Wednesday, December 25, 2013

අවසරයි ලං වෙන්න: තිස් එක්වන කොටස



එලාම් එකේ සද්දෙට උදේ ඇහැරෙද්දි, තවමත් ඉර පායලා තිබුණේ නැහැ. ඒත් නැගෙනහිර අහස ලා තැඹිලි පාට සිත්තම් වැටිලා තිබුණා. ඒත් ලස්සන වෙනදට මගේ හිතට එකතු කරන ප්‍රබෝධය අද එකතු කරන්න අසමත් වුණා. කලින්දා රෑ අම්මයි, තාත්තයි කියපු දේවල් ආයෙම හිතට ආවේ අනවසරයෙන්ම හිත දුක්බර කරගන. දුකටත් වඩා වෙච්ච සේරම හිතට එක් කලේ වදයක්. , විසඳෙන්නේ නැතිව එහෙමම ඉතිරිවෙල තියෙන ප්‍රශ්ණ නිසා. එහෙන් භූප ගැන ගෙදරට කියන්නෙ කොහොමද අකියන එක. අනික් එක චේතියට මම අකමැති බව කියන්නේ කොහොමද කියන එක. මම අම්මලාගේ ගමේ යන්න ලෑස්ති වුණේ මේ සිතුවිලි එක්ක හිත නොනවතින අරගලයක යෙදිලා ඉද්දිමයි.
මේ ගමනෙදි චේතිය අපිව මාතලේටම ඇරලවන්න ඉදිරිපත් වුණාම මම පුදුම වුණේ නෑ. මම උත්සාහ කලා පුලුවන් තරම් මොනවත්ම නොවුණ විදියට ඉන්න. ගෙදර අයයි, ලොකු අයියලයිත් උන්නු නිසා චේතියව මගෑරලා ඉන්න එක මට තරම් අපහසු දෙයක් වුණේ නෑ. මොකද ගෙදර අය ඉද්දි එයාට මාව තනිකරගන්න බැරි නිසා.කොහොමහරි අන්තිමේදි අපි මාතලේටම එනකල්ම චේතියට මා එක්ක විශේෂ දෙයක් කතා කරන්න ඉඩක් ලැබුණේ නෑ.
"දෝණි ඔයා ඔය සීට් එකේ තියෙන බඩු ටික අරගන්නවද? මම අයියගේ කාර් එකේ ටික ගන්න යනවා"
අම්මාගේ මහ ගෙදරට නගින පඩිපෙල ලඟදි චේතියගේ ජීප් එකෙන් අම්මා බැස්සේ මට එහෙම කියාගෙන. චේතියගේ ජීප් එකේ ආවේ මායි, අම්මයි, පොඩි අයියයි. තාත්තා ආවේ ලොකු අයියලගේ කාර් එකේ.
"හා අම්මේ"
මම වාහනේ ඇතුලේ තිබුණ බඩු ටික අරගෙන බහිද්දි, පොඩි අයියත් බඩු වගයක් අරගෙන යන්න ගිහින්. ඉතිං ජීප් එක ලඟ ඉතිරි වෙලා උන්නේ මමයි, චේතියයි විතරයි. වග දැක්කාම මම ටිකක් විතර කලබල වුණා.
"මේ එතකොට අම්මගෙ මහ ගෙදර වෙන්න ඇති නේද?" මම එනකල් වටපිට බලමින් උන්නු චේතිය ඇහුවේ සාමාන්‍ය විදියට.
"ඔව්. අච්චි අම්මයි. සීයයි නැති වුනාට පස්සේ මෙහේ ඉන්නේ ලොකු මාමා" මම කිව්වා.
" එහෙමද?"
"යමු නේද අයියේ උඩට" මම ඇහුවේ තවත් එතන ඉන්න උවමනා නොවුණ හන්දා.
"දුලාරා...පොඩ්ඩක් ඉන්නකෝ" මම එන්න හැරුණම චේතිය කතා කලා. මම නැවතුණේ කරන්න දෙයක් නැති නිසා.
"ඊයේ මම කියපුවා නිසා ඔයා ඉන්නේ අප්සට් එකේද?" ඔහු ඇහුවේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක්.
"ඇයි එහෙම අහන්නේ?" නිසා මම ප්‍රශ්ණෙකින්ම උත්තර දුන්නා.
"නෑ...මට හිතුණා ඔයා මාව මගාරින්න හදනවා කියලා" ඔහු කිව්වාම මම මුකුත් කිව්වේ නෑ.
ඊට පස්සේ ඔහු මා ලඟට ඇවිදගෙන ආවා.
"ඊට පස්සෙම ඔයාව හරියට හම්බ නොවුණ නිසා මේක දෙන්න බැරි වුණා මට"
චේතිය එහෙම කිව්වේ මා දිහාට දිග ලියුම් කවරයක් දික් කරන ගමන්. ඒකේ තිබුණේ ඔඩෙල් එකේ logo එක.
"මේ මොකක්ද?"
