Monday, December 19, 2011

එක


වැස්ස... අහස කලු කරගෙන, හාත්පසම අඳුරු කරගෙන වහින සීතල වැස්ස. වෙලාවකට ආදරේ හිතෙන පොද වැස්සක් වෙලා වහින, වෙලාවකට බය හිතෙන අනෝරා වැස්සක වෙලා වහින, වැස්ස...බස් නැවතුමට වෙලා බෑග් එකත් කරේ එල්ලගෙන තව එකක් අතින් අරගෙන උන්නු ආන්යා වැස්ස දිහා බලාගෙන උන්නේ ආසාවෙන්. වැස්සත් එක්ක ආන්යගෙ තිබ්බෙ පුදුම සම්බන්ධකමක්. ඇගේ ජීවිතේ ගොඩක් වැදගත් දවස් හැම එකකදිම වගේ වැස්සකුත් තිබුණා, ඇය ඉපදිච්ච දවසෙත් හොඳටම වැහැපු බව අම්මා දවසක් කිව්වා ඇයට මතක් වුණා. වැස්ස මොන තරම් දේවල් වලට බාදා කලත් ආන්යාට නම් කවදාවත් වැස්ස ගැන අහිතක් දැනුනේ නෑ. අදත් එහෙමයි. ගෙයි එලිපත්තේ කණුවකට හේත්තු වෙලා ආන්යා වැස්ස දිහා බලාගෙන හිටියා.
"මීනු මොකද ඔය කරන්නෙ? අළුත් වැස්සේ තෙමෙන්නැතුව ගෙට එන්න ළමයෝ"
ගේ ඇතුලේ ඉඳන් ඔලුව දාපු අම්මා කිව්වා. ආන්යට ගෙදර අය කතා කලේ මීනු කියලා.
"මෙතන තෙමෙන්නේ නෑ අම්මා"
"මොකද නැත්තේ? ඔය පින්න ගෙට එන්නේ?"
"ටිකක් පිනි බෑවට මක් වෙනවද?" ආන්යා කිව්වේ වැස්ස දිහට අතක් දික් කරන ගමන්.
"තෙමෙන්න ඔච්චරම ආසද?" එහෙම ඇහුවේ ආන්යා ලඟට ආපු අනුහස්.
ඒ කියන්නේ ආන්යගේ නිවුන් සහෝදරයා. ඒ වුණත් අනුහස් ආන්යට වඩා විනාඩි තුනක් කලින් ඉපදුන නිසා ඔහු ආන්යට සැලකුවේ නංඟි විදිහට. නිවුන්නු වුණත් මේ දෙන්නගේ ගතිගුණ, අදහස්, කැමති දේවල් කොහොමවත් එක සමාන වුණේ නෑ. දෙන්නම ඉගෙන ගත්තේ පේරාදෙණියේ විශ්ව විද්‍යාලෙ. අනුහස් ඉගෙන ගත්තේ ඉංජිනේරු පීඨයේ, ආන්යා කෘෂිකර්ම පීඨයේ. මේ ගෙවුනේ විශ්ව විද්‍යාලේ ගියාට පස්සේ දෙන්නටම ලැබුණ පළවෙනි නිවාඩුව.
ආන්ය තමන් ලඟට ආපු අනුහස් දිහා බැලුවා, සාලෙට වෙලා පොතක් කියවමින් උන්නු ඔහු මෙතනට ආවේ මොකද කියලා.
"ආසයි තමා" ආන්යා කිව්වේ ආයෙමත් වැස්ස දිහාට ඇස් යොමන ගමන්.
"ඇත්තට? ඔන්න එහෙනම් තෙමෙන එකයි..." එහම කියපු අනුහස් ආන්යව එක පාරටම මිදුලට තල්ලු කලා. මහ වැස්ස නිමේෂයකින් ආන්යව තෙත බරිත කලා.
