"බුද්ධං සරණං ගච්ඡාමි"
ගේ පුරා පැතිරිලා තිබුණ හඳුන්කූරු
සුවඳත් එක්කම ආත්තම්මා පන්සිල් ගන්න මුදු
ස්වරය ඇහෙද්දි අයුමි දැක දැක උන්නු හීනෙන් ඇහැරුණා. phone එලාම් එක වැදෙන්න පටන්
ගත්තේ ඈ ඇහැරුණාටත් පස්සේ. ඇඳට වෙලා තවමත් හරි හැටි නින්දත්, නොනින්දත් අතර වගේ උන්නු ඈ හොඳටම ඇහැරුණේ ඉන්
පස්සේ.
"ආ...නැගිට්ටද? මම මේ ඇහැරවන්න කියලා බැලුවේ" කාමරේට එබුණ
අම්මා කිව්වේ අයුමි ඇඳෙන් නැගිටිද්දි.
"කීයටද ළමයෝ කොලඹ ඉන්න ඕන?"
අම්මා ඇහුවේ ඈ එක්කම කුස්සිය දිහාවට යන ගමන්.
"දහයට ඉන්ටර්විව් කරන තැන ඉන්න ඕන අම්ම"
"හ්ම්...එහෙමනම් මේ තේ එක බීලා ඉක්මණට
ලෑස්ති වෙන්න. මාමා දැන් ඒවි"අම්මා තේ එකක් අයුමි අතට දීලා ආයෙම කෑම හදන
වැඩේට ගියා.
යාන්තම් එලිය වැටීගෙන එන හාත්පසම දිහා
අයුමි බැලුවේ ප්‍රබෝධමත් සිතකින්. උදේ මූණ දෙන්න තියෙන ඉන්ටර්විව් එක ගැන අයුමි
මතක් කලේ සතුටකින් වුණාට අහේතුක නොසන්සුන්කමකුත් හිතේ තිබුණා. මොකද කලින් ගියපු
කීපයකින්ම ඈව නොතේරුණ නිසා.
"Interior
decoration කියන්නේ කලාවක්. ඒක රස්සාවක්ම නෙවෙයි.
ඒක රස්සාවක් කරගත්තු අය නම් ඔයාව තෝරනොගත්තු එකමයි හොඳ" ඒ ගැන අයුමිගේ
යහලුවෙක් වුණ ආමන්ත කිව්වේ එහෙම.
ඒත් අයුමිගේ හිතේ තිබ්බේ නම් දුකක්.
ඈටත් ඕන වුණේ අක්කයි අම්මයි වගේම ගෙදර ආර්ථිකේ ගොඩනගාගන්න තමනුත් පොඩ්ඩකින් හරි
උදව්වක් වෙන්න.
අයුමිගේ අක්කා අනුකි නර්ස් කෙනෙක්
විදියටයි වැඩ කලේ අවිස්සාවේල්ල ඉස්පිරිතාලේ. අම්මා වැඩ කලේ නගරසභාවේ clerk කෙනෙක් විදියට. ඉතිං ඒ හන්දා තාමත් ඉස්කොලේ යන වයසේ පසුවුණ මල්ලිව
බලාගන්නත් එක්කම අම්මාගේ අම්මා උන්නේ අයුමිලගේ ගෙදර නැවතිලා.
ඇගේ තාත්තා හදිසියේම හෘදයාබාධයකින්
නැතිවෙලා තිබුණේ අවුරුදු දෙකකට විතර කලින්. එතකොට අක්කා යන්තම් නර්සින් ස්කූල්
එකෙන් අයින් වෙල training ගියා විතරයි. අන්තිමේදි ගෙදර බර සේරම අම්මා
පිට පැටවුණත් අම්මා කැමති වුණේ නෑ අයුමි ඉගෙනීම මගදි නතර කරලා රස්සාවක් කරනවට.
ඉතිං ඒ හන්දා අමාරුවෙන් තමන් හදාරපුගෘහාලංකරණ සහ සැලසුම් පාඨමාලාවනිම කරපු ඈ අද ලෑස්ති වෙමින් උන්නේ කොලඹ ආයතනයකට
ඉන්ටර්විව් එකකට යන්න.
"තාත්තටත් වැඳලම යන්න පුතේ" හැමදාම
වගේ අම්මට වැඳලා ඉවරවුණාම අම්මා කිව්වා අයුමිට.
ඈ පහනක් පත්තු කරලා තිබ්බ තාත්තගේ පිංතූරෙට
වඳිද්දි හිත බර වෙලා උගුර හීන්වට රිදුම් දෙන්න පටන් ගත්තා.
