Thursday, July 12, 2012
මල් වැහි වැටුණාවේ- නෙතුගේ පසුවදන
හ්ම්ම්....කාලෙකට පස්සෙයි මේ පැත්තේ එන්න පුලුවන් වුණේ. කතාව ඉවර වුණාට පස්සේ ඔයාලා දාපු කමෙන්ට්ස් සේරම මම බැලුවා. ඒවා එක එකකට උත්තර ලියන්න බැරි වීම ගැන සමාවෙන්න ඕන. හැම දෙනාටම උත්තරයක් විදියට මම මේක ලියන්නම්. මේ දවස් වල අපේ මුලු පවුලම (මාත් ඇතුලුව) ඉන්නේ විධ රෝගාබාධ වලට ලක් වෙලා. ඉතින් ඒකයි මේ පැත්තේ එන්න බැරි වුණේ. තරහා නෑ කියලා හිතනවා ඔයාලා, මම පරක්කු වුණාට. :)
මුලින්ම කියන්න ඕන, කතාවේ අවසානේ වෙනකල්ම ඉවසගෙන හිටියට, හිතන විදියේ අවසානයක් නොලැබුණත් කමෙන්ට් එකක් දාන්න තරම් මට හිතවත් වුණාට, ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තම කිව්වොත් අන්තිම කොටස ආපහු කියෙව්වාම මගේ හිතෙත් ඒ ගැන ලොකු පැහැදීමක් නෑ. ඇත්ත කියන්න එපැයි. ඒ සමහරවිට මම මේ ලෙඩ මරගාත අස්සේ ලියපු නිසාද, නැත්තම් ඇත්තටම මගේ හිතේ තිබුන අවසානෙ මේකට නොදුන්න නිසාද කියලා මට හිතාගන්න බෑ. ඇත්තම කිව්වොත් මගේ මුල් කතාව අවසාම වෙන්න තිබුනේ අභීයි, ආන්යයි වෙන් වෙලා කොටස් දෙක තුනකින් විතර. ඒත් මම ඒ කතාව දික්ගස්සලා ආර්යන්වයි, ආන්යවයි එකතු කලා කිව්වොත් මම හරි. නැත්තම් වෙන්න තිබුණේ මොකක්ද කියලා ඔයාලට හිතාගන්න පුලුවන් ඇති නේ. ඒත් ඉතින් කොහොම හරි කතාව ඉවර වුණේ මේ විදියට.
මට ගොඩක් උදව් වෙන උපදෙස් ගොඩක්, රූ, කුමාරි අක්කා වගේම අනෙක් අයත් දීලා තිබුණා. ඒ හැමදේකටම ගොඩක් ස්තුතියි. මම ඒවා අනිවාර්යෙන්ම සලකලා බලනවාමයි. ඇත්තටම තාමත් මට මගේමයි කියලා ශෛලියක් නම් නෑ. මොකද මම කතා ගොඩක් ලියපු කෙනෙක් නොවෙන හන්දා. මම ලියන්නේ මට දේවල් දැනෙන විදිය මිස වෙන දෙයක් නෙවෙයි. කොහොම වුණත් මම කැමති නෑ සුජීව ප්‍රසන්න ආරච්චි ගේ ගණයේ කෙනෙක් වෙන්න. ඒත් මම කැමතියි මහේෂ් රත්සර මද්දුම ආරච්චි වගේ ලියන අයට. ඒ කතා සංවේදියි වගේම, හරිම තාත්විකයි. හැබැයි ඉතින් මම නම් තාමත් බොහෝම ප්‍රාථමික මට්ටමක කෙනෙක් විතරයි, ඒ අය එක්ක බැලුවාම. මගේ පෞද්ගලික අදහස නම් අපි කතාවක් කියවන්නේ ඒකෙන් සතුටක් ලබන්න, ජීවිතේ තියෙන කරදකාරි දේවලින් ටිකකට අත්මිදෙන්න මිස, කතාවේ කරදරත් ඔලුවේ දා ගන්න නෙවෙයි කියලයි. :) ඒක මහ පිස්සු අදහසක් වෙන්න ඇති සමහරවිට. ඒකයි මම සුබවාදී කතා ලියන්න උත්සාහ කරන්නේ. දුක් කතා ඉතින් අපට ඕන තරම් ජීවිතේ තියෙන හන්දා. අනේ මන්දා ඒ ඉතින් මග හැටි තමා. එහෙම කිව්වා කියලා ඔන්න කට්ටිය තරහ වෙයි ද මන්දා...
