"චේතිය අයියා? ආ..මේ.. ඔයා කොයි වෙලේද ආවේ?"
මම ගොලු වෙලා ඉද්දි අනුක් ගෙට ආවේ එහෙම අහගෙන.
"අද නුවර එන්න වුණා කොල්ලෝ. ඉතිං ආවා පොඩ්ඩක් බලලා යන්න" චේතිය කිව්වේ ඇස් වලින් මාව පෙන්නමින්.
අනුක් හිස වනලා හිණා වුණා.
"ඒක හොඳයි...තවත් උදැල්ල නොදා මේන් මම ගියා එහෙනම්"
අනුක් එහෙම කියාගෙන එතනින් යද්දි, මම ඔහේ උන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒත් මම ඇස් කොනකින් දැක්කා අනුක් පඩිපෙල නැග්ගේ අපේ පැත්ත බලාගෙන වග.
"ඔයත් ආපු ගමන් නේ. වොෂ් එකක් දාගෙන එන්න. මම මේ ලොකු අප්පච්චි එක්ක සාලේ මැච් එක බල බල හිටියේ. ඔයා හෙමින් එන්න" චේතිය මට කිව්වා.
මම ඒ පාර එතනින් එන්න ආවා. තියෙන ප්‍රශ්ණ මදිවට චේතියත් නිතර නිතර මෙහේ එන්න ගියාම ඒක මට දැනුනේ දඬුවමක් වගේ. මොන හේතුවකටද මන්දා මට ඔහු ගැන අපැහැදීමක් ඇර වෙන මොනම හැඟීමක් වත් දැනුනේ නැති හැටි.
"නෑ පුතේ ඒ ළමයා මේ Company එකක General
Manger කෙනෙක්. තව ඉඩ කඩම් දේපල හෙම තියෙනවලු කුරුනෑගල පැත්තෙත්. අපේ මේ ලෝයර් කරලියද්දලාගේ ලඟම නෑයෝ" මම සාලෙට යද්දි අනුක්ලගේ තාත්තා චේතියට කා ගැනදෝ විස්තර වර්ණනාවක් කරන්වා.
"ආ...දුව..එන්න එන්න" මම එනවා ඈත තියාම දැකපු ඔහු කිව්වම මමත් එතනට ගියා. එවෙලේ යශෝ අක්කයි, ගෝතමී අක්කයිත් උන්නේ එතන. අනුක් චේතියයි, තාත්තයි උන්නු පුටුවට පිටිපස්සේ හිටගෙන කතාවට ඇහුම්කන් දීගෙන උන්නේ ඇහිබැමත් අකුලගෙන.
"එන්න කියලා බලමු ලොකු අප්පච්චි. ඒත්...ඇමරිකාවේ ජනාධිපත් වුණත් වැඩක් නෑ උත්පලා අකමැති නම්" චේතිය කිව්වේ හිනාවක් පාලා.
ඒ පාර අනුක්ලගේ තාත්තා සුසුමක් හෙලුවා.
"ඒකම තමා මටත් තියෙන ප්රශ්ණේ. දැන් පේන්නෑ, මේ කතාව පටන් ගත්තු ගමන්ම යන්න ගිය හැටි? අනේ මන්දා මේ ළමයා මොන තාලෙකට වැඩ කරනවද කියලා"
"එයා හිතන්නේ අප්පච්චි අපි ගැන. අම්මත් නැති නිසා එයා කැමති නෑ අපිව දාලා යන්න. මට හිතෙන්නේ එකයි හේතුව" එහෙම කිව්වේ යශෝ අක්කා.
ඒක ඇහුවම අනුක්ගේ තාත්තගේ මූණේ ඇඳුනේ දුකක් කියලා මට හිතුණා.
"ලොකු දුව එහෙම හිතන වග මම දන්නවා. ඒත් ඉතිං එහෙමයි කියලා මේවා හැමදාම කල් දාන්නත් බෑනෙ. අම්මා හිටියා නම් මේවා කෙරෙන්නේ මීට කලින්" එහෙම කියලා ඔහු ආයෙම සුසුමක් හෙලුවා.
