පන්සලේ වෙල දිහාවෙන් ඉර බැහැගෙන යමින් තිබ්බ ඒ
හැණ්දෑවේ පරිසරයේ තිබ්බේ සනීපදායක බවක්. ඒ වෙල දිහාවෙන් හමාගෙන ආපු හුලඟ නිසා
වෙන්න ඇති. මල් වට්ටියක් අතේ තියාගෙන කේතකී උන්නෙත් වෙල දිහා
බලාගෙන. බෝධි පූජාවට ආපු අම්මලා දෙන්නා දැනටමත් උන්නේ බෝධිය ලඟ උන්නු අනෙක් උදවියට
එකතු වෙලා.
"කොච්චර කල්පනා කලත් සමහර ප්‍රශ්ණ වලට විසඳුම් තනියෙම හොයන්න බෑ
දුලා..." සුසුමක් හෙලපු කේතකී මට එහෙම කිව්වා.
මම නිහඬවම ඈ දිහා බැලුවා.
"අයියා එදා හවස යන්න ගියේ එච්චරම හිත හොඳකින් නෙවෙයි. ඒත් ඒකට මම ඔයාට දොස්
කියන්නේ නෑ. ඒවා එයාගෙම වැරදි.” කේතකී ආයෙම සුසුමක් හෙලුවා. " එයා මේ දවස්වල ඉන්නේ වෙනම ලෝකෙක
වගේ. මම දන්නෑ එයාට මොනා වෙලාද කියලා. අම්මලා දන්නේ නෑ
එයා ආයෙම බොන්න පටන් අරන් කියලා. දන්නවා නම් පපුව පැලෙයි අම්මගේ. මට නම් එයා එක්ක
තියෙන්නේ තරහක් දුලා. අපට ඉන්නේ එයා විතරයි කියලා දැන දැනම මෙහෙම කරන්නේ ඇයි?"
"අනේ මංදා කේතකී...භූප වෙනස් වෙලා...දැන් ඉන්නේ ඉස්සර භූප නෙවෙයි" මම කිව්වෙත් කලකිරීමෙන්.
කේතකී මා දිහා බැලුවේ මොකක් හරි අහන්න වගේ වුණත්
ඈ මුකුත් ඇහුවේ නෑ. ඒත් ඇගේ බැල්මේ තිබුණ ප්‍රශ්ණේ මට හිතාගන්න අමාරු වුණේ නෑ.
"ඔයා හිතන්නේ මේ ප්‍රශ්ණ නිසා අපි වෙන් වෙයි කියලද?" මම ඇහුවම කේතකීගේ ඇස් වල ඇඳුනේ මොකදෝ අවිනිශ්චිතභාවයක්.
"ඔයා එහෙම කරන්නේ නෑ නේද දුලා?"
"ඔයා හිතන්නේ මම මොනා කරන්න ඕන කියලද?" මම ඇහුවේ ඒ ප්‍රශ්ණෙට උත්තරයක් මා ලඟ නොතිබ්බ
නිසා.
"අයියට මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් ඇති දුලා. ඒකයි එයා ඔහොම ඉන්නේ. ටික
දවසකින් ඕවා හරි යයි. එතකොට කතා කරලා සේරම විසඳගන්න පුලුවන් වෙයි. මොකක් හරි ප්‍රශ්ණයක්
වුණාම පිරිමි අය හැසිරෙන්නේ අපි විදියට නෙවෙයි. එයාලට හිත හදාගන්න කාලයක් යනවා..."
කේතකී කිව්වා.
"හිත හදාගන්න මටත් නම් තව කල් ඕන වෙයි”
"අයියා ඔයාට ගොඩක් ආදරෙයි. ඒක මම දන්නවා
හොඳටම" කේතකී කිව්වම මම සුසුමක් හෙලුවා.
