උදේ පහට විතර ඇහැරුණ පාර ආන්යට ආයෙම නින්ද ගියේ නැහැ. ඈ ඇඳට වෙලා ඊයේ වුණ සිදුවීම් ගැන කල්පනා කරමින්යි හිටියේ.ඔක්කෝටම වඩා ඈට වරින් වර මතක් වුණේ කලින්දා හවස ආර්යන්ගෙන් ආපු දුරකතන ඇමතුම.
"ආන්යා..."
"ඔව්, කවුද මේ?"
"මම මේ ආර්යන්, මගේ ෆෝන් එකේ බැටරි ඩවුන්, මම මේ කමියුනිකේෂන් එකකින් කතා කරන්නේ. ඔයා පරිස්සමින් ආවා නේද?"
"ඔව් අයියා, ඔයා තාමත් නුවරද?"
"ඔව්, මගේ වැඩේ ඉවරයි, මම මේ යන්න හදන්නේ"
"බස් තියෙනවද?"
"ම්ම්...තියෙනවා වගේ. මම ඒත් මේ කැබ් එකක් කතා කරගෙන යන්නයි හදන්නේ. ගෙදර ගිහින් ෆෝන් එක චාජ් කරගෙන කතා කරන්නම්. එහෙනම් හැව් අ නයිස් වීක්. ගුඩ් නයිට්"
"ගුඩ් නයිට්" ආන්යට කියාගන්න පුලුවන් වුණේ එච්චරයි. අහන්න දේවල් දාහක් විතර හිතේ තිබුණත් ගොඩ වෙලාවට වගේ ආර්යන් ඉස්සරහදි ඈ ගොලු වුණා. හිත මොකක්දෝ පාලුවකින් වැහිලා ගිහින් වගෙයි ඈට තේරුණේ. අනික් අයට වැඩිය මූණ නොදී ඈ කලින්ම නිදාගන්න ගියේ ඒ නිසා.
"ආන්යා..මොකද මේ අසනීපයක්ද?" ඒ පාර පාරමීයි, අංජලීයිත් ඇවිත්.
"නෑ, නෑ...මුකුත් නෑ. මම මේ නැගිටින්න හදන්නේ" ආන්යා පොරෝනාව ඉවත් කරලා නැගිටින ගමන් කිව්වා. අනික් හතර දෙනා නම් බාගෙට ඇඳගෙනත් ඉවරයි.
"ආන්යා මේ බලන්න, ඔයා අපට මොනා හරි හංගනවා. ඊයේ ආපු වෙලේ ඉඳලා ඔයා හරි අමුතුයි. මොකක් හරිගෙදර ප්‍රශ්ණයක්ද?" රශ්මිත් ඒ අතරට ආවා.
"එහෙම එකක් නෑ අනේ. මොන්වත් ප්‍රශ්ණයක් නෑ" ආන්යා කිව්වෙ දත් බුරුසුව හොයනවා වගේ පෙන්නමින්.
"ෂුවර් එකට ඔය නම් කොල්ලෙක් ගන මොකක් හරි හුටපටයක්. ගෙදර ප්‍රශ්ණයක් නම් මෙකි අපට කියනවා. ඔය රෝග ලක්ෂණ පහල වෙන්නේ ප්‍රේම වෛරසය ඇඟට ඇතුල් වුණාම තමා" ඇඳ උඩ ඉඳගෙන සෙරෙප්පුවක් පිහිදාමින් උන්නු සම්මනි ඇඟට පතට නොදැනී කිව්වා.
"මම දන්නෑනෙ මානි පාට් ටයිම් මෙඩිකල් ෆැකල්ටිත් යනවා කියලා" ආන්යා සබන් දාපු බේසම අතට අරන් දොර ලඟට යන ගමන් කිව්වා.
"ඕවා තේරෙන්න එම්බීබීඑස් කරන්න ඕන නෑ. මූණ බැලුවාම කියතහැකි" සම්මානි ආයෙම කිව්වා.
ආන්යා සම්මානිට ලාවට රවලා නාන කාමරෙට යන්න ගියා. ඈ ආපහු එද්දි අනික් කට්ටිය යන්න ලෑස්ති වෙලා.
"මං නිසා පරක්කු වෙයි, ඒ නිසා ඔයාලා යන්න. මං එන්නම්" ආන්යා කිව්වා.
