වැස්සකට අර
අඳින අහස අලු පැහැ වලාතීරයකින් වැහිලා ගිහිල්ලා තිබුණා. ඒ හින්දා මද්දහනේ වුණත්
හාත්පස පැතිරිලා තිබුණේ සීතල අඳුරු බවක්. ඒත් ඒ සීතල නිසාවත්, හිස් උදුනේ ගින්නක් දල්වලා වගේ දැනෙමින්
තිබුණ අවිනිෂ්චිත හැඟීම දුරු කරන්න පුලුවන් වුණේ නෑ. පාසලේ ගේට්ටුව අසලට ලං වෙද්දී
නම් උගුර ඇතුලේ කිතිකැවිල්ලක් වගේම,
බඩ කැලතෙන
ගතියකුත් මට දැනෙන්න ගත්තා.
"ඔයා
දුවලා යන්න මම එන්නම්" මා අසලින්ම වාගේ හති දමාගෙන හැල්මේ ඇවිදගෙන ආපු අම්මා
මට කිව්වා. ඒ අවසරයෙන් මම පය ඉක්මන් කරලා ගේට්ටුවෙන් රිංගලා පාසල අස්සට දිව්වා.
පාසලේ
විදුහල්පතිනියගේ කාමරය අසල තිබුණ දැන්වීම් පුවරුවේ ඉඳලා මීටර් දහයක පමණ අරයක්
පිරිලිලා ගිහිල්ලා තිබුණේ එකම හිස් ගොඩකින්. ඒ මිනිස් පොදියේ නො ඉවසිලිමත් කතා බහ
මට ඈතට ඇහුණේ බඹර ගුමු ගුමුවක් වගේ.
"කොහොමද
රිසල්ස්?" මිනිස් ගැටයෙන් මිදිලා
ඉවතට ආපු මගේ යෙහෙලියන දෙදෙනෙකු කතා වෙනවා ඇහුණත්, එතන නවතින්න
පමා නොවී මමත් ගිහින් සෙනග අතරට රිංගා ගත්තා. ඒත් දැන්වීම් පුවරුවට ලං වන්නට මට
තවත් විනාඩි දහයක් විතර යන්න ඇති.
"බී, බී, බාලරත්න, බාලපටබැඳි....බාලසූරිය..." මාගේ නම
තිබූ තැන ඉදිරියෙන් තිබුණ අකුරු පෙල දැකලා මොහොතකට මහිත නැවතුණා. ඒ එක්කාම සේරම එක
පාරම නැවතුණා වගෙයි මට දැනුනේ.
"අම්මා...."
ඊලඟ ක්ෂණයේ මම අම්මව හොයාගෙන දිව්වේ හුස්මක් වත් ගන්න පමා නොවී.
"මොකෝ...මොකෝ
බැලුවද? මොකද?" අම්මා හති හලමින්ම මදෙසට දුවගෙන එන ගමන්
ඇහුවා.
"පාස්....මං
පාස්. ඒ තුනයි අම්මා..." මම උඩ පනිමින් කෑ ගැහුවා.
"මගේ
රත්තරං කෙල්ලට තුනුරුවන්ගේ සරණයි" ඇසිල්ලකින් කඳුලු පිට පැන්න දෑස් පිහිදන
ගමන් අම්මා මගේ හිස අතගෑවා. එවෙලේ නම් මගේ දෑස් වලත් කඳුලු පිරුණා. "තාත්තගේ
දැන් ඉහේ මලක් පිපේවි"
අම්මා මහිස
අතගාන අතරේ මම දැක්කා විදුහල්පතිනියගේ කාමරේ පැත්තෙන් මතු වුණු අඳුනන මූණු දෙකක්.ඒ
එක්කම මට මතක් වුණේ කේතකී...ඒ මගේ හොඳම මිතුරිය.
"අම්මේ
අන්න කේතකීගේ අම්මලත් ඇවිත්. කේතකී කොහේ ගිහින්ද මන්දා...මම එයාවත් බලලා එන්නම්.