"මොනා කරන්නත් ඉතිං මුලින්ම මේ අයට එන්න කියලා ඉන්න එක හොඳයි නේද ලොකු අප්පච්චි? ඔය කියන විදියට පවුලත් හොඳ නම්, කොල්ලත් හොඳ නම්, උත්පලාට ප්‍රශ්ණයක් වෙන්න බෑනෙ" එහෙම කිව්වේ චේතිය.
මම ඔහු දිහා බැලුවේ අප්‍රසාදෙකින්.
"ඒ හැම දේම හොඳ අපටනේ අප්පච්චි. අක්කට ඒවා හොඳ නොවෙන්නත් පුලුවන්. අන්තිමට මැරි කරන්නේ අක්කා, ඔය කියන මනුස්සයා එක්ක ජීවත් වෙන්න ඕනත් එයා. ඒ නිසා, ඉතිං එයාට ප්‍රශ්ණයක් නෑනෙ කියන්න අපට බෑ. අනික ඉතිං අක්කා මැරි කරන්න කැමති නැත්තම්, අපට එයාව බලෙන් බන්ඳන්න බෑනෙ. එහෙම කරන එක මහ අසාධාරණයක්" එහෙම කිව්වේ අනුක්.
ඔහු කතා කරද්දි මම උන්නේ ඔහු දිහාම බලාගෙන. මට හිතුණා ඒ ඔහු කතා කලේ මං වෙනුවෙනුත් කියලා.
"අනුක්...ඔයා මොනාද මේ කියන්නේ? අපි උත්පලාව බලෙන් කසාද බන්ඳන්න හදන්නේ නෑ..." අනුකගේ තාත්තා කිව්වේ සැරෙන් වගේ. "මම ලබන සතියේ ඒ අයට එන්න කියනවා. මේවා තවත් කල් දාන්න බෑ. මගේ ඇස් පියවෙන්න කලින් ඔයලා හැමෝගෙම ජීවිත පිලිවෙලක් වෙනවා දකින්නයි මට ඕන"
ඔහු ඊට පස්සේ එහෙම කිව්වාම, ආයෙම අනුක්වත්, වෙන කවුරුවත් කතා කලේ නෑ. මගේ හිතටත් දැනුනේ පොඩි දුකක්. හැම තාත්තා කෙනෙක්ම, අම්මා කෙනෙක්ම හිතන්නෙත් එහෙම නේද කියලා මට හිතුණ නිසා.
***
"මං...ඔයා කියපු කතාව අපේ අම්මලට ගිය පාර කිව්වා"
චේතිය එහෙම කිව්වේ අපි ගෙයින් එලියට ඇවිත් වම් පැත්තේ තිබුණ ඉස්තෝප්පුව දිහාට යද්දි.
ඔහු මට එන්න කිව්වාම නෑවිත් බැරි නිසා ආවා මිසක මට ඔහු එක්ක කතා කරන්න දෙයක් තිබුණේ නෑ.
"හ්ම්"
"අම්මලගෙ එකට ලොකු අකමැත්තක් නෑ. එකම දේ, ඔයා out වෙද්දි කොහොමත් March අග විතර වුණොත්,අම්මලා කැමති නෑ April වල wedding එක ගන්න. මොකද මේ කෝන මාසයක්ද මොකක්ද කියලා. ඒ මාසව සුබ වැඩ කරන්නේ නෑලු. ඉතිං එහෙම වුණොත්, wedding එක මැයි වලට කල් යනවා" චේතිය කිව්වා.
"එහෙමද?" මම ඇහුවේ ඕනවට එපාවට.
"එහෙම වුණොත් මැයි තමා ඒක කෙරෙන්නේ" චේතිය කිව්වා.
"හා" මම ඈත පේන ලා රතු ආකාසේ දිහා බලාගෙන කිව්වා. ඉර බැහැලා ගිහින් තිබුණත් ආකාසේ රතු පාට තවමත් මැකිලා ගිහින් තිබුණේ නෑ.
