උදේ 6.30
ට එන බදුලු කෝච්චිය එතනට එද්දිත් මම උන්නේ කල්පනාවක. එදා සතියේ දවසක් නිසා කෝච්චියේ
වැඩිය සෙනග උන්නේ නෑ. මම හිත තද කරගෙන කෝච්චියට නැග්ගා.ජනේලයක් අයිනේ වාඩි වෙලා මම
ඔහේ කල්පනා කර කර එන්න ආවා. හිතේ තිබ්බේ එකම එක අරමුණක්. ඒ භූපව මුණගැහෙන එක. පොල්ගහවෙලට
විතර කෝච්චිය ලං වෙද්දි මම කලේ කේතකීට කෝල් එකක් ගත්තු එක.
"හලෝ..."
ෆෝන් එක ගත්තේ කේතකීගේ අම්මා.
"කේතකී
ඉන්නවද?"
"ආ...ඉන්නවා.
කවුද මේ සකුන්තලා නේද? ඔහොම ඉන්නකෝ. පොඩි දූ...මේ කෝල් එකක්"
කේතකීගේ
අම්මා කතා කරනවා මට ඇහුණා.
"හලෝ..."
"කේතකී..."
"කවුද
මේ?"
"මං...දුලාරා"
"ද්..දු..දුලාරා..?
ඇයි?" ඒ පාර ඈ කතා කලේ රහසින් වගේ.
"ඔයාගෙන්
දෙයක් ඉල්ලගන්න මම කතා කලේ"
"මොකක්ද?
ඔයා ඔය කොහේද ඉන්නේ? මොකක්ද ඔය සද්දේ?"
"මට...මට
භූප ඉන්න තැන address එක දෙන්න කේතකී"
"මොනාද?
address එක? ඒ මොකටද? දුලාරා...ඔයා මේ කොහෙද ඉන්නේ?" කේතකීගේ ස්වරයේ තිබුණේ කලබලයක්.
"කෝච්චියේ"
"කෝච්චියේ?ඔයා
කොහේද මේ යන්නේ?"
"මට
භූපගේ address එක දෙන්න කේතකී...ප්ලීස්"
"ඔයා
කොහෙද ඉන්නෙ කියන්න ඉස්සෙල්ලම"
"මං
ඉන්නෙ ඉන්නේ කෝච්චිය...මම යනවා හැටන් වලට" මම කිව්වා.
"
හැටන් වලට!!! අනේ දෙයියනේ...ඔයා මොනාද දුලාරා මේ කරන්නේ? ඔයා ඇයි ඔය විදිහේ දෙයක් කලේ.
මං දන්නෑ මොනා කරන්නද කියලා" ඒ පාර නම් කේතකීගේ ස්වරය උත්සන්න වෙලා.
"මට
address එක දෙන්න කේතකී...මට භූපව හම්බවෙන්න ඕන. එයා හම්බනොවී මම මෙහෙන් එන්නේ නෑ.
ඔයා address එක නොදුන්නොත් මුලු හැටන්වලම ඇවිදලා හරි මම එයාව හොයාගන්නවා" මම කිව්වා.
"අනේ
දුලාරා...දෙයියනේ ඔයාට හොඳටම පිස්සු දුලාරා. පිස්සු නොකර අනේ ගෙදර එන්න" කේතකී
කිව්වේ අඳෝනාවක් වගේ.
"මං
කිව්වනේ කේතකී...භූප හම්බෙලා මිස මම එන්නේ නෑ. ඔයා address එක දෙනවද, නැත්තම් මම තනියෙම
හොයාගන්නද?"
"විකාර
කියන්න එපා. ඔයා දැන්මම ආපහු එන්න. නැත්තම් මම මේ වෙලාවෙම ඔයාගේ ගෙදරට ගිහින් කියනවා"
"කියලා
කොහොමද හොයාගන්නේ? එහෙම වුණොත් මම මගින් බැහැලා කොහේ හරි යන්වා" මම කිව්වේ හිතුවක්කාර
විදියට.
"මොන
ගොන් මෝඩියෙක්ද මන්දා මේ...කියන එක අහන්න" කේතකී කිව්වේ සැරෙන්.