"අනේ අම්මා...මේ මෝඩයා කරපු දේ බලන්නකෝ..." ඇය ගිරිය යටින් කෑගැහුවේ වැස්සෙම තරහින් උඩ පැන පැන. අනුහස් හක හක ගාල හිනා වෙවී පෝටිකෝවට වෙලා උන්නේ ආන්යගේ තරහා තවත් වැඩි කරමින්. මේ අතරේ අම්මා එලියට ආවා. අනුහස් ඈතට වෙලා හිට ගත්තා කෝකටත්.
"මොකද ළමයිනේ මේ වෙලා තියෙන්නේ? ආපු වෙලේ ඉඳලා පොර කුකුල්ලු වගේ රණ්ඩු වෙනවා. අනූ ඔයා නම් ගාණට වැඩියි. බලන්න අර යසට හිටපු ළමයව වැස්සට තල්ලු කලා නේ. ඉන්නවකෝ තාත්තා එනකල්. මීනු දැන් ඉතින් තවත් ඔතන නොයිඳ ගෙට එන්න. ඇවිත් නා ගන්න. ඔය දෙන්න නම් මට පුදුම වදයක් දෙන්නේ ඇත්තමයි. අනූ ගෙට ගිහින් නංඟිට නාන්න ගීසර් එක දානවා, වැස්සට තල්ලු කලා නම්. මට නිදහසේ මේ වැඩේ ඉවර කර ගන්න දෙන්නේ නැති හැටි!තාමත් පොඩි ළමයි වගේ හැසිරෙන්නේ"
අම්මා අනුහස්ට සැර කරලා ආයෙම ගෙට වැදුණා.
තාත්තා දවස් තුනකට පිට ගිහිල්ලා උන්නු නිසා ඔෆිස් එකේ සමහර වැඩ බලන්න වුණේ ආන්යගේ අම්මට. දෙන්නගේ රණ්ඩු ඇල්ලිල්ල නිසා ඒකට බාධා වෙන එක නිසා ඈට තරහා යන්න ඇති කියලා ආන්යා හිතුවා.
"ඔයා තමයි. අම්මට වැඩේ කරගන්න දෙන්නේ නැත්තේ"
තාමත් හිනා වෙවී උන්නු අනුහස්ට ආන්යා රැව්වා.
"හරි හරි, දැන් මමද කෑ ගහලා අම්මව ගෙන්න ගත්තේ? මේ තව තෙමෙන්නැතුව ගෙට එන්න. මම ගීසරේ දාන්නම්" එහෙම කියපු අනුහස් ගෙට ගියා.
වැස්සට තෙමිච්ච ගමන්ම පොඩ්ඩක් සීතල දැනුනත් දැන් නම් වැස්සට තෙමෙන එක ආන්යට දැනුනේ විනෝදයක් විදිහට. ඇය අම්මා ආයෙම ඒවිද කියලා බලලා තණකොළ වවපු මිදුලට පැන්නා. වැස්ස නිසා මුලු මිදුලම මඩ වෙලා. ආන්යා මඩේම වටයක් කැරකුණා වැස්සට තෙමි තෙමීම. ඉස්සර පාසැල් යන කාලෙත් වැස්ස දවස් වලට යෙහෙලියෝ එක්ක මේ වගේ තෙමුණ හැටි ආන්යට මතක් වුණා. ආන්යගේ මේ වැහි නැටුම හදිසියේ නතර වුණේ ගෙදර මිදුලට හරවපු වාහනයක් නිසා. ආන්යා මුලින් හිතුවේ ඒ තාත්තා වෙන්න ඇති  කියලා. ඒත් තාත්තාගේ කැබ් එකට වඩා ගොඩක් අලුත් සුපිරි මොන්ටෙරෝ වර්ගයේ රථය දැක්කාම ආන්යාට ඒ කවුරු වෙන්න ඇතිද කියලා හිතා ගන්න බැරි වුණා. ඇය ගේ දිහාට යන්න ගෙදරයි, මිදුලයි අතරින් තිබ්බ පුංචි අඩි පාරට පැන්නෙත්, වාහනේ ඈ අසලම වගේ නතර කලෙත් එක්වරමයි. ඇය ඉක්මණට ගිහින් ගෙදර පඩිය උඩට නැග ගත්තා. ඇගේ ඇඳුම් වලින් වතුර බේරෙනවා.
