ආන්යාගේ ගෙදර පිහිටලා තිබුණේ හැටන් ප්‍රදේශයේ ලස්සන තේ වත්තක් මැද. එහෙම වුණේ ආන්යගේ තාත්තා ඒ තේ වතු යාය අයිති සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා වුණ හන්දයි. සාමාන්‍යාධිකාරී වෙන්න කලින් ආන්යාගේ තාත්තා මේ වතු යායෙම වතු අධිකාරීවරයෙක් හැටියට කාලයක් වැඩ කලා. මේ පරිසරයට මිනිස්සුන්ට ආදරේ කරපු ආන්යගේ තාත්තා කොලඹ නොගිහින් වත්තෙම නතර වෙලා වැඩ කරන්න තීරණය කරපු නිසා, සහ ඒකට වතු අයිතිකාර ආනන්ද් සුබ්‍රමනියම් මහත්තයා කැමැත්ත දීපු නිසා අද වෙනකල්ම ආන්යලාට එහේම ඉන්න ඉඩ ලැබිලා තිබුණා.
කොළපාට තේ වතු, මාරගස්, ඈත පේන කඳු, මීදුම, වැස්ස, අහිංසක දෙමළ මිනිස්සු...මේ හැම දේටම තාත්තා තරම්ම ආන්යත් ආදරේ කලා. ඈට මේ පරිසරය දාල යන්න කවදාවත් ඕන වුණේ නෑ.
"කවදා හරි මෙහෙන් යද්දි මෙයාට තේ දළු නෙලන රස්සාවක් වත් අල්ලලා දෙන්න වේවි තාත්තා. නැත්තම් සාංකාව හැදිලා, පිස්සු හැදෙයි මෙයාට" අනුහස් ආන්යට නිතරම් විහිලු කලා.
"එහෙම නැත්තම්, වත්තේ මහත්ත්යෙක් හොයලා කසාද බන්දලා දෙන්න වෙයි" එහෙම කිව්වේ මේ දෙන්නගේ ලොකු අයියා වෙච්ච ගීතාන්.
ඔහු කොලඹ රැකියාවක් කරපු නිසා ආන්යලට අයිති නුගේගොඩ තිබ්බ ගෙදර ඔහු මේ දවස් වල පදිංචි වෙලා හිටියා. ආන්යා නම් කවදාවත් කොළඹට කැමති වුණේ නෑ. ඒ සමහරවිට ඈ ඉපදුන දවසේ ඉඳලම හැදුනේ වැඩුනේ මේ පරිසරයේ නිසා වෙන්න ඇති.
"බේබි..ලොකු නෝනා මේ කෝපි එක දෙන්න කිව්වා"
නාගෙන අහවර හිස පිහිමින් සාලෙට ආපු ආන්යට කෝපි කෝප්පයක් පිරිනමපු සෙල්ලම්මා කිව්වා.
සෙල්ලම්ම තමයි ආන්යගේ අම්මගේ උදව්වට වත්තෙන් දීලා උන්නු දෙමල ගැණු කෙනා. වයස පනහක් විතර වෙච්ච සෙල්ලම්මා, ඇගේ සැමියා රාමනුයි, ළම්යි තුන් දෙනා වුණ රාධායි, ගෝපියි, නිත්‍යායි එක්ක ජීවත් වුණේ ආන්යාගේ ගෙදර ලඟම හදාපු මුර නිවසේ. රාමන් රෑට වත්ත මුර කරලා දවල්ට පුලු පුලුවන් විදියට ආන්යගේ ගෙදර වැඩ වලට උපකාර කලා. රාමන්ට සහාය වුණේ ආන්යගේම වයසේ විතර වුණ ගෝපි. නිත්‍යා නම් පහ වසරේ ඉගෙන ගනිමින් උන්නු පොඩි ළමයෙක්. ගෝපි ආන්යා, අනුහස්, ගීතාන් තුන් දෙනාගෙම හොඳ යාලුවෙක්.
ගෝපිට තිබුණේ පුදුමාකාර චිත්‍රපට පිස්සුවක්. වැඩ නැති වෙලාවට ඔහු කලේ කාගෙන හරි ඉල්ලගෙන ආපු ඩීවීඩී පටයක් ගෙදරට වෙලා නරඹන එකයි. ඔහුගේ ලෝකේ වීරයා වුණේ ප්‍රවීණ දකුණු ඉන්දියානු නලුවෙක් වුණ රජිනි කාන්ත්. ඔහුටම ආවේනික ක්‍රියාදම අනුගමනය කරන්නත් ගෝපි අමතක කලේ නෑ. ආන්යට නම් ඒව දකිද්දි හොඳටම හිනා ගියා.