"තේරුවණ් සරණින් මේ පාර ඔය රස්සාව
හරියාවි දුවේ" අයුමි යන්න ලෑස්ති වෙලා ආත්තම්මට වඳිද්දි ඈ අයුමිගේ හිස අතගලා
මූණ ඉඹලා එහෙම කිව්වා.
තාමත් නිදිබර දෑසින් උන්නු මල්ලිගේ හිස
අතගාලා අයුමි මාමත් එක්ක පාරට එන්න ආවේ ඉර එලිය වැටීගෙන එද්දි. තාත්තා නැතිවුණ දා ඉඳලා අයුමිලගේ හැමදේකටම
හිටියේ ඇගේ මාමා. ඒ අම්මගේ ලොකු මල්ලි. ඔහුත් පවුලේ අය එක්ක පදිංචි වෙලා උන්නේ
අයුමිලාගේ අල්ලපු ගෙදරම හන්දා හැමවෙලේකම අයුමිලා ගැන හොයලා බලන්න ඔහු අමතක කලේ නෑ.
ඒ හන්දම අයුමිගේ හිතේ
මාමා ගැනත් තිබ්බේ තාත්තා ගැන වගේම
සෙනෙහසක්. තමන්ගේ ලඟින් ඇවිදගෙන ආපු මාමා
දිහා ඈ
යන්තම් බැලුවේ ඒ හැඟීමත් පෙරදැරිව. අයුමි වුණත්, ඇගේ
අක්කා හරි
මල්ලි හරි
වුණත්, කොහේ
හරි ඈත
ගමනක් හෙම
එක්ක යන්න
තියෙනවා නම්
අම්මා හැම
වෙලේකම උදව්
පැතුවේ මාමගේ. මාමා කොයි
වෙලේකවත් නැහැ
බැහැ නොකියා උදව් කලේ
ඔහුගේ හිතේ
තමන්ගේ අක්කා ගැන තිබ්බ සහෝදර කැක්කුම හන්දමයි කියලා අයුමි දන්නවා.
ඒ සිතුවිලි අස්සෙම ඇගේ
නෙත රැඳුනේ වෙල ඉස්මත්තෙන් පෙනුන අහස
දිහාවේ. ඒ පෙනුන රත්තරන් පාට වලාකුලු පිරුණ අහස දැකලා අයුමිගේ හිත සුබවාදී
හැඟීම් ගොන්නකින් පිරුණා. ඈට නිකමට හිතුණා මේ පාර නම් මේ රස්සාව හරියන්නත් පුලුවන්
කියලා.
ඉන්ටවිව් කරපු ඔෆිස් එක තිබ්බේ කොලඹ BMICH එක ලඟ අතුරු පාරක. ලොකු
තාප්පයකින් වට වෙලා තිබ්බ ආයතනයේ ගේට්ටුව ලඟ තාප්පේ සවි කරලා තිබුණේ ලස්සන රිදී
පාට බෝඩ් එකක්. ඒකේ දිලිසෙන අකුරින් සටහන් වෙලා තිබුණේ CélesteDecors කියලා. අයුමි දැනගෙන හිටියේ නෑ ඒකේ තේරුම. ඒත්
ඈ ඒක දිහා බලාගෙනම ඇරලා තිබුණ ගේට්ටුවෙන් ඇතුල් වුණේ මාමා තමන්ලා ආවේ ඉන්ටර්විව්
එකට කියලා එතන උන්නුආරක්ෂක නිලධාරියාට කියලා එද්දි.
"මම එලියෙන් වාඩි වෙලා ඉන්නම්. දුව
ඇතුලට යන්න" මම කිව්වේ ඔෆිස් එකේ දොරකඩ නවතින ගමන්.
අයුමිට අමතරව එතන ඉන්ටර්විව් එකට තව
ගොඩක් ඇවිත් හිටියා. ඉංග්‍රීසියෙන් කතා බහ කරමින්, කොට සායවල්, කෝට් වලින් සැරසිලා බෝනික්කියෝ වගේ
පෙනුන සමහර ගෑණු ළමයි දැක්කම අයුමිට දැනුනේ පොඩි හීනමානයක් වගේ එකක්. තම ඇඳගෙන
උන්නු ලා නිල් පාට බ්ලවුස් එකයි, අලු
පාට කලිසමයි එක්ක තමව ගොඩේ විදියට පේනවා ඇති කියලා හිතුණම ජොබ් එක ගැන තිබ්බ
බලාපොරොත්තු දිය වෙනවා වගෙයි ඈට දැනුනේ.