අම්මා අර නැන්දලා එක්ක ඉන්නවද?"
අපිව දැකලා මේ
පැත්තට එමින් උන්නු කේතකීගේ අම්මයි,
අයියයි
පෙන්නලා එහෙම කියලා මම ආපහු දිව්වේ කේතකීව හොයන්න.
මම ආපහු
දැන්වීම් පුවරුව අසලට යද්දි,
ඒ පැත්තේ ඉඳන්
ආපු කේතකීව මගේ නෙත ගැටුනා.
"කේතකී..."
මම ඈ අසලට දිව්වා.
ඒත් මම
බලාපොරුත්තු නොවුණ විදියට ඒ මූණ තිබුණේ මැලවිලා.
"ඇයි?" මගේ හිත මොකක්දෝ බයකින් වගේ වෙලිලා යද්දි මම
හෙමින් ඇහුවා.
"බී
දෙකයි, සී එකයි. ඉකොන්
සී" කේතකී කිව්වේ බිම බලාගෙන.
"අයියෝ...එහෙමද?" මගේ හිත දුකින් බර වුණා
"සමහරවිට
කැම්පස් යන්න බැරි වේවි" කේතකී කිව්වෙත් ගොඩක් දුකෙන් වගේ.
මොහොතකට
කලින් බැලුමක් වගේ පිම්බිලා තිබ්බ සතුට
හුලං ගියාක් වගේ අතුරුදන්වෙලා ගියේ ඉබේටම.කේතකීලා අපේ ගමට ආදා ඉඳලම, ඒ කියන්නේ හෝඩියටත් එන්න කලින් ඉඳලයි අපි
දෙන්නා යාලුවෝ වුණේ. ඒ කාලේ ඉඳලම හෑදේම වගේ එකට කරපු අපි දෙන්නා, ඒ ලෙවල් කරන්න කලා තෝරගත්තෙත් එකටමයි. ඒක්තු
වෙලා රෑ නිදි මරාගෙන පාඩම් කරමින්,
සරසවියට යන්න
අපි දෙන්නම දැකපු හීනේ,
ඇත්ත වෙන්නෑ
කියලා හිතන්න පවා මට බැරි වුණා. කේතකීට මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි හන්දා
මම කලේ ඇගේ අතක් හයියෙන්ම මිරිකගත්තු එක.
"මොනා කරන්නද
දුලා.මොකකට හරි යන්න බැරි වෙන එකක් නැති වෙයි සමහරවිට. හිතන්න එපා. ඔයා හොඳින්
පාස් නේ. ඒ නිසා මට සතුටුයි" ඈ හිනැහෙන්නට උත්සාහ දරමින්
"මොනා
කරන්නද දුලා.මොකකට හරි යන්න බැරි වෙන එකක් නැති වෙයි සමහරවිට. හිතන්න එපා. ඔයා
හොඳින් පාස් නේ. ඒ නිසා මට සතුටුයි" ඈ හිනැහෙන්නට උත්සාහ දරමින් කිව්වා.
"මට
දුකයි කේතකී ඒත්"
"දුක්
වෙන්න එපා. කරන්න දෙයක් නෑනෙ දැන්. එන්න අම්මලා අරහේ බලාගෙන ඇති. හිතන්නකෝ, නිෂාරා වගේ සේරම ෆේල්
වුණේ නෑනෙ මං" කේතකී කිව්වේ මාව සනසන්න වගේ.
අනික් හෑම දේකටමත්
වැඩිය කේතකීගේ මම ප්‍රිය කරපු ගුණාංගය වුණේ අන්න ඒ නොසැලෙන බව. කේතකී මම වගේ ඉක්මණට
කඩා වැටෙන කෙනෙක් වුණේ නෑ කවදාවත්ම. ඒ නිසා වෙන්නත් ඇති මට හොඳ මිතුරියක් වෙන්න
ඈට පුලුවන් වුණේ.