"මීනු බේබි...ඔන්න අපේ සුපර්ස්ටාර් රජිනිට හිනා වෙන්න එපා”
ගෝපි ඒ වෙලාවට කැඩිච්ච සිංහලෙන් ආන්යට නෝක්කාඩු කියන්වා. අනුහස් විහිලුවට ගෝපිට කිව්වේ ගෝපි කාන්ත් කියලා.
"මේ හලෝ තරහද?" ආන්න්යා කෝපි කෝප්පෙත් අරන් සාලෙට යද්දි කොහේදෝ ඉඳන් ආපු අනුහස් ඇහුවා.
"අනේ යනවා අනූ යන්න, මම තරහයි තමා" ආන්යා ඔහු දිහා නොබලම කිව්වා.
"ඉතින් එහෙනම් තෙමෙන්න ආසයි කිව්වේ?"
ආන්ය අනුහස්ට උත්තරයක් නොදීම ගස්ස්ගෙන කුස්සියට ගියා. අම්මයි, සෙල්ලම්මායි රෑට උයන්න ලෑස්ති වෙනවා.
"උන් අම්මාව පාර්තාලුම් පයම්..උන් අප්පාව පාර්තාලුම් පයම්.."
ඒ අස්සේ ගෝපි බොහොම හැඟීමෙන් යුතුව ගීයක් කියමින් මාලු කූරියෙක් කපනවා. ගීතේ පද පෙලක් ඉවර වෙන ගාණට මාළුවාට පිහි පාර වදිනවා. ආන්යා පස්සෙන්ම ආපු අනුහස් ගෝපි දිහාට ගියේ කට කොනකින් හිනා වෙමින්. රාධා ගෝපිට එහා පැත්තෙන් ඉඳගෙන පොල් ගානවා.
"මොකක්ද ගෝපි ඔය සිංදුව?" ආන්යා එහෙම අහගෙන කුස්සියේ බංකුවෙන් වාඩි වුණා.
"නිකං කටට ආවට කිව්වා බේබි" ගෝපි යන්තම් හිනාවෙලා කිව්වා.
"මම කෙරුවා නම් මෙලාට උයලත් ඉවරයි"
ගෝපි දිහාට නොපහන් බැල්මක් හෙලපු සෙල්ලම්මා කිව්වා. එතනට වෙලා රතු පාට කරවිල ඇට වගයක් එක්ක සෙල්ලම් කරමින් උන්නු නිත්‍යාව ආන්යා දැක්කේ මෙවෙලේ. ඈ යන්තම් අට හැවිරිදි, පුංචි, කලු වුණත් හරි ලස්සන දැරිවියක්.
"කුට්ටි සෙල්ලම් කරනවද?" ආන්යා ඇහුවාම ඇය ලැජ්ජාවෙන් හිනා වුණා.
නිත්‍යාට ගෙදරට ආදරේට කිව්වේ කුට්ටි (පැටියා) කියලා. ඒ නිසා ආන්යත් ඒ නමම ඈට භාවිතා කලා. පවුලේ එකම කෙල්ල වුණ ආන්යාට හැමදාමත් දැනුන සහෝදරියකගේ අඩුව පිරිමැහුණේ රාධායි, නිත්‍යායි නිසා.. පුංචි කාලේ අනුහස් ගීතාන් එක්ක කාර්, තුවක්කු අරගෙන සෙල්ලම් කරද්දි, ඒ කොලු සෙල්ලම් වලට ආන්යා ආස කලේ නෑ. ඒ නිසා ආන්යට සිද්ධ වුණේ බෝනික්කෝත් එක්ක තනියෙම සෙල්ලම් කරන්න. ඉතින් කාලෙකට පස්සෙ නිත්‍යාවයි, රාධාවයි ඈට මුණගැහුණම ඒ සමාගමය ඈ ගොඩක් ප්‍රිය කලේ ඒ නිසාම වෙන්න ඇති. ආන්යා නිත්‍යාට කරවිල ඇට වලින් ගනන් කරන හැටි කියලා දෙන්න වුණා. ගෝපි තවමත් සිංදු කියනවා.
