයි ඉන්නේ" තාත්තා එහෙම
කිව්වම කොහේදෝ යටපත් වෙලා
තිබ්බ සතුටක සේයාවක් හිතේ
පැන නැංගා. මම
හිස උස්සලා තාත්ත දිහා
බැලුවේ ඒ කතාව
විශ්වාස කරන්නත් බැරිව.
"ඔය ඇත්තමද තාත්තේ? එතකොට අම්මලා, අයියලා, මේ
හැමෝම ඒකට එකඟද?"
මම ඇහුවේ උනන්දුවෙන්.
"ම්ම්" තාත්තා හිස
වැනුවේ යන්තමට හිනාවෙලා.
මම
ආපහු තාත්තගේ උරහිසට බර
වුණේ ඔහුගේ අත
දෝතින්ම බදාගෙන. තාත්තා කල්පනාබරව ආයෙම
මගේ හිස අතගෑවා.
ඉතිං
හිතේ බලපොරොත්තුවේ පුංචි පහන් සිලක් දැල්වුණා. මට
තාත්තගේ ඒ වචන
පෙල දැනුනේ කාන්තාරෙකට වැටුන දියබිංදුවක් වගේ.
දුකින් බර වෙලා,
නොනන්සුන්කමින්, අසහනකාරීකමින් පිරුණු හිතට
ඒ වචන මහා
අස්වැසිල්ලක් වුණා.
ඊලඟට
භූප හම්බවුණ දවසේ
මම ඔහුට කියපු මුල්ම දේ
තාත්තා ඒ මට
කියපු දේ ටික.
භූපගේ මුවෙත් ඇඳුනේ හිනාවක්, හරිම
උපේක්ෂාසහගත හිනාවක්.
"ඒක නම්
ගොඩක් හොඳ ආරංචියක්" ඔහු
කිව්වා.
"ඒත් ඉතිං
ඒකටත් අවුරුදු තුනක් ඉන්න
එපැයි" මම කිව්වේ බොරු
සංතාපෙකින්.
"එච්චර කල්
ඉන්න බෑ වගේද?"
භූප ඇහුවා.
මං
හිනාවුණා.
"කිසිම බලාපොරොත්තුවක සේයාවක් වත්
නැතුව අවුරුදු දෙකක්ම ඔයා
වෙනුවෙන් හිටපු මට
අවුරුදු තුනක් ඉන්න
බැරි නෑ භූප.
අවුරුදු තුනක් නෙවෙයි ජීවිත කාලෙම වුණත් ඔයා
වෙනුවෙන් බලාගෙන ඉන්න
මට පුලුවන්" මම කිව්වේ ඔහුගේ අතක්
හෙමිහිට අල්ලගන්න ගමන්.
භූප
මා දිහා බැලුවේ හැඟීම්බර වෙලා.
"ඇයි මට
මෙච්චර ආදරේ?"භූපගේ ස්වරයේ තිබ්බේ මහා
දයාබර බවක්.
"මං දන්නෑ. ඒක
සමහරවිට සංසාරෙන් සංසාරෙට එන
එකක් වෙන්න ඇති"
මම එහෙම කියලා ඔහුගේ උරහිසට වාරු
වුණා.
ඊටපස්සෙ අපි
අතරේ කතාවක් වුණේ
නෑ. භූප ඔහුගේ කෙට්ටු දිගටි ඇඟිලි වලින් මගේ
අතක් මුදුවට අල්ලගෙන, ඈත
අනන්තය දිහා බලාගෙනහිතන්නේ මොනවද කියලා මම
දැනගෙන උන්නේ නෑ.
මම කල්පනා කරමින් උන්නේ පේන
විදියට ගොඩක් සරල
වුණත්, අපේ අනාගතේට දිවෙන, නොපෙනෙන පාර
කොච්චර සංකීර්ණ වෙන්න පුලුවන්ද කියලා. ඒ
එක්කම ඒ අනාගතේ ගැන,
භූප ගැන හිතේ
තිබ්බ අවිනිශ්චිතභාවය එහෙමම තවමත් තිබුණා.