"එක්ස්කියුස්මී මිස්..." ඇය ගෙදර ඇතුලට යන්න හදද්දි කෙනෙක් කතා කලා. ඇය හැරිලා බලද්දි වාහනේ එලවගෙන ආපු මැදි වයසේ වගේ පෙනුන රියදුරා වීදුරුව පාත් කරලා ඈ දිහා බලාගෙන හිටියා.
"ඔව්..."
"මේ..අර නාරද මංචනායක මහත්තයාගේ බංගලාවද?" රියදුරා ඇහුවා.
"නෑ නෑ. මේ වීරප්පෙරුම මහත්තයාගේ බංගලාව. නාරද මහත්තයාගේ බංගලාවට යන්න ඔය ආපු පාරෙම උඩට යන්න ඕන. තාර පාර ඉවර වෙන්නේ ඒ මහත්තයාගේ ගේ ලඟින් තමා"
ආන්යා කිව්වා.
"එහෙමද? හරි බොහොම ස්තුතියි නෝනා" රියදුරා  වීදුරුව වහගෙන වාහනේ පස්සට ගද්දි ආන්යා දැක්ක ඉදිරිපස අසුනේ උන්නු තවත් කෙනෙක් ඈ දිහා බලා උන්නු වග. ඒත් යාන්තම් කලු කරපු වීදුව නිසා ඒ කෙනාගේ මූණ ආන්යා හරියටම දැක්කේ නෑ. මේ කට්ටිය කවුරු වෙන්න ඇතිද කියලා ආන්යා කල්පනා කලා.
"කවුද ආවේ?" එහෙම අහගෙන අම්මා ආයෙමත් පෝටිකෝවට ආවා."ඔයා තාම මෙතනද? ලෙඩක් හදා ගන්නද හදන්නේ?"
"නෑ අම්මා, මං ගෙට යන්න හදද්දි තමා අර වාහනේ ආවේ" ආන්යා කිව්වේ ගේට්ටුවෙන් නොපෙනී ගිය වාහනේ පිටිපස්ස පෙන්නලා.
"මොනාද ඇහුවේ?"
"නාරද අයියගේ ගෙදර ඇහුවා"
"නාරදගේ?" අම්මා ටිකක් කල්පනා කලා. "අලුතින් එනවා කියපු ඇසිස්ටන්ට් මැනේජර්වත්ද?"
"ආපු වාහනේ නම් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්ගේ වෙන්න බෑ. මොන්ටෙරෝ අලුත්ම එකක්"
ආන්යා කිව්වේ හිසකෙස් වල වතුර එලියට ගසන ගමන්.
"ආනන්ද් මහත්තයාගේ ළමයි මේ දවස් වල් ලංකාවට ඇවිත් කියලා තාත්තා කිව්වා. එයාලාවත්ද දන්නේ නෑ? ඒත් අපර් ඩිවිෂන් එකේ අවුට් හවුස් එකට නේ ඒ අය එන්නේ" අම්මා තනියෙම කල්පනාවට වැටිලා.
"ඔන්න ඔහේ ආපු අය ගැන ආරංචි වේවි නේ අම්මා. ඔය තරම් හිතන්න දෙයක් නෑ. මම යනවා නා ගන්න"
ආන්යා අම්මා පෝටිකෝවේ ඉන්දැද්දිම ගෙට එන්න ආවා.