"දැන් කවද්ද අපට ඔයාගේ ඔය හීන කුමාරයා ගැන කියන්නේ?" ඒ රශ්මිගේ හඬ.
ආන්යා විදුලි වේගෙන හිස හරවලා බැලුවා. සේරම උන්නේ ඈ දිහා බලාගෙන. ආන්යා සුසුමක් හෙලලා හිනාවක් මුවට නගා ගත්තා.
"ඉතින්...එහෙම හීන කුමාරයෙක් නෑ අනේ. හරි, අද රෑට සේරම කියන්නම්. එතකොටවත් මට වදේ නොගහා ඉඳී නේ. දැන් යමු"
"ආ............" අනික් සේරම එකටම කෑ ගහලා හිනා වුණා. ආන්යත් ඒ හිනාවට එකතු වුණා. ඇගේ හිතට දැනෙමින් තිබිණේ සැහැල්ලුවක්.
"හැමෝම අහගන්න..."
බැච් එකේ 'රෙපා' වුණ අනුරාධ උස් හඬින් කිව්වාම දේශණ ශාලාවේ ඇතුලත තිබ්බ මුණු මුණුව නැවතිලා හැමෝම නිෂ්ශබ්ද වුණා. ඊලඟ දේශණයට අදාල ගුරුතුමා එනකල් අනුරාධට බැච් මීටින් එකක් ගන්න ඕන වෙලා.
"මේ පාර ෆැකල්ටි ඩේ එක ඔර්ගනයිස් කරන්න බාර වෙලා තියෙන්නේ අපට. ඒකට අපි කොමිටියක් පත් කරගන්න ඕන. ගිය පාර අපි දැකපු විදියට කලාවට ලැදියි කියලා හිතෙන අයගෙන් හය දෙනෙක් විතර පත් කර ගමුද? රෙපා, රෙපී. ඇරපා. ඇරපි නැතුව-"
අනුරාධ තව මොන මොනවදෝ කියනවා ආන්යට ඇහුණා. ඒත් ඇගේ හිත ආයෙම දිව්වේ ආර්යන් දිහාට.
"ආන්යා...ආන්යෝ..." ආන්යා ගැසිලා පියවි සිහියටැ ආවේ අංජලී කතා කරපු හඬට.
"ආ...ඇයි?"
"අනුරාධ කතා කරනවා"
ආන්යාට දැනුනේ ලැජ්ජාවක්. හැමෝම වගේ ඈ දිහ බලාගෙන.
"ආන්යට පුලුවන් නේද ගිය පාර වෙල්කම් එකට කිව්වා වගේ මේ පාරත් බැච් එක වෙනුවෙන් සිංදුවක් කියන්න? ඒක් ඕගනයිස් කරන එක රශ්මිටයි, කෝලිතටයි, මනෝටයි බාරදෙන්නයි අපි හිතුවේ" අනුරාධ පැහැදිලි කලා.
"හරි මං කරන්නම්" ආන්යා එකඟ වුණේ වැඩිය නොහිතා.
"ඔන්න එහෙනම් සිංදු කියන්න කැමති අය ඒ අයට නම් දෙන්න. ඔයාලා අනික් බැච් වලිනුත් කට්ටිය එකතු කරගන්න ඕන. තව ජජස්ලා හොයා ගන්නත් ඕන. ඒක නම් අපි කරන්නම්"
අනුරාධ ආයෙම පැහැදිලි කරන්න පටන් ගත්තා.
"ආන්යා මොකද කියන්නේ අපි යුග ගීයක් කියමුද?" ආන්යට පිටිපස්සේ පේලියේ උන්නු දහම් ඈ දිහාට නැවිලා ඇහුවා.
දහම් කියන්නේ බැච් එකේ ලස්සනම කටහඬක් තිබුණ අයගෙන් කෙනෙක්. දහම්ගේ හඬට පිස්සු වැටුණ කෙල්ලොත් නොහිටියා නෙවෙයි.
"බලමු, බලමු" ආන්යා හිනා වෙලා උත්තර දුන්නා.
"ජූනියර්ස්ලා එන දවස ගැන ආරංචියක් නැද්ද දහම්?" එහෙම ඇහුවේ පාරමී.