"හරි
එහෙනම් මම තනියෙම හොයාගන්නම්" මම කිව්වා.
"දුලාරා....
දුලාරා, ඔයා මහා හිතුවක්කාර කෙල්ලෙක් දුලාරා...මං දන්නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා...පොඩ්ඩක්
ඉන්න...ඔහොම ඉන්න"
මම දැනගෙන
උන්නා කේතකී මේ විදිහට කොහොමත් භූපගේ address එක මට දෙන වග. මට වෙන කරන්න දෙයක් තිබුණේ
නෑ. හිත බලවත් වුණේ භූප ගැන හැඟීම් විතරමයි. ඒත් හිතේ චකිතයක් නොතිබුණා නෙවෙයි තනියෙම
හැටන් යන්න. මම කවදාවත් තනියෙම එහෙම දුර ගමනක් නොදන්න දිහාකට ගිහින් තිබුණේ නෑ.
ටිකකින්
කේතකී මට භූප ඉන්න තැන address එකයි, භූපගේ
ෆෝන් නම්බර් එකයි දුන්නේ අඳෝනා කිය කියමයි. ඒත් මම නෑසුකන්ව ෆෝන් එක කට් කලා. මේ යන
ගමන ගැන ගොඩක් හිතලා හිතලා අන්තිමේදි මම තීරණය කලා අනුක්ට කතා කරන්න. ඒත් වැඩි හොඳට
මම ඔහුට කතා කලේ පේරාදෙණිය පහු වුණාට පස්සේ.
"දුලාරා...මොකෝ
මේ අවේලාවෙ මාව මතක් වුණේ?” අනුක්ට මම කතා කරද්දි කෝච්චිය නුවරින් ආපහු හැටන් පැත්තට
එන්න පටන් ගෙන.
"ඔයා
කැම්පස් එකේද ඉන්නේ?" මම ඇහුවා.
"ඔව්
ඔව්. අද ලෙක්චර් එක දහයට. මම මේ කන ගමන්. ඉතිං ඉතිං?"
"අනුක්...මට
ඔයාට කියන්න දෙයක් තියෙනවා"
"මොකක්ද?"
"අනුක්...."
"දුලාරා...ඔයා...කොහෙද
ඔය ඉන්නේ? මොක හරි වාහනේකද? ඔයා ඉන්නේ කෝච්චියකද?"
"ඔව්"
"ඔයා
කොහෙද යන්නේ?" අනුක් එහෙම අහද්දි ඒ හඬේ තිබ්බේ සැකයක්.
"අනුක්...මම
තීරණයක් ගත්තා"
"දුලාරා...ඔයා
කොහෙද ඉන්නේ කියන්න?" ඒ පාර නම් අනුක් උන්නේ කලබල වෙලා.
"මම
යනවා, මගේ භූප හොයාගෙන"
"ඔයා....
ඔයා ඉන්නේ හැටන්ද?"
"නෑ..."
"කා
එක්කද මේ ඔයා යන්නේ?"
"කා
එක්කවත් නෙවෙයි තනියෙම"
"තනියෙම...?
තනියෙම?"
"අනුක්
අහන්න..."
"කොහෙද
ඔයා ඉන්නේ?" අනුක් කෑ ගැහුව තරමයි.
"පේරාදෙනිය
පහුවුණා අනුක්"
"දෙයියනේ
දුලාරා...ඔයා මොනාද මේ කරන්නේ? කරුණාකරලා ඊලඟ ස්ටේෂන් එකෙන් බහින්න. ප්ලීස්...මං කියන
දේ අහලා ගම්පොලින් බහින්න..මම එන්නම් එතනට"
"එපා..එපා
එපා. මම තීරණයක් ගත්තා අනුක් ආයෙම හැරෙන්න මට බෑ"
"දුලාරා...පිස්සෙක්
වගේ වැඩ කරන්න එපා" අනුක් කෑ ගැහුවා.
"අනුක්
මම යන්නේ භූප එක්ක නවතින්න නෙවෙයි. මට එයාව බලන්න විතරයි ඕන" මම කිව්වා.