"මේ ඔයාගේ අවුරුදු තෑග්ග. මට ඉතිං ගෑණු ළමයින්ට ඇඳුම් හෙම ගන්න එච්චර තේරෙන්නේ නෑනෙ. නිසා මම මේක ගත්තා. ඔයා ඕක ඕන දෙයක් ගන්න ඔඩෙල් එකට ගිහින්"
චේතිය කිව්වා.මම එපා කියන්නත් බැරිව ඒක ගන්නත් හිතක් නැතිව ඉද්දි, ඔහු කලේ ඒක මම පැත්තකින් එල්ලගෙන උන්නු රෙදි බෑග් එකට දාපු එක. අත් දෙකේම බඩු තිබුණ නිසා ඒක නවත්තන්න මට පුලුවන් වුණේ නෑ.
ඊට පස්සේ ඔහු මගේ අත් දෙකේ තිබුණ බෑග් දෙක තුනක් බලෙන්ම වගේ අරගත්තු එක.
"යමු" ඊට පස්සේ ඔහු මට කිව්වා.
ළොකු මාමාලාගේ ගෙදර ආචාර සමාචාර හෙම ඉවර වෙලා චේතිය උන්නේ තේ එකක් බොන්න විතරයි.
"ඉන්න පුලුවන් නම් තව ටිකක් වෙලා ඉන්නවා. ඒත් දුලිත දැක්කනේ අප්පච්චි මගින් මගටම කෝල් කරපු හැටි? මම ආයෙම දවසක එන්නම්කෝ"
හැමෝටම කතා කරලා චේතිය අන්තිමට ආවේ මගේ ලඟට.
"මම ගිහින් එන්නම් දුලාරා. මම ගොඩ වෙලාවට week එකේ Monday, Wednesday ඉන්නේ නුවර. ඔයාට මොනා හරි උවමනාවක් වුණොත් මට කතා කරන්න. හොඳද?" චේතිය කිව්වම මම හිස වැනුවා.
ඔහු යන්න ගියාට පස්සේ හිත පොඩ්ඩක් විතර නිදහස් වුණා වගෙයි මට දැනුනේ. ඒත් ඇත්තටම ඒක තාවකාලික දෙයක් වුණා විතරයි.
***
දැන් දැන් සෙනුරි අක්කට බබා ලැබෙන්න තියෙන දවස් ටික ටික ලං වෙමින් තිබුණ හන්දා, එයා ගොඩ වෙලාවට හවස් වෙද්දි උන්නේ ඇඳට වෙලා. එයා මහත් වෙලා හන්දා දෝ මහන්සි දැනෙනවා වැඩි ඇති කියල්යු අම්මා නම් කිව්වේ.
"දෝනී... පොඩ්ඩක් ගිහින් බලන්න සෙනුරිට නින්ද ගිහින්වත්ද කියලා. කෑම ඉක්මණට ලෑස්ති වෙනකල් මෙන්න මේ තම්බපු කොස් වගයක් තියෙනවා එයාට ගිහින් දෙන්නකෝ" මම අම්මා එක්ක කුස්සියට වෙලා ඉන්දැද්දි මට එහෙම කිව්වේ ලොකු අම්මා.
පාර මම කොස් පිඟානත් අරන් සෙනුරි අක්කා උන්නු කාමරේට එන්න ආවා. එද්දි අක්කා කොන්දට අත තියාගෙන ඇවිද ඇවිද උන්නා හරියට නිලමේ කෙනෙක් වගේ.
"මොකෝ අක්කේ?" මම ඇහුවා.
"නෑ අනේ මේ කොන්ද කකියන්වා ටිකක්. පොඩ්ඩක් ඇවිදින්න ගත්තා හරියයිද බලන්න. ඔය මොනාද ඔය?" අක්කා එහෙම කිව්වේ මගේ අතේ තිබුණ පිඟානටත් එබෙන ගමන්.
"තම්බපු කොස්...කිරි හොදි එක්ක" මම ඈට පිඟාන දික් කරමින් කිව්වා.
"ෂෝක් නේ" අක්කා කිව්වේ කට පුරා හිනාවෙලා. "අනෙ අමන්දා හැබැයි මෙහෙම කාලා මාව් අපුස් ඊරියෙක් වගේ මහත් වෙන එක තමයි වෙන්නේ හැබැයි" අක්කා ඊට පස්සේ කිව්වේ කොස් ටිකක් කන ගමන්මයි. මම කතාවට හිනා වුණා.
"ඇති යන්තම් මූණේ හිනාවක් දැක්කා. එන්නකෝ පොඩ්ඩක් වාඩි වෙන්න" සෙනුරි අක්කා කිව්වේ ඇඳෙන් වාඩි වෙන ගමන්.
"ඇයි එහෙම කියන්නේ?" මම ඇහුවා.
"මම බලාගෙන අද දවසම උන්නේ බුම්මගෙන වග. මොකෝඅ, අර නිලමේ තුමා වැඩිය නිසාද?" සෙනුරි අක්කා ඇහුවා.
"මොන නිලමෙද?"
"ඇයි චේතිය?"
අක්කා එහෙම කිව්වාම මට සුසුමක් හෙලුනේ ඉබේටම.
"අනේ අක්කේ විහිලු නොකර ඉන්න" මම කිව්වේ උදාසීනව.
