"කාලෙ ගෙවිලා යන්නේ පුදුම ඉක්මණට නේද?" විශ්ව විද්‍යාලේ සරච්චන්ද්‍ර වලේ පඩියක වාඩි වෙලා උන්නු අංජලී කිව්වේ දිග සුසුමක් හෙලන ගමන්.
රෝස පාට රොබරෝසියා මල් වලින් ගස් වැහෙන, පොලවේ පලස් මැවෙන මේ කාලේ, චායාරූප ගන්න
ළම්යි තුල හදිසි උනන්දුවක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. විශ්වවිද්‍යාලේ නොයෙකුත්
තැන් වල මේ මල් ගස් තිබුණත්, වලේ මැද තිබුණ විශාල උස මල් ගහට හිමි වුණේ විශේෂ
සැලකිල්ලක්. අද ආන්යා යෙහෙලියෝ එක්ක ඇවිත් උන්නෙත් වලේ චායාරූප ගන්න හිතාගෙන.
"එකා නම් ඇත්ත. මෙහෙම ගිහින් ගිහින්, ඩිග්‍රී එක ගන්නේ හෙටයි කියලා දවසකුත් තියේවි" පාරමී කිව්වා.
"ඕකට කියන්නේ තියරි ඔෆ් රෙලටිවිටි කියලා" කැමරාව
අතේ තියාගෙන රශ්මිගේ තනි චායාරූපයක් ගනිමින් උන්නු සම්මානි කිව්වා.
"මොකක්?"
"අර අයින්ස්ටයින් උත්තමයා හොයා ගත්තු එක. දැන් බලන්න
අපි ලෙක්චර් එකක් වගේ අහගෙන ඉද්දි පැය දෙක දැනෙන්නේ හරියට කල්පයක් වගේ. ඒත් ආස
දෙයක් කරද්දි, ඒ කිව්වේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කතා කර කර ඉද්දි
වගෙ...පැය දෙක හරියට විනාඩි දෙකක් වගේ දැනෙන්නේ. ඒ අපි කරන දේවල් වලට සාපේක්ෂව.
එහෙම නැතුව වෙලාව හයියෙන යන්වා නෙවෙයි නේ" සම්මානි පැහැදිලි කලා.
"හරි හරි. ඔයා කියනවා නම් එහෙම වෙන්න ඇති. කෝ කෝ...මේ
මගෙයි ආන්යගෙයි එකකුත් ගන්න" පාරමී කිව්වේ හිනා වෙවී.
"හා හා එනවලා එනවලා" සම්මානි කෑ ගැහුවා.
"කෝක කොහොම වෙතත්, අවුට්
වුණ ගමන්ම වෙන එක දෙයක් නම් මම සහතිකෙන්ම දන්නවා" රශ්මි කිව්වාම අනික් අය ඈ
දිහා බැලුවා.
"මොකක්ද?"
"ආන්යගේ වෙඩින් එක"
"මගේ? කවුද කියන්නේ? මම වත් දන්නෑනෙ" ආන්යා කිව්වේ පුදුමෙන්.
"කියන්න ඕන නෑ. අපි දන්නවා ආර්යන් දැන් දත කට මැදගෙන
ඉන්නේ කෙල්ල අවුට් වුණ ගමන් බැඳගන්න කියලා" සම්මානි පාරමී අතට කැමරාව දෙන
ගමන් කිව්වාම ආන්යා රතු වුණා.
"ආ..එයා ඔයාට කිව්වද?" ආන්යා ඇහුවා.
"කියන්න ඕන නෑ, මූණ දැක්කම පේනවා" එහෙම කිව්වේ රශ්මි.
"අනේ නිකං ඉන්න අනේ. මම නම් තාම එහෙම දෙයක් ගැන
හිතලාවත් නෑ"
"බලමුකෝ නේද මානි?" රශ්මි කිව්වා.
"හ්ම්. හ්ම්. මෙයා මේ හිටියට අපට නම් කියන එකක් නෑ
සමහරවිට" සම්මානි කිව්වා.
"අපට කියන්වා නේද ආන්යා?" එහෙම ඇහුවේ අංජලී.