ඒ කොහොම වෙතත් මට ඉන්න පුංචි පාඨක ප්‍රජාවට ලියන්න මම කැමතියි ආයෙ ආයෙත්. ඔයාලා බලන්න එනවා නම්. මම ඉස්සරම දවසකත් කිව්වා වගේ මම මුලිම බ්ලොග් එක ලියද්දි හිතුවේ නෑ ඒකම එක්කෙනෙක් වත් ඉඳීවි කියලා ඒක කියවන. ඉතින් 40 කියන්නේ මට 400000 තරමයි. :)
ඉතින් යාලුවනේ මම උත්සාහ කරන්නම් අලුත් විදියේ කතාවක් ලියන්න. ටික දවසක් යාවි හැබැයි. තාමත් අසනීප ගති තියෙන හන්දයි, ඉගෙනීමේ වැඩ හන්දයි. දැනටත් ගෙදර අය මට දෝස්මුරේ දානවා බ්ලොග් එක ජීවිතේ කරගෙන කියලා. :) හික්ස්! ඒකට කමක් නෑ. කොහොමටත් මම ලියනවා...
ආයෙම කියන්න ඕන, වෙන වෙනම ඔයාලගේ කමෙන්ට්ස් වලට උත්තර දෙන්න බැරි වීම ගැන සමාවෙන්න. ඒත් ඒ හැම වචනයක්ම මට ගොඩක්ම වටිනවා. මොකද ඒවා ඇතුලේ තියෙන්න ඔයාල ගේ අවංක ආදරය, සැලකිල්ල සහ මිතුරුකම නිසා...ඉතින් තරහා නෑ නේද?
එහෙනම් යාලුවනේ,
මේ කතාව එක්ක එකතු වෙලා මෙච්චර දවස් මා එක්ක ඉඳපු, ඉදිරියටත් මේක කියවන එන ඔයාලා හැමෝටම ආයෙ ආයෙත් ස්තුතියි. ආයෙම අලුත් කතාවකින් අපි මුණගැහෙමු!
Subscribe to:
Post Comments (Atom)
කියවගෙන යන්න ආස හිතෙන විදියෙ කතා ශෛලියක් ඔයාට තියෙනවා.. තව තවත් ලිවීමෙන්, පොත් කියවීමෙන් ඒ හැකියාව වැඩිදියුණු කර ගන්න.... ඇත්තටම මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ තියෙන්නෙ අපූරු භාෂා රටාවක්... ඔහු ලියූ ටෙලිනාට්ය දෙබස්වලින් පවා ඒ අපූරු බව මතු වෙනවා...
ReplyDeleteගොඩක් ලේඛකයො තමන්ගෙ සාහිත්යට ගමන පටන් ගත්තෙ බොළඳ ප්රෙු්ම කතා කවිවලින් තමයි... දිගටම ලියන්න... දවසක ඔයාගෙ මුද්රිබත පොතකුත් අපට කියවන්න ලැබේවා කියල ප්රාවර්ථනා කරනවා...
ඔන්න දැන් 41යි ලු... :)
ReplyDeleteIssellama nanga kiyanna one, oyatai oyage pawule siyalu denatai ikmanata thiyena Leda roga nathi wela niduk niroogee kama labenna kiyala.
ReplyDeleteApoo thawath eka Sujeewa kenek wenna epa. Eyage indiappa ,kahabath kaala epa wela. Aneka ewa maha diga katha. Anthima weddi e kathawala nam gam wenas, ekaakaari stories. OYA ! OYA WENNA , (NETHU). Api hamoma asa oyage katha walata.
Oyage katha kiyawanna man hadama maga balana innawa.
හ්ම්ම්ම් ඉක්මනට සුව වෙන්න ලැබේවා ඔයා ඇතුළු පවුලේ හැමෝටම
ReplyDeleteඉක්මනට එනවා නේද අපිව බලන්න
හොද වෙලාවට මේ විදිහට ඉවර උනේ ඔයා හිතන් හිටපු විදිහට නැතුව
හැම දෙනාට ම නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා... :)
ReplyDelete// "මගේ පෞද්ගලික අදහස නම් අපි කතාවක් කියවන්නේ ඒකෙන් සතුටක් ලබන්න, ජීවිතේ තියෙන කරදකාරි දේවලින් ටිකකට අත්මිදෙන්න මිස, කතාවේ කරදරත් ඔලුවේ දා ගන්න නෙවෙයි කියලයි."
මමත් ගොඩාක් වෙලාවට කතා පොත් / novels කියවන්නෙ වෙන ම ලෝකෙක සැනසීමෙන් ජීවත් වෙන්න - ටික වෙලාවකට හරි. ;) :P
Thank you Nethu. Looking forward to read your next creation. :).
ගෙදරට හැමෝටමයි නෙතු අක්කිටයි ලෙඩක් දුකක් නැතුව ඉන්නන පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
ReplyDeleteWaiting for a new story ;) ඉක්මනට ඉක්මනට
සිනහ සලන - කඳුලු
ReplyDeleteපිසින කටුක
ලොවක - එලිය
සොයන කෙනෙක් වෙන්න හීන
දකින නෙතූ මමයි- ඔබට ලියන...
me sinduwa harima lassanai
ස්තුතියි පචෝ සහෝදරයා... :)
Delete