"දුලාරා...නැගිටින්න.
අපි දැන් බහින්න ලඟයි"
භූපගේ සීතල
අතක් මගේ කම්මුල මත මට දැනෙද්දි ඔහුගේ කට හඬ මට ඇහුණේ හීනෙන් වගේ.
"ම්ම්...."
"නිදි
කුමාරි නැගිටින්නකෝ" භූප කියද්දි මම උන්නේ ඇහැරලා.
"ආවත්
එක්කද?" මම ඇහුවේ වට පිට බලන ගමන්.
"ඔව්..තව
එක ස්ටේෂන් එකයි" භූප කිව්වා.
කලින්දා
රෑ වල් පල් කියව කියව රෑ එක දෙක වෙනකල් ඇහැරලා උන්නු නිසාත්, කෝච්චිය ඇතුලේ ගොඩාක්
රස්නේ නිසාත් මට නින්ද ගියේ ඉබේටම වගේ. ඒත් මෙච්චර දුර එනකල්ම භූප මාව ඇහැරවලා නෑ.
"ඇයි
මාව කලින් ඇහැරෙව්වේ නැත්තේ? ඔයාටත් නින්ද ගියාද?" මම ඇහුවා.
"නෑ...මට
ඇහැරවන්න ලෝබ හිතුණා" භූප එහෙම කියද්දි මට ඔහු ගැන දැනුනේ සෙනෙහසක්.
"ඉතිං
ඔයා පාලුවේ ආවද?" මම ඇහුවා.
"හපෝ
නෑ...කනක් ඇහිලා ආවා" භූප කිව්වේ ආයෙම හිනා වෙවී.
"අනේ
ඔයා හරි නරකයි භූප"
මම කියද්දි
ඔහු තවත් හිනා වෙනවා.
"හරි
හරි...දැන් ඔය කොණ්ඩේ හදාගෙන බහින්න් ලෑස්ති වෙන්නකෝ" භූප කිව්වේ, උඩ රැක් එකේ
දාලා තිබුණ බෑග් ගන්න නැගිටින ගමන්.
අපි කෝච්චියෙන්
බැහැලා ගෙදර එන්න පාරට බහිද්දිත්, ගිනි ගහන අව්ව. මම කුඩේ දිගෑරියේ භූපටත් එක්කමයි.
"මට
ඕන නෑ, ඔයා අල්ලගෙන යන්නකෝ" භූප කිව්වේ කුඩේ ඇතුලෙන් අහකට වෙන ගමන්.
"අව්වේ
ගිහින් ඔලුවේ කැක්කුම හැදෙයි" මම කිව්වා.
"ඒකට
කමක් නෑ. අපි දෙන්න එක කුඩේ ඇතුලෙන් යනවා කවුරුහරි
දැකලා ගෙදර ගිහිං කිව්වොත් ඊට හපන්" භූප කිව්වා.
"අපෝ
බය ගුල්ලා" මම කිව්වේ කුඩේ අකුලන ගමන්.
"මම
බය මං ගැන නෙවෙයි, ඔයා ගැන. ගෙවල් වලින් දැනගන්නත් කලින් ඔයාට කතාවක් හැදෙනවට මම ආස
නෑ දුලාරා...ඉතිං මොකෝ ඔය කුඩේ ඇකිලුවේ?
"ඔයාට
නැත්තන් මටත් එපා. ටික දුරනේ මෙහෙමම යනවා" මං කිව්වේ හිනා වෙලා.
"පිස්සු
නැතුව ඕන ඉහලගන්න ලමයෝ"
"ඕන
නෑ කිව්වනේ"
භූප ඒ පාර
ආයෙම මුකුත් නොකියා හිස වනුවේ 'අනේ ඔයා නං' කියන්නා වගේ.
"ගෙදර
එන එක හොඳ වුණාට ඔයා එක්ක නිදහසේ කතා කරන්න නැති වෙන එක තමා ප්‍රශ්ණේ" මම භූප
ලඟින් හෙමි හෙමින් ඇවිදගෙන එමින් කිව්වා.
"ඒක
නං එහෙම තමයි. අනික නිවාඩු මාසෙම මට ගෙදර ඉඳෙන එකකුත් නෑ. මගේ project එකේ වැඩේට එහේ මෙහේ යන්න වෙනවනෙ..." භූප කිව්වා.
"එහෙමද?"
මම අහුවේ දුකෙන්.
"මම
message කරන්නම්කෝ හැමදාම" භූප කිව්වේ ඒ වග දැනිලා වෙන්න ඇති.