අපි දෙන්නා
හෙමිහිට ගේට්ටුව අසලට යද්දි,
අපේ අම්මා
කේතකීගේ අම්මයි, අයියයි එක්ක කතා බහ
කරමින් ඉන්නව මම දැක්කා.
"ආ...මේ එන්නේ කෙල්ලෝ
දෙන්නා. මොකෝ පුතේ ඔයාගේ රිසල්ස්?"
අප දැක්ක
අම්මා කේතකීගෙන් ඇහුවා.
"බී දෙකයි, සී එකයි" කේතකී කිව්වේ සුසුමක් හෙලලා.
"ඈං...සී මොනාටද?" කේතකීගේ අයියා එහෙම ඇහුවේ පුදුමෙන් වගේ.
"ඉකොන්"
"ම්ම්...ඒකත් එහේමද? ඉකොන් නොකර පුලුවන් දෙයක් කරන්න කියලා මම
කිව්වනේ කලින්ම ඔයාට. ඔයාට තිබ්බේ නැටුම් කරන්න" කේතකීගේ අයියා එහෙම කියද්දි, ඈ බිම බලාගෙනම උන්නා මුකුත් නොකියා.
"ඔන්න පටන් ගත්තා. පුතා
නිකං ඉන්න, කෙල්ලට තව වද නොදී.
හිතන්න එපා පුතේ දැන්. ඔයා කොහොමහරි පාස් වුණ එකනේ ලොකුම දේ. බී දෙකක්
තියෙනවනේ"
"ඒක නේන්නම්" සේරම
බලා උන්නු අපේ අම්මත් කිව්වා.
"ඔව්, ඒ මදෑ නේද?"
"භූප..." අම්මා
සැර වද්දී කේතකීගේ අයියා නිහඬ වුණා.
"දුලාට පුලුවන් වෙයි අත
උඩින්ම කැම්පස් යන්න" සේරම අමතක කරන්න හිත හදාගෙන වගේ, කේතකී මා දිහා බලලා කිව්වේ හිනාවක් පාලා.
ඒත් මගේ හිත
තාමත් තිබුණේ ඈ වෙනුවෙන් උපන් දුකෙන් බර වෙලා. අයියලා දෙන්නෙක්ම විතරක් උන්නු මට, යාලුවෙක්ට, සොහොයුරියක්ට
ලඟින්ම හැමදාම උන්නේ කේතකී. හැම දේකදිම එකට උන්නු අපිට මේ කඩඉම එකට පැන ගන්න බැරි
වුණ එක මට ලොකු දුකක් වුණා.
"කන්ග්රැ ජුලේෂන්ස්
දුලාරා" කේතකීගේ අයියා භූප,
මට සුරත දික්
කරමින් කිව්වා.
"තෑන්ක් යූ අයියා"
"ඔන්න ඔන්න...ඔයාලට
කියලා වැඩක් නෑ කියන්නේ ඕක නේ. අනේ ප්ලීස් මට අයියා කෑලි දාන්න එපා. භූප කියලා කතා
කරන්න. මම හැමදාම කියනවනේ"
ඔහු එහෙම
කිව්වාම මට සිනා නැගුණා. ඔහු එහෙම හැමදාම කියන එක ඇත්ත වුණත්, කේතකී අයියා කියද්දී මට ඔහුට ඔහුගේ නම කියලා
කතා කරන්න මහ මොකක්දෝ වගේ දැනුනා.කේතකීගේ අම්මා සුසුමක් හෙලලා ඉවත බලා ගත්තේ'කෝලං'කියාගෙන.
"මෙයා කැම්පස් ගියාට
පස්සේ වයර් මාරු වෙලා හොඳටම,
තිබ්බටත්
වැඩිය. ගණං ගන්න එපා නැන්දේ" කේතකී අපේ අම්මාට කීව්වා.
