උදෑසන පෙර
සියලුම දින වලට වඩා නිශ්ෂබ්ද විණි. මා ඇහැරවන්නට ඇත්තේ ඒ අසාමාන්‍ය ලෙස දැනුනු
නිශ්ෂබ්දතාවයම වන්නට ඇත. පෙරදා සිදු වූ සියල්ල මහිතට නැගුනේ ඉනික්බිතිව ය. ජේඩන්
මට අනෙක් පසින් නිදා උන්නේය. ඔහුගේ දැඩිඅතක් මා බඳ වටා වැටී තිබිණි. මට ඇහැරෙන්නට
ඇවැසි වුවද, ඔහු ඇහැරේවි
යන සිතිවිල්ල නිසා මම නිසොල්මනේම උන්නෙමි. ඒ ඔහු ඇහැරුණු පසු මා ඔහුට කෙසේ මුහුණ
දෙන්නදැයි මා හට සිතාගත නොහැකි වූ බැවිනි. සිදු වූ සියල්ල මහා බලවත් අත්වැරැද්දක්
ලෙස මට පෙනුනි. සංකේත්ට හැරෙන්නට අන් කිසිදු පිරිමියෙකුට ලං වී නොතිබූ ම, හැඟීම් වලට මෙතරම්
වහල් වූයේ මන්දැයි කියා මට මා ගැනම කෝපයක් ද දැනෙන්නට විය. එහෙත්
සිදු වූ කිසිවක් ආපසු හරවන්නට නොහැකි වගත් මසිත එවෙලේ මට මතක් කර දුන්නේ ය. ඊයේ
සිතේ වූ කැලඹිල්ල වෙනුවට අද සිතට මහත්ම වූ පෂ්ඡත්තාපයකුත්, වැරදිකාර හැඟීමකුත්
දැනෙමින් තිබිණි. එය දරා ගන්නට අපහසු තරම් විය.
"ම්..ම්...පංචලී..."
ජේඩන්
නින්දෙන් ඇහැරෙන්නට යන වග දැනී මම ඉක්මණින් නෙතු තද කොට පියා ගතිමි. එනිසාම ඔහු
ඇහැරී කුමක් කරන්නේදැයි මම නොදුටිමි. එහෙත් තප්පර කීපයකට පසු ඔහුගේ දෙතොල් පහස මගේ
නිරාවරණය වී තිබූ කම්මුල මත තැවරෙනු මට දැනුනි.
"නිදි
කුමාරි...නැගිටින්න...වැස්ස නතර වෙලා..." ඔහු ඉන්පසු සෙමෙන් මා ලවනතට
මිමිණුවේය.
මා අවදි වූයේ ජේඩන් එතනින් ඉවත්ව ගෙතුලට ගිය පසුවයි.
කෙසේවත් ඔහුගේ මුහුණ බලන්නට මට මහා නොහැකියාවක් දැනෙමින් තිබිණි. මා ජනේලය අසලට වී
කල්පනා කරමින් ඉන්නා අතරතුරේදි ජේඩන් උදෑසන ආහාරයත්, තේත් ලෑසි කොට තිබුණේය.
"එන්න..."
මා අසලටම විත් මගේ අතකින් අල්වාගත් ජේඩන් අප කෑම ගත් මේසය වෙත මා කැඳවාගෙන ගියේ
වෙන්දාට වඩා දයාබරත්වයකින් වග මට දැනුනි. මා හිඳගත් පසුව ඔහු මට පසෙකින් වාඩිවී මා
දෙසම බලාගෙන උන්නෙන්, මට දැනුනේ
මහත් අපහසුතාවයකි. එහෙත් මම එය නොපෙන්වා කිරි වීදුරුව අතට ගතිමි.
"මං දිහා බලන්න
පංචලී..." මොහොතක් මදෙස බලා උන් ඔහු ඉල්ලුවේය.
"ඇයි?"
මම යන්තමින් ඔහු දෙස
බලා ඇසීමි.
"ඊයේ දවස
හරියට...සුරංගනා හීනයක් වගේ...මං දන්නෑ....මගේ ජීවිතේ, මට කවදාවත් මෙහෙම දැනිලා නෑ පංචලී..."