"ඒ
පාර කෙහෙම්මලක් කතා කරනවා. භූප එක්ක නවතින එක ගැන නෙවෙයි මම කියන්නේ. ඔය තනියෙම යන
ගමනේ අවධානම ගැන. දෙයියන්ගේ නාමෙට කෝච්චියෙන් බහින්න. මම ගම්පොලට එන්නම්"
"ඔයා
එන්න එපා"
"දුලාරා..."
"මං
තියනවා අනුක්"
"දුලාරා...අහන්න
අහන්න. ඔයාට යන්නම ඕන නම් මම එක්කං යන්නම්.please please කොච්චියෙන් බහින්න"
"තවත්
ඔයාට කරදර කරන්න මට බෑ අනුක්. මම කතා කලේ ඔයාට කියන්න විතරයි"
"මං
කියන දේ අහන්න...මං එක්කන් යන්නම්. promis මම එක්කන් යනවා. කොහෙන් හරි බහින්න දුලාරා...
බැහැලා මට කතා කරන්න. ප්ලීස් ඔය වැඩේ කරන්න එපා"
අනුක් කෑ
ගහද්දිම මම ෆෝන් එක කට් කරලා off කලා. හිත
තිබුණේ හුඟක් චංචල වෙලා. ඒත් භූප මතක් වෙද්දි හිත ගල් කරගන්න මට පුලුවන් වුණා. පස්සේ
හිතද්දි මට පුදුමත් හිතුණා ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ හයියයි, හිතුවක්කාරකමයි ගැන.
තෙහෙට්ටුවයි,
හිතේ කලබ්බලෙයි, කෝච්චියේ ඒකාකාරී සද්දෙයි නිසා නින්ද ගිය මට ආයේම ඇහැරුණේ නාවලපිටියත්
පාස් වෙලා. අන්තිමේදි කොහොමින් කොහොමින් හරි කෝච්චිය හැටන් වලට ලං වුණා. ඒක හැටන් station
එකේ නැවැත්තුවාම මම ලොකු හුස්මක් අරන් කෝච්චියෙන් බැස්සේ, භූපගේ address එකයි, ෆෝන්
නම්බර් එකයි ලියපු කොලේ අතේ ගුලි කරගෙන. මම ඉස්සරහට ඇවිදගෙන ඇවිත් පාලම් පඩිපෙල නගින්න
උඩ බලද්දි එතන උඩ හිටගෙන යන එන මිනිස්සු අතරේ මාව හොයමින් උන්නු කෙනා දැක්කම මම උන්නු
තැනම ගල් ගැහුණා. ඒක මම කොහොමටවත් බලාපොරොත්තු වුණ දෙයක් නොවුණ නිසා. ඒ ඇස් දෙක මා
ලඟ නැවතුනෙත් එවෙලෙම වගේ. ඔහු ඊලඟට මා දිහාට දුවගෙන ආවේ මිනිස්සු දෙතුන්දෙනෙක්ගේ ඇඟෙත්
හැපෙමින්. ඒත් ඒ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකලා
නොතිබුණ තරමේ නපුරුකමක්.
"අනුක්..."
"එනවා
යන්න" අනුක් මගේ අතකින් රිදෙන තරම් හයියෙන් අල්ලගෙන මාව ඇදගෙන වගේ පඩිපෙල නැගගෙන
ස්ටේෂන් එකෙන් එලියට යනකල්ම ගියේ තරහින් පුපුර පුපුර වගේ. station එකෙන් පිටත ඔහුගේ
වාහනේ නවත්තලා තිබුණා. ඔහු දොර ඇරලා මාව සීට් එකට තල්ලු කලා.
"ඔයා...ඔයා
ආවේ මොකටද? අනුක්… ඇයි මෙහෙම ලෙක්චර්ස් කට් කරගෙන ආවේ?"
"කතා
කරන්න එපා. මට තමුසෙට දෙන්න පුලුවන් කම්මුල රත් වෙන්න එකක්...මොන මගුලක්ද මේ කරන්නේ?
මගේ ඇඟේ ලේ නැතුව මම ආවේ. තමුසෙ දන්නවද මම නාවලපිටිය පාරේ ආවේ සීයට... මෙච්චර ගින්දර
දෙන්නේ ඇයි දුලාරා? මට විතරක් නෙවෙයි නේ... දැන් ගෙදර මිනිස්සු දැනගත්තොත් මොනා වෙයිද?"
