කෝච්චියේ
නැගලා ඉස්සරෝම දවස් වල වගේ ගෙදර යද්දි, හිතට දැනෙමින් තිබුණේ මොකක්ක්දෝ සාංකාවක්. ඒක
නිකම් හරියට ගොදාක් කල් ඈත් වෙලා උන්නු දිහාවකට ආයෙම ගියාම දැනෙන පාලුව මුසු සාංකාව
වගේ එකක්.
ඒ එන ගමනෙදි
පහු වුණ හැම ස්ටේෂන් එකක් ගාණෙම, නිතර දැකලා හුරු පුරුදු හැම ගහක් කොලක් ගාණෙම මට භූපව
මතක් වුණා. හිතේ ඇතුලේ ගුලි ගැහිච්ච දුකක් විටින් විට හිත වේදනාවට පත් කරද්දි මම ඔහේ
ජනේලයෙන් එහා පැත්ත බලාගෙන උන්නේ, ,හමාගෙන ආපු හුලඟට ඇස් වල නිතර එතුණු කඳුලු පටලය
වියලන්න ඉඩ දෙන්නත් එක්කමයි.
"දෝණිට
බඩගිනිද, වඩේ අරන් දෙන්නද?" පොල්ගහවෙල ස්ටේෂන් එකේ කෝච්චිය නැවැත්තුවාම වඩේ වෙලෙන්දෙක්
නැග්ග වෙලේ තාත්තා එහෙම ඇහුවා, හරියට මම පොඩි දවස් වල වගේම.
"හා"
මම එහෙම කිව්වේ තාත්තා ගැන හිතේ උපන්න සෙනෙහස
නිසා. අනික මම දැනගෙන උන්නා තාත්තා එන්න ඇත්තෙත් දවල්ට හරි හැටි කෑමක් නොගෙන
වග. අනික තාත්තා කැමපස් එකට එද්දි වෙලාව තුනයි
කාල විතර වුණ නිසා, තේ එකක් අරන් දෙන්නවත් වෙලාවක් තිබුණේ නැහැ.
"මෙන්න"
තාත්තා මොහොතකින් මගේ අතට වඩේ බෑග් එකක් දුන්නා.
"තාත්තත්
කන්නකෝ. දවල්ටත් කන්න නැතිව ඇති නේ නේද?"
"මම
එන ගමන් ඒවා මේවා කකා ආවේ. අද උදේට කෑවෙත් දහයට විතර. ඒ නිසා බඩගින්නක් නෑ" තාත්තා
කිව්වා.
තාත්තට
මදහිනාවක් පාලා මම වඩේ එකක් අතට අරගෙන ආයෙම කල්පනාවට වැටුණා. ඒ පාර මගේ හිතට අනවසරෙන්ම
ආවේ අනුක්.
"ගෙදර
ගිය ගමන් කෝල් එකක් දෙන්න හොඳේ. මම බලාගෙන ඉන්නවා"
කෑම කාලා
අහවර යන්න ලෑස්ති වුණ අනුක් මට කිව්වේ එහෙම.
"හා.
ඔයත් බෙහෙතක් ගන්න ඕන හරිද? දැන් කෙලින්ම ගෙදර යන්න. හවසට ගිහින් බෙහෙතක් ගන්න"
මම ඔහුට කිව්වා.
"හොඳමයි
ලමාතැනී" අනුක් ඒ පාර ඒක විහිලුවකට අරන් උන්නේ.
"මේ
විහිලු නෙවෙයි, මම කතා කරලා අහන්නම්කෝ උත්පලා අක්කාගෙන්"
අනුක් මා
දිහා බලලා දඟකාර විදියට හිණාවුණා විතරයි.
"මම
යන්නම් එහෙනම්, ලෙක්චර් එකට පරක්කු වෙනවා"
"හා..."
ඔහු එහෙම කිව්වත් ඒ වචන වල අවසරයක් තිබුණේ නෑ. මම ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"ඔයා
නැතුව ගෙදර මාර පාලු වෙයි...ඉක්මණට එනවා නේද?" අනුක් ඒ පාර ඇහුවේ හෙමින්.