"ම්ම්... අන්න හාමුදුරුවෝ එනව. අපි ඒ පැත්තට
යං"
ඒ කතාවට නැවතීමේ තිත තියලා අපි දෙන්න බෝධිය දිහාට
එන්න ආවා. කතාව නැවතුණාට හිතේ සිතුවිලි නතර කරන්න මට පුලුවන් වුණේ නෑ. කේතකීගේ ප්‍රශ්ණෙත්
එක්ක අලුත් වදයක් හිතට එකතු වුණාද කියලත් මට හිතුණා. ඇත්තටම මට පුලුවන්ද බැරි
වෙලාවත් භූපගෙන් වෙන් වෙන්න. හිත කෑ ගහලා කිව්වේ ඒක කරන්න බෑ කියලා...භූප මට මොනා
කලත්, කිව්වත් මම ඔහුට තාම ආදරෙයි ඉස්සර වගේම. ඒත් භූප තවම මට ආදරේද? උත්තරයක් නැති එකම
ප්‍රශ්ණේ වුණේ ඒක.
තව දවස් දෙකකින් අපි උන්නේ නුවර අනුක්ලගේ ගෙදර.
වෙඩින් එකට තිබ්බේ තව දවස් කීපයයි. අස්ගිරියේ ගෙදර තිබ්බේ තරමක කලබලයක්. විටින්
විට එන නෑයෝ, හිටි ගමන් මොනා හරි කියෝගෙන ගෙදර පෙනී හිටින ඉෂාන්, අනුක්ගේ යාලුවෝ, එතකොට හොරෙන් වගේ
ඇවිත් යන්න ආපු මනමාල මහත්ත්යා වෙච්ච උදුල අයියා... මේ හැමෝගෙනම ගෙදර හැමවෙලේකම
පිරිලා තිබුණා, ඒ මැද්දෑවට ගියපු මායි, අම්මයිත් එක්කම.
වැඩ එක්ක අනුක් උන්නෙත් කාර්යබහුල වෙලා. ඒත් මං
වෙනුවෙන් විනාඩි දහයක් පහලවක් වෙන කරන්න ඔහු අමතක කලේ නෑ. ඒ හැම වෙලේකම මට ඔහුට
කියන්න තිබ්බේ මගේ දුක් අඳෝනාව විතරයි. අනුක් හූමිටි තියනවා ඇරෙන්න වෙන මොනවත්ම
කිව්වේ නෑ.
"ඇයි ඔයා භූපට කතා නොකරන්නේ?"
අන්තිමේදි අනුක් ඇහුවේ එහෙම.
මම ඔහු දිහා බැලුවා.
"මං දන්නෑ"
"ඉතිං ඔහොම කොයි තරම් කල් ඉන්නද?"
"ඇයි භූපට බැරි මට කතා කරන්න?"
මම ඇහුවම අනුක් හෙමින් බිම බලාගත්තා. ඔහුගේ වතේ
තිබ්බේ මොකක්දෝ අඳුරු බවක් කියලා මට හිතුණා. ඒ ඇයි කියලා මට හිතාගන්න අමාරු වුණේ
නෑ. මෙහේ ආපු වෙලේ ඉඳලා අපි කතා කරපු හැම වෙලාවකම මම කතාක් කලේ භූප ගැන විතරම්යි.
ඇත්තටම මට මතක් වුණේ නෑ ඒ ගැනම කතා කරන එක අනුක්ට වේදනාවක් වෙයිද කියන එක ගැන. ඒ
හිත ගැන මම කොයිම වෙලකවත් නොහිතපු එක මගේ ආත්මාර්ථකාමී කම නේද කියලා හිතෙද්දි මට
දැනුනේ දුකක් එක්කම පසුතැවිල්ලක්.
"අනුක්..."
"ම්ම්..."
"Thanks"
"ඒ මොකටද?"
"දුක්ගන්නාරාල කෙනෙක් වගේ මම කියන ඒවා අහගෙන ඉන්නවට"
මම එහෙම කිව්වම අනුක් මා දිහා බැලුවේ යන්තමට
හිනාවෙලා. ඒත් ඒ හිනාවේ තිබ්බෙත් වේදනාවක් කියලා මට හිතුණා. මම ඒ දෑස් වලට එබුණේ ඒ
දුක මගේ හිත සසල කරපු නිසා.
"ඔයා දන්නෑ ඒක මට කොච්චර දෙයක්ද කියලා"
මම අනුක්ට කිව්වේ ඒකයි. ඒක තමයි ඇත්තත්. අනුක්
යන්තම් හිස වනලා ආයෙම පුංචි හිනාවක් පෑවා.
