"පුතේ බයික් එකේ හයියෙන් යනවා එහෙම නෙවෙයි හොඳේ. මේ පාරවල් වල වංගුත් වැඩියි" අම්මා මගින් මගටම අනුහස්ට කිව්වා.
"අයියෝ හරි අම්මා, මම පුරුදු වෙන්න පදිනවා නෙවෙයි නේ. මේ ඔයා ෆැක්ට්‍රි යන්වා නම් එන්න මම ගිහින් දාගෙන යන්නම්" අනුහස් අන්තිමට ආන්යට කිව්වා.
"එහෙනම් අම්මා මම මේ එක්කම ගිහින් එන්නම්. තාත්තා මාව ගෙනැත් දාවි නේ"
අම්මට සමු දීපු ආන්යා අනුහස් එක්ක ඇවිත් ෆැක්ටරිය ලඟින් බැහැගත්තා.
"පරිස්සමින් අනූ..." අනුහස් පිටත් වෙලා යද්දි ආන්යා මිමිනුවෑඅ පුරුද්දට වගේ.
"ආ...මේ පොඩි නෝනා නේ. කාලෙකින් දැක්කේ. කොහොමද ඉතින්?"
ආන්යා කන්තෝරුව ඇතුලට යද්දි දොර ලඟම කා එක්කදෝ කතා කරමින් උන්නු සීසී මහත්තයා වෙච්ච ගමගේ ඈට කතා කලා.
"හොඳින් ඉන්නවා අන්කල්. අන්කල්ට කොහොමද?"
"කියන්න වරදක් නෑ"
"කෝ තාත්තා ඇතුලෙද?" ආන්යා ඇහුවේ සීසී මහත්තයා ලඟ හිටගෙන උන්නු තරුණයා දිහාවත් ඇස් කොනකින් බලමින්.
"ආන් ඇතුලේ ඉන්නවා. පඩි පොත්ද කොහෙද බලනවා මහිතේ. යන්න යන්න" සීසී මහත්තයා ඈට කිව්වා.
ආන්යා ඇතුලට එන්න ආවා. කන්තෝරුවේ මේස ලඟ ඉඳගෙන උන්නු ලිපිකාරිනියෝ දෙන්නයි, වෙල්ෆෙයා ඔෆිසර් වුණා නාලිනීයි ඈ එක්ක සුහදව හිනා වුණා.
"කෝ දැන් පහුගිය දවස් තුනේ මස්ටර් ෂෙඩ් එකේ දලු මැනපු රිපොර්ට්? ඒවා එතන තිබිලා හරියන්නේ නෑනෙ. ඒවා අකවුන්ට් එකට දාන්න මෙතනට ඒ විස්තර ඇතුල් වෙලා තියෙන්න එපායැ. නැත්තම් කොහොමද මේක හදන්නේ? මිනිස්සුන්ට පඩිත් දීලා ඉවරයි නේ තාරකා..."
ආන්යා ඇතුලට යද්දි තාත්තා කන්තෝරුවේ ගිනුම් හදන තාරකාට දෝස්මුරයක් දානවා. ආන්යා දොරට තට්ටු කරලා දොර ඇරගෙන ඇතුලට ගියා.
"ආ...ඔයාද? එන්න එන්න. මෙන්න මේ තාරකා එක්ක පොඩ්ඩක් එකතු වෙලා මේ පොත් ටික බලන්න පුතේ. අද කොයි වෙලේක හරි අර මහත්තුරු ඒවි මේ පැත්තේ. පොත් බලන්න ඕන කිව්වොත් හෙම. මට දැන් වැඩ කෝටියයි. මේ නාරද කරන්න ඕන වැඩනේ මේ මම කරන්නේ"
"නාරද අයියට මක් වෙලාද තාත්තා?"
"මක් වෙලාවත් නෙවෙයි, අර අලුත් හාදයා පුරුදු වෙනකල් අනික් ඩිවිෂන් එකේ වැඩ බලන්න එයා එහේ ගිහින්. මට මේ ඩිවිෂන් පහේ මැනේජර්ලා එක්ක හවස මීටින් එකකුත් තියෙනවා"
තාත්තා කතා කරන ගමන් ලාච්චු ඇද ඇද මොනවදෝ හොයනවා. ඒ අස්සේ මේසේ පොත් එහා මෙහා කරනවා. තාත්තා උන්නේ කලබලේකින් කියලා තේරුණ නිසා ආන්යා ආයෙමත් මුකුත් අහන්න නොයා, පැත්තකට වෙලා බය වෙලා වගේ උන්නු තාරකා එක්ක එලියට එන්න ආවා.