"හ්ම්"
මම හිස වැනුවේ මුකුත් කියන්න බැරි විදියට හිත ගොලු වුණ හන්දා.
"පරෙස්සමින්
යන්න එහෙනම්" අනුක් කිව්වේ මගේ හිස අතගාලා.
ඒ මොහොත
සිහි වෙද්දි හිතේ පුංචි දුකක් හටගත්තා අනුක් වෙනුවෙන්. මට තේරුණේ නෑ ඇත්තටම මේ හැඟීම්
වලට, අපි අතරේ තියෙන මේ හිතවත්කමට දෙන නම මොකක්ද කියලා.
***
මම ගෙදර
ආපු ගමන් කලේ අම්මා එක්ක සෙනුරි අක්කා බලන්න එයාලගේ ගෙදර දුවපු එක. මම යද්දි අක්කා
සාලේ පුටුවක වාඩිවෙලා උන්නා. ඒ ලඟම උන්නේ එයාගේ අම්මා.
"හානේ...මම
ඒත් බැලුවා කවුද මේ එන්නේ කියලා මේ හවස. අපේ චූටි නගා නෙ මේ. එන්න එන්න" සෙනුරි
අක්කා කිව්වේ අමාරුවෙන් නැගිටින ගමන්, හිනා
කටකුත් එක්ක.
"ඔයාව
බලලා යන්නමයි ආවෙ" මම කිව්වේ ඈ ලඟට ගිහින් අත් දෙකෙන් අල්ලගෙන.
"අනේ
කොච්චර දෙයක්ද නේද අම්මේ? මම ඒත් හිතුවා නුවර ගිහින් අපිව අමතක වෙලා කියලා"
"පිස්සුද
අක්කේ, කවදාවත් කිසි දෙයක් අමතක වෙන්නේ නෑ" මම කිව්වේ හිතේ දුකක් එතෙද්දිමයි.
මේ ගමේ
හැම අඟලක් අඟලක් ගාණෙම මගෙයි භූපගෙයි සිහිවටන තිබුණා. ඒ හැම දෙයක්ම ගැනත් හිතලා වෙන්න
ඇති මට එහෙම කියවෙන්න ඇත්තේ. අක්කා මා දිහා අමුතු විදියට බලද්දි මම ආයෙම හිනාවක් මවාගත්තා.
"ඉතිං
ඉතිං ඔයාට කවද්ද ඉස්පිරිතාලේ නතර වෙන්න තියෙන්නේ?" මම ඇහුවා.
"හෙට
යන්න ඉන්නේ නංන්ගි. දින දීලා තියෙන්නේ හෙට නේ"
"ආනේ...
එහෙනම් හොඳ වෙලාවට මම ආවේ. හෙටම බබා හම්බවුණා නම් හරි ෂෝක්. නැන්දට චූටියව බලලම යන්න
තිබ්බා"
මම එහෙම
කිව්වම අක්කට හිනා. අපි එහේ හවස හත විතර වෙනකල් ඉඳලා ආපහු ගෙදර එන්න ආවේ, සෙනුරි අක්කගේ
අම්මා උයලා තිබුණ අඹ මාලුවකුත් අරගෙන.
"ලොකු
අයියා එන්න රෑ වෙන්නේ මොකෝ අම්මේ?" මම එන ගමන් ඇහුවේ අපි එනකලුත් අයියා නාව නිසා.
"එයා
මේ දවස් ටිකේම ටිකක් වැඩිපුර වැඩ කරනවලු ලබන සතියේ නිවාඩු හෙම ගන්න වෙයි කියලා"
"ආ
එහෙමද? එතකොට පොඩි අයියා? එයා ගෙදර එනවද?"
"ඔව්,
හෙටත් ඒවි මහිතේ. කොහොමත් මාසෙකට දෙපාරක් විතරම නම් එනවාමයි. එයා නුවර ආවේ නැද්ද?"
අම්මා ඇහුවා.
"ම්ම්...එක
පාරක් ඇවිත් ගියා, අනුක්ලගේ අප්පච්චිත් ඉඳපු දාක"
"අනුක්
කිව්වේ?"