"ම්ම්...එහෙනම්
රෑට. නැත්තම් හිටපු ගමන් අයියා ෆෝන් එක අරගන්නවා එක එක දේවල් ටෙස්ට් කරන්න. අනික අම්මට
අහු නොවී කතා කරන්නත් එපායැ."
"අයියට
බයයි නේ?"
"බයයි
තමයි. ඔයා දන්නවනේ එයාගේ හැටි. මෙහෙම දෙයක් එයාගේ මූණට කියන්න මට හයියක් නෑ. ඔයානේ
යාලුවා, ඔයාම කියලා ෂේප් කරගන්න එකයි ඇත්තේ"
"වෙලාව
ආවාම මං ඒක කරන්නම්කෝ" භූප කිව්වා.
"අයියා
ඔයාගේ හොඳම යාලුවෙක් හන්දා වැඩිය අප්සට් යන එකක් නෑ" මම කිව්වේ විහිලුවෙන්.
"හොඳම
යාලුවාගේ හැටි දන්න නිසා නගාව දෙන්න බෑ කිව්වොත්?" භූප ඇහුවා.
"මොකද
කරන්නේ?"
"ඒක
තමයි මාත් අහන්නේ?"
"ම්ම්...මම
හඳපානේ පැනලා ඇවිත් ඔයාගේ ගෙදර පදිංචි වෙනවා. මාව අරං යන්න එනවා නේද?"
"එනවා...හැබැයි
හොරෙන් අරං යන්න නෙවෙයි, ගමටම මගුල් කියලා අරං යන්න" භූප කිව්වා.
මට හිනා
ගියා. අපි කතාවෙන් කතාවෙන් හන්දියටත් ඇවිල්ලයි උන්නේ මේ වෙද්දි. පුරුදු පරිදි අපි දෙන්න
හංදියේ නැවතුනා මොහොතකට.
"ම්ම්...එන්නද
ඇරලන්න?" භූප ඇහුවා.
"අනේ
ඕන නෑ. මේ මද්දහනේ…? මට යා ගන්න පුලුවන් තනියෙම"
"තනියට
එන්න නෙවෙයි ඇහුවේ"
"එහෙනං?"
"තව
මීටර් දෙක තුනක් හරි ඔයා ලඟින් එන්න හිතෙන හන්දයි ඇහුවේ" භූප එහෙම කිව්වාම හිතේ
පිරුණේ මොකක්දෝ දුකක්. මං ඒ ඇස් වලට එබුණා.
"මමත්
කැමතියි එනවනං. ඒත්...අර කිව්වත් වගේ කවුරුහරි දැක්කොත් හරි නෑනෙ නේද?"
"හ්ම්ම්"
භූප එහෙම කියලා සුසුමක් හෙලුවා.
"එහෙනං
හෙට හම්බෙමු හොඳේ?" මම කිව්වා.
භූප යන්තමට
හිනා වෙලා හිස වැනුවා.
ඉන්පස්සේ
අපි දෙන්නා සමු ගත්තේ, පුදුමාකාර අමාරුවකින්. වංගුවෙන් හැරෙනකල්, පස්ස බල බල අපි දෙන්නම
ඉස්සරහට ඇදුනේ හෙමින්.
ව\ගුවෙන්
හැරිලා ටික දුරක් යනකොටම වගේ පාර දිගේ විදගෙන වගේ වාහනයක් එන සද්දෙට මම පාර අයිනට වුණේ
ඉබේටම. වාහනේ මං ඉස්සර කරලා නවත්තද්දිම වගේ මම අඳුනගත්තා ඒ වාහනේ කාගෙද කියලා. මගේ
හද ගැස්ම වැඩි වුණේ භූපවයි මාවයි චේතිය දැක්කාවත්දෝ කියලා හිතලා. මම එතනට යද්දිත්,
චේතිය උන්නේ එලියට බැහැලා.
"දැන්ද
ඔය එන්නේ?" මාව දැකලා sun glasses ගලවලා හිනාවක් පාපු චේතිය ඇහුවා.
"ඔව්
අයියා"
"නගින්න...අපිත්
මේ නුවර ඉඳන් එන ගමන්"
ඒ අපි කිව්වේ
කවුද කියලා හිත හිත මම වාහනේට නැග්ගේ වෙන කරන්න දෙයක් නැති හන්දා. ඒ අයියා වෙන්න බැරි වග මම දැනගෙන හිටියේ
අයියා ඊයේ ගෙදර එන වග අම්මා කියලා තිබ්බ හන්දා.