"ඔයා මම කියන එක අහගෙන නෙවෙයි ඉන්නේ. ඔයා මේ ගැන කිසිම ගානක් නෑ නේද?" ඒ පාර චේතිය ටිකක් සැරෙන් අහද්දි මම ටිකක් ගැස්සුනා.
මම ඔහු දිහා බැලුවේ ඒකේ තේරුම මොකක්ද අහන්න.
"ඔයා මහ හිතුවක්කාර කෙල්ලෙක් දුලාරා...මම ගැන පොඩ්ඩක් වත් ගාණක් නෑ ඔයාට. මම මෙච්චර මහන්සි වීගෙන ඔයා වෙනුවෙන් මේ දේවල් කරද්දි ඔයාට මේ ලෝකේ වගක් නෑ" චේතිය අතේ තිබ්බ තේ කෝප්පේ දඩස් ගාලා ලඟ තිබ්බ ටීපෝව මත තිබ්බා.
"ඉතිං මොකටද ඔච්චර මහන්සි වෙන්නේ?" චේතියට තරහා යන වග දැන දැනත් මම ඇහුවා.
"මොකක්ද ඒ අහපු එකේ තේරුම? එතකොට මම මේ දේවල් කරන එකද දැන් වැරැද්ද?"
"මම ඔයාට ඔය දේවල් කරන්න කිව්වෙත් නෑ. එපා කිව්වෙත් නෑ" මම අහක බලාගෙන කිව්වා.
"මොකක්ද දුලාරා තමුසෙට මේ වෙලා තියෙන්නේ ආ...?" ඒ පාර චේතිය මා ලඟට ආවේ එහෙම අහගෙන.
"මොනා වෙන්නද?" මම ඇහුවේ හිත ඇතුලේ මහා රලක් වගේ කෝපයක් නැගගෙන එද්දි.
"තමුසේ හිතුවක්කාරයි නෙවෙයි. තමුසේ මහ නපුරුයි. මම දන්නවා ඒ මොකද කියලා...අර ගමේ උන්නු ප්‍රේම කුමාරයා තමුසෙව දාලා ගිය එකට මමද පලි?" චේතිය ඇහුවේ මගේ මූණට එබිලා.
මම ඔහුගේ දිහා බැලුවේ හිතේ තරහා හොඳටම වැඩි වෙද්දි.
"ඒක මෙතනට අදාල නෑනෙ. ඒ ගැන අපි මෙතන කතාකරන්න ඕන නෑ"
"මොකද ඕන නැත්තේ? ඌ නිසා තමයි මේ සේරම. තමුසේ තාම ඉන්නේ ඌ ගැන හිත හිත. ඒක මම නොදන්නවා කියලා හිතන්න එපා"
"ඒක දන්නවා නම් ඇයි මට තවත් මෙහෙම වද දෙන්නේ?" මමත් කතා කලේ කැත්තට පොල්ල වගේ.
"තමුසෙට ඌ ගැන හිතන්න අයිතියක් නෑ. තමුසේ මගේ. තමුසේ මට තීන්දු වෙලා ඉවරයි. තමුසේ ජීවිත කාලෙම ඌ ගැන හිතුවත් වැඩක් වෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්නවා" චේතිය කතා කලේ හෙමින් වුණත්, ඒ හඬේ තිබ්බේ තර්ජනයක්, කෝපයක්. ඒත් මට බයක් දැනුනේ නෑ.
"හිතාගෙන ඇති" මම ඔහුගෙන් අහකට හැරෙන ගමන් කිව්වා.
ඒත් ඒ වේගෙනම මගේ බාහුවකින් රිදෙන්න මිරිකපු ඔහු ආයෙම මාව ඔහුගේ පැත්තට හරව ගත්තා.