"අනේ
අම්මේ ගෝතමී අක්කගේ මල්ලිනේ" මට අමතක වුණා අම්මට ඒ තරම් අනුක් නිච්චි නැති වග.
"ආ..මේ
ඒ ළමයද? කාටද ඔය නම් මතක. ඒ ළමයද තාම ඔයා එක්ක කැම්පස් යන්නේ?"
"හ්ම්."
"එතකොට
චේතිය ළමයා?"
"එයා
ඉන්න දාට ගිහින් දානවා" මම කිව්වේ ඕනවට එපාවට.
"ඒක
නෙවෙයි දෝණි..." අම්මා එහෙම කියලා අහන්න යන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි කියලා මගේ
හිත කිව්වා.
"ම්ම්"
"දැන්...ඔයා
චේතිය ලමයට වචනයක් දීලද ඉන්නේ?" අම්මා ඇහුවම මම මොහොතකට ගොලු වුණා.
"ඇයි
අම්මා එහෙම අහන්නේ?"
"අහන්නේ
ඉතිං දැනගන්න නෙව. දැන් ඔයා සෑහෙන කලක් ඒ ළමයගේ නෑ ගෙදරක ඉන්නවා. ඒ ළමයා ඔයා ගැන හිතාගෙන
එහේ යනවා එනවා, අපේ ගෙදර එනවා. ඉතිං මේ දේවල් කරන එකේ තේරුමක් මොකක් හරි තියෙන්නත්
ඕන නෙවද?" අම්මා කිව්වාම මම මුනිවත රැක්කා.
"ඔන්න
ගිය සතියේ දවසකත් ඒ ළමයා මෙහේ ආවා. ඇවිත් කිව්වා ගෙදරින් එක්ක එක්ක දවසක් කියන්න කියලා,
මේ කාරණාව තීන්දුවක් කරගන්න" අම්මා එහෙම කිව්වම මම ගැස්සුනා.
"ඈ?
ඉතිං අම්මා මට නිකං වත් කිව්වේ නෑනෙ. චේතිය එහෙම කිව්වම අම්මලා මොකද කිව්වේ?"
මම ඇහුවේ ගැහෙන හිතිං.
"තාත්තා
කිව්වා ඔයාගෙනුත් අහලා බලලා කියන්න ඕන කියලා. චේතිය ළමයා ගියේ නම් එච්චර හිත හොඳකින්
නෙවෙයි ඒ නිසා"
අම්මා එහෙම
කිව්වම මට සැනසුම් සුසුමක් හෙලුණා.
"අපි
මේක මොනා හරි පිලිවෙලක් කරන්න ඕන දෝණි. පොඩි අයියා කියනවා ඔයා බඳිනකල් එයා බඳින්නේ
නෑලු" මගේ හිත ආයෙම ගැස්සුනා.
"මොකක්?
එයාට පිස්සුද මන්දා. බඳින්න තාම මම හිතලාවත් නෑ. අනික කාටවත් තියෙන හදිසියට මට බඳින්න
බෑනෙ"
"එහෙම
කියන්න එපා පුතේ. අයියා කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසා"
"අනේ
විකාර. මට නම් දැන්ම බඳින්න බෑ ඔන්න" මම කියලා දැම්මා.
"එහෙම
කියලා හරියන එකක් නෑ. චේතිය ළමයගේ අම්මලා ටිකක් බල කරන්වලු මේක කරන්නය කියලා"
"අනේ
අම්මා...මේක මොන වදයක්ද? කැම්පස් ඉඳලා ගෙදර ආවමත් මේ වදේ නෙ. ඇයි මට මෙහෙම ඉන්න දෙන්න
බැරි?"
"එහෙම
කියලා පුලුවනෑ. ඔහොම කවදා වෙනකල් ඉන්නද? අනික දැන් හැමදේම හරි ගිහින් තියෙන වෙලේ තවත්
පස්ස ගහන්නේ මොකටද?"
"අනේ
මට බෑ අම්මා. මට...චේතියව බඳින්න බෑ"
"මොනවා?"