"මැරි කලොත් අනිවාර්යෙන්ම කියනවා. මොකද, බ්‍රයිඩ්ස්මේඩ් ලා හතරදෙනා නැතුව බෑනෙ" ආන්යා කිව්වේ යෙහෙලියන් ගැන
සෙනෙහසින්.
"ආ...ඒ කියන්නේ අපිද?" සම්මානි ඇහුවේ කෑ ගහලා.
"එක නේ දැන් කිව්වේ" පාරමී කිව්වා.
"ලොකේ කොහේ හිටියත් අපි එනවා ආන්යා" අන්තිමට එහෙම
කිව්වේ අංජලී.
ඊට පස්සේ තුන් හතර දෙනාම බැම්මක් උඩ කැමරාව සෙට් කරලා, රොබරෝසියා ගහට පස්ස හරවලා හිට ගත්තේ චායාරූපයක් ගන්න. මේ ගෙවෙන හැම ලස්සන
මොහොතක්ම කොච්චර නම් ජීවිතේට වටිනවද කියලා ඒ අතරේ ආන්යට හිතුණා.
ජූනි, ජූලි මාසේ වැස්ස ආන්යත කවදත් පුරුදු දෙයක් වෙල්ලයි
තිබුණේ. වැස්ස, ඒ එක්කම එන තද හුලන්නග, මීදුම, මේ පාර ආන්යට අරන් ඇවිත් තිබුනේ සතුටත් එක්කම අමාරු හෙම්බිරිස්සාවක්.
කිඹුහුමක් ඇරලා නාසය පිසදාන ගමන් ආන්යා, ගෙදර වීදුරු දොරෙන් එලිය බැලුවේ මීදුම අතරින් ජීප්
එකක ලයිට් එලියක්වත් පෙනේවිද කියලයි.
"ලමයෝ, අර කසාය එක මේසේ උඩ සීතල වෙනවා. බොන්නේ නැද්ද? ඔය දොර ලඟ සීතලේ නොඉඳ ගිහින් ඒක බොන්න. ආර්යන්ලා කීයට ඒවිද දන්නේ නෑනෙ. මේ
මීදුම අස්සේ වාහනේ එලවන්න ඒ ලමයට අමාරුත් ඇති නෙව" ආන්යා අසලට ආපු අම්මා එහෙම
කිව්වා.
"හ්ම්...ඒක තමා" ආන්යා දොර ලඟින් මෑත් වෙලා අම්මා
එක්කම ඇතුලට එන්න ආවා.
"මොනාද අම්මා අද හදන්න යන්නේ?" ආන්යා ඇහුවේ කුස්සිය දිහාවෙන් පිටි කොටන සද්ද්යක් ඇහුණ හන්දයි.
"මේ හාල් පිටි පිට්ටු ටිකක් හදන්න කියලා. අනුලා මැඩම්
ආසයි නේ" අම්මා කිව්වා.
ආන්යා අම්මත් එක්කම කුස්සියට බැස්සා.
"පිටි කොටපන් නෝනේ...පිටි අලපන් නෝනේ..." එහෙම
කිය කිය පිටි කොටමින් උන්නේ ගෝපි. මෝල් ගස් පාරක් පාරක් ගාණේ පිටි සෑහෙන කොටසක්
ඉහිරෙන වග දැක්කාම ආන්යට හිනා ගියේ ඉබේටම.
"කොටන එක කෙසේ වෙතත් හලන එක නම් කරනවා වගේ තමා"
ආන්යා කිව්වා.
"ඒක තමා බේබි, මේකට කිව්වට හානේ නෑ. ඒයි...නිරිත්ත(නවත්තපන්, අදු නානේ පන්නික්කිරේන් (ඒක මමම කරගන්නම්)" එහෙම කියපු සෙල්ලම්මා
ගෝපිගෙන් මෝල්ගහ ඉල්ලගත්තා.
"පේනවනේ බේබි වෙදක් කරන්න දෙන්නෙ නෑනෙ" ගෝපි
කිව්වා.
"වෙන වැඩක්ම නැත්තම්, ඔය
පොල්කටු තිකක් හොයලා ගන්න ගින්නක් වත් දාන සීතලට" එහෙම කිව්වේ ආන්යගේ අම්මා.