ඔහු බෙහෙවින් හැඟුම්බරව එසේ කීවේ මේසය මත වූ මගේ සුරත මුදුවට අල්වාඅගෙන ය.
"තාමත් මට
හිතාගන්න බෑ...ඔයා...මගේ ජීවිතේට මේ තරම් ලංවෙලා කියලා..."
ඔහු
මන්දස්මිතයක් මුවේ රඳවාගෙන, උහුලාගන්නට
අපහසු තරම් කාන්තියක් ඇති දෑස් මවෙතින් ඉවතට නොගෙනම මිමිණුවේ ය. මම ඒ දෑස් මගැර
බිම බලා ගතිමි. ඔහු මා සුරත සෙමෙන් පිරිමැද්දේය. මම දිගටම මුනිවත රැක්කෙමි.
"බලන්නකෝ...අද
වැස්සත් නැවතිලා..." එවර ඔහු අසල වූ ජනේලයෙන් එපිට බලමින් කීවේය.
"මම දැන් යන්න
ඕන" ඒ අවසරයෙන් මම ඔහුට කියා සිටියෙමි.
සැබවින්ම ඔහු
කෙරෙන් පැන දුවන්නට මට උවමනා විය, එහෙත් ඒ තරමටම ඔහු හා රැඳෙන්නටද උවමනාවක් මතුල විය.
පරස්පර විරෝධී මේ හැඟුමන් අතරේ දෝලනය වන සිත මා වෙහෙසට පත් කලේය.
"දැන්මම?"
ජේසන් විමසුවේ දයාබර
හඬිනි.
"පුලුවන්
ඉක්මණටම...සොනාලිලා, අම්මලා බය
වෙලා ඇති මා ගැන තොරතුරක් නොදැන" මම කීවෙමි.
"හ්ම්....ඒක
නම් ඇත්ත තමයි. ඉන්න බලන්න දැන්වත් මේ ෆෝන්ස් හෙම වැඩ ද කියලා. පංචලී එතකල් ඔයා
කෑම කන්න"
ජේඩන් මට එසේ
පවසා, සාලය දෙසට
ඇවිද ගියේ ය. වැස්ස නතර විනි ද සීතලේ නම් අඩුවක් තිබුණේ නැත. එනිසා මම කෑම පිඟානද
රැගෙන සැටියට ගොස් එහි ගුලු වුණෙමි.
"තාම නම්
මොනවත් නෑ වගේ. ඒත්, ඉක්මණටම ඒක
නම් හරිගස්සයි" සිය ජංගම දුරකථනයද රැගෙන මා අසලට එමින් ජේඩන් පැවසුවේ ය.
"අපට යන්න
පුලුවන් වේවි නේද?" මම ඔහු දෙස
බලමින් ඇසීමි.
මොහොතකට ඒ වත
අඳුරු විය.
"ඔයාට ඔච්චරටම
යන්න ඕනද පංචලී?" ඔහු එසේ
අසද්දී සිත ඇතුලෙන්
බුර බුර නැගෙන ගින්නක් මෙන් දැඩි හැඟුමකින් පිලිස්සී යන්නාක් සේ දැනුනි.
"මට ඔයාව යවන්න
ඕන නෑ" ඔහු හෙමින් තෙපලුවේය.
"ඒත් මම යන්න
එපැයි" මම කීවෙමි.
"හ්ම්...(ඔහු
සුසුමක් හෙලුවේ ය). මම දන්නවා.
ඒත්..."
"ජේඩන්...මම
දවස් තුනක් තිස්සේ දැන් මෙහේ. කොහොමද තවත් මම කරදර කරන්නේ?"
"කරදරයක්
නෙවෙයි...මට ඔයාව ඕන"
"ජේඩන්...ඒක
කරන්න බෑ"
මම තරමක්
තදින් කීවෙමි. එවර ඔහු මා අසලට විත් දණගසා ගත්තේ ය. මට ඔහු දෙස බලනු නොහැකි වූයෙන්
මම කෑම ඔඉඟානේ නෙත් රැඳවූයෙමි.