ඒ පාර ගැස්සුනේ අම්මා. අම්මා උන්නු තැනම නැවතිලා මා දිහා බලාගෙන උන්නේ ඇස් ලොකු කරගෙන.
"ඔය
ළමයගේ මොලේ හොඳ නැද්ද? මොනාද මේ කියන්නේ?"
"මං
කියන්නේ ඇත්ත"
"අනේ
පුතේ මේ, රට්ටු හිනස්සන වැඩ ආයෙම කරන්න ලැස්ති වෙන්න එපා. අනික ඔයා හොඳටම දන්නවනේ චේතිය
ඔයා ගැන හිතාගෙන ඉන්න වග. මේ හැම උදව්වක්ම එයා කරන්නේ නිකං කියලද ඔයා හිතන්නේ? දුලාරා...පිං
සිද්ධවෙයි ඔය මනස්ගාත දැන්වත් හිතිං අතාරින්න. තාම හිත හදාගෙන නැත්තම්, අද ඉඳන්වත්
ඒක කරන්න උත්සාහ කරන්න. මටයි තාත්තාටයි වහ කන්න වෙන විදියේ වැඩක් නම් කරන්න ලෑස්ති
වෙන්න එපා ඔන්න"
අම්මා එහෙම
කියාගෙන මට ඉස්සර වුණේ අපි ගේ ලඟටම ඇවිල්ලා උන්නු නිසා.
“අම්මා”
මම අම්මා පස්සෙන් දුවගෙන මිදුලට එද්දි මගේ හිත ආයෙම කඩා වැටුණේ මිදුලේ තිබ්බ වාහනේ
දැකලා.'චේතිය ගෙදර ඇවිත්'
මම යද්දි
චේතිය උන්නේ තාත්තා එක්ක සාලේ වාඩි වෙලා.
"ආ..ඕන්න
ආවා" තාත්තා අපිව දැක්ක ගමන් කිව්වේ හිනාවෙලා.
මම චේතිය
දිහා යන්තමට බලලා අහක බලාගත්තා.
"පුතා
දැන්ද ආවේ?" අම්මා ඇහුවේ හිනා කටක් පුරෝගෙන.
"ඔව්
අම්මා. මේ දැන් ආවා විතරයි. කොහෙද මෙයා මට නිකංවත් කිව්වේ නෑනෙ ගෙදර එන වගක්. මම මගට
යද්දි නිකමට නුවර ගෙදරට කෝල් එකක දුන්නාම ගෝතමී කිව්වේ. ඒ පාර මම ආයේම් එන්න ආවා"
චේතිය කිව්වා.
"හදිසියේ
එන්න හිතුවේ" මම හෙමින් කිව්වේ අම්මා මා දිහා බැලුවාම.
"අනික
ඉතිං ගෙදර එන්න දවස් ගණන් හිත හිත ඉන්නෑත් නෑ නෙව. එහෙම හිතන්නත් ඕන නෑනෙ. ගෙදර එන්න
හිතුණද එන්න ඕන. ආයේ ඕක නොකිව්වයැ කියල මහ දෙයක් වෙන්නේ නෑනෙ. හා එහෙනම් දෙන්නා එක්ක
කතා කර කර ඉන්නකෝ. මම කන්තෝරුව වහලා එන්නම්" තාත්තා ඇඟට පතට නොදැනී එහෙම කියලා
යන්න නැගිට්ටාම මට හිනාවක් නැගුණෙ ඉබේටම.
"මම
පුතට බොන්න දෙයක් හදාගෙන එන්නම්" අපිව සාලේ තනි කරලා අම්මත් කුස්සියට යන්න ගියා.
ඒ පාර නම්
මට දැනුනේ මහ අපහසුතාවයක්.
"මොකක්ද
මේකේ තේරුම දුලාරා?" චේතියගේ හඬේ තිබුණේ අමනාපයක්.
"මොකක්ද?"
මම ඇහුවේ ඕනවට එපාවට.
"ඔයාට
මම මෙච්චර කියලත් තේරෙන්නේ නැත්තේ ඇයි? ඇයි මට නොකියා ආවේ?"