"හිතාගෙන ඇති? මොනවද හිතාගෙන ඇති. හිතාගෙන විතරක් නෙවෙයි, හිතන දේවල් කරලා පෙන්නනත් මේ චේතිය දන්නවා. මම තමුසෙව බඳිනවා කිව්වොත් බඳිනවා තමයි. ඒත් ඊට කලින් සද්දේ දාලා අනවශ්‍ය දේවල් වෙන්න ඉඩ තියන්න එපා" චේතිය කිව්වේ තවත් මගේ අත මිරිකන ගමන්.
රිදුනත්, හිතේ තිබ්බ තරහා නිසාම මම ඒක ඉවසගෙන උන්නා.
"තවත් ඉතිං මට මොනා වෙන්නද? වෙලා තියෙන දේයි, වෙන්න යන දේයි හොඳටම ඇති. තවත් වෙන්න දෙයක් නෑ"
මම එහෙම කියද්දි චේතිය අතවත් තදින් මගේ බාහුව මිරිකලා මාව ඔහු දිහාට ලං කරගත්තා. එවෙලේ නම් දැනුන වේදනාවට මට කෙඳිරි ගෑවුණා.
"මාව අතාරින්න"
"තමුසේ ඔය මොනා කිව්වත් අන්තිමට තමුසෙට එන්න වෙන්නේ මං ලඟට. අන්න එදාට ඔයා ගෑස් ඔක්කොම බස්සන හැටි මම දන්නවා" චේතිය හෙමින් ඒත් තර්ජනාත්මක විදියට මගේ මූණට ලං වෙලා කිව්වා.
"එහෙම වුණොත් ඊට කලින් මම කෝච්චියට පැනලා මැරෙනවා" මමත් කිව්වේ ඔහුගේ ඇස් දිහාම බලාගෙන.
"එහෙමද? හරි අපි බලමු මොකද වෙන්නේ කියලා" මගෙ ආතත් ගසා දාලා චේතිය යන්න ගියේ එහෙම කියාගෙන.
එතන එහෙමම ටික වෙලාවක් උන්නු මම කුස්සිය දිහාවෙන් කාමරේට යන්න ගියේ සාලේ උන්නු අයට මූණ දෙන්න මට බැරි නිසා.
කාමරේට ගිහින් ඇඳේ වාඩි වෙලා මම හිත සන්සුන් කර ගන්න උත්සාහ කලා. චේතිය එක්ක එකට එක කිව්වත් මගේ හිත තිබ්බේ හොඳටම ගැහෙමින්. මම මොනා කිව්වත් අන්තිමේදි ඔහුව මට බඳින්න වුණොත් සදාකාලෙටම මට වෙන්නේ දුක් විඳින්න වග මම දැනගෙන උන්නා. චේතිය මේ හැමදේටම මගෙන් පලි ගනීවි. අම්මලා මාව දෙන්න හදනේ මේ වගේ නරුම මිනොහෙක්ට නේද කියලා හිතද්දි මට ඒ ගැන දැනුනෙත් තරහක්. ඕන නම් මට මේ සේරම දමලා ගහලා ගෙදර යන්න තිබුණත්, අම්මලා මාවා භූපගෙන් වෙන් කලේ මේ මනුස්සයා නිසා නම්, මම එයා එක්කම ගිහින් විඳවන එකත් එයාලා බලා ඉඳපුවාවේ කියලා හිතුවක්කාර සිතුවිල්ලක් මගේ හිතේ ඇති වෙලයි තිබුණේ. ඒ නිසා මම චේතිය මට කරන නපුරුකම් ගැන ගෙදරට කිව්වේ නෑ. මම ඒවා ඔහේ ඉවසගෙනම උන්නේ අම්මලට එයාලා කරපු දේ තියෙන වරද කවදාහරි තේරෙයි කියලා හිතමින්.
මම එදා රෑ කෑම කන්න එලියට ගියෙත් නැහැ. ලතා අම්මයි, උත්පලා අක්කයි, යශෝ අක්කයිත් ඇවිත් බලලා අහලා ගියත්, මම නිදාගෙනම උන්නේ, ඇඟට හරි නෑ කියලා කියමින්. අන්තිමේදි බඩගිනි වුණොත් කන්න කියලා ලතා අම්මා මට කෑම පිඟානකුයි, ෆ්ලාස්ක් එකක දාපු කිරි වගයකුයි ගෙනැත් තියලා ගියා.