"දුලාරා
මේ අනුක්...මගේ ලොකු අප්පච්චිගේ පොඩි පුතා. අර ඉංජෙක් ඉන්නවා කියලා මම කිව්වේ පේරා
වල. අන්න එයා. අනුක් මේ දුලාරා"
චේතිය අඳුන්වලා
දෙද්දි, ඉස්සරහ සීට් එකේ ඉඳන් මා දිහාට නැවුණේ, සුදු, කෙට්ටු, කෙල්ලන්ගේ බාසාවෙන් කිව්වොත්
හැන්ඩියෙක්. ඒත් ඒ මොන හැන්ඩියෙක් වත් මගේ භූප තරම් වුණේ නෑ. ඔහුට මට හලෝ කිව්වම මමත්
හිනා වෙලා හලෝ කිව්වා. අව් කණ්ණාඩි නිසා මූණෙන් බාගයක් පෙනුනේ නම් නෑ හැබැයි.
"මම
මෙයවත් ඇදගෙන ආවා. දැන් නිවාඩු නිසා"
චේතිය වාහනේ පද්වන ගමන්ම කිව්වා.
"ආ
ඔව් නේද?"
විනාඩි
දෙක තුනකින් විතර ඔන්න අපි උන්නේ අපේ මිදුලේ. මම වාහනෙන් බැහැලා ගෙට ගියේ, චේතියව පිලිගන්න
වගේ අයියයි, අම්මයි මගට එද්දි.
"හලෝ
මස්සිනා...කොහොමද? එහෙනං ආවා ඈ" අයියා එහෙම කියාගෙන සාදරයෙන් පිලිගත්තේ, වෙන කවුරුත්
නෙවෙයි අනුක්ව. ගෙට යන්න ගිය මම නැවතිලා හැරිලා බැලුවා. අම්මා උන්නේ හිනා කටක් පුරවගෙන.
"කෝ
අම්මේ තාත්තා නැද්ද?" මම ඇහුවේ තාත්තගේ කන්තෝරු කාමරේ වහලා තිබ්බ නිසා.
"අද
සමථ මණ්ඩලේ. පන්සලට ගියා ඒකට" අම්මා කිව්ව්වේ මා දිහා යන්තමට බලලා. මම ආපහු හැරෙන්නත්
කලින් ආයෙම අම්මා කතා කලේ මාව උඩ යන තරම් සද්දෙන්.
"හානේ
ළමයෝ... මේ මොනවද මේ උස්සං එන්නේ? අප්පච්චියේ මොනවද ඔය තරම් ඔය මලු වල?" අම්මා
එහෙම කියද්දි මම ආයෙම හැරිලා බැලුවා.
ඊට පස්සේ
මට හිතුණා අම්මා පුදුම වුණ එක සාධරණයි කියලා. චේතියයි, අයියයි දෙන්නම නාට්ටාමිලා දෙන්නෙක්
වගේ අතින් කටින් බඩු එල්ලගෙන ගෙට එමින් හිටියා, අනුක් උන්නේ වාහනේ පිටිපස්සෙන් තව මොනවද
අදිමින්.
"මූට
පිස්සු අම්මා" අයියා කිව්වේ ගෙට ගොඩ වෙන ගමන්.
"පුතේ
ඔය ගහක් වගේ නො ඉඳ, මේ මලු දෙක තුනක් ගන්නකෝ මේ ළමයා අතින්" අම්මා මට විධානයක්
දුන්නා.
ඒ පාර මම
වැනි වැනී ගිහින් අනුක් අරගෙන එමින් තිබුණ බඩු මලු දෙක තුන ඉල්ලගත්තා.
Sunglaases
ගලවලා උන්නු නිසා මෙවෙලේ නම් මට ඔහුගේ මූණ හොඳට පෙනුනා. ඔහු මා දිහා බලලා හිනාවක් පෑවම,
මම පොඩ්ඩක් විතර පුදුම වුණේ ඒ ඇස් දැකලා. අනුක්ගේ ඇස් දෙකත් හරියට භූපගේ වගේමයි. ඒ
වගේ දිගටි, නිදිබර, පුංචි ඇස්...මොහොතක් තුෂ්නිම්භූත වෙලා උන්නු මම ආයෙම ඉක්මණින්ම
පියවි ලෝකෙට ඇවිත් දනි පනි ගාලා ගෙට ගොඩ වුණේ, අනුක්ට වෙනසක් තේරෙන්න කලින්.