අනුක්ට ඒ තරම් තරහා ගිහින් තියෙනවා මම කවදාවත් දැකලා නෑ.
"මට
භූප බලන්න ඕන"
"මොලේ
හොඳ නැද්ද තමුසෙගේ. මේ නොදන්න ගමකට ඇවිත්, තනි කෙල්ලෙක් කොහොමද එහෙම හොයන්නේ? දුලාරා
මම කීපාරක් කිව්වද හිතට ආපු පලියට වැඩ කරන්න එපා කියලා. දැන් බලනවා වෙලාව කීයද කියලා.
දොලහටත් ලඟයි. දැන් ආපහු යන්නේ කොහොමද? ඒව හිතුවේ නැද්ද? බැරිවෙලාවත් භූප කොහේ හරි
ගිහින් නම්? මොනාද තමුසේ කරන්නේ? කියනවා?"
"මම
එච්චර දුර හිතුවේ නෑ"
"my
foot!!"
"ඔයා
ආවේ මට බනින්නද?" බැරිම තැන මම ඇහුවා. මම උන්නේ අඬන්න ඔන්න මෙන්න.
"බනින්න
නෙවෙයි ගහන්නයි ඕන කරන වැඩ වලට"
"බැනලා
ඉවරනම් මට යන්න දෙන්න" මම එහෙම කිව්වම අනුක් සුසුමක් හෙලුවා.
"මගෙන්
තව මුකුත් අහගන්න එපා...දැන් භූප ඉන්න තැන දැනගෙනද නටාගෙන ආවේ?"
"ඔව්"
ඔහු ඒ පාර
මා දිහා බැලුවේ පුදුමයකින් වගේ.
"කොහොමද
දැනගත්තේ?"
"මම
කේතකීගෙන් ඉල්ලගත්තා"
අනුක් හිස
වැනුවා එපා වෙලා වගේ.
"දුලාරා...ඔයාට
නම් පොඩ්ඩක්වත් මොලේ නෑ. address එක දන්නවා නම් අපට වෙන ඕන වෙලාවක භූප හොයාගෙන එන්න
තිබුණා. මම ඔයාව එක්ක එනවා. ඒත් මේ ඔයා කරපු වැඩේ බලන්න. දැන් අනිද්දා චේතිය අයියලා
එහේ එනවා. අද දැන් කොහොමද හවස් නොවී ගෙදර යන්නේ? ගිහින් මොනාද කියන්නේ?"
"මං
දන්නෑ අනුක්"
අනුක් ආයෙම
සුසුමක් හෙලුවා.
"කෝ
දෙනවා මෙහේට"
"මොකක්ද?"
"අර
මගුල් address එක"
අනුක්ගේ
තරහා අවුස්සන්න බැරි නිසා මම ඒක ඔහුගේ අතේ තිබ්බා.
"දැන්
ඉතිං මොනා කරන්නද? ආපු එකේ හම්බෙලාම යනවා ඇරෙන්න. මම දන්නෑ මේ තැන කොහේ තියෙනවාවත්ද
කියලා"
අනුක් කියාගත්තේ
තමන්ටම වගේ. මම කට වහගෙන උන්නා. අනුක් මාව හොඳටම පුදුම කලා වුණත්, මට නරකම විදියට බැන්නා
වුණත් ඔහු මා එක්ක ඉන්න එක පුදුමාකාර හයියකින්, ආරක්ෂාසහගත හැඟීමකින් හිත පුරවලා තිබුණා.
මට ඔහු එක්ක තරහා නොගියේ ඒ නිසා වෙන්න ඇති.
හැටන් ටවුමේ
තැන් ගොඩකින් අහගෙන අහගෙන අපි අන්තිමට යන්න පිටත් වුණේ කාසල්‍රී පැත්තට. අනුක්ට ඔහේ
මාව අරන් යන්න ඉඩ දීලා මම ඔහේ උන්නා. පොඩි බඩගින්නක් දැන් දැන් දැනෙමින් තිබුණත් කන්න
තරම් උවමනාවක් මට තිබුණේ නෑ.