ඕ ලෙවල් වලට කොමස් කරපු නිසාත්, ඉඳහිට තාත්තට මේ වගේ උදව කරන්න ඇවිත් තියෙන නිසාත් ආන්යටැ මේ ගිණුම් පොත් වැඩ ගැන පොඩි දැනීමක් තිබුණා. ඇය තාරකාගේ මේසේ ලඟින් වාඩි වෙලා, අයට උදව් කරන අතරේ මෙච්චර වෙලා වහින්න අර ඇදිමින් උන්නු අහසින් වැස්සක් කඩාපාත් වෙන්න පටන් ගත්තා.
"හප්පේ මුරුගසන් වරුසාවක් නේ වහින්නේ" සීසී මහත්තයා කියනවා ආන්යට ඇහුණා.
"මේ වගේ වහිද්දි දලු කඩන්න මිනිස්සුන්ට අමාරුයි. ඔක්කොමත් හරි වහිද්දි වතු අස්සේ ඉන්න කූඩල්ලෝ එක්ක තමා මොනවත් කරන්න බැරි. මේ බූට් එක දිගෙත් නැගලා උන් එනවනේ" අර නාඳුනන තරුණයාගේ හඬ ඊලඟට ආන්යට ඇහුණා.
"මිස්, මේ ගිය මාසේ අන්තිම සති දෙකේ විස්තරේ පොඩ්ඩක් කියවන්නකෝ" තාරකා ඇගේ අවධානය ආයෙමත් පොත් දිහාට යොමු කර ගත්තා.
ඒ වැඩේ කරමින් තව පැයක් විතර ගත වෙන්න ඇති. මේ වෙද්දි වැස්සත් යාන්තම් තුරල් කරලා තිබුණා. වත්තේ උඩ පැත්තේ ඉඳලා කන්තෝරුව දිහාට ආපු වාහනයක් කන්තෝරුව ඉදිරියේ නවත්තද්දි ආන්යායි, තාරකායි දෙන්නම ඒ දිහා බැලුවේ එකටම වගේ. ඒ එක්කම කන්තෝරුව ඇතුලේ ඇති වුණේ නොසන්සුන්තාවයක්.
"මහත්තයා ඇවිත්..." කවුදෝ රහසින් කොඳුරනවා ආන්යට ඇහුණා. ඒ එක්කම වගේ කන්තෝරුව ඇතුලට ආවේ වෙන අභිමන්යු එක්ක ආර්යන්. කන්තෝරුවේ උන්නු හැමෝම හිට ගත්තු නිසා ආන්යත් ඉඳගෙන උන්නු පුතුවෙන් නැගිට්ටා. අභීයි, ආර්යනුයි දෙන්නම ආන්යව දැක්කේ එකටම වගේ. ඇය යන්තම් හිනා වෙලා බිම බලා ගත්තා.
"කෝ වීරේ මහත්තයා ඇතුලේද?"
එහෙම අහගෙන ආර්යන් ආන්යාගේ තාත්තා උන්නු කාමරේට ඇතුල් වුණා. අභි සහ අර අලුත් තරුණයා ඒ පස්සෙන්ම ඇතුල් වුණා.
"අපි වැඩ කරමු" කන්තෝරුව ආයෙම සාමන්‍ය තත්වෙට එද්දි ආන්යා තාරකාට කියලා ඉඳගන්න හැදුවා විතරයි, කන්තොරුවේ පියන්ගේ සිනුව වැදුණා. ඇසිල්ලකින් ආන්යාගේ තාත්තා උන්නු කාමරේට දුවපු පියන් එලියට ආවේ ආන්යට තාත්තා එන්න කියපු බව කියමින්.
ඇය තාත්තාගේ කාමරේට ඇතුල් වුණේ පොඩි චකිතෙකුත් එක්ක. ඈ යද්දි තරුණයෝ තුන් දෙනාම උන්නේ වාඩි වෙලා. ඒත් ඈ දැකපු ගමන් ඈට ඉඩ දෙන්න තුන් දෙනාම නැගිට්ටේ එකටම වගේ.