"...දැන්
මාමා ආවාම මට දොස් කියාවි මේ ළමයා කරන වැඩ
හන්දා" මම යද්දි අම්මා සාලේ ඉඳගෙන චේතියට කියනවා.
"අනේ
පිස්සුද ආන්ටි, මේවා මොනාද. ආන්ටිලා මට මාස ගනං අවුරුදු ගනං කන්න දීපුවා හැටියට"
චේතිය කිව්වේ හිනා වෙවී.
"ආ...උඹ
මේ එතකොට ණය ගෙවන්නද ගෙනාවේ?" අයියා ඇහුවා.
"පිස්සුද
බං... මේ විකාර නොකියා, යමං, යමං ටිකක් නාගෙන එන්න. උදේ අම්මගේ ෂොපිං වැඩ වලටත් ගිහිනුයි
ආවේ. හති මහන්සියි. ඒ මදිවට රස්නේ, පිස්සු හැදෙනවා"
චේතිය එහෙම
කිව්වේ ගේ ඇතුලට එන ගමන්.
"මල්ලි
එන්න ගෙට"අයියා අනුක්වත් ඇදගෙන ගෙට ගියා.
මමයි අම්මයි,
සාලේ මැද තිබුන මලු පුලුවන් තරමක් උස්සගෙන කුස්සියට එන්න ආවා.
"කුඹුරු
කොටන්නද, හෝටලයක් අරින්නද ආවේ?" සාලේ පුටුවකට බර වෙලා ගිමන් හරිමින් උන්නු චේතියගෙන්
මම ඇහුවේ අන්තිමට ඉතුරු වෙලා තිබුණ ඇපල් ගෙඩි මල්ලක් අරගෙන එන ගමන්.
"ඒ
මොකෝ එහෙම අහන්නේ?"
"මේ
ගමකට කන්න ගෙනැත් තියෙන හන්දා ඇහුවේ"
"එහම
තමයි ළමයෝ, නැන්දා මාමගේ ගෙදර එද්දි කදමලු
බැඳගෙන එපෑ එන්න" චේතිය කිව්වේ හිනා වෙවී.
"ආ...ඔන්න
පටන් ගත්තා" මම ඔහුට ගස්සලා කුස්සියට එන්න ආවා.
"ඕවා
ඔහෙන්ම තියන්න දෝණි. ඔයත් ගිහිං ඇඟපත හෝදගෙන එන්න. කොච්චියේ ඇවිත් මහන්සි ඇති නේ. මම
බොන්න දෙයක් හදන්නම්"
අම්මා ලහි
ලහියේ තේහදන්න ලෑස්ති වෙන ගමන් කිව්වා. ඒ අවසරෙන් මම කාමරේට එන්න ආවා. අයියලා සාලේ
ලොකු කදේක.
මම කාමරේට
ඇවිත් ඇඳට වැටුනේ, ඇත්තටම මහන්සියක් දැනුන නිසාමයි. එක දවසක් නිදි මැරුවත් මට ඔහොම්මමයි.
සතියක් යනකල් නිදිමතයි.
"දෝණි...මොකෝ
මේ නිදි?"
කුකුල්
නින්දක උන්නු මම ගැස්ස්ලා ඇහැරුණා අම්මගේ සද්දෙට.
"ම්ම්...ඊයේ
අපේ පාටියක්නේ....නිදද්දි දෙකයි. ඒකයි"
"ම්ම්...එහෙමද?
ඉතිං එච්චර රෑ වෙනකල් හිටියේ මොකෝ. අනික ගෑණු ළමයි ඔච්චර වෙලා මක් කරනවද පාටි වල?"
අම්මා ඇහුවේ මගේ අතට තේ එක දෙන ගමන්.
"අයියෝ
අම්මා...කැම්පස් වල එහෙම තමා, හැමෝම ඉන්නවා රෑ වෙනකල්...ඒක නෙවෙයි කොහොමද දැන් අක්කට?"
මම ඇඳේ එරමිණියාගොතාගෙන වාඩි වෙන ගමන් ඇහුවා.
"තාම
මාස දෙකනේ...අමාරුව ඉවරයක් නෑ. උදේ නැගිටපු වෙලේ ඉඳ වමනේ දානවාලු. දත් මදින්නත් අප්පිරියයි,
වතුර බොන්නත් අප්පිරියයි කියනවා. ඔහොම තමා ඉතිං මුල් කාලේ. මාස තුන යද්දි හරි යාවි
මහිතේ. මටත් පොඩි පුතා හම්බෙන්න ඉද්දි හරියට ආමරු වුණා" අම්මා කිව්වේ අතීතාවර්ජනයකට
යමින්.