ගෝපි ආයෙම ගීතය කියාගෙන පොල්කටු හොයන්න ගියා. සීතල
දවස් වල ගොඩක් වෙලාවට ලොකු තැටියක පොල්කටු දාලා ගිනි තපින්න ආන්යගේ ගෙදර අය පුරුදු
වෙලා උන්නේ ගොඩ කාලෙක ඉඳන්.
"කෝ ඉන්න මාත් උදව් වෙන්න" කට්ට සම්බෝලෙට ලූණු
සුද්ද කරමින් උන්නු රාධාට එකතු වෙන්න ගිය ආන්යා කිව්වා.
"එපා, එපා බේබි. දැන් අතේ ගාගන්න එපා. ඉවරයි දැන්. බේබි
ඉන්නකෝ" රාධා කිව්වා.
ඒ පාර ආන්යා ඒ අසලින් වාඩි වුණේ අම්මා මාලු හොද්ද
ඒදන්න අනෙක් පැත්තට යන හැටි බලාගෙන.
"බේබි දැන් ඉන්නේ ගොඩක් සතුටින් නේද?" රාධා හිටපු ගමන් එහෙම ඇහුවා.
"ඇයි රාධා එහෙම අහන්නේ?" ආන්යා ඇහුවා.
"මට ඒක පේනවා බේබිගේ මූණෙන්. ඉස්සරට වඩා දැන් බේබිගේ
මූණ එලියයි" රාධා එහෙම කිව්වාම ආන්යට හිනා ගියා.
"පිස්සු කෙල්ල"
"බේබි එහෙම ඉද්දි අපටත් සතුටුයි...ඒත් ඉතින් කවදාහරි
බේබි ආර්යන් මහත්තයා බැඳලා කොලඹ යයි නේ. එතකොට තමා පාලු. වැඩියෙන්ම මට"
"අනේ...ඒවට තව කොච්චර කල් තියෙනවද? ඊට කලින් රාධා බඳීවිද කවුද දන්නේ?" ආන්යා කිව්වා.
"ෂී...මට නම් එපා"
"එහෙනම් රාධා එනවද මා එක්ක යන්න?" ආන්යා එහෙම ඇහුවේ විහිලුවට වගේ.
"බේබි මාව එක්ක යනවනම්, මම
එනවාමයි,
ඇත්තමයි"
රාධා එහෙම කිව්වේ අවංක්වම වග ආන්යා දැනගෙන හිටියා. ඈ
රාධට හිනාවක් පාලා, ඇගේ අතක් මිරිකගත්තා.
"බේබී...බේබී...ආවා ආවා" මේ අතරේ එක පාරටම
කුස්සියට කඩා වැදුන ගෝපි කෑගැහුවා.
"තව ටිකෙන් මගේ අතත් කැපෙනවා, කෑ
ගැහිල්ලට. කවුද ආවේ?" ගෝපිට බැනපු රාධා ඇහුවා.
"ආර්යන් මාතියා" ගෝපි කිව්වේ ආන්යට.
මොහොතක් වත් පමා නොවී ආන්යා ඉස්සරහට යන්න ආවා. ඒ
එද්දි ගෙදර උන්නු ගීතාන් ආර්යන්ට ගෙට එන්න දොර ඇරලා දීලත් අහවරයි.
"හම්මෝ සීතල...එලියට බැහැපු ගමන් මාව ගල් වුණා වගේ. ඒ
මදිවට මග දිගට මීදුමයි, වැස්සයි" ආර්යන් ගෙට ආවේ එහෙම කියාගෙන.
"තෙමුණද?" සාලේ දොර ලඟ නැවතිලා උන්නු
ආන්යා ඇහුවේ ආර්යන්ව පිරික්සමින්.
"ආ...නෑ. නෑ. එච්චරම නෑ"
"යමු ආර්යන් වාඩි වෙන්න. මම අම්මට කියන්නම් බොන්න
දෙයක් ලෑස්ති කරන්න කියලා" එහෙම කියාගෙන් අගීතන් ගෙට ගියේ ආන්යට ආර්යන්ව බාර
කරලා.
"එන්න" ආන්යා කිව්වා.
ආන්යා අසලින් යද්දි ආර්යන් සීතල වුණ අතකින් ඇගේ
කම්මුලක් ඇල්ලුවේ ආන්යා නොහිතපු සිදියට. ඒ එක්කම දැනුන සිතලින් ඈ ඇකිලුණා.