"ලබන සතියේ නේ? හරියටම දන්නේ නෑ"
"ඊට පස්සේ තමයි කෙලිය" දහම්ට එහා පැත්තේ හිටපු රංගන කිව්වා. "ඔක්කොම පැත්තක තියලා සෙට් වෙන්න එපැයි උන්ව පිලිගන්න"
"ඔයාලා හදන්නේ අර එන පොඩි එවුන්ට රැග් කරන්නද? අපට රැග් එක තිබ්බ කාලේ මතක නැද්ද? අනේ පව් අනේ ඒ ළමයි" අංජලී කිව්වා.
"පිස්සුද එහෙම කියලා කොහොමද? කුණු ප්‍රෙෂාලව සුද්ද කරලා ගන්න ඕන"
"අනේ මේ කෑ ගහන්න එපා. කාට හරි ඇහුණොත් අපිව සස්පෙන්ඩ් කරයි රැග් කරන්න කුමණ්ත්‍රණය කලා කියලා" සම්මානි කිව්වා.
"අපි ඔය පරිපාලනේ අනිසි හස්තයට මිරිකුණා කියලා සැලෙන්නේ නෑ හලෝ" රංගන යුනියන් කතාවක් දැම්මා.
"හරි . ඕන දෙයක් කරගන්න එකයි" සම්මානි ඉස්සරහට හැරුණේ අමනාපෙන්.
"මේ...අද අයියා එන නිසා මම මෙතන නවතිනවා. ඔයාලා යන්න. මම කාලා එන්නේ හොඳේ, මට කෑම ගන්න එපා. ආන්යා මං එනකල් කතාව කියනවා එහෙම නෙවෙයි" පාරමී ගේට්ටුව ලඟ නැවතිලා කිව්වා.
පාරමී යාලු වෙලා උන්නේ දන්ත වෛද්‍ය පීඨයේ කෙනෙක් එක්ක. ඒ සම්බන්ධේ මෙහාට එන්න කලින්ම පටන් ගත්තු එකක් කියලා පාරමී කියලා තිබුණා. දෙන්න හම්බවෙලා තිබුණේ ඉස්කෝලේ යන කාලෙමයි.
"එහෙනම් අපි යනෝ"
"අපි අද කැම්පස් එක මැදින් පයින් යමුද? වූස් එකේ සමහරවිට වඩේ එහෙම ඇති. තේ බීලා හෙමින් යමු" අංජලීගේ යෝජනාවට හැමෝම එකඟ වුණා.
සරසවි උයන දුම්රියස්ථානය පහු කරලා, විද්‍යා පීඨය පැත්තට දිවෙන මාවත දිගේ ඇවිත්, විශ්ව විද්‍යාලේ ක්‍රීඩා පිට්ටනි මැදින් දිවෙන පටු කොන්ක්‍රරිට් පාර දිගේම ඇවිදගෙන ගිහින්, පොඩි කඳුගැටයක් නැගලා බැස්සම පිවිසෙන්නේ ශාස්ත්‍ර පීඨයේ ගොඩනැගිලි තියෙන ඉසව්වට. පාලම ලඟට ආවාම දකුණු පැත්තේ කෙලින්ම පෙනුනේ උස කඳුගැටයක් උඩ පිහිටලා තිබුණ වූස් වල. ඊට එහායින්, පරිගණක මධ්‍යස්ථානය, වම් පැත්තේ තිබුණේ විශ්ව විද්‍යාලේ පිහිනුම් තටාකය, ඊට ඉස්සරහින් කවුරුත් දන්න විදියට "ජිම්' එක. වූස් කැන්ටිමට යන්න කෙලින්ම නොයා දකුනට තවදුරටත් දිවෙන කොන්ක්‍රීට් පාර දිගේ උඩට නගින්න ඕන.
ආන්යා ඇතුලු හතරකට්ටුව ඔහේ වල් පල් දොඩමින් වූස් එක දිහාට ඇවිදගෙන ආවා.
"බලං යද්දි ආන්යත් හරිම හොර ගෙඩියෙක් තමා" සම්මානි කිව්වේ පිටිපස්සෙන් යමින් උන්නු ආන්යටයි, රශ්මිටයි සම්පාත වෙන ගමන්.
"ඇයි?" ආන්යා ඇහුවා.