"අහන්නත්
දෙයක්යැ"
"ඒ
මොකෝ?"
"එයා
ඉතිං හම්බෙලත් අමාරුයි නේ. ඉස්සර අම්මට. දැන් අනික් අයට"
මම එහෙම
කිව්වාම අම්මට හිනා ගියා.
"ඒක
නම් ඉතිං එහෙම තමා. පොඩි පුතා ලොකු පුතාට වඩා හරි චණ්ඩියි පොඩි කාලේ ඉඳලම"
"අලුත්
බබත් ලොකු අයියා වගේම සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වෙයිද දන්නෑ" මම කිව්වා.
"දැන්
කාලේ ඉපදෙන එව්වෝ මොන වගේ වෙයිද කියලා දෙයියොම තමා දන්නේ. කොහොම වුණත් කමක් නෑ, පරම්පරාවේ
නම ගෙනියන්න කොල්ලෙක් ලැබුණොත් අපට ඒ ඇති" අම්මා කිව්වා.
"අනේ
අම්මා....මම නම් ආසයි අයියලටකෙල්ලෙක් හම්බුණොත්"
අම්මා ඒකට
මුකුත් කිව්වේ නෑ, හිනාවකුත් එක්කම කාමරෙන්
යන්න ගියා. මම තේ එක බීලා ආයෙම ඇඳේ ඇල වුණා. 'හම්මේ...ජීවිතේ තව කොච්චර නම් වැඩ ඉතිරි
වෙලා තියෙනවද?'
"දෝණි
ඔය බටු මෝජුව කූඩෙට දාලා, මේ අනිත් වෑංජන ටිකත් හෙමින් අඩුක් කරනකෝ"
හැමදාම
වගේ කුඹුරු කපන දාට අම්මගේ කාරිය වුණේ, දහ පාලොස් දෙනෙක්ට හරියන්න මොන මොනා හරි උයන
එක. භූපලගේ කුඹුරු වැඩේට අපේ බාප්පයි, ලොකු තාත්තයිත් එන හන්දා එහෙනුත් මොන මොනවද උදේ
පාන්දරම එවලා තිබුණා. ගමේ අය හත් අට දෙනෙක් එන හන්දා කේතකීලගේ ගෙදරත් කෑම, කැවිලි,
තේ එහෙම මේ වෙද්දි ලෑස්ති කරනවා ඇති කියලා මම දැනගෙන උන්නේ අත්දැකීමෙන්. කුඹුරු කපන
දවස අපට හරියට අවුරුදු දවසක් වගේමයි. යාලුවෝ කට්ටිය එකතු වෙන එක, ගමෑඅ අය එකට එකතු
වෙන එක වගේම කෑම බීම හෙමත් ලෑස්ති කෙරුණෙ අවුරුද්දට නොදෙවෙනි විදිහට. අත්තම් ක්‍රමේට
ගොයම් කපන එක දැන් වෙද්දි, වැඩකට වඩා සාම්ප්‍රදායික චාරිත්‍රයක් බවත පත් වෙලා තිබුණා
වගෙයි.
"දෝණි..ඔය
යනවද ඉක්මණ් කරලා මේ කූඩේ අරගෙන එහේනම්. මම අලොකු අයියලගේ දිහාට දුවලා, මේ කෑම ටික
අර ළමයට දීලා මොකද කියලා බලාගෙන, ඒපැත්තෙන් එන්න ලොකු අම්මා එක්කම" අම්මා ඊට පස්සේ
මට කිව්වා.
'ඉබ්බා
දියට දම්මම ඇන්නෑවෙ කිව්වලු' මම කැමති වුණේ එක පයින්.
මම කූඩෙත්
උස්සගෙන සාලෙට යද්දි චේතියත් ඇඳපැලඳගෙන සාලේ උන්නා. පුදුමෙකට වගේ තනියෙම.
"ගුඩ්
මෝනිං දුලාරා"
"මෝනිං...කෝ
අයියලා?" මම ඇහුවේ යමින් ගමන්මයි.
"තාම
අඳිනවා"
"එහෙමද?"
මට හිනාවක් ගියා. 'සාරිද දන්නෑ'
ඒ එක්කම
වගේ, සරම පිටින්ම දත් බුරුසුවත් අරගෙන සාලෙට ආවේ පොඩි අයියා.
"නංඟි...මම
අනුක් එක්ක පටස් ගලා එන්නම්, ඔයා යනවද චේතියත් එක්ක. නැත්තං අතන වැඩ පරක්කු වුණොත්
හරි නෑනෙ. ඔය කෑම නේද අරං යන්නේ?"