"I just want you to
be happy" අනුක් ඊලන්ගට කිව්වා.
“Bening happy is
the hardest thing to do now. But for you I can try”
"For me?"
“yes…because you are my best friend”
අනුක් ආයෙම හිනාවුණා. මාත් හිනාවුණා.
"මම දැන් ටවුන් එකට යන්න ඕන" අනුක් ඊලඟට එහෙම
කියාගෙන නැගිට්ටා.
"හා" මමත් එහෙම කියාගෙන නැගිට්ටා.
ඔහු ආයෙම පාරක් හැරිලා මා දිහා බැලුවේ විකට
හිනාවක් එක්ක.
"මොකෝ ඒ පාර?"
“you look so pretty in that blue dress …”ඔහු කිව්ව.
“Tell me something I don’t know” මම බොරු පොෂ් ලීලාවක් මවාගෙන කිව්වම අනුක්ට ලොකු හිනාවක් ගියා.
"ඔච්චර උඩ යන්න ඕන නෑ ඉතිං" අනුක් ඊලඟට
කිව්වා.
"කවුද උඩ ගියේ?"
“Can I really rell you something you don’t know?” ඔහු මට උත්තර නොදී ආයෙම ප්‍රශ්ණයක්ම ඇහුවා.
"ඒ මොකක්ද?" මම ඇහුවේ හිනාවෙලා.
“I still think a lot about you…”
මොහොතක් එහෙමම උන්නු ඔහු යන්න හැරුණේ මට එහෙම
කියාගෙන. මගේ හිත ගොඩක් සසල වුණා. ඔහු නොපෙනී යනකල්ම මම ඔහු දිහා බලාගෙන උන්නා ඒත්
ඔහු හැරිලා බැලුවේ නෑ. අනුක් ගැන හැමදාම දැනෙන සංතාපය ආයෙම පාරක් හිත වෙලාගත්තේ
මීදුමක් වගේ.
******
භූපට කතා කරන්න ඕන කියලා මම හිත හිත හිටියත් ෆෝන්
එක අතට ගන්න හැම වෙලේකම මට ආපහු හිතුණේ මම කතා කරන්න ඕන නෑ කියලමයි. ඒක මගේ
අසීමාන්තික හිතුවක්කාරකම වෙන්න ඇති. අන්තිමේදි වෙඩින් එකට කලින් දවසේ හවස භූප මට
කතා කලා. පපු කුහරේ ඇතුලේ ලොකු කොටයක් හිර කරලා වගේ ගතියකුත්, මොකක්දෝ
නොසන්සුන්කමකුත් මාව පෙලද්දි මම ෆෝන් එක අරන් කනේ තියාගත්තේ ගැහෙන හිතින්.
"දුලාරා...." භූපගේ හඬ ඇහෙද්දි මට දැනුනේ අපි කල්පාන්තෙකට විතර පස්සේ
කතා කරනවා වගේ හැඟීමක්.
"භූප..."
"මට ඔයා එක්ක කතා කරන්න ඕන" භූප කිව්වේ මන්ද්‍ර ස්වරයකි.
මගේ හිතට පිවිසුණේ දුකක්. හිත වටකරගෙන හදාගෙන
උන්නු සේරම පවුරු බිඳ වැටිලා ඉස්මතු වුණේ ඔහු ගැන හිතේ තිබ්බ සෙනෙහසම විතරයි.
"ඔයා කොහේද ඉන්නේ?" මම ඇහුවා.
භූප සුසුමක් හෙලුවා.
"ගාල්ලේ. වැඩකට ආපු ගමන්. ඔයා කොහෙද ඉන්නේ නුවරද?" ඊලඟට ඔහු ඇහුවා.
"ඔව්"
භූප ආයෙම සුසුමක් හෙලුවා.
"දුලාරා...ඔයා...තාම මා එක්ක තරහින්ද ඉන්නේ?" ඔහු ඇහුවා ඊටපස්සේ.
"මම තරහා නෑ. ඒත්..."