13 comments:

  1. නෙතු.... මම ඔන්න ඔයාගේ අලුත්ම බිලෝග් එකේ මුල්ම සාමාජිකයා හැටියටත්.. ඒ වගේම මුල්ම කමෙින්ටුවත් පලකරනවා. ගොඩාක් ස්තුතියි ආපහු ඉක්මනටම ලියන්න පටන් ගත්තට. ඉදිරියේදි මෙි කතාව හොදට හා ලස්සනට ලියන්න සුභ පතනවා....!!!!

    ඔබට ජයවෙිවා...!!!

    නදුන්

    ReplyDelete
  2. හෙලෝ නෙතු අක්කි, අලුත් කතාවක් පටන් ගත්තු එකනම් නියමයි, ඉස්සෙල්ල ඒක වගේ ලස්සන එකක් වෙයි කියල හිතනවා :)

    කෝ කෝ අනිත් කොටස :D

    ReplyDelete
  3. @Sihina &dishan: තැන්ක්යූ වේවා! ආයෙම ඔයාලා දකින්න ලැබීම සතුටක්. මේ කතාව නම් ඔබ හීනයක් කතාව වගේ ඉක්මණට අප්ඩේට් කරන්න බැරි වෙන්න පුලුවන්. මොකද අලුත් සෙමෙස්ටරේ පටන් ගත්තා විතරයි. ඒ වුණැත් වෙලා තියෙන හැම වෙලාවකම ලියන්න බලන්නම්. එහෙම වුණාම මූණු පොතේ අප්ඩේට් එකක් දාන්නම්.
    ආයෙම කියවන්න එකතු වුණා හැමෝම සාදරෙන් පිලිගන්නවා!

    ReplyDelete
  4. ඉගෙන ගන්න වැඩත් එක්ක කතාව ලස්සනව ලියන්න පුළුන්වෙන්න කියල සුභ පතනවා..

    ReplyDelete
  5. අලුත් නවල් එක කියවන්න ඔන්න අපිත් ආවා..ජය වේවා.. :-)
    (word verification අයින් කරොත් ලේසියි comments කරන්න..)

    ReplyDelete
  6. ඔන්න මමත් ආව ..
    කලින් එක වගේම ලස්සන එකක් වගේ ..
    ඒ උනාට ඊලග කොටස් දානකන් බලන් ඉන්න එක තමා අමාරු වැඩේ ...

    ReplyDelete
  7. සුභ පැතුම් සේරටම ස්තුතියි!
    @ සිත්රූ සිහින: මතක් කලාට ස්තුතියි. ඔන්න අයින් කලා. මට ඒක හැම වෙලේම අමතක වෙනවා. :)
    @dream boy: සාදරෙන් පිලිගන්නවා.මේ පාරත් අලුත් කොටස් ඉක්මණට දාන්න කියලා කරදර කරයි වගේ..:)
    It is soooooooooooooooooooooo nice to see u all again!

    ReplyDelete
  8. @නෙතු .. හික් .. ඔව් ඔයාට තමා කරදරේ අක්කි. ..

    ReplyDelete
  9. haneeeeeeeeeeeeeeee nethu akki aluth kathawak liyane aran,, yippieeeeeeeeeeeeeeeeeee :D :D ane man meke kotas 2k yanekanuth danne nane :( sorry akki i was so busy with my work :) ane thank u akki for writing another story for us :D nice beginning... the story must be a nice one toooooooo .. keep writing best of luck :) puluwan widihate post danne hode :)

    ReplyDelete
  10. ඔන්න මුල කියෙව්වා..අදම කොම හරි ඔක්කොම කියවන්න තමා කල්පනාව..

    ReplyDelete
  11. ඔන්න මමත් ආවා ඔයාගේ කතාව කියවන්න

    ReplyDelete
  12. ලස්සන කතාවක් අක්කි මම ඔයාට සුබ පතනවා හොදින් ලියන්න බුදු සරනයි!! #විහංඟනාවී කතාව තව කොටස් කීයකින් ඉවර වේවිද ♦♦♐

    ReplyDelete