"මෙච්චර දෙයක් වෙලත් අපට නිකංවත් කිව්වේ නෑනෙ"
"ඔයාලා හිතන විදිහේ දෙයක් වෙලා නෑ අනේ" ආන්යා කිව්වේ එපා වෙලා වගේ.
"එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ?" ඒ රශ්මි.
වූස් කැන්ටිමට ඇතුල් වෙනකල් ආන්යා ඒකට උත්තර දෙන්න කල් ගත්තා. හවස කෑම ගන්න, තේ බොන්න ආපු අය පෝලිමක් කවුන්ටරේ ලඟ රැස් වෙලා. ආන්යලා බෑග් මේසයක් උඩින්තියලා ඇවිත් පෝලිමට එකතු වුණා. තේ අරගෙන යනකනුත් ආන්ය මුනිවත රැකා.
"ඉතින් ඉතින්?" සම්මානි ආයෙම පටන් ගන්න හදන්නේ.
"ඉතින් මොනාද?" ආන්යා ඇහුවේ වඩේ එකක් අතට ගන්න ගමන්.
"දැන් පාරමී දැනගත්තොත් තද වෙයි අපි මෙයාගේ කතාව තනියෙම අහගත්තා කියලා" එහෙම කිව්වේ අංජලී.
"එහෙම අහන්න තරම් ලොකු කතාවක් නෑ අනේ. මෙච්චරයි, අපේ වත්තේ මහත්තයාගේ පුතාලා දෙන්නා වත්තට ආවා. අපි එක්ක ගොඩක් හිතවත් වුණා. ඒ අය අය හිටපු ගමන් කෝල් කරනවා. වෙන මොනවත් නෑ. ඇත්තම කිව්වොත් ලොකු පුතා ටිකක් විතර ඇට්රෑක්ටිව් නං තමා. එච්චරයි ඉතින්" ආන්යා කියලා දැම්මා.
"එච්චරමද?" රශ්මි ඇහුවා.
"එහෙනම් මූඩ් ගහලා ඉන්නේ මොකෝ?" සම්මානිත් අතාරින්නෙම නෑ වගේ.
"ඔයාලට පිස්සු, විකාර කියන්න එපා. එහෙම මොනා හරි තිබ්බොත් මම ඉස්සෙල්ලම කියන්නේ ඔයාලට. හරිනේ" ආන්යා කිව්වා.
"හ්ම්. හ්ම්"
අනික් දෙන්න එහෙම කිව්වට අංජලී ආන්යා දිහා බලාගෙන උන්නේ ඈ කියපු දේවල් සීයට සීයක්ම පිලිගත්තේ නෑ වගේ. තමන් ගොඩාක් ලඟ රශ්මිට වුණත් තමන්ගේ හිත හොඳින්ම තේරුම් ගන්නේ අංජලී කියලා ආන්යා දැනගෙන හිටියා. කොහොමටත් ආර්යන් ගැන හැම සිතුවිල්ලක්ම තමගේ ඇතුලෙම විතරක් තියා ගන්නයි ආන්යාට ඕන වුණේ.
තේ බොන ගමන් ආන්යා ෆෝන් එක අතට අරන් බැලුවා. ගෙදරින් එක පාරක් කතා කරලා තිබුණා.ඒ අතරේ තව නොදන්න නොම්මර දෙකකින් කෝල් ඇවිත්. ඒත් එස්. එම්.එස්. නෑ. ආන්යා සුස්මක් හෙලලා ෆෝන් එක ආපහු බෑග් එකට ඔබා ගත්තා.
ර්‍ඈට කන්න කෑමත් අරන් ආන්යා ඇතුලු පිරිස ගාට ගාට නේවාසිකාගාරෙට යන්න ගියා.
රෑ නිදාගන්න ලෑස්ති වෙලා, නාන කාමරේට ගිහින් දත් මැදගෙන එද්දි ආන්යටැ යන්තමට ඇහුණා වහලා තිබුණ කාමරේ ඇතුලෙන් ආපු තමගේ ෆෝන් එකේ හඬ. ඈ දොර ඇරගෙන ඉක්මණට දිව්වේ ඒක විසන්ධි වෙන්න කලින් ගන්න ඕන නිසා.