"මං දිහා
බලන්න" ඔහු සෙමෙන් කීවේ ය.
මම දනෙමින්
තිබුණු අපහසුතාවය මැඩගෙන ඔහු වෙත නෙත් හැරවූයෙමි.
"ඔයා
ඉන්නේහරියට බය වෙලා වගේ. වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. එහෙම නේද?" ඔහු ඇසූ විට මම මුනිවත
රැක්කෙමි. සිදු වූ සියල්ලට පසුව පෙර සේ ඉන්නට මට හැකියාවක් නැති වග ඔහු දන්නේ නැත.
"එහෙම වුණේ අපි
අතර වුන දේවල් නිසාද?" ඔහු මගෙන් යලි
විමසුවේය.
"මගෙන් ඕවා
අහන්න එපා ජේඩන්. මම ඒ ගැන කතා කරන්න කැමති නෑ" එවෙලේ නම් මම මසිතට පැමිණි
අදහස එලෙසම කියා දැමීමි.
"මොකක්ද? ඇයි ඔයා එහෙම කියන්නේ?"
එවර ස්වරය මදක් වෙනස්
වූ හඬින් ඔහු විමසුවේ ය.
"ජේඩන් අපි මේ
ගැන කතා නොකර ඉමු. වෙච්ච දේවල් වලට කරන්න දෙයක් නෑ"
ඔහු මා කීව
අදහාගත නොහැකි වූවා සේ මදෙස බලා උන්නේය.
"මොන...මොනාද
ඔයා මේ කියන්නේ?"
"ජේඩන්...ඒක
ඔයා හිතන තරම් සරලව දකින්න මට බෑ. අපි දෙන්නගේ සමාජ දෙක වෙනස්, සිරිත් විරිත් වෙනස්.
ඔයා ඒක තේරුම් ගන්න ඕන. මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. කරුණාකරලා...මාව ගිහින්
දාන්න" මම ඔහුට කීවෙමි.
ඔහු කම්පිතව
මෙන් මදෙස බලා උන්නා විනා කිසිවක් කීවේ නැත. මම ඔහුව නොතකා එතැනින් නැගිට එන්නට
ආමි. කෑමෙ පිරිය නැතිව ගියෙන මම මුව කට දොවාගෙන යන්නට සැරසෙන්නට නාන කාමරයට
වැදුනෙමි.
ජේඩන්ගේ සිත
රිදුනු වග මට නොතේරුණා නොවේ. එහෙත් මා කී ලෙසම සිදු වූ කිසිවක් ඔහු තරම් සරලව
දකින්නට මට නොහැකිය. එහෙත් ඔහු කෙරේ මසිතේ වූ බැඳීම සිය දහස් ගුණයක් වැඩි වී තිබූ
වග ද සැබවක් විය. නමුදු එය ඔහු වෙත හෙලි කරන්නට මට පුලුවන් කමක් නොතිබිණි. ඔහු
කෙරේ වූ බැඳීම කෙතරම් වුවත්, යලිත්
කිසිවෙකු වෙත විශ්වාසය තබන්නට, කැප වන්නට
තරම් තවමත් මසිත සුවය ලබා නොතිබිණි. ජේඩන් පිළිබඳ සෙනෙහසක්
මසිතේ නූනා නොවේ. එහෙත් මම ඒ සෙනෙහසට බිය වීමි. තවත් වරක් ඒ අවධානම ගන්නට තරම්
ශක්තියක් මතුල ඉතිරිව තිබුණේ නැත.
මා මුහුණකට
දොවාගෙන එන විට ජේඩන් ඒ
දොරටුව අසල ඉන්නවා දැක මම මදක් පුදුම වීමි. ඔහුගේ මුහුණේ වූයේ දුකක් බව මට
හඳුනාගන්නට අපහසු නොවිනි. මම ඔහු දෙස යන්තම් බලා මගේ ඇඳුම් ආදිය තබා
තිබූ කාමරය වෙත ගියෙමි. ජේඩන් මා පසුපස ආයේ ය. මම මුහුණ පිස දමමමින්
ඉන්නා අතරේදි මවෙත පැමිණි ඔහු, මගේ බඳ වටා
දෝත දමා මා බලෙන් මෙන් ඔහු වෙත හරවාගත්තේය.