"අනේ හරි නරකයි" ආන්යා නෝක්කාඩු කිව්වා.
"ආ...සොරි සොරි, මට අමතක වුණා ලෙඩා දුකා වෙලා වග. ඉතින් කොහොමද නහය?" ආර්යන් ඇහුවේ දෑත් පොරවගෙන සැටියේ වාඩි වෙන ගමන්.
"ලොකු හොඳක් නෑ. දැන් දවස් තුනක් ලෙක්චර්ස් කට්. හෙටත්
කට් නේ. ඉතින් මම සිකුරාදත් යන්නෑ" ආන්යා කිව්වා.
"ඔයාට යන්න ඕන නම් හෙට ෆන්ක්ෂන් එක ඉවරවෙලා මම ගිහින්
දාන්නම්" ආර්යන් කිව්වා.
"එපා...සිකුරාදා විතරනේ. ඔන්න ඔහේ ඉන්නවා"
"ඒක්ත් හොඳයි හැබැයි. එතකොට ඔයා දවස් ගොඩක් මගේ ලඟ
නේ" ආර්යන් කිව්වේ ආන්යා දිහා ආදරෙන් බලලා.
ආන්යාත් හිනාවුණා ආදරෙන්ම.
"ආර්යන් ආවද? අම්මලා අවුට් හවුස් එකට දැම්මද?" මෙවෙලේ ආන්යගේ අම්මා ඔවුන් අතරට ආවා.
"ආ...ඔව් ආන්ටි. අම්මලව දැම්මා. මේ වැස්ස නිසා සීතලයි
කිය කිය ආවේ. අප්පා නම් අභී එක්ක හවස ඒවි" ආර්යන් එහෙම කිව්වාම ආනයගේ හිත
දැනෙන නොදැනෙන තරමකින් සැලුනා ඉබේටම. ඒ ගියාට පස්සෙම අභී ගැන ඈ ඇහුව පලවෙනි වතාව
නිසා වෙන්න ඇති.
"ඔව්, මේ මුරුගසන් වරුසාව ඉවරයක් නෑනෙ. ඔයාලට තියා අපටත්
සීතල දරන්න බෑ. නුවර එලියේ හෙම මිනිස්සු කොහොම ඉන්නවද දන්නෑ. ඉතින්, අභී ආවා කිව්ව නේද? කවද්ද ආවේ?" අම්මා ඇහුවා.
"ආවේ නෑ තාම. අද තමා එන්නේ. අන්තිම මොහොතේ තමා ලීව්
හම්බවෙලා තියෙන්නේ" ආර්යන් කිව්වේ ආන්යා දිහාත් බලලා.
"ආ..එහෙමද?" ආන්යා ඇහුවා.
"හනේ හැබෑට කතාවෙන් කතාවෙන් කෝපිත් අමතක වුණා. ආර්යන්
එන්න මම මේසේ ලෑස්ති කලා. සීතලයි කියපු හන්දා කෝපි හැදුවේ" අම්මා හදිසියේම
කිව්වා.
"යමු යමු. මටර් මේ උණු දෙයක් බොන්න ඕන වෙලයි හිටියේ.
එන්න" ආර්යන් ආන්යටත් කතා කරගෙනම අම්මා පස්සෙන් ගියා. " ආ...ඒක නෙවෙයි ආන්ටි, අන්කල් කියන්න කිව්වා, එද්දි පරක්කු වෙයි කියලා, මොකද අප්පා හම්බවෙන්න අවුට් හවුස් එකට ගිහින් එන
හන්දා කියලා"
ආර්යන් අම්මට කිව්වා.
"ආ...එහෙමද? හරි හරි"
තේ මෙසේ ලඟදි ආයෙම ආන්යයි, ආර්යනුයි
තනි වුණේ අම්මා ආපහු කුස්සියට ගිය හන්දයි. ගීතානුත් කාමරේට ගිහින් උන්නා.
"ම්ම්ම්...ගානට උණුයි කෝපි එක" කෝපි කෝප්ප්ය තොල්
ගාමින් උන්නු ආර්යන් එහෙම කිව්වේ ඇස් පියාගෙන.
"බොන්න බොන්න. එතකොට සීතල යයි" ආන්යා කිව්වා.
ඒ පාර ආර්යන් ඇස් ඇරලා ඈ දිහා බැලුවා.