"උදේ
කීයටද ආවේ?" අනුක් ඇහුවේ මම ඔහේ පහුවෙන තේ වතු දිහා බලාගෙන ඉද්දි.
"පහමාරට
විතර"
"කෑවද?"
"නෑ..කන්න
බෑ"
"ඒ
පාර පිස්සු මදිවට නොකා මැරෙන්නද යන්නේ?"
එහෙම කියපු
අනුක් අතරමග තිබුණ පුංචි පෙට්ටි කඩේකින් මට බිස්කට පැකට් එකකුයි කෙසෙල් ගෙඩියි අරන්
දුන්නේ බැන බැනමයි. කාලා පන ඇතුව ඉන්න ඕන නිසා මම අමාරුවෙන් වුණත් පොඩ්ඩක් කෑවා.
"ගෙවල්වල
මොන තත්වයක් ඇත්ද කියලා මට නම් හිතද්දිත් බයයි. අනේ ඇත්තටම දුලාරා ඔයා නම් මොන විදිහේ
කෙල්ලෙක්ද කියලා මට තේරෙන්නේ නෑ. මෙච්චරම හිතුවක්කාරකමක්!"
"මට
බනින්න එපා අනුක්" මම කිව්වේ ආයාචනාත්මකව.
ඒ පාර අනුක්
මා දිහා බැලුවේ අනුකම්පාවකින් වගේ.
"ඔයාමයි
මට කිව්වේ හරි තීරණේ ගන්න කියලා"
"ඉතිං...මේකද
ඒ තීරණේ?"
"මම
භූප එක්ක නවතින්න ආපු ගමනක් නෙවෙයි. අම්මලා ඒකට අකමැති නම් මම ඒක කරන්නේ නෑ. ඒත්...මං
තීරනේ කලා. මම චේතියව බඳින්නෙත් නෑ..."
"මොකක්?"
"මං
කියන්නේ ඇත්තටම"
අනුක් මා
දිහා වරින් වර බැලුවේ පුදුමෙන් වගේ. දැන් දැන් මීදුමෙන් වැහෙන්න පටන් ගත්තු තේ වතු
සමූහය දිහා මම බලාගෙන උන්නේ හැඟීමකින් තොරව.
"ආ...
මෙතන තමයි ගමේ නම නම්…මෙතනින්
නවත්තලා කාගෙන් හරි අහමු" ඒ අතරේ අනුක් භූප ඉන්න දිහාට යන පාර හොයාගෙන.
අනුක් මීදුම
අස්සෙම පොඩි කඩ මණ්ඩියක් ලඟින් බැහැලා පාර හරියටම අහගන්න තව වෙලාවක් ගියේ එතනින් ගිය
අය උන්නෙම නැති තරම් නිසා. ඒ අතරේ පුංචි වැස්සකුත් වහින්න පටන් ගත්තා.
"මෙතනින්
උඩට යන්න ඕනලු. ක්වාටස් එකක් කිව්වා.. ගිහින් බලමු" අනුක් හිසට අත තියාගෙන දුවලා
ඇවිත් වාහනේට නැගලා කිව්වේ එහෙම.
වල ගොඩලි
වලින් ගහණ වෙච්ච ගුරු පාර දිගේ වාහනේ හෙමි හෙමින් උඩට ඇදෙද්දි මට දැනුනේ ලොකුම ලොකු
චකිතයක්. බඩත් කැලතෙනවා වගේ හැඟීමක් මට දැනෙමින් තිබුණා. දැන් භූප දැක්කම ඔහු මොන විදියට
ප්‍රතිචාර දක්වයිද, මම මොනා කරයිද කියන එක මට හිතාගන්නවත් බැරි වුණා. අන්තිමේදි අනුක්
කන්දේ මගක, වැල් රෝස මල් ගාලකින් වටවුණ පොඩි ගෙයක් ලඟ වාහනේ නැවැත්තුවා.
මේ පැත්තෙ ආවේ අද.නෙතූගෙ කතා ලස්සනයි.
ReplyDeletehttp://wehilihini.blogspot.com/