රෑ නවය දහය වෙද්දි හැමෝම නින්දට ගියත් මම උන්නේ නිදි නැතිව. චේතිය ගියාද, කීයට ගියාද කියලා මම දැනං උන්නේ නෑ. මම කාමරේ දොර අදවන් කරලා ඇඳ විට්ටමට හේත්තු වෙලා කල්පනා කරමින් උන්නේ මම දැන් කරන්නේ මොකක්ද කියලා. ටිකකින් මට දැනුනා මගේ කාම්රේ දොර පොඩ්ඩක් ඇරුණු වග. මම ඒ පැත්ත බැලුවේ ගැහෙන හිතින්.
"දුලාරා...මේ මම. මම එන්නද?"
දොර ලඟින් ඇහුණේ අනුක්ගේ හඬ. මම නැගිටලා දොර ලඟට ගියා.
"ඔයා මේ වෙලාවේ?" මම ඇහුවේ දොර ත්වත් නෑරම.
"මට කතා කරන්න ඕන"
"අනුක් දැන් රෑ වෙලා"
මම එහෙම කිව්වත් ඊලඟ මොහොතේ අනුක් මාවත් තල්ලු කරගෙනම දොර ඇරගෙන ඇතුලට ආවා. මම ඔහු දිහා බලාගෙන උන්නේ බියපත් වෙලා.
"අනුක්..."
"ෂ්...කෑ නොගහා ඔන්න ඔහෙන් වාඩි වෙන්න" අනුක් කිව්වේ දොර වහන ගමන්.
"අනුක් බැරි වෙලාවත් කවුරු හරි ආවොත් වැරදි දෙයක් හිතයි අනුක්"
"කියන දේ අහන්න. කවුරුත් එන්නේ නෑ. අනික මම මේ ඔයාට කරදරයක් කරන්න ආවා නෙවෙයි නේ" අනුක් කිව්වේ මගේ මේසේ අසලින් වාඩි වෙන ගමන්. ඒත් මම තාමත් උන්නේ හිටගෙන.
මේසේ උඩ තිබ්බ කෑම පිඟාන ඇරලා බලපු අනුක් ආයෙම මා දිහා බැලුවේ මූණේ කිසිම හැඟීමක් නැතුව.
"මේක කාලත් නෑ" ඔහු සුසුමක් හෙලුවා.
"ඇයි අද කන්න නාවේ? ඇත්තටම අඟේ අමාරුවක් නිසාද, නැත්තම් අමාරුව තියෙන්නේ හිතේද?" ඔහු ඇහුවේ එක එල්ලේ මා දිහා බලාගෙන.
"ඒක ඔයාට අමුතුවෙන් කියන්න ඕනද?" මම ඇහුවේ ඇඳේ වාඩි වෙන ගමන්.
මම මොනා කිව්වත්. කතා කරන්න අනුක් හරි ඉන්න එක මට දැනුනේ සහනයක් විදියට.
"අදත් දෙන්න රණ්ඩු වුණාද?" අනුක් ඇහුවා.
"රණ්ඩු නොවී එයා එක්ක කතා කරන්න මට බෑ අනුක්. එයා කියන දේවල් වලට සාන්තුවරයෙක්ට වුණත් තරහා යයි" මම කිව්වා.
"අදවත් කියන්න තියෙන දේ කිව්වද? නැත්තම් ඔය කොච්චර රණ්ඩු වුණත් වැඩක් නෑ" අනුක් ඇහුවා.
"මම කිව්වා මම කෝච්චියට පනිනවා කියලා"
"ඊට පස්සේ?"
"ම්ම්?"
"මං අහන්නේ ඊට පස්සේ චේතිය අයියා මොකෝ කිව්වේ?"