"ඔයා ලෙඩ පාට වෙලා" ඊට පස්සේ ඔහු කිව්වා.
ආන්යට හිනා ගියා. ස්කාෆ් එකක් හිසේ බැඳගෙන, මෆ්ලර් එකකුත් ඔතාගෙන, ලොකු ජර්සියකුත් ඇඳගෙන උන්නු තමාව එහෙම පෙනෙන එකේ
අරුමයකුත් නෑ කියලා ආන්යට හිතුණා.
"ඉතින් මට ලෙඩ නේ" ආන්යා කිව්වා.
ආර්යන් කෝපි කෝප්පේ අල්ලගෙන ඉඳලා උණුසුම් වුන අතකින්
මේසේ මත තිබුණ ආන්යගේ අතක් අල්ලගත්තා. ඈට දැනුනේ සැනසිලිදායක් උණුහුමක්.
"හෙට කීයටද විවෘත කරන නැකත?" ආන්යා ඇහුවා.
ඒ ඈ ඇහුවේ ආර්යන්ලගේ හදාගෙන යන සංචාරක බංගලාවේ
රෙස්ටුරන්ට් එක විවෘත කිරීම ගැනයි. ඒකේ වැඩ නිමවෙලා තිබුණ නිසාත්, දන් දැන් සංචාරක ආකර්ශණය මේ පලාතට වැඩි නිසාත්, ඒක
විවෘත කරන්න ඕන කියලා ආර්යන්ගේ තාත්තා තීරණය කරලා තිබුණා.
"ම්...මට මතක විදියට, දහයයි
තුනට වෙන්න ඕන. මතකත් නෑ. හෙටම බලන්න බැරියැ" එහෙම කියලා ආර්යන්
හිනා වුණා.
"හරි ෂෝක්" ආන්යා කිව්වා.
"ඒක නෙවෙයි, මම ඔයාට බඩුවක් ගෙනාවා" ඊට පස්සේ ආර්යන් කිව්වේ ඇස් ලොකු කරලා.
"මොනාද?"
"ඔහොම ඉන්න" එහෙම කියලා ආර්යන් ආයෙම සාලෙට ගිහින් ආපහු ආවේ පාර්සලේකුත්
අතින් අරගෙන.
"මේ මොකක්ද?" ඒක ඔහු ආන්යා අතට දෙද්දි ඈ ඇහුවා.
"බලන්නකෝ"
ආන්යා පාර්සලේ දිගෑරියේ කුතුහලෙන්. ඊට පස්සේ දැක්ක
දෙයින් ඇගේ දෑසත් විස්මයෙන් ලොකු වුණා.
"හානේ...ලස්සනයි" ඈ එහෙම කිව්වේ පාර්සලේ ඇතුලේ තිබුණ අලංකාර සල්වාර්
ඇඳුම දැකලා. තද රෝස පාටයි, සයෑන් නිල් පාටයි සේද රෙදි වලින් නිම කරලා තිබුණ මේ ඇඳුම, රත්තතං
පාට ගල් වලින් මෝස්තර යොදලා තව හැඩ කරලා තිබුණා.
"ගොඩක් ගණං ඇති නේද?"
ආන්යා ඇහුවේ ඒක අතට අරන් බලන ගමන්.
"ගණං, මිනුම් ඔයාට මොකටද? ඇඳුම හොඳ නම් එච්චරයි. ආ...තව ඕක ඇතුලේ ඇති අපේ අම්මා දීපු ජුවලරි වගයකුත්
ඕකට දාන්න" ආර්යන් කිව්වේ. සතුටින් එලිය වැටුණ ආන්යගේ මුහුණ දිහා බලලා සතුටු
වෙමින්.
"තෑන්ක් යූ" ආන්යා ඊට පස්සේ ආර්යන් දිහා බලලා කිව්වේ සෙනෙහසින්.
"එහෙම තෑන්ක් කරලා නම් මදි" ආර්යන් කිව්වා.
"එහෙනම් කොහොමද?"
ආර්යන් ඇහැක් ඉඟි කලාම ඔහු අදහස් කරපු දේ ආන්යට
තේරුණා.
"හා...හිතාගෙන ඇති නේ?"
ආන්යා කිව්වේ සරදමට වගේ.