"පංචලී..."
ඔහු අමතද්දී මම
යලිත් සිත ඇතුලෙන් දැවී ගියෙමි. ඔහුගේ සිතේ වූ සංතාපය මා වතට පවා දැනෙන සුලු විය.
නමුදු
ඔහුගේ දෙනෙත්
දෙස බැලුවෙමි.
"මට මෙච්චරම ලං
වෙලා ඉඳලා, ඔයා මෙහෙම
යන්න හදන එක මගේ හිතට දුකක් පංචලී. ඔයාට ඒක තේරෙනවද?"
"ජේඩන්...එහෙමයි
කියලා මට හමදාම මෙහේ ඉන්න බෑනෙ. අනික මම ගොඩ දුර යනවා නෙවෙයි නේ. අපි විශ්ව විද්‍යාලෙදි
මුණගැහේවි නේ"
"හ්ම්ම්"
ඔහු හිස වනා, යලි කිසිවක්ම
නොකියා මහිස සිය
පපුතුරට තුරුලු කරගත්තේ ය.
"දැන්වත් මම
ලෑස්ති වෙන්නද?" විනාඩි
කිහිපයක් එසේ ගතව ගිය පසු මම ඇසීමි.
"හොඳයි එහෙනම්"
ජේඩන් මා අතැර කාමරයෙන් නික්ම ගියේය.
මා ලහි ලහියේ ලෑස්ති
වද්දී, නිවස දෙසට
පැමිණි වාහනයක හඬ මගේ සවනතේ වැකිණි. මම හිසකේ සකසමින් එලියට යන විටම වාගේ ගෙතුලට ආ
සොනාලි දිව විත් මා වැලඳ ගත්තේ මට කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබාය.
නමුදු මම
බෙහෙවින්ම පුදුම වූයෙමි.
"සොනාලි...ඔයාලා
කොහොමද මෙහේ? මෙච්චර ඉක්මණට?"
ඈ මා වැලඳගෙන
සිටිද්දීම මම ඇසීමි.
"හනේ දෙයියනේ
මම බය වෙලා උන්නු තරමක්...ෆෝන් වැඩ නෑ, ආරංචියක් නෑ...හිතාගන්න බැරිව හිටියේ මොනා කරන්නද කියලා.
දෙයියන්ට ස්තුතුවන්තවෙන්න ඔයා හොඳින්..." ඈ මට පිලිතුරක් නොදී
කියෙව්වාය.
"දෙයියන්ට
නෙවෙයි, ජේඩන්ට"
මම හිනැහී කීවෙමි.
"අනේ ඔව් ඒක
ඇත්ත. එදා ඔයා අන්තිමට ආවේ එයා එක්ක නිසා මම හිතුවා මුලින්ම එන්න ඕන මෙහේ කියලා.
මන්ජීත්ගෙන් පාර අහගෙනයි ආවේ"සොනාලි හති හලමින් මෙන් කීවාය.
"ඒත් ඔයා
කා එක්කද ආවේ?" මා ඇසූවත්, සොනාලි උත්තර දෙන්නට පෙරම මට ඊට පිලිතුරක්
ලැබිණි.
නමුදු ඊලඟ
තප්පරයේ අක්කා සමග නිවෙසට ඇතුලු වූ කෙනා දැකීමෙනි. ඒ සුදම් ය. අක්කා ද සොනාලි
මෙන්ම විලාපයක් කියමින් අවුත්
මා වැලඳගත්තා ය.
"මම හොඳටෝම බය
වෙලා හිටියේ. මධුරත් මේ දවස් ටිකේ නෑ. ඉතින් සුදම් එක්ක මම ආව ඒකයි. මම නැතිව හරි
එන්න එයා ලෑස්ති වෙලයි හිටියේ" අක්කා කඳුලක් පිසිමින් කීවාය.
"ස්තුතියි
සුදම්" මම සුදම් දෙස බලා කීවෙමි.
"ඕක නම් මොකක්ද?