"මොනා කියන්නද, කොහොමහරි බඳිනවා කියලා මට තර්ජනය කලේ. එයා දන්නේ එච්චරනේ"
අනුක් මොහොතක් මා දිහා බලාගෙන උන්නා. මම අහක බලාගත්තේ ඒ ඇස් මගේ හිත පාරන නිසා. දැන් දැන් ඒ ඇස් මගේ හිත පෑරුවේ ඒවා භූපගේ වගේ නිසා නෙවෙයි. ඒ ඇස් වලින් ගලපු අනුක්ගේ දයාබර බව උහුලගන්න බැරි නිසා.
"මේක මහ උත්තරයක් නැති ප්‍රශ්ණයක් දුලාරා. ඔයාම කියන්නකෝ දැන් මේකට ඔයා මොකද කරන්නේ කියලා. අඩු ගාණේ ඔයා ගෙදරට මේ ගැන කියන්න. චේතිය අයියා ඔයාට නපුරුකම් කරන්වා කියලා දැනගත්තොත් අම්මලා හිත වෙනස් කර ගනී සමහරවිට" අනුක් කිව්වා.
මට හිනාවක් ගියා.
"එහෙනං ඉරත් අනික් පැත්තෙන් පායයි. එයලා හිතයි අනුක් මම මේකට අකමැති නිසා බොරු කියනවා කියලා" මම කිව්වා.
"අම්මලට මම ඇවිත් කියන්නම්"
"පිස්සුද? ඔයාට එහෙම කරන්න බෑ. මොනා වුණත් චේතිය ඔයාගේ අයියා කෙනෙක්. මං හන්දා ඔයාලගේ පවුල් වලත් ප්‍රශ්ණ ඇති වෙන්න දෙන්න බෑ අනුක්. එහෙම වුණොත් මට හොඳක් වෙන එකක් නෑ. එක පාරක් මං භූපගේ පවුලේ ප්‍රශ්ණයක් ඇති කලා. අද ඒ අය සේරම ඒ නිසා විඳවනවා. මට ආයෙමත් එහෙම දෙයක් වෙන්න දෙන්න බෑ" මම කිව්වේ දෑස් කඳුලින් උණුසුම් වෙද්දි. ඒ භූප ගැන මතකය අලුත් වුන නිසා. අනුක් සුසුමක් හෙලන හඬ මට ඇහුණා.
"මට ඔයා ගැන ගොඩක් දුකයි දුලාරා. මම දන්නෑ ඒත් මොනා කරන්නද කියලා" අනුක් ඊට පස්සේ කිව්වේ ගොඩක් දයාබරව.
"ඔයා කරන දේවල් හොඳටම ඇති"
"එහෙම නෙවෙයි ම- දුලාරා...ඔය ඔයාගෙ අත මක් වෙලාද?" මොනවද කියන්න ගිහින් එක පාරටම මගේ වම් අතේ උඩ බාහුව දිහාට ඇස් යොමු කරපු අනුක් ඇහුවා. මමත් බැලුවේ ඒ මොකක්ද කියලා. එවෙලෙයි මම දැක්කේ හවස චේතිය තදින් අල්ලපු නිසාදෝ බාහුවේ තැන් දෙක තුනක් දම් පාට වෙලා තිබුන හැටි. නිකං තියෙද්දි නොරිදුනත්, ඇඟිල්ලකින් ඔබලා බලද්දි නම් ඒ දම් පාට ලප තිබුණ තැන් රිදෙනවා මට දැනුනා.
"හවස රණ්ඩුව වෙලේ චේතිය අයියද ඕක කෙලේ?" අනුක් ඇහුවේ ඇහිබැම එකට ලං කරගෙන මා දිහා බලන ගමන්. මම ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"චේතිය ඔයාට රිද්දුවද දුලාරා?" අනුක් එහෙම අහද්දි මට දැනුන ආත්මානුකම්පාව නිසාදෝ, හිත දියවෙලා යද්දි, ඇස් වලට කඳුලු ඉනුවේ ඉබේටම. අනුක් මා ලඟට ඇවිත් අතේ දම් ලප ඇඟිලි තුඩකින් අතගාලා බැලුවේ අනවසරයෙන්ම. ඊට පස්සේ ඔහු එහෙමම ආයෙ මගේ මූණට එබුණා. ඒ...අනුක් මට ඒ තරම් ලං වුණ පලවෙනි වතාව. ඔහුගේ සුසුම් වල උණුසුම වගේම, ගතෙන් නික්මුණු හුරු පුරුදු විලවෞන් සුවඳ පවා මට යාන්තමට දැනුනා.