"ඔව්..."
"චේතිය
ඔයා නංඟි එක්කම යන්න. අපි මේ දැන්මම එනවා" එහෙම කියාගෙන අයියා ආපහු කාමරේට වැදුනා.
"අපි
යමු එහෙනම්" මම චේතියට කියාගෙනම එලියට බැස්සා.
"අනුක්
ජීප් එක අරන්, අම්මවත් දාගෙනම ඒවි. අපි පයින්ම යමු නේ. අවුලක් නෑනෙ" චේතිය මගෙන් ඇහුවා.
"අනේ
නෑ...කිසීම අවුලක් නෑ. අනික ඔය ඉස්සරහින් ෂෝට් කට් එකක් තියෙනවා, කේතකීලගේ කුඹුරට යන්න.
අයියලා එනකොට අපට දහ පාරක් යන්න පුලුවන්" මම කිව්වා.
"ආ
එහෙමද? ඒක හොඳයි. කෝ දෙන්න මම ඔය කූඩේ ගන්න" ඒ පාර චේතිය කිව්වා.
"අනේ
එපා එපා...මේක බර නෑ"
"ඒ
වුණාට කෙල්ලෙක්ට බඩු උස්සගෙන යන්න දීලා මට පුලුවන්ද ලැජ්ජ නැතුව අත වන වන යන්න"
එහෙම කියලා චේතිය බලෙන්ම වගේ මගේ අතේ තිබුණ කූඩේ ගත්තා.
මොනා වුණත්
ඒක චේතියගේ ලැජ්ජාව පිලිබඳ ප්‍රෂ්ණයක් නිසා මම ඒ තරම් අදි මදි කරන්න ගියෙත් නෑ. මොකද
මම පොර වගේ කිව්වට, අනික එක මම පොර වගේ කිව්වට,
කූඩෙත් සෑහෙන බරයි.
"ගොයම් කපන්න මේ ඇඳුම හොඳද?" චේතිය මගෙන් ඇහුවේ මම
අත දෙක වන වන වට පිට බල බල යන අතරේ.
මම ඔහු
දිහා බැලුවා. චේතිය ඇඳගෙන ඇවිල්ල තිබුණේ දණහිස ගාවට විතර ෂෝට් එකකුයි, සුදු පාට ටී
ෂර්ට් එකකුයි.
"වරදක්
නෑ. හැබැයි, පිදුරු ගෑවිලා කකුල් හෙම කහන්න ගයිද දන්නෑ, ඔයාට පුරුදු නැති හන්දා. අපට
නම් ගාණක් නෑ. එක්කොත් අවුලක් වෙන එකක් නෑ. මොකෝ ඔයා හවස් වෙනකල් ගොයම් කපන එකක් නෑනෙ"
"ඒ
මොකෝ, මට බැහැයි කියලා හිතුවද?"
"අනේ
නෑ...ඒත් ඉතිං ඒ තරම් දෑ කැති හෙමත් නැතුව ඇති. මාරුවෙන් මාරුවට තමා ඔයාටයි, අයියටයි
ගොයම් කපන්න වෙන්නේ. අපි ඒ දවස් වලත් එහෙමයි කරන්නේ. මොකද පුරුදු අයට ආම්පන්න ටික දෙන්න
ඕන නේ. අපි ගොයම් මිටි දෙක තුනක් කපද්දි, ගමේ සමහර මාමලා හෙම ලියදි බාගයක් විතර කපලා"
මම කිව්වා.
"බලමුකෝ..
බලමුකෝ "
යන අතරමගදි
ගමේ අය කීප දෙනෙක්ම අපට මුණ ගැහුණා. හැමෝම දැනගෙන හිටියා අද සූරි මහත්තයගේ ගෙදර ගොයම්
කයිය කියලා. මොකද ගමේ ගොදක් අය කයියට එන හන්දම.
"මෙහේ
හරිම ෂෝක් දුලාරා..." චේතිය හිටි ගමන් එහෙම කිව්වම මම ඔහු දිහා බැලුවා.
"බලන්නකෝ
ගමේ එකමුතුව...හැමෝම හැමෝගෙම දේවල් වලට උදව් කරනවා, සහයෝගෙන් ඉන්නවා. කොලඹ හරි නුව්‍ර
හරි වගේ නෙවෙයි. කොලඹ නම් අනික් පැත්තේ ගෙදර මිනිස්සු මොන වගේද කියල්වත් දන්නෑ සමහර
වෙලාවට" ඔහු කිව්වා ඊලඟට. මම හිනා වුණා.