"නෑ, නෑ, මහත්තුරු ඉන්න, මිස් මේ පුටුව ගන්න" ආන්යට පුටුව ඇදලා දීපු අර නාඳුනන කෙනා කිව්වා.
"නෑ කමක් නෑ, ඉන්න" ආන්යාට ඉබේටම කියවුණා.
"ඔව් ඔව්, මං මේ අඳුන්වලා දෙන්නයි ටිකකට එන්න කිව්වේ, එන්නකෝ ආන්යා" තාත්තා කතා කලාම ආන්යා ඔහු ලඟට ගියෙත් චකිතයෙන්මයි.
"ආන්යා මේ ඉන්නේ අපේ අලුත් ඇසිස්ටන්ට් මැනේජර් මහත්තයා" තාත්තා කිව්වේ ආන්යට පුටුව දෙන්න හදපු කෙනා පෙන්නලා. ආන්යාගේ ඇස් උඩ ගියා මේ කතාව අහලා. එතකොට ආර්යන්?
"මේ තමා අර ආවයි කියපු අපේ මනි මහත්තයාගේ පුතාලා දෙන්නා. ආර්යන් මහත්තයයි, අභි මහත්තයයි. මේ මගේ එකම දුව ආන්යා"
තාත්තා එහෙම කිව්වාම ආන්යට තරු පෙනුනා.තමන්ගේ කන් පෙති දෙක රත් වීගෙන එනවා ඈට දැනුනා. ඒ එක්කම ලොකු ලැජ්ජාවකුත් දැනුනා. ඒ කියන්නේ මෙච්චර කල් ඇය ඇසිස්ටන්ට් මැනේජර් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මනි මහත්තයාගේ පුතෙක්ව? හිතුවා විතරක් නම් මදෑ මූණටම කිව්වත් එක්කනේ. කර කියාගන්න දෙයක් නැතිව ආන්යා ලැජ්ජාවෙන් මිරිකෙමින් බිම බලාගෙන හිටියා. 'වස වැරැද්දක් නේ වෙලා තියේන්නේ'
"ඔව් ඔව්.අපට එක පාරක් හම්බුණා නේද අන්නා?" අභි කියන්වා ඈට ඇහුනා. "නයිස් මීටින්ග් යූ අගේඅන් ආන්යා"
ඔහු ආයෙම කිව්වාම ආන්යා යන්තම් හිස උස්සලා හිනා වෙන්න උත්සාහ කලා.
"හරි පුතේ එහෙනම් ඔයා යන්න. ගිහින් වැඩේ කරන්නකෝ"
තාත්තා එහෙම කිව්වාම ආන්යා පුලුවන් තරම් ඉක්මණින් කාමරෙන් පිට වෙලා එන්න ආවා. ඈ තාමත් උන්නේ ලැජ්ජාවෙන්, අපහසුතාවයෙන් මිරිකෙමින්. ආයෙමත් වැඩ පටන් ගන්න හිත එකලස් කර ගන්න ආන්යට හුඟ වෙලාවක් ගියා. 'ආර්යන්...ඇසිස්ටන්ට් මැනේජර්..ෂික් මෝඩි!' ඈ හිත යටින් තමන්ටම බැන ගත්තා. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? වෙච්චි වැරැද්දට අච්චු ලැබේවා කියලා ඉන්නවා මිස?
මම තමා අද ඉස්සරලම කියෙව්වේ .. ගොඩක් කල් ගියානේ මේක දාන්න .. ඊලග කොටසනන් ඉක්මනට දාන්න ..
ReplyDeleteඅනේ ඔව්. මට මේ දවස් වල ගොඩාක් වැඩ. ලියන්න වෙලාවක් හොයා ගන්න බැරි වුණා. සොරි වෙන්න ඕන. පුලුවන් විදියට ඉක්මණැට දාන බලන්නම්කෝ! :)
Deleteappate meke dakke dannne :) hehe sha sha mare wade ne wela thiyenne :P
ReplyDeleteමරැ Story එකක් ලස්සනයි අක්කෙ
ReplyDelete