"ඇයි තවත් මෙහෙම දුක් විඳගෙන ඉන්නේ?" ඔහු ඇහුඑව රහසින් වගේ.
"මේක මගේ උරුමේ අනුක්" මම කිව්වේ ඇස් කඳුලින් තෙත් වෙද්දි.
"අඬන්න එපා ප්ලීස්..."
අනුක් එහෙම කිව්වත්, ඒ වචන මගේ ඇඬුම් අලුත් කලා විතරයි. කඳුලු කැට දෙකක් කම්මුල් වලට වැටුණා මම ඇස් පියා ගනිද්දි.
ඒ එක්කම කම්මුල් වලට දනුන උණුසුම අනුක්ගේ ඇඟිලිවල උණුසුම. ඔහු මගේ කඳුලු පිස්සෙත් අනවසරෙන්ම. මම මූණ අහකට හරවගත්තා.
"ප්ලීස් අඬන්න එපා. ඔයා අඬද්දි මම හරියට අසරණ වෙනවා දුලාරා. මට මුකුත් කරන්න බැරි නිසා..." ඔහු එහෙම කිව්වේ අමුතු ස්වරයකින්. හරියටඔහුත් අඬන්න ලං වෙලා වගේ. මම ඔහු දිහා බැලුවේ ඒකයි.
"මම කිව්වනේ ඔයා මම වෙනුවෙන් කරන දේවල් හොඳටම ඇති අනුක්...හොඳටම ඇති. ඒත් මේ කඬ්හ්ලු නවත්තගන්න මට බෑ...ඒ නිසා මට අඬන්න දෙන්න අනුක්...හිතේ දුක දියවෙනකල් මට අඬන්න දෙන්න"
මම කිව්වේ ආයෙම ඇස් බොඳ වෙද්දි.
"මට තේරෙන්නෑ දුලාරා...." ඔහු ඊට පස්සේ එහෙම කිව්වේ මගේ හිස අතගාන ගමන්.
"මටත් තේරෙන්නෑ අනුක් ජීවිතේ මාව මේ කොහාට ඇදගෙන යන්න හදනවද කියලා. හිතාගන්න බෑ මොනා කරන්නද කියලා...වෙලාවකට පිස්සු වගේ" මම කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
භූප දිගටම මගේ හිස පිරිමැද්දා. මම ඔහේ ඉවසගන උන්නා.
"හිතන්න ආපහු භූප ආවොත්, එයා ඔයාට එයා එක්ක යන්න එන්න කිව්වොත්, ඔයා යනවද දුලාරා? අම්මලා, චේතිය මේ සේරම පැත්තක දාලා ඔයා එයා එක්ක යනවද?" අනුක් ගොඩ වෙලාවකට පස්සේ කතාව ඇරඹුවේ එහෙම අහගෙන.
මම ඔහු දිහා බැලුවේ ඒ ප්රශ්ණේ තේරුම හිතාගන්න බැරුව.
"ඔයා යනවද?" අනුක් ඇහුවේ මගේ දෑස් වලට කෙලින්ම එබීගෙන. හිත සීතල වෙලා යන්වා වගේ දැනුනේ ඒ ඇස් වල තිබුණ සෙනෙහස නිසාද?