"සහයෝගේ
නම් උපරිමයි තමයි. මොකද කාලාන්තරයක් තිස්සේ මේ ගම් වල ජීවත් වුන අය නේ වැඩිපුර ඉන්නේ.
ඒ නිසා ගමෙන් බාගයක් විතරම නෑයෝ. හැබැයි ඉතිං ගහ මරා ගන්න ගියාමත්, සහයෝගෙට දෙවනි නෑ.
ඕපා දූපත් ඒ වගේම තමා" මම කිව්වා.
"ඒ
ගම් වල හැටියක්ම වෙන්න ඇති නේද?"
"හ්ම්ම්..."
"දුලාරා
කැමති ගමේම ඉන්නද, නැත්තං කොලඹ හරි කොහේ හරි යන්නද?" චේතිය ඇහුවා.
"තමන්ගේ
ගමට කවුරුත් ආසයි අයියේ. ඒත් ඉතිං කොලඹ ගිහිං පොඩ්ඩක් අත්දැකීම් ගන්නත් මම ආසයි"
මම කිව්වා.
"එතකොට
නුවර?"
"නුවර?
ම්ම්...නුවරනේ ඉතිං මම දැනුත් ගොඩ වෙලාවට ඉන්නේ. මම එහෙට ආසයි. ඒත් එහේ මොකක්දෝ පාලුවක්
තියෙනවා කියලා මට හිතෙනවා"
"එහෙමද?
ඒ කියන්නේ නුවර ඉන්න ආස නෑ?" ඔහු ඇහුවේ අමුතු විදියට කියලා මට හිතුණා.
"
එහෙමම කියලා එකක් නෑ.. ඇයි
එහෙම අහන්නේ?"
මම එහෙම
ඇහුවම, චේතිය මා දිහා අයන්තමින් බලලා අහක බලාගත්තේ ලොකු සුසුමකුත් හෙලමින්. හරියට මොකක්
හරි කතාවකට මුල පුරන්න වගේ. හිතේ මතු වෙමින් තිබුනේ අහේතුක බයක්.
"මෙහෙමයි...ඒකට
හේතුවක් තියෙනවා"
මට ඒ හේතුව
අහන්න ඕන වුණේ නෑ. ඒ නිසාම මම පය ඉක්මණ් කලා ඈත පෙනුන කුඹුර දිහාට.
"දුලාරා..."
"ආ..."
"ඔයා
හිතන්නේ මම හැම සති අන්තෙකම වගේ මෙහේ ආවේ ගියේ, ඔයාගේ අයියා මගේ යාලුවා නිසා විතරමයි
කියලද?"
"මට
තේරෙන්නෑ ඔයා මොනා කියනවද කියලා" මම කිව්වේ ඔහු දිහාවත් නොබලා.
චේතිය එන්න
හදන පොට මොකක්ද කියලා තෙරුම් ගන්න මට පුලුවන්කම තිබුණා. ඒ නිසාම මම උන්නේ පුදුමාකාර
තරම් කලබල වෙලා. හොඳ වෙලාවට අපි මේ වෙද්දි උන්නේ කුඹුර ලඟමයි.
"දුලාරා...
මේ අහන්න"
"කූඩේ
දෙන්න...මෙතන තමයි කුඹුර" ඔහු මට කතා
කලත් මම ඒක ඇහුණේ නෑ වගේ කූඩේ ඔහු අතින් අරගෙන පය ඉක්මණ් කලේ කුඹුර ඉද්දර කුඹුක් ගහ
යට උන්නු කේතකීලා දිහාට..
මම එතන
ට එද්දි එතන උන්නු භූප හැරිලා මා දිහා බැලුවේ හිනාවකුත් එක්ක. අර පුරුදු දයාබර හිනාව.
මගේ හිත දුකෙන් බර වුණා හේතුවක් නැතුවම. මමත් මද හිනාවක් පෑවා ඒත්. භූපගේ හිනාව පොඩ්ඩක්
විතර වියැකුනා වගේ මට දැනුනා. චේතියත් එවෙලෙම වගේ එතනට ආවා.
"හලෝ
මචං... වැඩ පටන් ගන්නද ලෑස්තිය?" චේතිය එහෙම අහුවේ භූපගෙන්.
මම කූඩේ
අරගෙන කේතකීලගේ අම්මා උන්නු තැනට ආපු නිසා භූප මොනා කිව්වද කියලා මට ඇහුණේ නෑ.