"හිතාගෙන තමයි ඉන්නේ"
"ඔට්ටුයි බැරුවට" එහෙම කියලා ආන්යා හිනා වුණා.
"එහෙමද හිතන්නේ?"
එහෙම කියපු ආර්යන් ඉස්සරහට නැවිලා ආන්යගේ කම්මුලක
හාදුවක් තැවරුවේ ආන්යට හිතන්නවත් ඉඩක් නොදී. ඊට පස්සේ ආන්යා උන්නේ රතු වෙලා බිම
බලාගෙන.
"අයි ලයික් දැට් ටයිප් ඔෆ් චැලෙන්ජස්, යූ නෝ" ආර්යන් ඈට කිව්වේ රහසින් වගේ.
"යන්න…අම්මා එහෙම ආවා නං?"" ආන්යා යන්තමට
හිනාවෙලා එහෙම තෙපලුවා.
"මොනා වෙන්නද? ඔයා
මගේ නේ"ඇගේ අතක් ආයෙම ආර්යන්ගේ හස්තයකට හිර වුණා.
"ආන්ටි කෑම ලෑස්ති කරනකල් මම ආන්යා එක්ක පොඩ්ඩක් එලියට
ගියාට කමක් නැද්ද?" අම්මා ආපහු ආපු වෙලාවේ ආර්යන් ඇහුවා.
"මේ සීතලේ?"
"නෑ. අපි ජීප් එකේ යන්නේ"
"කොහාටද දැන් යන්නේ?"
"පොඩ්ඩක් රෙස්ටුරන්ට් එක පැත්තේ ගිහින් එන්න"
"ම්...කලුවර වැටෙන්න කලින් එනවනේ?"
"ඔව්. ඔව්. ගියා ආවා" ආර්යන් කිව්වා.
"ම්...කමක් නෑ එහෙම නම්. සීතලේ හෙම ඉන්න එපා හුලං වැදි
වැදී,
තේරුණාද? නැත්තම මටමයි වදේ ආර්යන්. කසාය තම්බන්න, ස්ටීම් කරන්න වතුර උණු කරන්න...දන්නැද්ද?" අම්මා කිව්වා.
ආන්යා මොනවත්ම නොකියා ආර්යන් එක්ක එලියට බැස්සේ, මොනවත් කිව්වොත් අම්මගේ හිත වෙනස් වෙන්නත් බැරි නැති හන්දයි.
"මොනවද කල්පනා කරන්නේ ආන්යා?" ජීප් එක පහලට එද්දි වීදුරුවෙන් එපිට බලාගෙන උන්නු ආන්යගෙන් ආර්යන් ඇහුවා.
"මොනවත් නෑ. මම මේ බලාගෙන ආවේ අර ඈත පේන මීදුමින්
වැහුණු කඳු දිහා. ඒවා දිහා කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නෑ මට" ඈ උත්තර
දුන්නා.
"හ්ම්...ඇත්තටම, ඒවා නම් ලස්සනයි තමා..."
"පුංචි කාලේ ඉඳන්ම ඒවා දිහා බලාගෙන හැදුන හන්දද මන්දා
මට ඒ කඳු දකිද්දි දැනෙන්නේ හරි අමුතු හැඟීමක්. හරියට ඒ කඳු මම කාලාන්තරේක ඉඳන්
දන්න මිනිස්සු කට්ටියක් වගේ කියලා"
ආර්යන් හිනාවුණා.
"ඒක නම් හරි පුදුම වැඩක් තමයි..."
එහෙම කියලා ආර්යන් ඒ කඳු වලල්ල හොඳටම දිස් වුණ තැනක
වාහනය නතර කලා.
"අපි යන්නේ නැද්ද?" ආන්යා ඇහුවේ ඔහු දිහා පුදුමෙන් වගේ බලලා.
"මට ඕන වුණේ ඔයා එක්ක ටිකක් නිදහසේ ඉන්නයි. එතනට යමු
ටිකකින්" ආර්යන් කිව්වා.
ආන්යා ඔහු දිහා බලලා යන්තමට හිනා
වුණා."හොරා"
"මාසයක් විතරම මම හරියට ඔයාව දැක්කෙවත් නෑනෙ"
ආර්යන් කිව්වා.
"ඉතිං?"