"මං දන්නවා. මම දන්නවා ඔයාට අමතක කරන්න බෑ කියලා පහුගිය දවස්වල මම කරපු
කියපු දේවල්. ඔයා මා එක්ක තරහා වෙලාම හිටියත් වරදක් කියන්න මට බෑ දුලාරා. මම මහ
ගොඩක් වැරදි කරපු මිනිහෙක්"
"ඒවා වැරදි වග දන්නවානම් ඇයි ඔයාට බැරි ආපහු ඒ වැරදි නොකර ඉන්න?" මම ඇහුවා.
"මම දන්නෑ දුලාරා...හැමදේම ලිහාගන්න බැරි තරමට පැටලිලා"
"ඔයා ටිකක් බිව්වට මට කමක් නෑ භූප. ඒත් ඔයා බේබද්දෙක් වෙනවට මම ආස නෑ. කොයි
කෙනාද එහෙම වෙනවට ආස වෙන්නේ? අනික ඔයා හිතන්න ඕන ඔයාගේ ලෙඩේ ගැන. ඔයාගේ ජීවිතේ ඔයාගේ විතරක් නෙවෙයි
භූප" මම කිව්වේ ටිකක් ආවේගශීලීව.
භූප නිහඬවම හිටියා මිසක ඒකට මුකුත් කිව්වේ නෑ.
"ඔයා දන්නෑ භූප මගේ හිතින් මම විඳවන තරම්. මට ගෙදරඉන් සහනෙකුත් නෑ. ඔයාගෙන
සහනෙකුත් නෑ. ඒත් මට ඔයා එක්ක තරහා වෙන්න බෑ.ඔයා දන්නවා ඒ ඇයි කියලා" මම
කිව්වේ හිතේ වේදනාවෙන්.
"මම දන්නවා...මට දරාගන්න බැරිත් ඒකමයි. දුලාලා ඔයා තරම්ම නැත්තම් ඊටත් වඩා
මම හිතින් විඳවනවා. හැම මොහොතකම. ඔයාගේ ජීවිතේ මේ වගේ තත්වෙකට ඇදලා දැම්මේ මම.
මුලඉඳන්ම සේරම වරද්දගත්තේ මම. පස්සෙත් සේරම වරද්දගත්තේ මම. මට දරාගන්න බෑ මම
හින්දා ඔයා මේ තරම් දුක් විඳින එක"
"ඔයා මොනා කියනවද කියලා මට තේරෙන්නේ නෑ භූප"
"ඔයාගේ ජීවිතේට කවදාවත් මට නෑවිත් ඉන්න
තිබුණා" භූප එහෙම කිව්වම මට හීල්ලුණා.
"ඔයා මොනාදමේ කියන්නේ?"
"ඔයාගේ තියෙන අඩුවක් නිසා නෙවෙයි දුලාරා මම එහෙම කියන්නේ. ඔයාට ලැබෙන්න ඕන
මම වගේ කෙනෙක් නෙවෙයි"
භූප එහෙම කිව්වම මගේ හිස ගිනි ගත්තා වගේ මට
දැනුනා. ඒ එක්කම හිතේ ඉපදුනේ කේන්තියක් ආයෙම.
"විකාර කියන්න එපා භූප. කොහොමත් දැන් ඔය වගේ දේවල් කියලා වැඩක් නෑ. දැන්
මොනවත් වෙනස් කරන්න බෑ. ඒත් ඔයාට ඕන ආපහු මගෙන් ඈත් වෙන්න නම්..."
"මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ..." භූප මැදින් පැනලා කිව්වා.
"එහෙනම් මොනාද ඔය කියන්නේ?"
"ඔයාට මම ගොඩක් ආදරෙයි. මටවත් හිතාගන්න බැරි තරම් ආදරෙයි. ඒත් එහෙමයි කියලා
මට ආත්මාර්ථකාමී වෙන්න බෑ. මට ඕන ඔයා සතුටින් සැපෙන් ඉන්නවා බලන්න"
"මගේ සතුට තියෙන්නේ කොහෙද කියලා ඔයා දන්නවා භූප"
මම එහෙම කිව්වම ආයෙම භූප නිහඬ වුණා. මාත් එහෙමම
උන්න මුකුත් නොකියම.
"දුලාරා....මට ඔයාව බලන්න ඕන" භූප ඊලඟට කිව්වා.
මගේ හිත එක පාරටම මොකක්දෝ දුකකින් පිරුණා ඔහු එහෙම
කිව්වම.