"එහෙමනං...තුනුරුවන්ගේ
සරණයි කියලා, අපි පටන් ගමු නේද..."
ඒ අතරේ
මට ඇහුණා අපේ ලොකු තාත්තගේ හඬ. කුඹුක් ගහ ලඟ මල් පැලක පුංචි පහනක් පත්තු කරලා තිබුණා.
කුඹුරට
බහින්න කලින්, භූප මා ලඟට ආවා මොහොතකට අනික
අය සේරම කලබලෙන් ඉන්න වෙලාවේ.
"අවසරද
මැණිකේ එහෙනං?" භූප ඇහුවේ හිනාවෙලා.
"අවසරයි,
අවසරයි නිලමේ..." මම හිනා වෙලා කිව්වේ, මගේ හිතේ තියෙන දුක ඔහුට පෙන්නන්න මට බැරි
හන්දා.
භූප ආදරෙන්
මා දිහා බලලා, අසල තිබුණ ගොඩෙන් දෑ කැත්තක් අරගෙන කුඹුරට බැස්සා. මම කේතකී අසලට වුණා.
"නෝනා
හම්බෙනකල් තමා මම බලාගෙන හිටියේ" කේතකී කිව්වේ අසල උන්නු ඇගේ අම්මට ඇහෙන්නේ නැති
තරම හෙමිහිට වගේ. මම ඈ දිහා බැලුවේ පුදුමෙන්.
"මොකටද?"
"දන්නෙම
නෑ එහෙනම්" කේතකී තාම උන්නේ ඉස්සරහ බලාගෙන.
"මොකක්ද
ඔයා මේ අහන්න හදන්නේ?"
"අහන්න
හදන්නෙද?" එහෙම කියලා කේතකී මා දිහාට හැරුණේ මවාගත්තු නොරිස්සුමකින් වගේ.
"අහන්න හදන්නේ, නෝනා කියන්නද නෑනා කියන්නද කියලා?"
මගේ කන්
දෙක එක පාරටම රත් වුණා වගේ මට දැනුනා. මම අහක බලාගත්තේ ඒකයි.
"හෙර...මට
මුකුත්ම නොකියා, හිමිච්චි වගේ හිටියා නේ" කේතකී ආයෙම රහසින් වගේ කිව්වේ මට අතින්
අනින ගමන්. ඈට මොනා කියන්නද කියලා මම දැනගෙන හිටියේ නෑ.
"කමක්
නෑ ඉතිං මොනා කරන්නද? අයියට ඕනම නං" කේතකී කිව්වා.
මම උන්නේ
අහක බලාගෙනමයි. ඒ වගේම මට දැනෙමින් තිබුණේ මහා ලොකු අපහසුතාවයක් වගේ එකක්.
"දුලා..."
මම කතා නොකරන හන්දදෝ කේතකී මට කතා කලා. "අහන්නකෝ..."
"ම්ම්..."
"අයියට
ඊටත් වඩා හොඳ කෙනෙක් වෙන ඉඳීවි කියලා මට හිතන්න බෑ..."
කේතකී කිව්වේ
මගේ අතකින් හෙමිහිට අල්ලගන්න ගමන්. හරියට පොඩි කාලේ වගේ. මට ඈ දිහා බැලුණේ ඉබේටම. ඒ
ඇස් තිබුණේ දිලිසෙමින්. ඒත් කේතකීගේ මූණේ තිබුණේ ලොකු හිනාවක්. මම ඈ දිහා බලලා හිනා
වෙන්න උත්සාහ කලා. ඒත් මගේ ඇස් තිබුණේත් කඳුලු පටලයකින් බර වෙලා.
"කේතකි...මං..."
"දැන්
අපේ පිස්සු හටන ඔයාටම බාරයි"
මම හිනා
වුණා යන්තම්. ඒ එක්කම මගේ ඇස් යොමු වුණේ, කට්ටියම එක්ක හරි හරියට ගොයම් කපන භූප දිහාවට.
'මගේ භූප...මම ඔයාට කොච්චර නම් ආදරේද?'
ඔන්න මේ පාර පළවෙනි Comment එක මගෙන්. ඔයා හරි ලස්සසනට ලියනවා නෙතු. විනාඩි කිහිපයක් අපිත් දුලාරයි භූපගෙයි ලොකේ හිටියා. මේ පාර ඉක්මනටම ඔයා කතාව ලියලා. මේ දවස්වල වැඩ අඩුද? ඉඩ කඩ තියෙන විදියට ලියන්නකෝ. ඔයාට ජයෙන් ජය
ReplyDelete