ඒපාර සෙනුරි අක්කා කන එකත් නවත්තලා මා දිහා බැලුවේ දුකෙන් වගේ.
"අද එද්දි...තාත්තා අපට විස්තරේ කිව්වා. චේතිය ගන ඔයාට ඊයේ කිව්වා කියලා. ඒක මම දන්නෙත් එවෙලේ. මාව උඩ ගියා චේතියගේ යෝජනාව ගැන අහලා. දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ නංඟි?" සෙනුරි අක්කා ඇහුවේ දයාබරව.
හිතේ තිබුණ පීඩනය නිසාදෝ ඇස් වලට කඳුලු පුරාගෙන ආවේ නිරායාසයෙන්මයි.
"මම දන්නෑ අක්කා" මම කිව්වේ රහසින් වගේ.
"භූප මේ ගැන දන්නවද?" අක්කා ඊට පස්සේ ඇහුවේ එහෙම.
"තාම නෑ. ගිහිල්ලා තමා කියන්න වෙන්නේ" මම කිව්වා.
"හ්ම්...අනේ මන්දා ඒත්"
අක්කා එහෙම කිව්වාම මම ඇගේ මූණ දිහා බැලුවා.
"ඇයි?"
මා දිහා අනුකම්පාවෙන් වගේ මොහොතක් බලා උන්නු අක්කා ආපහු කතා කලේ අහක බලාගෙන.
"මට තේරුණ විදියට නම් අම්මලා චේතියට හුඟක් කැමතියි. එයාගේ ගුණම තමා තාත්තත් කතා කරද්දි කිව්වේ. භූප ගැන කිව්වොත් එයාලා මොන විදියට react කරයිද කියලා නිස මට හිතාගන්න බෑ. තාත්තා කිව්වා ඔයා තාම වචනයක් නම් දුනේ නෑ කියලා. ඒත් තාත්තලා හිතන්නේ ඔයාගේ කුලෑටි කම හින්දා කියලා. අම්මලා හිතන්නෙවත් නැතිව ඇති ඔයා වෙන කා එක්ක හරි යාලුවෙලා කියලා" අක්කා එහෙම කියද්දි ආයෙම ටික ටික මගේ හිත ඇවිලෙන්න ගත්තා.
"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්ණේ අක්කා" මම කිව්වේ හිත වරදකාරී හැඟීමකින් පිරෙද්දි.
සෙනුරි අක්කා මා දිහා බැලුවේ දුකෙන් වගේ.
"සමහරවිට පොඩි අයියට කතාකලොත් මොනා හරි විසඳුමක් තියේවි කියලා මට හිතෙනවා. ඒත් ඒක මට කියන්න බෑ. භූප කියන්න ඕන. ඔයා දන්නවනේ අපේ පොඩි අයියගේ හැටි" මම කිව්වා.
සෙනුරි අක්කා කොස් පිඟාන මේසේ උඩ තියලා ඇඳ විට්ටමට හේත්තු වුණේ හිස වනමින්.
"අනේ මන්දා ඒක නම්. චේතියත් ඉතිං මල්ලිගේ යාලුවෙක් නේ. අනික මල්ලි දැන් ඔය ලෑස්ති කරගෙන ඉන්න ගෑණු ළමයත් චේතියගේ ලඟම නෑයෙක් නේද? ඔයා හිතනවද එයා තේරුම් ගනී කියලා?" අක්කා ඇහුවාම මම තවත් අසරණ වුණා.
"මට නම් තේරෙන්නේ නෑ අක්කේ. මගේ ඔලුවත් එක්ක විකර වෙලා තියෙන්නේ..." මම කිව්වා.
"මම කියන්නේ මෙච්චරයි නංඟි. ගෙදරට කියනවා නම් ඉක්මණින් දේ කරන්න. නැත්තම් අම්මලයි, චේතියයි දෙගොල්ලොම නිස්කාරණේ බලාපොරොත්තු තියාගනීවි. ඊට පස්සේ හිත් වෙනස් කරන එක ලේසි වෙන එකක් නෑ. තේරුණාද? මමත්ආදරේ කරලා කසාද බැඳපු කෙනෙක්නේ. නිසා මම කැමති නෑ ඔයාගේ ආදරේ ඔයාට නැති වෙනවට. මට කරන්න පුලුවන් ඔයාට කියන එක විතරයි. මට අම්මලගේ තීන්දු තීරන වලට මැදිහත් වෙන්න බැරි වග ඔයා දන්නවනේ.  ප්‍රශ්ණ මොනා තිබ්බත් දැන් කැම්පස් ගියාම ඕවා හිත හිත ඉගෙනීමෙ වැඩ පාඩු කරගන්නත් එපා. හිතලා වැඩ කරන්න, අවේග වලට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. හරිද?"
සෙනුරි අක්කා කිව්වේ මගේ අතක් අල්ලගෙන. මම හිස වැනුවත්, කරන්න ඕන මොනාද කියලා පැහැදිලි අදහසක් මට එවෙලේ තිබුණේ නෑ.

No comments:

Post a Comment