"මේ...පුතා ඉන්නෙත් ආට්
ෆැකල්ටි නේද?" ඒ පාර අපේ අම්මා
භූපගෙන් ඇහුවා.
"ඔව් නැන්දේ.
පේරාදෙනියේ ෆයින් ආට්ස්" ඔහු පිලිතුරු දුන්නා."දැන් උඩිම පාස් හන්දා
නැද්ද අදහසක් ඒ පැත්තේ එන්න?" ඊට පස්සේ ඔහු මා දිහාට හැරිලා ඇහුවා.
මම පාස් වෙලා
කියලා, මට විශ්ව විද්‍යාලේ
යන්න පුලුවන් කියලා, හරියටම හිතට වැටුනේ
ඔහු එහෙම අහපු වෙලාවෙයි. කේතකී ගැන දුකක් තිබුණත්, මගේ හීනේ හැබෑ
වෙන්න යන එක ගැන සතුටු නොවී ඉන්න මට පුලුවන් වුණේ නෑ.
"අනේ මන්දා...හිතාගන්න
බෑ. හම්බෙන එකටනේ කොහොමත් යන්න වෙන්නේ" මම උරහිස් හකුලලා එහෙම කිව්වා.
"එහෙමම නෑ. ඔයා මුලින්
ඒක ඉල්ලුවොත්, ගොඩ වෙලාවට ඒකම
හම්බවෙයි ඒ තුනක් තියෙන හන්දා" භූප
කිව්වා.
"පේරාදෙණිය තමා
ලස්සනම" අපේ අම්මා කීවෙත් එහෙම.
බස් එකේ යන එන
ගමනකදි දැකලා තිබුණ පේරාදෙණිය සරසවියට යන්නට මම හීන නොදැක්කා නෙවෙයි. ඒත් ඒක
හරියටම ලැබේවිද කියලා මම දැණගෙන උන්නේ නෑ.
"බලමුකෝ...තව කොච්චර
කල් යයිද අපිව ගන්න" මම ඊට පස්සේ එහෙම කිව්වා.
"අනිවා ඔයාට
හම්බවෙයි" භූප එහෙම කියද්දි මම හිනාවුණා.
"එහනම් අපි යමුද ශ්‍රීමා? දැන් දොලහේ කෝච්චියත් ඒවි මහිතේ"
කේතකීගේ අම්මා එහෙම ඇහුවේ අපේ අම්මාගෙන්.
"ඔව් අපි එහෙනම් යමු
නේද? ඔයාලා දෙන්නා දැන්ම
එන්නේ නෑනෙ. දැන් කලබල වැඩියි නේ මැඩම්ලට කතා කරන්නත්. අපි උත්සවේ දවසෙම කතා
කරනවා" අපේ අම්මා එහෙම කිව්වා.
"හා අම්මා. අපි දෙකේ
කොච්චියේ එනවා" මම කිව්වා.
"අපි එහෙනම් යනෝ...ඉඳලා, සතුට සමරලා හෙම එන්නකෝ ඈ..." භූප
කිව්වේ අපි දෙන්නට අතක් වනන ගමන්.
මේ ලෝකේ පිලිවලක්
නැති, කොණ්ඩේ
තරමටම රැවුලකුත්
වවාගෙන, බමුණෙක් වගේ උන්නු භූප
දැකලා මට නම් අනේ අපොයි කියලයි හිතුණේ. කැම්පස් යන්න කලින් ඔහු පිලිවෙලකට උන්නු වග
නම් මට මතක තිබුණා.
කේතකී වගේම, භූපවත් අපි දැන අඳුනගෙන උන්නේ පොඩි කාලේ
ඉඳලමයි. භූපයි, මගේ පොඩි අයියයි ඉගෙන
ගත්තේ ගමේ ඉස්කෝලෙදි එකම පංතියේ. දෙන්නම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොලඹ ඉස්කෝල දෙකකට
ගියත්, ඒ යාලුකම නතර වුණේ නෑ.