මිනිස්සු දිහා නොබලා ඔෆිස් එකේ වග තුග
බලන්න ඈ යොමු වුණේ ටිකක් හිත සන්සුන් කරගන්න. ඔෆිස් එකේ ඇතුලත මුලුමනින්ම වගේ නිම
කරලා තිබුණේ කලු, සුදු සහ අලු පාට සම්මිශ්‍රණයකින්. Reception එක පිටිපස්සේ තියලා තිබුණේ රවුම් පෝච්චියක ඉන්දපු, ලොකු මල් හැදෙන ඕකිඩ් විශේෂයක්. අයුමිලාට ඉඳගන්න තිබුණේ ආසන පවා සුදු, කලු, අලු පාට හතරැස් සෝෆා කට්ටල. තමන් උන්නේ පාට
නැති ලෝකෙක කියන දෘශ්‍ය මායාවෙන් මුදවන්නදෝ ඒ කාමරේ කොන් දෙකක කොල පාට සයිප්‍රස්
වගේ ගස් විශේෂයක් හිටවපු ලොකු පෝච්චි දෙකකුත් තියලා තිබුණා. ඊට අමතරව තැනින් තැන එල්ලලා තිබුණ සුදු, කලු පාටින් රාමු කරපු abstract කියන ගණයේ චිත්‍ර වල තිබ්බ, රතු, කහ, නිල් වර්ණත් ඒ පසුබිමේ කැපිලා පෙනුනා.
අයුමි හදාරපු විශයේ ඈ ආසම කරපු කොටසක් වුණේ මෙන්න මේ පාට ගැලපීම. නොගැලපීම තුල
මැවෙන සුන්දරත්වය ඈව අමන්දානන්දයට පත් කලා විතරක් නෙවෙයි, තව නිර්මාණශීලී වෙන්නත් ඈට ඉඩ හසර සලසලා දුන්නු වෙලාවල් තිබුණා
"අයුමි ප්‍රාර්ථනා ජයසේන" මේ පාට, හැඩතල මැද අතරමං වෙලා උන්නු අයුමි පියවි ලෝකෙට ආවේ reception එකේ උන්නු ගෑණු ළමයා ඇගේ නම කියනවා ඇහුණම.
"උඩට නැගලා දකුණට හැරෙන්න" ඈ
අයුමිට හීන් හිනාවක් පාලා කිව්වා.
දුඹුරු පාට ලී පඩිපෙල නැගලා ඈ, කියපු කාමරේ දිහාවට යද්දි හද ගැස්ම තිබුණේ
හොඳටෝම වැඩි වෙලා.
"Please
come in" ඇතුලෙන් කියන්වා ඇහුණම ඈ දොර
ඇරගෙන ඇතුල් වුණේ ඈ එතෙක් කාලෙකට දැකලා තිබ්බ සුන්දරම කාමරයක් ඇතුලට.
පොලවයි, බිත්තියි, සිවිලිමයි ඇරුණකොට ඒ කාමරේ තිබුණ අනෙක්
හැම දෙයක්ම නිර්මිත වෙලා තිබ්බේ දිලිසෙන සුදු පාටින්. ඒක ඔෆිස් එකේ conference room එක වග බැලු බැල්මට ඈට පෙනුනා. ඈ උන්නු පැත්තට
කෙලිම විරුද්ධ පැත්තේ පැහැදිලි වීදුරු දාපු උස ජනෙල් පේලියක්. ඒවා එවෙලේ තිබුණේ
සුදු පාටම ජනෙල් රෙදි වලින් ආවරණය කරලා. ඒ හැමදේටම හරියන්න වගේ මේසේ මැද තියලා
තිබුණේ සුදු කොටු පෝචියක හිටවපු දම්පාට මල් පිපෙන African Violet පැලයක්. අයුමිට හීල්ලුණා වගේ ඒ
සුන්දරත්වය දැකලා.
"Please
sit down" මේසේ එහාපැත්තේමැද වාඩිවෙලාඋන්නු
පිරිමි කෙනා එහෙම කියනක්ල්ම ඈ උන්නේ සිහින ලෝකෙක වගේ.
“So…Miss
Ayumi right?” අයුමි දෑස් උස්සලා තමන්ව අමතපු කෙනා
දිහා බැලුවේ එවෙලේ.