"යෙනක එප්පෝ කඩෛකුම් ඉන්ද පලම්.." සින්දුව නාට්‍යාකාරයෙන් ඉවර කරපු ගෝපි ඩොක් ගාලා මාලු භාජනේ මේසේ උඩින් තිබ්බා.
"ඉරි , උනක්ක තාරේන් නල්ල පලම් (හිටපන් උඹට දෙන්නම් හොඳ ගෙඩියක්) “
පොල් ගාමින් උන්නු රාධා ගෝපිට රවලා කිව්වේ මාලු වතුර ඇගේ ඇඟටත් විසි වුණ නිසා.ඒ පාර අතු ගාමින් උන්නු සෙල්ලම්මාත් කොස්ස පැත්තක තියලා ගෝපිට රැව්වා.
"පැය දෙකක් විතර මාළුවා කැපුවා බේබි බලන්න" සෙල්ලම්ම ආන්යට කිව්වා ඊට පස්සේ.
"කමක් නෑ සෙල්ලම්මා, අම්මා ඕක ටක් ගාලා උයයි" අනුහස් ගෝපිට ඇහැක් ගහන ගමන් කිව්වා. ගෝපිත් හිනා වෙවීම අත් සෝදනවා ආන්යා බලාගෙන හිටියා
"ගෝපි දැන් කියන්නේ රජ්නි ගේ සිංදු නෙවෙයිද?" ආන්යා ඇහුවා.
"නේ,නේ, මේක රජ්නිගේ බෑනාගේ සිංදුවක්. ධනුෂ්ගේ"
ගෝපි බරපතල කාරණාවක් පැහැදිලි කරන්නා වගේ කිව්වා.
"ආ..." ආන්යා හිස වැනුවේ හිනාව මැඩගෙන.
"ඔයා මේ මොනා අහනවද මීනු, රජ්නිගේ සහ එයාගේ නායන්ගේ සිංදු විතරයි මෙයා කියන්නේ" අනුහස් ගෝපිගේ පිටට තට්ටු කරලා කිව්වා.
"ඕක බැලුවාම අපේ බඩ පිරෙන්නෙ නෑ, මොන හරි වෙඩක් කරන්න ඉගෙන ගනින්" සෙල්ලම්මා ආයෙම ගෝපිට දෝස්මුරේ දානවා.
"හරි හරි, අපි යනවා කැරම් අතක් ගහන්න. මීනු එනවද?" අනුහස් කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"බලන්න එන්නම්, ගහන්න නම් බෑ. ගෝපි එක්ක කැරම් ගහන්නපුලුවන් කාටද?" ආන්යා කිව්වේ ගෝපි ඇත්තටම හොඳ කැරම් ක්‍රීඩකයෙක් වෙච්ච නිසා.
"අද තාත්තා එනවද අම්මා?" ආන්යා ඇහුවේ අම්මා අද කලින්ම උයන්න පටන්ගෙන තිබ්බ නිසා.
"ඔව්. හැබැයි රෑ වෙයි. මීටින් දෙක තුනකට ඉඳලා එන්න එපැයි"
ආන්යා නැගිට්ටා සාලෙට යන්න, නිත්‍යාවත් එක්කගෙනම.
"යෙන් අම්මාව පාර්තාලුම් පයම්...(මගේ අම්මව දැක්කම බයයී) " ගෝපි හිටි ගමන් සෙල්ලම්මා දිහාට පැනලා, බොරුවට බයෙන් ඇකිලෙනවා වගේ රඟපාලා අනුහස් උන්නු තැනට පැන්නා. එතන හිටපු හැමෝටම හිනා ගියා ඒක දැකලා.
"චී, පෝ ඩා..." සෙල්ලම්මා ගෝපිව එලෙව්වා කට කොනකින් හිනා වෙවීම.
ලස්සනයි :)
ReplyDeleteඅක්ක දෙමලත් දන්නවද�?
hmmm....dannawa... :)
ReplyDeleteහොඳයිනේ ;)
ReplyDeleteඑක තමා හොදයි නේ ...
ReplyDeleteshaaaaaaaaaaa hehehe apitath tamil igen ganne puluwan ehenam :D ane kathawe lassanayyyyyyyyyyyy :D
ReplyDelete