ඒකට අපි එකම ගමේ වුණ එකත් හේතු වෙන්න ඇති. පිස්සු කියෙව්වට භූප හරි වෙනස් චරිතයක්
වග,මම දැනගෙන හිටියා. භූප
අපේ පොඩි අයියා වගේ සැර චරිතයක් වුණේ නෑ. එයා මොනා කිව්වත් කේතකීට ගොඩක් සෙනෙහසින්
සලකන වගත් මම දැනගෙන හිටියා. ඒ දෙන්නා උන්නේ යාලුවෝ වගේ. ඒත් මගේ අයියලා එක්ක එහෙම
ඉන්න මට පුලුවන් වුණේ නෑ. මිරිස් කරලක් වගේ සැර පොඩි අයියා එක්ක මොන යාලු කම්ද?
"හේයි...දුලාරා...
කේතකී...මෙහේ එන්නකෝ...සුබ පැතුම් සුබ පැතුම්" අම්මලා පල්ලම් බහින් හැටි
බලාගෙන උන්නු අපි දෙන්නගේ පාසලේ යාලු කැලගේ හඩ මේ අතරේ පිටි පස්සෙන් ඇහුණා. අපි
දෙන්නා ඊට පස්සේ ඒ පැත්තට දුවලා යන්න ගියේ විභාගේ පාස් වුණ සතුට සමරන ගමන්, පාසලේ රැඳෙන්න තියෙනා කාලේ උපරීමේට විඳගන්න
ඕනත් හන්දා වෙන්න ඇති.
කිසීම බරපතල
හැල හැප්පීමකින් තොරව නිදහසේ ගලාගෙන ආපු
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ,
මම විභාගේ
පාස් වුණ අන්න ඒ දවස. ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වෙන්න තිබුණද කියලා එදා මමවත්, කේතකීවත්, සිංදුවක්
උරුවම් බබා කෝච්චියට දුවමින් උන්නු භූපවත් එදා දැනගෙන උන්නේ නෑ...
කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවේ...දැන් නම් රස්සාව කරලා එපා වෙලා...වෙන කිසි දෙයක් කරන්න කාලයක් නෑ වැඩම හන්දා...
ReplyDeleteහිතනවා යාලුවෝ තරහා වෙලා නැතුව ඇති කියලා...ඔන්න මම කතාව පටන් ගත්තා. ලස්සන කතාවල්ක් හිතේ න තියෙනවා. ඉඩ තියෙන වෙලාවට ලියන්න බලන්නම් ඉතින්...
නිකමට හරි මේ පැත්තේ ආව ගිය සේරටම ගොඩක් ස්තුතියි. දෙවන කොටසෙන් ආයෙම හම්බවෙමු..
දිගු කතාවකට මුලපුරලා වාගේ.හොදයි හොදයි ලියාගන යමුකෝ
ReplyDeleteඅළුත් කතාවට සුභ නොපතා යන්නේ කොහොමද..:)
ReplyDeleteදිගටම ලියන්න නෙතූ..රස්සාවක් කරන ගමන් බ්ලොග් එක ලීවම ඔයාට දැනෙන ඒකාකාරීබව නැතිව යාවි..:)..
අපුරුවට වටේ සුද්ද කරලා. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට
ReplyDeleteජොබ් එකටයි කතාවටයි දෙකටම සුබ පැතුම් කතාවනම් ලස්සනයි :D
ReplyDelete( නිකන් දැන්ම අවසානේ හිතාගන්ඩ පුලුවන්ද මන්දා :3 )
සුබ පැතුම්
ජොබ් එකක් කරන ගමන් ලියනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ලස්සන ආරම්භයක්. සුබ පැතුම් ... සහ ගොඩක් ස්තුතියි, අපිට කියවන්න කතාව ලියන එකට.
ReplyDeleteඅදයි ඔන්න කියවන්න පටන්ගත්තේ!
ReplyDelete