"හා...හා..මොකද මේ කඟවේනා වගේ දුවන්නේ?" ඇඳෞඩට වෙලා හිස පීරමින් උන්නු රශ්මි ඇහුවා.
ආන්යා ෆෝන් එක අතට ගත්තේ ගැහෙන හිතින්. 'ආයෙම නොදන්න නොම්මරයක්'
"හෙලෝ" ආන්යා ඇහෙන නෑහෙන ගාණට කතා කරමින් කාමරෙන් එලියට ආවා.
"ආන්යා...මම...ආර්යන්..."
ඒ හඬ ඇහුණ ගමන් ආන්යා ගොලු වුණා.
"මේ වෙලාවේ කතා කරන එක කරදරයක්ද?" ඔහු ආයෙම ඇහුවා.
"නෑ..." ඒ පාර ඈ ඉක්මණට කිව්වා.
"හ්ම්...මම හිතුව ඒත් නිදිද දන්නෙ නෑ කියලා. ඉතින් කොහොම්ද?" ඔහු කතා කරන්නේ සැහැල්ලුවෙන්.
"හොඳයි"
"එහෙනම් කමක් නෑ" ඔහු මොහොතක විරාමයක් අරන් ආයෙම කතා කලා."අපි කොලඹ ආවා"
ආන්යගේ හිත ටිකක් විතර සැලුණා.'කොච්චර දවසකටද දන්නෑ?'
"හදිසියෙම?" ඈ ඇහුවා.
"නෑ, මේ අභී එක්ක ආවා. අම්මා කෑ ගහනවා ගෙදර එන්නේ නෑ කියලා ඒකයි"
"අභීට දැන් කොහොමද?"
"හොඳයි, දැන් ආයෙම ඉස්සර වගේ පිස්සු නට නට ඉන්නවා"
ආන්යට හිනාවක් නැගුනා. අභී කොහොමටත් පිස්සු කොල්ලෙක් නේ.
"ආන්යා මේ සතියේ ගෙදර යනවද?" ආර්යන් ඊලඟට ඇහුවා.
"ම්ම්...තාම හිතුවේ නෑ. විශේෂ වැඩක් නැත්තම් යනවා"
"අපට නම් තව මාසෙකටැ විතර වත්තට එන්න වෙන එකක් නෑ" ආර්යන් ඒ වචන ආන්යගේ හිතට දැනුනේ පුංචි රිදුමකුත් එක්ක. හිත දුකින් බර වුණ නිසා ඈ ආයෙම ගොලු වෙලා.
"ආන්යා..." ඒ වෙනස තේරිලාදෝ ආර්යන් කතා කලා.
"ම්ම්..."
"ඇයි මුකුත් නොකියන්නේ?"
ආන්යාට කියන්න දෙයක් හිතා ගන්න බැරිවුණා.
"දුක හිතුණද?" ආර්යන්ගේ හඬ දයාබරයි.
"නෑ..." ආන්යා ඇදලා කිව්වා.
ඊට පස්සේ ඇති වුණේ සුසුම් විතරක් කතා කරපු වචන නැති තප්පර කීපයක්.

"ඔයා ගෙදර එනවානම්, මම පැයකට හරි ඇවිත් යන්න එනවා" ආර්යන් හෙමිහිට කිව්වාම ආන්යාගේ හිතේ තිබ්බ දුක වසාගෙන පැතිරුණේ තිගැස්මක්.
"ඇයි..ඒ?" ආන්යාත් හෙමින් ඇහුවා.
ආර්යන් සුසුමක් හෙලන හඬ ආන්යට ඇහුණා.
"දන්නෑ, සමහරවිට ඔයාව බලන්න ඕන නිසා වෙන්න ඇති"
ආන්යා ඇස් පියාගත්තා. ඒ වචන කොච්චර නම් බරද?
"මොකටද?" ඈ ආයෙම ඇහුවා.
"ඔච්චර ප්‍රශ්ණ අහන්නම ඕනද? හැම දේටම උත්තර ඕනද ආන්යා..?"