"අපි හම්බවෙලා කතා කරමු?"
ඔහු ඇහුවා.
"ම්ම්"
"කවද්ද ඔයාලා යන්නේ ආපහු?"
"ඉරිදට"
"ම්ම්...මම ඉරිදට නුවරට එන්නම්"
"ඔය ඇත්තටමද කියන්නේ?"
"ඇයි එහෙම අහන්නේ?"
"නිකං"
"මං එනවා. මොන වැඩේ තිබ්බත් එනවා"
"හ්ම්"
"දුලාරා..."
"ම්ම්?"
"මට සමාවදෙනවා නේද පහුගිය දවස්වල වුණ දේවල් වලට?"
භූප අහද්දි මගේ උගුර හිර වෙනවා වගේ මට දැනුනා.
දුකක් එක්කම මට ආත්මානුකම්පාවකුත් දැනුනද මන්දා.
"කියන්න..." මම නිහඬව උන්නු නිසා භූප ආයෙම ඇහුවා.
"ඔව්. ඒත් සමාව ඉල්ලනවට වඩා මම කැමතියි එහෙම නොවෙන්න ඉන්න පුලුවන්නම්" මම කිව්වා.
භූප ආයෙම සුසුමක් හෙලුවා මුකුත් නොකියම.
"මම එහෙම කියන්නේ ඔයා එක්ක මට තරහා ගිහින් ඔයාව එපා වෙන නිසා නෙවෙයි, මට ගොඩක් දුක හිතෙන
හන්දා භූප" මම කිව්වේ ඇස් දෙක යන්තම් තෙත් වෙද්දි.
"මම ඒක නොදන්නවා නෙවෙයි මගේ මැණික...ඔයාට රිද්දන්න වුණ එක මගේ පවුකාරකම. ඒකට
මට සමාවෙන්න. මම දන්නෑ මම මොනා කරලා මේ කරන දේවල් වලට ඔයාට වන්දි ගෙවන්නද
කියලා"
"ඔයා එහෙම කරන්න ඕන නෑ. මොනා කරත් ඔයා මට ආදරේ වග මම දන්නවා භූප"
"ම්ම්...ඔව්...මං ආදරෙයි. පණටත් වඩා ආදරෙයි...වෙන කවරදාටත් වඩා මේ දැන්, මේ අද මම ඔයාට
ආදරෙයි දුලාරා..."
මගේ ඇස්වලින් පුංචි කඳුලක් එලියට පැන්නා ඒ වචන
පෙල අහවර වෙද්දි.
"අඬන්න එපා..." භූප කිව්වේ දයාබරව.
"ම්ම්"
"අපි ඉරිදට කතා කරමු හොඳද?
දැන් හොඳ ළමය වගේ ගිහින් නිදා ගන්න. හෙට උදේම
ඇහැරෙන්නත් වෙයි නේ නේද?"
"ඔව්"
"හිනාවෙලා ඉන්න. ලස්සනට ඉන්න"
"බලමු..."
"ඔයා ලස්සනට ඉඳීවි මම දන්නවා"
ඒ පාර කඳුලු අතරින්ම මගේ මුවේ පුංචි හිනාවකුත්
ඇඳුණා.
"මම එහෙනම් තියන්නම්. ඔයාට බුදු සරණයි" භූප කිව්වා අන්තිමට.
ඒ ඇමතුම ඉවර වෙලා මම ගිහින් ඇඳට වැටෙද්දි හිත
තිබ්බේ සැහැල්ලු වෙලා. මම හිතුවේ නෑ හැමදේම මෙහෙම විසඳේවි කියලා. හිත නිදහස් වුණ
හන්දා මට දැනුනේ සතුටක්. දුවලා ගිහින් අනුක්ට මේ ආරංචිය කියන්න මට ඕන වුණත්, මේ රෑ කොහොම යන්නද? සැනසුම් සුසුමක්
හෙලලා මම කොට්ටේ බදාගෙන ඇඳට වැටුණේ භූප ගැන දැනෙමින් තිබුණ ලොකු ආදරේකුත් එක්ක. මට
හිතුණා ඉස්සරහට සේරම හොඳින් සිද්ධ වේවි කියලා.
No comments:
Post a Comment