“Yes”
ප්‍රසන්න බැල්මකින් ඈ දිහා බලාගෙන
උන්නු ඔහු බැලූ බැල්මට පෙනුනේ ලොකු පෞර්ෂත්වයක් තියෙන, දැඩි කෙනෙක් වගේ. ඒ දෑස් වල පවා තිබ්බේ අහංකාර, දැඩි ගතියක් කියලා අයුමිට හිතුණා. තරමක් අවුල් වෙලා වගේ තිබුණ
හිසකේවත්, දැලි රැවුලවත් ඔහුගේ තිබුණ පෞර්ෂත්වය
බිංදුවකින් වත් අඩු කරන්න සමත් වෙලා තිබුණේ නෑ. වැලිමිට ලඟට අත් නවපු සුදු කපු කපු
කමිසේ බොත්තම් පියවලා නොතිබුණ හන්දා පපුවේ බාගයක් විතරම නිරාවරණය වෙලා තිබුණා. බැලු
බැල්මට මේ ආයතනයේ ලොක්කා ඔහු වගේ පෙනුනත් ඔහුගේ අතේ ඔරලෝසුවක්වත් තිබුණේ නැහැ. ඒත්
ඒ හැම දේකින්ම ගම්‍ය වුණේ ඔහු සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන කෙනෙක් වගේ කියලයි ඈට
දැනුනේ.
“Well, I
am KaashyapaSenanayake, MD of this
company and this is our Admin Executive, Miss Priyanthi. This gentleman here is
Saminda our Finance Manager…Can please tell us briefly about you?” ඔහු කියද්දි ඒ හඬ ගැඹුරු වුන හන්දදෝ, හඬ නෑහෙන ගතියක් තියෙනවා කියලා ඈට හිතුණා.
ඔය විදියටඇගේ පවුලේ විස්තර, ඉගෙනීම, අත්දැකීම් ගැන හෙම අහන්න ඒ තුන් දෙනා විනාඩි
දහයක් විතර ගන්න ඇති.
“So
finally Miss Ayumi, tell us what do you think about this room arrangement? අන්තිමට ඇගෙන් එහෙම ඇහුවේ MD.
ඈ ටිකක් විතර පුදුම නූනා නෙවෙයි.ඒ ගැන
කල්පනා කරන්නත්, කාමරේ දිහා ආයෙම බලන්නත් අයුමි තව විනාඩියක්
විතරම ගත්තා.
“um…well,
I can see that a theme is adopted in the entire office that of black, white and
grey. In that sense this room also really agrees with that theme. And white is
such a pure color, pleases the eye, fills you with positive feelings because of
its reflective ability that enhances the light I … think…”
“OK” MD හිස වැනුවා.
“But…” අයුමි කියද්දි MD දෑස් ටිකක් ලොකු
කරගත්තා.
“ I wish
if the African Violet was not here. For one thing is shows the brown earth in
it, that contradicts the theme and this
square matt vase totally flatten the gleaming
whiteness of the table”
“So… what do
you propose instead?” එහෙම ඇහුවේ සමින්ද කියන කෙනා.MD තාම උන්නේ ඇස් ලොකු කරගෙන සාවධානව අයුමි කියන එක අහගෙන.
“I would
put a round transparent vase with may be small Daisies with baby’s breath or
white and yellow roses. So that some green also adds to the color scheme” අයුමි කිව්වා.
“Oh…ok.
Good” MD හිනාවක් වත්, නොරිස්සුම් පෙනුමක් වත් නොපෙන්වා හිස වැනුවා.
කට්ටියම ඊට පස්සේ තප්පර කීපයක් නිහඬවම
හිස වනමින් සහ කල්පනා කරමින් වගේ උන්නා.
“So… that
is it then… Yes, Mr. Senanayake? Yes ok then. Thank you Miss Ayumi for coming
today. We are interviewing few others
too. Um…if you are selected we will let you know within next week” අන්තිමේදි එහෙම කිව්වේ ප්‍රියන්ති කියපු කෙනා.
අයුමි හැමෝටම අතට අත දීලා, ස්තුති කරලා,
එලියට එන්න ආවා. අතට අත දෙන වෙලේ නම් අයුමි දිහා
කෙලින්ම බලපු MD ඈට මදහිනාවක් පෑවා. ඔහුව හරියටම දැක්කේ එවෙලෙද
කියලා ඈට හිතුණේ, ඒ හැඟීම් විරහිත ඇස්, අපිලිවෙල හිසකේ, කෙට්ටුත් නැති, මහතත් නැති ශරීරේ, මේ සේරම එක්ක ඔහුව බොහොමත්ම කඩවසම් විදියට ඈට
පෙනුන හන්දා.