"ඔව්" මම කිව්වේ බිම බලාගෙන."මම දන්නවා මට එයා නැතිව ඉන්න බෑ කියලා. එයා මට එක පාරක් එන්න කිව්වොත් සේරම දමලා ගහලා මම යනවා අනුක්...ඒත්... ඒත් මම දන්නවා එයා එහෙම කරන්නේ නෑ. ඒ...එයා මට ආදරේ නිසා. මම හිතුවක්කාරියක් වෙනවට එයා අකමැති නිසා. මගේ අයියගේ හිත රිද්දන්න එයාට බැරි නිසා...මං ඒක දන්නවා" මම කියාගෙන ගියේ ආපහු ඇස් කඳුලින් තෙත් වෙද්දි.
අනුක් ආයෙමත් අනවසරෙන්ම මගේ අතක් මිරිකගත්තා හයියෙන්ම.
"ඒ මොනා වුණත්, ඔයාලා දෙන්නට එකතු වෙන්න පොඩිම හරි චාන්ස් එකක් තියෙනවා නම්, ඔය දෙන්නා එකතු කරන්න මම ඕන දෙයක් කරනවා දුලාරා. ඔයාට හිනාවෙන්න පුලුවන් භූප ලඟදි නම්. ඔයාට සතුටු වෙන්න පුලුවන් එයා ලඟදි නම්, මම මොන දේ කරලා හරි ආපහු ඔය දෙන්නට ලං වෙන්න උදව් කරනවා. මම මේ කියන්නේ ඇත්තමයි. මම ඔයාට ඒක පොරොන්දු වෙනවා. ඒ නිසා ඔයා නඬා ඉන්න...ආයෙමත් ඔයාට රිද්දන්න චේතියට මම ඉඩ තියන්නේ නෑ" අනුක් හෙමින් ඒත් තීරනාත්මක විදියට එහෙම කියද්දි මම ආපහු ඔහු දිහා බැලුවේ හිතේ ඔහු ගැන උපන්න දයාවකින්.
"ඇයි අනුක් ඔයා මං වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නේ?" මම ආයෙම ඇහුවා.
අනුක් මගේ දිහා තව මොහොතක් බලා උන්නා උත්තරයක් දෙන්න කලින්.
"උත්තර දෙන්න බැරි ප්‍රශ්ණ අහන්න එපා දුලාරා..." ඔහු එහෙම කිව්වේ මාව පුදුම කරවමින්.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වෙද? ඒ කිව්වේ ඉංග්රීසි හෝඩියේ පලවෙනි අකුර. ඉතිං ප්‍රශ්ණ අහන්න එපා. කිව්වනේ උත්තර නෑ කියලා" අනුක් කිව්වේ ආයෙම මා දිහා නොබලා.
ඔහු ගැන උපන්න සෙනෙහස හිතේ මෙච්චරයි කියන්න මට පුලුවන් වුණේ නෑ.
"ඔයා නම් ගිය ආත්මේ මගේම සහෝදරයෙක් වෙන්න ඇති අනුක්" මම හෙමින් කිව්වම අනුක් මා දිහා බැලුවේ පොඩ්ඩක් ගැස්සිලා වගේ. ඒත් ඊට පස්සේ ඔහු හිනා වුණා.
"ඒකනේ මම එදත් කිව්වේ. අපි දෙන්නගේ තියෙන්නේ සංසාරගත බැඳීමක් වෙන්න ඇති කියලා"
ඔහු කිව්වම මට පුංචි හිනාවක් නැගුනා. ඇත්තටම ඒක එහෙමම වෙන්න ඇති...අපි මුණගැහුණේ සංසාර පුරුද්දට වෙන්න ඇති. ඒ හැම හවයකමත් හිත නිවන සිහිල් පවනක් වෙලා අනුක් ඉන්න ඇති...මට ඔහු මේ තරම් ලඟ වග දැනෙන්නේ ඒ නිසාවද?
හතලිස් පනස්වෙනි කොටස??
ReplyDeleteතාම කියෙව්වෙ නෑ.කියවලා කමෙන්ට් කරනවා..!
wow dannam katawa godak lassanai akki
ReplyDeleteඉලග එක එනකන් ඉවසන් ඉන්න තමා බැරි
ReplyDelete