****
භූප
ගැන හිත හිත,
ඔහුගේ ලෙඩේ ගැන
වද වෙවී දවසින් දවස
ගෙවෙද්දි මට අනුක්ව මතක්
නොවුණ තරමයි. හිත
තිබ්බේ ඒ තරම්ම භූප
ගැනම සිතුවිලි වලින් පිරිලා. ඒත්
එක දවසක් උදේ
අම්මා එක්ක පොලොස් උයන්න ලෑස්ති වෙවී
ඉද්දි මට නිකමට වගේ
ඔහුව මතක් වුණේ
අනුක් පොලොස් කන්න
ගොඩක් ආස වග
මතක් වුණාම. මටම
පුදුම හිතුණා මෙච්චර දවසක් ඔහුව
මතක් නොවුණ එක
ගැන. කොහොමත් මට
නොකියම අනුක් රට
ගිය එක ගැන
ඒ දවස් වල
මම උන්නේ ඔහු
එක්ක අමනාපෙකින්. මම
දන්නෑ ඇයි මම
ඔහුගෙන් එහෙම බලාපොරොත්තු වුණේ
කියලා. අමනාපෙ ඇති
වුණේ හිතට දැනුන හීන්
දුක හන්දා කියලා මම
දැනගෙන උන්නා පිලිගන්න මැලි
වුණත්. මට ලොකු
සුසුමක් හෙලුණා හිස්
හට්ටිය අතේ තියාගෙනම.
"මොකද ළමයෝ
හූල්ලන්නේ?" ලඟ උන්නු අම්මා ඇහුවමයි මට
මතක් වුණේ මම
ඉන්නේ කුස්සියේ වග.
"නෑ අම්මා...මුකුත් නෑ"
මම හට්ටියට අම්මා කපලා
සෝදපු පොලොස් කෑලි
දාන ගමන් කිව්වා.
"මුකුත් නැත්තේ මොකද?
දවසෙන් බාගයක් කරන්නේ කල්පනා කරන
එක නෙව" අම්මා කිව්වේ අහක
බලාගෙන.
මම
ඒකට මුකුත්ම කිව්වේ නෑ,
කතා නොකරම පොලොස් අඩුක් කලා
මිසක.
"භූප ළමයට
සනීප වේවි දෝණි.
ඒ ගැන ඔය
තරම් හිතන්න ඕන
නෑ. අනික ඕනම
දෙයක් ඕනවට වඩා
හිතට ගන්නත් එපා.
වෙන්න තියෙන දේ
අපි ලබා උපන්
හැටියට තමයි සිද්ධ වෙන්නේ"
"ම්ම්" මම අම්මා කියන
එක අහගෙන ඉන්න
වග පෙන්නන්න හිස
වැනුවා.
"ඒක නෙවෙයි අර
ඉල්ලුම් කරපු රස්සාවල් එකකටවත් කතා
කලේ නැද්ද?" අම්මම ඊලඟට
කතාව වෙන පැත්තකට හැරෙව්වේ මම
ඒ ගැන හිතන
වග තේරුණ හන්දා වෙන්න ඇති.
"නෑ අම්මා. තව
බලමුකෝ" මම කිව්වා.
"ඔය මොන
රස්සාවත් තියෙන්නේ කොලඹ
නේද?" ඊලඟට අම්මා ඇහුවා.
"ඔව් අම්මේ. මේ
පැතිවල රස්සාවල් අඩුයි නේ"
"හ්ම්ම්. හනේ
මන්දා. අපට නම්
කමක් නෑ ඔයා
රස්සාවක් නොකලත්. ඒත්
ඉගෙන ගත්තුවා අපරාදෙනෙ. අනික
ඉතිං අනාගතේදි ජීවත් වෙන්න කොච්චර සල්ලි තිබ්බත් මදි
වෙයි. දැන් ඔය
අහන අහන පවුල් වල
දෙන්නම වැඩ. මොකෝ
ඉතිං භූප ළමයා
කියලා හරි හමන්
වැඩක් කරනවත් නෙවෙයි නේ"
අම්මා එහෙම කිව්වම මම
ඈ දිහා බැලුවේ පුදුමෙන්.
භූප
ගැන අම්මා මා
එක්ක මේ කතා
කලේ පලවෙනි වතාවට වෙන්න ඇති.
"භූප කියන්නේ තව
කල් ඉන්න ඕන
කියලා. අවුරුදු තුනක් වත්.