ගෙදර ඇවිල්ලත්, අක්කා ඇගෙන් ඉන්ටර්විව් එක ගැන අහපු වෙලේ ඈට කියන්න තිබ්බ විශේෂම දේ
වුණේ ඒක.
"මොනා නැතත් MD නම් හැන්ඩි අක්කේ" ඈ කිව්වේ
විහිලුවට.
"හැන්ඩි හරි, නොන්ඩි හරි කමක් නෑ ඔයාට රස්සාව දෙනවා
නම්" අක්කා කිව්වම අයුමි හිනා වෙලා සුසුමක් හෙලුවා.
"අනේ මංදා. එතන මට වඩා ගොඩක් පොෂ් කට්ටිය ඇවිල්ල
හිටියා. සමහරු බෝනික්කියෝ වගේ. ඒ අය මට වඩා සුදුසුකම් තියෙන අය වෙන්නත් ඇති. ඒ
නිසා මගේ එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ අක්කේ රස්සාව ගැන" ඈ කිව්වේ
උපේක්ෂාවෙන් වගේ.
"හ්ම්… ඒකත් එහෙමද? ඒකට කමක් නෑ. අඩු ගාණේ අත්දැකීම වත්
ඉතිරි වෙනවනේ. අනික ඔයාට තව කල් තියෙනවත් එක්කනේ" අක්කා කිව්වේ එච්චරයි.
යාලුවනේ... මට ඔයාලගෙන් පොඩි අදහසක් ඕනේ මම ලියන කතා ශෛලිය ගැන. ඒ කිව්වේ මේ සිංහල අස්සේ, ඉංග්‍රීසියෙන් ලියන එක ගැන. එහෙම ලියන එක කමක් නැද්ද, නැත්තම ඒ සේරමත් සිංහලෙන්ම ලියනවා නම් වඩා හොඳද?
ReplyDeleteසමහර නවකතා වල මම දැකලා තියෙනවා භාෂා දෙකකින් දෙබස් ලියවිලා තියෙනවා. ඒත් සිංහල කතා වල නම් එහෙම දැකලා නැති තරම්. ඒ නිසා ඔයාලාගේ අදහස් කිව්වොත් මටත් පුලුවනි ගැලපෙන විදියකට කතාවේ දෙබස් පෙලගස්වන්න.
ස්තුතියි..
විහංගි කතාව පළමු කොටසේ සිටම කියවන්න ලැබීම ගැන සතුටුයි. ඒත් ඉතින් ජීවිත කාලෙටම නවකතා 4 ක් 5 ක් විතර කියවලා තියෙන මං කොහොම මේවට අදහස් දෙන්නද කියා හිතෙනවා. ඇත්තටම මේ කතාව එක දිගට කියවාගෙන යාමට මට හැකි වුණා කෙටි කාල පරාසයක් තුල. ඒකියන්නෙ එහි ඇති සරළ බව කියාපාන්නක් යැයි මට සිතේ. ඒ වගේම ඉංග්‍රිසියෙන් කියන දේ ඉංග්‍රිසියෙන්ම ලියා තිබීමෙන් සිංහල පාඨකයාට (ඉංග්‍රිසි නොදන්න) තරම් ව්‍යාකූල යැයි මට සිතේ.එහෙත් කතා මාලාව මෙවන් පරිසරයක් ඔස්සේ විකාශනය වන්නේ නම් එසේ ලීවීමෙන්ද වරදක් නැතැයි සිතන්නේ අද කතාකරන භාෂාව තුල බොහෝ ලෙස ඉං/්‍රිසි භෘෂාව යෙදෙන බැවිනි.එමෙන්ම කතාකිරීමේදී ඒ වාක්‍ය අතර තුර ඉංග්‍රිසි වචන දමා කතාකලද එය කැඩිච්ච ඉංග්‍රියක් යැයිද කිව නොහැක.(මා නවකතා විචාරකයෙකු එහෙම නෙමේ) කෙසේ වෙතත් ලියලා තියෙන ඉංග්‍රිසි ටික ඇරෙන්න කතාව හරි ලස්සනට තියෙනවා
ReplyDeleteලස්සන කතාවක්. එහෙම භාෂාව මිශ්‍ර වෙලා තියන එක කතාවට විවිදත්වයක් එක කරනවා කියල මට හිතෙනවා.
ReplyDeleteඕන් මාත් අවා එල අක්කි ලස්සනයි එත් සිංහල මවු බාෂාව
ReplyDeleteමමනමි කියන්නේ සිංහලෙන්ම ලියන්න හොද කතාවක් එල පට්ට මරැ බුදු සරනයි...