"ඉතිං ඒක තමයි බලන්න ආවේ"
ආන්යා බිමට නෙත් යොමා ගත්තේ සියුම් ලැජ්ජාවක් ඇගේ
සිතට දැනෙමින් තිබුණ හන්දා.
"ආන්යා..." ඊට මොහොතකට පස්සේ ආර්යන් මිමිණුවා.
"හ්ම්..."
"මට ආදරෙයි නේද?"
ආන්යා ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"ඇයි එහෙම අහන්නේ?"
"ප්‍රශ්ණ එපා, උත්තරයක් දෙන්න"
"ඔයා හොදටම දන්නේ දේවල් අහන්නේ ඇයි?"
"ආයෙම ප්‍රශ්ණයක්...ඔයාගේ කටින්ම අහන්න ඕන නිසයි
අහන්නේ"
ආන්යා හිනාවුණා.
"ඔයා මට කොච්චර ආදරේද?" ආන්යා ආයෙම ඇහුවෙත් ප්‍රශ්ණයක්.
"ම්ම්...ගොඩාක්...මගේ ජීවිතේටත් වඩා..."
ආන්යා ඔහු දිහා මොහොතක් ආදරෙන් බලා ඉඳලා, ආයෙම ඈට කඳු වලල්ලේ දෑස රැඳෙව්වා.
"කියන්න මට තේරෙන්නේ නෑ, මිනුම්
වලින් නම්. ඒත් මහා ගොඩාක් බව දන්නවා...ඔයා නැතිව මොහොතක් වත් ඉන්න බැරි
තරමට...නොදැක ඉන්න බැරි තරමට, කතා නොකර ඉන්න බැරි තරමට...ආදරෙයි" ආන්යා කිව්වේ
නැවතිල්ලේ.
ආර්යන් ඈ දිහා බලාගෙන උන්නේ දැහැනකට සම වැදිලා වග. ඊට
පස්සේ ඔහු ආන්යගේ උරහිස මතින් අතක් දමලා ඈව තමන්ගේ දිහාවට ලං කරගෙන, ඇගේ හිසට හිස හේත්තු කරගත්තා.
"අයෑම් සෝ ලකී ටු හැව් යූ ආන්යා..." ඔහු
මිමිණුවා.
"සෝ ඇම් අයි" ඈ කිව්වේ ඔහු දිහා බලමින්.
දෙන්නගෙම දෑස් හතර එකිනෙක පැටලුණා. ඒ ඇස් වල තිබුණේ
ආදරේ විතරමයි. ඒත් ආර්යන්ගේ දෑස් තව ආන්යා වෙත ලං වෙද්දි ඇගේ දෑස් පියවුණේ ඉබේටම.
මුදු උණුසුමක් දෙතොල් පෙති මත තැවරෙනවා ඈට දැනුනා. දෙකන් පෙති රත් වෙලා, ගත උණුසුම් කෝල හැඟීමකින් වෙලෙද්දි ආන්යා ඒ උනුසුමට නතු වෙලා, දෑස් පිය තවත් තද කරගත්තා.
ඊලඟට එන්නේ අවසාන කොටස....මේක ලියන්න කල් ගියේ පොඩි පොඩි කරදර වගයක් තිබුණ හන්දයි. ඊලඟ කොටසත් ලියන්න පරක්කු වුනොත් තරහා වෙන්න එපා. ඒත් පුලුවන් ඉක්මණට ලියන්නයි බලන්නේ...
ReplyDeleteAthi yanthan kathawa dala. Man hithanawa nanga ge karadara iwara athi kiyala. Thanks kathawa dammata.
ReplyDeleteane ammeeeeee kathawe dala :D :D kee dawesak ude hawa aiwth meke dalade kiyala baluwade?? hehe akkige kareda ikmante iwere wenne kiyala wish karanewa.. anik kotesath ikmante danne hode :D
ReplyDeleteහම්මේ ඇති යන්තම් අද තියනවා ස්තුතියි අක්කි
ReplyDeleteහ්ම්ම්ම්ම් ඊලග එක අන්තිම කොටස නේ කමක් නැ හැබැයි ආන්යා ආර්යන්ගේ විතරයි නේ ???
Awasaanayak enawa kiwwamath dukai nanga!!!!!!!!!!!!!!
ReplyDelete