"හරි
වැඩක්නේ. මගේ ගෙදර එන්නත් මම ඔයාගෙන් අවසර ගන්න ඕනද?" මම හිතේ ආවේගෙට එහෙම ඇහුවා.
චේතිය උන්නු
තැනින් නැගිට්තේ ඒ වචන සැර වැඩි නිසාද මන්දා.
"මොකක්ද
කිව්වේ?" චේතිය මගේ ලඟට ආවේ එහෙම අහගෙන. ඒත් මම බය වුණේ නැහැ.
"කිව්ව
එක ඇහෙන්න ඇතිනේ"
"තමුසෙගේ
කට හොඳටම වැඩියි දුලාරා. තමුසේ දන්නවද මම අද මේ ආපහු ආවේ කෑගල්ලත් පහු කරගෙන නුවර පැත්තට
ගිහින් හරවගෙන. ඒ තමුසේ නිසා"
"මම
එන්න කිව්වේ නෑනෙ"
"එන්න
කියන නොකියන එක නෙවෙයි, ඇයි නිකමට හරි මට කෝල් එකක් දීලා නොකිව්වේ ගෙදර එන වග"
"මට
වෙලාවක් තිබ්බේ නෑ"
"අනේ
මේ බොරු නොකියා ඉන්නවා. එතකොට තාත්තව ගෙන්නගන්න ප්ලෑන් කරන්න වෙලා තිබ්බා? මේ මට කියන්න
තමා වෙලාවක් තිබ්බේ නැත්තේ"
චේතිය එහෙම
ඇහුවාම මම උත්තරයක් දුන්නේ නෑ. දෙන්න උත්තරයක් තිබ්බෙත් නෑ.
"තමුසේ
ආවේ ආයෙම අරූ හම්බෙන්න නේද?" ඒ පාර චේතිය ඇහුවා.
"මට
කාවවත් හම්බෙන්න ඕන නෑ"
චේතිය ලොකු
සුසුමක් හෙලුවා. ඔහුගේ හිත ඇතුලේ දැවෙන කෝපය කොච්චරද කියන මට දැනුනා.
"මේක
හරියන්නේ නෑ. තමුසේ මෙහෙම ඉඳලා කවදාවත් මම කියන දේ අහන්නේ නෑ. මට තමුසේ කැමති වුණත්
එකයි, නැතත් එකයි, ඒත් හෙට අනිද්දටම මම තමුසෙව බඳිනවා. ඊට පස්සේ බලමු ඔය නැටුම් නටන්නේ
කොහොමද කියලා" චේතිය කිව්වා අන්තිමට.
මම එතනින්
එන්න ආවා ඉස්සරහට. එතකොට තාත්තා කාමරේ වහලා සාලෙට ගොඩ වුණා විතරයි. ඒත් එක්කම වගේ ගේ
ඉස්සරහට වැදුණේ torch එලියක්.
"කවුද
මේ වෙලාවේ?" මායි තාත්තයි දෙන්නම ඒ දිහා බැලුවේ කුතුහලෙන්.
අනේ යාලුවනේ...සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්න වුණේ. මාර්තු මාසේ මහ එපා කරපු වැඩ වැඩි මාසයක් වුණා ඒකයි. ඒ එක්කම ලියන්න වෙලාවක් වත් මූඩ් එකක් වත් තිබ්බෙත් නෑ. ඉතිං ඔන්න 56 දැම්මා.
ReplyDeleteවැරදි ඇතොත් සමාවෙන්න. දැන් ඉක්මනට දාන්න බලන්නම්...
your capability of keeping the suspense and the coherence of the story is top notch..
ReplyDeleteඊ ළග කොටස දාන්න ගොඩක් දවස් ගන්න එපා නෙතු
ReplyDeleteanuk + dulara :) :) bt bhupa?? :(
ReplyDeleteakke ikmanta ilaga eka dando.......
ReplyDeleteliyanna akko... elanga epi 1!!
ReplyDeletehi nethu.... happy new year. try to write even two episodes for a month.
ReplyDeleteනෙතු ඔයාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද‍් දක් වේවා
ReplyDelete