ඔයා හොඳින් ඉන්න
එකයිලොකුම දේ"
ඉන්පසු
සියල්ලෝම ජේඩන්ට ස්තුති කරන්නට වූහ. ජේඩන් නිහතමානි භාවයෙන් යුතුව සියල්ලන්ගේම
ස්තුති භාර ගනිමින් හා වරින් වර මදෙසට
බැලුම් හෙලමින්, විපිලිසරව
මෙන් උන්නේ ය.
"මොකද කල්පනා
කරන්නේ? ජේඩන් දාලා
යන්න දුකද?" මා අසල උන්
සොනාලි විමසුවා ය.
"පිස්සුද?"
මා එසේ කීවත්,
ඇත්ත වූයේ ඔහු දමා යෑම
සත්තකින්ම උගහට වූ බවයි. එහෙත් ඒ වග ඔහුට හෝ අන් අයට නොපෙන්වා ඉන්නට මට උවමණා විය.
"මං ගිහිං
එන්නද එහෙනම්?" අන්තිමට
ජේඩන්ගෙන් සමු
ගන්නට රැඳෙමින් මම ඇසීමි.
"මම එන්නද ඔයාව ඇරලන්න?" ඔහු විමසුවේ දයාබරව ය.
"ම්ම්...එපා. මම අක්කට
මොනවද කියන්නේ? අනික සුදම්ට?"
එවර ඔහුගේ
කාන්තිමත් නෙතු යුග වලට පුංචි නපුරු පෙනුමක් ආරූඨ විය.
"සුදම් ඔයාගේ කවුද?"
"කවුරුවත් නෙවෙයි ජේඩන්
ඒත්, මම ගැන වැරදියට හිතනවට මම ආස නෑ"
"මොනා හිතන්නද? හිතුවොත් හිතන්න තියෙන්නේ ඇත්තම දේ විතරයි නේ. මම ඔයාගේ
අක්කට කතා කරන්නම්" එවර ඔහු කීවේ අක්කලා උන් දෙස බලමිනි.
"අනේ එපා ජේදන්. අද ඒකට
දවස නෙවෙයි" මම ඔහුට ආයාචනා කලෙමි.
"පංචලී..."
"ම්ම්?"
"ඔයා සුදම් ගැන හිතනවද? මට ඇත්තම කියන්න" ඔහු ඇසුවේ දුකෙන් මෙනි.
"පිස්සුද? මම එයා ගැන මොනා හිතන්නද? මමවත් එයාවත්
හිතන්නෑ. හොඳද?" මම යන්තම් හිනැහී කීවේ, ඔහුගෙන් සමු ගැනීමෙන් දුකෙන් මසිත මිරිකෙද්දී ය.
ඔහු කුමක්දෝ
කිඅයන්නට තැත් කලත් වදනක් නම් පිට වූයේ නැත. ඒ වෙනුවට ඔහු මවෙත නමී
මුදුවට මා දෙතොල් සිප ගත්තේ ය.
"අපි හෙට
හම්බවෙමු" ඉන්පසු ඔහු කීවේය.
ඔහුගේ නිවෙසේ
පඩිපෙල් කිහිපය බැස එලියට එද්දී, මහිත කුමක්දෝ හිස් බවකින් පිරී තිබිණි. එමෙන්ම මෙතුවක්
මතක් නොවී තිබූ සංකේත්ගේ මතකය යලිත් මහිතේ හොල්මන් කරන්නට විණි. ඒ අතර ජේඩන්
පිළිබඳව වූ සෙනෙහස සියල්ලටම වඩා මා පෙලමින් තිබිණි.
Nice to see you back in business. :D
ReplyDeleteLooking forward to read the next posts soon. :)
Thanks Nethu.
හපොයි දැන් ඉතින් කියවන්න එපැයි මුල ඉඳන්ම. අදනේ දැක්කේ....
ReplyDeleteදිගටම ලියන්න ...නැත්නම් හැමදාම ඇවිත් හිස් අතින් ආපහු යනවා...තරහකුත් එනවා..ඒත් අක්කිට වැඩ ඇති හිතල යනවා...ආයෙ එහෙම කරන්න එපෝ...
ReplyDelete