ආන්යා ඒ කිව්ව දේට මොනවත් කියන්න ගියේ නෑ. ඒත් එකපාරටැම ඇගේ හිතට ආවේ පවුලේ අය. ඒ අය දන්නවනම් මේ වෙන දේවල් ගැන මොනා වෙයිද? අනූ නම් කියයි ආර්යන්ව විශ්වාස කරන්න එපා කියලා. ඒක අතකට තමන් මේ තරම් ආර්යන්ව විශ්වාස කරන්නේ මොකටද කියලා ආන්යා කල්පනා කලා. එහෙම කරන්න ඈට පුලුවන්ද? ඒත් ඒ සිතිවිල්ලට වඩා ආර්යන් ගැන ඇගේ හිතේ තිබුණ පැහැදීම ප්‍රබල වුණා.
"ඔව්" ඈ කිව්වා.
"මොකක්ද?"
"උත්තර ඕන"
ආර්යන්ට හිනා ගියාද මන්දා.
"මම දන්නෑ ආන්යා...ඇත්තටම සමහර දේවල් මම කරන්නේ ඇයි කියලා මමම දන්නේ නෑ. ඒත් ඒ දේවල් මට ඕනමයි කියලා හිතෙනවා. හම්බුනාම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ නිසා වෙන්න ඇති"
ආර්යන් අන්තිමට කිව්වා. ආන්යා අහගෙන උන්න විතරයි.
"ඒ නිසා ගෙදර එනවා නම් මට කියන්න...මං ආයෙම කතාකරන්නම්"
"යන්න වුණේ නැත්තම්?"
"එහෙනම් ඊලඟ සතිය වෙනකල් බලා ඉන්නවා"
ආන්යාට ආයෙම හිනාගියා.
"ඔයා හරිම හොඳට සිංහල කතාකරනවනේ"
"ම්ම්...මම ගියේ සිංහල ඉස්කෝලෙකටනේ,ඒකයි"
"ඇත්තද?"
"ආ...ආන්යා මට පොඩි කෝල් එකක් එනවා, මං දැන් තිබ්බට කමක් නෑ නේද? ආයෙමත් වෙලාවක ගන්නම්, දැන් රෑත් වෙලානේ, ඕකේ?"
"කමක් නෑ"
"ම්ම්...ගුඩ් නයිත් එහෙනම්"
"ගුඩ් නයිට්"
ආන්යා සුසුමක් හෙලලා කාමරේට යන්න ගියා.
යද්දි සේරම අය නිදි. ඈ ඇඳට වැටුණා විතරයි, ඔන්න එස්.එම්.එස්. එකක් ආවා. ඒක කියවපු ඈ කොට්ටේ බදාගෙන නිදන්න හරි බරි ගැහුණේ හිනා වෙවී.
"හේයි ප්‍රින්සි, ගුඩ් නයිට්, ස්ලීප් ටයිට්, ඩෝන්ට් ලෙට් ද බෙඩ් බග්ස් බයිට්"

To y dear friends...just skipped some lesson hours...Bless me! :)
ReplyDeleteආයෙත් හිතින් කැම්පස් ගියා..
ReplyDeleteවිභාගෙට සුභ පැතුම් නෙතූ..
/// ඔය රෝග ලක්ෂණ පහල වෙන්නේ ප්‍රේම වෛරසය ඇඟට ඇතුල් වුණාම තමා" //
ReplyDeleteසහතික ඇත්ත.
විභාගෙට සුබ පැතුම්......!
7 දෙයියනේ මට මේක අමතක වෙලා තිබුනේ මට තිබුණු වැඩ කන්දරාව එක්ක එත අද නිකමට මතක වෙලා බැලුවේ ස්තුතියි අක්කියෝ
ReplyDeleteඉතින් කොහොමද ඔයාගේ විභාගේ තත්වේ අක්කි
අහන්නත් දෙයක්යැ...මේක යලට මහට වගේ ලියන්න වෙන කතාවක්නේ.. මේ විභාග කන්දරාව ඉවර වුණාම ඉක්මණට අප්ඩේට් කරන්න බලන්නම්.
ReplyDeleteතව විභාග තුනයි ප්‍රසන්ටේෂන් දෙකකුයි තියෙනවා..
ලබන මාසේ වෙනකල්ම
විෂ් කරපු හැමෝටම ස්තුතියි!
all the best for you exams and presentations akki :) dnt wry upload the story as possible .. sorry for the delayed comment .. i read the part but couldn't comment because am so busy with my studies. hope you are doing fine :) take care
ReplyDelete