ඒ වෙද්දි එයාගේ ඔය
කරන රස්සාවෙ තැනකට එන්න
පුලුවන් වෙයි කියලා එයා
කියනවා" මම ඒත්
වෙනසක් නොපෙන්වා කිව්වා.
"ම්ම්..." අම්මා එහෙම
කිව්වේ සුසුමක් හෙලන
ගමන්. "ඔය හට්ටියටම දිය
කිරි ටිකත් දාන්න"
ඊලඟට
අම්මා එහෙම කියලා අතේ කොහොල්ලෑ ඇර
ගන්න ගෙයි පිලිකන්න දිහාවට ගියා.
මට තේරුණා අම්මා මොනා
කිව්වත් තාම භූප
ගැන ලොකු පැහැදීමක් ඇගේ
හිතේ නෑ කියලා.
"දැන් අරලෙඩේ තත්වේ මොකද?"
අම්මා එහෙම අහගෙන ආපහු
ගෙට එද්දි මම
පොලොස් හට්ටිය ලිපෙන් තියල
ඉවර වුණා විතරයි.
"ම්...දැන්
ගොඩක් හොඳයි කියලා තමයි
කියන්නේ. ඒත් ඉතිං
පොඩි පොඩි අමාරුකම් තාම
තියෙනවා" මම උත්තර දුන්නා.
"එහෙම නම්
ඉතිං ඔයා ඔය
නිතර දෙවේලේ එහේ
යන්න ඕන නෑනෙ.
මම මේ කොහොමත් ඒක
කියන්නමයි හිටියේ. අත්තම්මත් දවසක් ඔය
ගැන මගෙන් ඇහුවා"
අම්මා කියාගෙන කියාගෙන යද්දි මම
අහගෙන උන්නේ ගැහෙන හිතින්. ඒ
එක්කම හිතේ ගොඩනැගෙමින් තිබ්බේ හිතුවක්කාර සිතිවිලි ගොඩක්.
"තාම මොනවත් කතාකරගන්නෙවත් නැතුව ඔහොම
ගෑණු ළමයෙක් පිරිමි කෙනාගේ ගෙදර
යන එන එක
ඒ තරම් හොඳ
නෑ. ගමේ මිනිස්සු වුණත් අමුතු විදියට ඔව්වා දිහා
බලන්න පුලුවන්. ඒ
හන්දා ඔය නිතර
යන එන ගමන්
අඩු කරන්න නම්
වෙයි දෝණි. මේවා
ගැන ඔයාලගේ තාත්තට ගාණක් නෑ.
එහෙමයි කියලා මට
මේවා බලාගෙන, නෑයින්ගෙන් කතා
අහන්නත් බෑ. ඔයාට
තේරෙනවනේ" අම්මා කිව්වා.
මගේ
හිතේ හිතුවක්කාරකමට අමතරව, හැමදේම ගැන
අමනාපෙකුත් ඇති වෙලයි තිබුණේ.
"දැන් ඉතිං
ඔය මූණ එල්ලගෙන ඉන්න
ඕන නෑ. මේවා
කතා කරලා පිලිවෙලක් කරගන්නකල් ඔය
ගමන් අඩු කරන්න එච්චරයි"
අම්මා එහෙම
කිව්වම මම මුකුත්ම කියන්න ගියේ
නෑ. අම්මා එක්ක
එකට එක කියන්න මට
ඕන වුණෙ නෑ,
මොකද මම මේවෙනකොටත් අම්මලට ගොඩක් හිතුවක්කාරකම් කරලා
තිබුණ හන්දා.
"හෙට යනකොට ඒ
ළමයට මේ පොලොස් මාලුව අරන්
යන්න. පරණ වෙද්දි තමා
පොලොස් රස" අම්මා මම
කුස්සියෙන් එලියට එද්දි කිව්වේ මගේ
හිත රිදුන වග
තේරිලා නිසා වෙන්න
ඇති. මට අම්මා ගැන
දැනුනෙත් පුංචි දුකක්. පිලිගන්න කොච්චර මැලි
වුණත්, අම්මලා ඇත්තටම හදන්නේ අපට
හොඳක් කරන්න නේද
කියලා එවෙලේ මට
හිතුණා.
අනුක් නැතුව කතාවම පාලුයි.
ReplyDelete